තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්‍රශ්න

තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්‍රශ්න

*********************************************

තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්‍රශ්න

(31.03.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මේ දක්වා බලයට පත් වූ සියලු රජයන් රට තුළ ඇති වී ඇති වත්මන් තත්ත්වයට විවිධ මට්ටමින් වගකිව යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

එම සම්මේලනය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ වත්මන් රජය මෙන්ම, විපක්ෂයේ සහ හවුල්කාර පාර්ශ්වකරුවන් ද අනුගමනය කළ යුත්තේ ගැටුම්කාරි හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් නොව සාමදානය ක්‍රමවේදය බවයි.

පොදු යහපත උදෙසා කටයුතු කරනු ඇතැයි විශ්වාස කර තමන්ව තෝරා ගත් මිනිසුන්ට විධායකය සහ ව්‍යවස්ථාදායකය වගකිව යුතුයි, වගවිය යුතුයි සහ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවටයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

මේ අතර, එළඹෙන 03 වනදා ඉරිදා රට තුළ පැවැත්වීමට නියමිත විරෝධතා රැල්ලක් පිළිබඳව මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් ද නිවේදන නිකුත් කරමින් අදහස් පළ කර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති, අසංවිධානාත්මක විරෝධයපෑම්වලට එක්වන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.

එහි නායක අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කළේ වගකීමක් නොමැති අවංක මහජන විරෝධයක් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බවයි.

එසේම, ස්වයංව පැන නගින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාභ ලෙස ලබා ගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බව ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආණ්ඩුවේ පීඩාකාර වැඩපිලිවෙලට එරෙහිව මතුවන ජනතා නැගිටීම්වලට දේශපාලනඥයින් සම්බන්ධ නොවිය යුතු බවයි.

අර්බුද හමුවේ ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම විරෝධය දේශපාලන මැදිහත්වීමෙන් තොරව ප්‍රකාශ කිරීමට ඔවුනට ඉඩ දිය යුතු බවටයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අමතරව, ජාතික නිදහස් පෙරමුණ ද නිවේදනයක් නිකුත් කර ඇත්තේ තුන්වනදා රට තුළ ක්‍රියාත්මක වීමට ඇති බවට පැවසෙන විරෝධතාවය සම්බන්ධයෙන්.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ වගකිව යුත්තෙකු, සංවිධායකයෙකු නොමැති විරෝධතා කෙරෙහි බලවත් අවධානය යොමුවිය යුතුව ඇති බවයි.

අප්‍රේල් 03 වනදා සවස 3 ට පාරට බහින්න නම් විරෝධතාවය ද එවැන්නක් බැවින් එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එසේම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11 ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවට ද වගකීමෙන් දැනුම් දෙන බවයි ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ෴

නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී අද (31) විශේෂ සඟ සමුළුවක් පැවැත්වුණා.

එහිදී යෝජනා 4 ක් ද සම්මත කර ගෙන ඇති අතර එය ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට ද නියමිතයි ෴

+

අමු තේ කිලෝවක් රුපියල් 130 යි – කුඩා තේවතු හිමියන්ගෙන් තවමත් මැසිවිලි

(31.03.2022 – 20:12 +0530 – hirunews.lk/sinhala)

අමු තේ කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක ඉහළම මිලක් යටතේ පැවතිය ද පොහොර මිල ඉහළ යාම නිසා එහි වාසිය කුඩා තේ වතු හිමියාට ලබා ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

තේ පොහොර මිටියක් රුපියල් 8000 ඉක්මවා අලෙවි වන බවත්, යූරියා මිටියක් රුපියල් 13,000 ඉක්මවා ඇති බැවින් කුඩා තේ වතු හිමියන්ට අධික මිලක් ගෙවා පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බවටත් එම සංගමය සඳහන් කළා ෴

+

ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

(01.04.2022 – 00:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

නැවත දැනුම්දෙනතෙක් මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස සහ කැළණිය පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා ෴

පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරිනීතිය ඉවතට

(01.04.2022 – 06:06 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ (31) රාත්‍රියේ සිට පැනවූ ඇඳිරි නීතිය අද (01) අලුයම 5 ට ඉවත් කර තිබෙනවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලටයි ඊයේ (31) රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ (31) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වු අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාව හමුවේයි මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *