හෙට (01) පැය 12 ක විදුලි කප්පාදුවක් – විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ

හෙට (01) පැය 12 ක විදුලි කප්පාදුවක් – විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ

*********************************************

හෙට (01) පැය 12 ක විදුලි කප්පාදුවක් – විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ

(31.03.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

විදුලි බලාගාරවල ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් – නොරොච්චෝලේ පමණක් වැඩ

හෙට (01) දිනයේ විදුලිය සැපයුම ලබාදිය හැකි වන්නේ පැය 9 ත් 10 ත් අතර කාලයක් සඳහා පමණක් වනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.

ඊට හේතු වී ඇත්තේ මේ වනවිට විදුලි උත්පාදනය නොරොච්චෝල බලාගාරයට සහ ජල විදුලියට පමණක් සීමා වීමයි.

ඒ අනුව මේ වනවිට රට මුහුණ දී සිටින්නේ නිදහසෙන් පසු මෙරට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවටයි.

සාමාන්‍යයෙන් මෙරට දෛනික විදුලි ඉල්ලු‍ම පවතින්නේ මෙගාවොට් 2600 ක අගයක වූවත් පවතින බලශක්ති අර්බුදයත් සමග ඊයේ (30) වනවිට දෛනික විදුලි නිෂ්පාදනය මෙගාවොට් 1645 ක් තරම් පහත අගයකට බැස තිබෙනවා.

පැවති තත්ත්වය යටතේ ජාතික පද්ධතියට මෙගාවොට් 165 ක් සපයමින් සිටි අවසන් බලාගාරය වූ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයත් ඉන්ධන අවසන් වීමෙන් අද (31) පස්වරු 5 සිට අක්‍රීය කෙරුණා.

ඒ අනුව විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ හෙට (01) දිනය සඳහා විදුලි උත්පාදනයට ඉතිරිව ඇත්තේ මෙගාවොට් 900 ක ධාරිතාවක් සැපයෙන නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරය සහ ජල විදුලිය පමණක් බවයි.

ජල විදුලියෙන් ජාතික පද්ධතියට මේ වනවිට සම්ප්‍රේෂණය කරන්නේද මෙගාවොට් 300 ක් පමණයි. පවතින වියලි කාලගුණයත් සමඟ ජලාශ රැසක ජල මට්ටම් මේ වනවිට පහත බැස තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා හෙට (01) දිනයේ පැය 12 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

මේ අතර දැනට පවතින විදුලි අර්බුදය පැය කිහිපයකින් හෝ අවම කරගැනීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණේ එම ඉන්ධන තොගය ලැබීමට තවත් දින දෙකක් (2) පමණ ගතවනු ඇති බවයි.

මේ අතර, පැය 13 ක විදුලි කප්පාදුව ඊයේ (30) මැදියම් රැයේ සිට ආරම්භ කෙරුණු අතර, ඒ හේතුවෙන් ජනතාව මෙන්ම කර්මාන්තකරුවන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

මාලිගාවත්ත ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ ජනතාව විදුලි කප්පාදුවෙන් තමන් පත්ව ඇති පීඩාවට විරෝධය පළ කළා.

විදුලි අර්බුදයෙන් පීඩා විඳින ජනතාව ඉටිපන්දම් හා විදුලි පන්දම් සඳහා යොදන බැටරි හිඟයකටත් මේවන විට මුහුණ ඇති බව ඇතැම් ප්‍රදේශවල වෙළෙඳුන් පෙන්වා දෙනවා.

මේ අතර, ජා-ඇල නගර සභාවට අයත් කපුවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයට ගෙන ආ දේහයක් විදුලිය කප්පාදුව හේතුවෙන් පැය ගණනක් ආදාහනය කළ නොහැකිව රඳවා තබාගෙන තිබුණා.

අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් විදුලි ජනන යන්ත්‍රයක් රැගෙන ඒමෙන් පසු දේහය පැය 3 කට පමණ පසු ආදාහනය කෙරුණා.

මේ අතර එම සුසාන භූමියටම ගෙන ආ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් ආදාහනාගාරය තුළ දවමින් සිටින අවස්ථාවේ දී යළිත් වරක් විදුලිය විසන්ධි වී තිබෙනවා.

විදුලි කප්පාදුවෙන් පීඩාවට පත්ව ඇත්තේ ජනතාව පමණක් නොවන අතර, දීර්ඝ වේලාවක් විදුලි සැපයුම අත්හිටුවීම නිසා ඔක්සිජන් සැපයීමට බාධා පැමිණීමෙන් විසිතුරු මසුන් අලෙවි කරන ස්ථානවල සුරතල් මසුන් ද මිය යනවා.

Areas – ABCDEF
2 hours from 4am to 6am
4 hours from 8am to 12pm
6 hours from 4pm to 10pm
.
Areas PQRS
2 hours from 4 am to 6 am
4 hours from 8 am to 12 pm
6 hours from 4 pm to 10 pm
.
Areas TUVW
2 hours from 6 am to 8 am
4 hours from 12 pm to 4 pm
6 hours from 6 pm to 12 am
.
Areas MNOXYZ
3 hours and 30 minutes from 5:30 am to 9 am
2 hours from 4 pm to 6 pm.

++++++++

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *