හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක්

*********************************************

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක්

(29.03.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.

එම තහනම් නියෝග අද (29) දින සිට සති හතරකින් (4) පසුව ක්‍රියාත්මක වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ. මෙම අතුරු නියෝග පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවද අධිකරණය සඳහන් කළා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.

පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සිය පෙත්සම තුළින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ 07, පැජට් පාරේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබා දීමට 2019 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි.

එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ බවත් තමන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැනි බවත් පෙත්සමින් සඳහන් කර තිබුණා.

ඒ තුළින් වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇති බවටද පෙත්සමෙන් චෝදනා කර තිබුණා.

එසේම එම කාල සීමාවේ රුපියල් මිලියන 180 ක් වැය කර අදාල නිවස අලු‍ත් වැඩියා කර ඇති අතර ඒ සඳහා වැය කරන ලද්දේ මහජන මුදල් බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව පාරදෘෂය භාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ.

මෙම පෙත්සමට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගය අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවස නොවන බව සඳහන් කළා.

එම නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වු සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම නිවස සදහා අයවැය තුළින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇතැයි පැවසුවා.

පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි බවද ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සදහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම් කාරක පාර්ශ්වය මතු කරන කරුණු නිවැරදි නොවන බව සඳහන් කළා.

මෙම නිවස වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව විශ්‍රාමික ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අදාළ නිවස පිරිනැමීමට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කළ ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය සඳහා යලි මැයි මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මේ අතර මෙම පෙත්සම විනිසුරුවරුන් පහකට (5) වැඩි පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (28) අගවිනිසුරුවරයා වෙත මෝසමක් ගොනු කරනු ලැබුවා.

***************************************

ඖෂධ හිඟයෙන් කොළඹ ජාතික රෝහලේ කටයුතුවලට ද බාධා

(30.03.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.

ඊයේ (29) දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් (2) වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ ද වූයේද මෙම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.

මේ අතර අද (30) දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පරීක්ෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ කට්ටල හිඟවීම හේතුවෙන් මෙලෙස අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බවටත් එම රෝහලේ අධ්‍යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවටත් ඔහු චෝදනා කළා.

පවතින තත්ත්වය නිසි ආකාරයෙන් අවබෝධ කර නොගෙන රෝහල්වල දෛනික කටයුතු සිදු කරගෙන යාමේ දී අංශ ප්‍රධානීන් හා එක්ව සාකච්ඡා කොට ගනු ලබන තීරණ දේශපාලනික තීරණ වශයෙන් හැඳින්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා තුළ මතු ව ඇත්තේ අප්‍රසාදයක්.

එමෙන්ම මෙම චෝදනාව මතුකළ රාජ්‍ය අමාත්‍යවරයා අද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව සිටිමින් ම එම චෝදනාව සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය දැඩි අප්‍රසාදය පළ කරනවා ෴

***************************************

කරාපිටියේ සැත්කම් සාමාන්‍ය අතට

(30.03.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ හිඟ ව තිබූ ඖෂධ තොග මේ වන විට ලැබී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඒ අනුව මේ වන විට රෝහලේ ශල්‍යකර්ම සහ වෙනත් ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

නිර්වින්දන අවස්ථාවල දී යොදා ගන්නා ඖෂධයක් හිඟවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය නො වන ශල්‍යකර්ම අත්හිටුවන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඊයේ (29) ලිපියක් යොමු කර තිබුණා ෴

+++++++++

කරාපිටියේ සැත්කම් යළි ඇරඹේ – ජාතික රෝහලට තවමත් බාධා

(30.03.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය රෝහලේ හිඟව තිබූ ඖෂධ තොග මේ වන විට ලැබී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඒ අනුව මේ වන විට රෝහලේ සියලු ශල්‍යකර්ම සහ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.

නිර්වින්දනය කිරීමේදී යළි සිහිය ලබා ගැනීම සඳහා භාවිතා කෙරෙන ‘නියෝස්ටිග්මින්’ නැමැති ඖෂධය ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම අත්හිටුවන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ඊයේ (29) ලිපියක් යොමු කර තිබුණා.

එම ඖෂධයේ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේද අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම පැය කිහිපයකට අත්හිටුවීමට ඊයේ (29) පියවර ගෙන තිබූ අතර එහි අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න සඳහන් කළේ ඖෂධ තොග ප්‍රමාණවත් පරිදි ලැබීම හේතුවෙන් මේ වන විට එහි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර කටයුතුද සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සියලු රසායනාගාර කටයුතු මේ වන විට සීමා කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ඊට අදාළ ලිපියක් රෝහල් පාලන අධිකාරිය විසින් අංශ ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ආඝාත රෝගීන්ට හදිසි ප්‍රතිකාර ලෙස ලබා දෙන එන්නත් වල හිඟයක් පවතින බව ජාතික ආඝාත සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ අපස්මාර රෝගය සඳහා ලබා දෙන ඖෂධ වලද හිඟයක් පවතින බවයි.

+++++++++

ශ්‍රී ලංකාවට ඖෂධ ලබාගැනීමට ලෝක බැංකුවේ සහය

(30.03.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ අඛන්ඩව ලබා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ එහි දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (30) හමුවූ අවස්ථාවේදීයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයෙන් කටයුතු කර ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව ලෝක බැංකු නියෝජිතවරිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිලිබඳ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරිය එහිදී විශේෂ ඇගයීමක් සිදුකළ අතර ෆයිසර් එන්නත ලබාගැනීමේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍යාධාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී විශේෂ ප්‍රණාමය ද පුද කළා ෴

+++++++++

ඖෂධ ලබා ගැනීමට ලෝක බැංකුවේ සහය

(30.03.2022 – 20:31 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ අඛන්ඩව ලබා ගැනීම සදහා සහය ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (30) සඳහන් කළේ රෝහලේ වල ඖෂධ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

කෙසේ වෙතත්, කරාපිටිය ශික්ෂණ රෝහලේ හිඟව තිබූ ඖෂධ තොග මේ වන විට ලැබී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඒ අනුව මේ වන විට රෝහලේ සියලු ශල්‍යකර්ම සහ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.

නිර්වින්දනය කිරීමේදී යළි සිහිය ලබා ගැනීම සදහා භාවිතා කෙරෙන ‘නියෝස්ටිග්මින්’ නැමැති ඖෂධය ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම අත්හිටුවන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ඊයේ (29) ලිපියක් යොමු කර තිබුණා.

එම ඖෂධයේ හිගය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේද අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම පැය කිහිපයකට අත්හිටුවීමට ඊයේ (29) පියවර ගෙන තිබූ අතර එහි අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න සදහන් කළේ ඖෂධ තොග ප්‍රමාණවත් පරිදි ලැබීම හේතුවෙන් මේ වන විට එහි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර කටයුතුද සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

එමෙන්ම, ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සියලු රසායනාගාර කටයුතු මේ වන විට සීමා කර ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එවන් පසුබිමකයි ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ අඛන්ඩව ලබා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

ඒ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (30) හමුවූ අවස්ථාවේදීයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයෙන් කටයුතු කර ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව ලෝක බැංකු නියෝජිතවරිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදයෙන් හෙම්බත්වී සිටින ජනතාවට අද (30) වනවිට අවසානයේ තවත් ගැටලුවක් මතුව තිබෙනවා. ඒ ඖෂධ හිඟවීම හේතුවෙන් මතුව ඇති අර්බුදයයි ෴

***************************************

දුම්රිය රියදුරන් අතිකාල වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(30.03.2022 – 07:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සමග දුරකථනයෙන් සිදුකරන ලද සාකච්ඡාවකින් පසුව තම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (30) දවසේ විසදුම් ලබාදීමට එකඟ වීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) දහවල් 12 දක්වා අත්හිට වූ බවයි දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් අතිකාල සේවාවන්ගෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ, උදෑසන කාලයේ දුම්රිය ධාවනය කළත් පස්වරුවේ ධාවන කටයුතු අඩාල වීමේ අවධානමක් පැවතිය හැකි බවයි.

දුම්රිය ගාස්තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට පෙර ඔවුන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු බලධාරීන් හමුවී ඊයේ (29) පැය 3 ක පමණ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

කෙසේ වෙතත් ඉන් විසඳුමක් නොලැබුණු බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ.

මේ අතර දුම්රිය ගාස්තු ඉහළ නැංවීමටද රජය කටයුතු කර ඇති අතර, ඊට අදාළ ගාස්තු පිළිබඳව ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි ෴

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් – දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

(30.03.2022 – 17:24 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (30) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සමග පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, අද (30) පස්වරුවේ සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට (31) සිට වර්ජනයේ

(30.03.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට (31) සිට දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සහ මාරාන්තික උපවාසයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින් ෴

***************************************

කොළඹ සරසවිය නමින් ග්‍රහකයක්

(30.03.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්වවිද්‍යාලය නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි එහි උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න ප්‍රකාශ කළා.

‘කලම්බුයුනිලංකා’ යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ආචාර්ය නලින් සමරසිංහ සහ ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර් විසින්.

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන තිබුණේ 2,000 වසරේදියි.

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකුට ග්‍රහකයක් සොයාගැනීමේ ගෞරවය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ ද එය නව පිටුවක් සනිටුහන් කරන්නක්.

මෙම ග්‍රහකය ඉතා තියුණු දුරදක්නයක් මගින් නිරීක්ෂණය කළ හැකියි.

කිලෝමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් යුත් ග්‍රහකය සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතින බවද සඳහන්.

එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 210 කටත් වඩා දුරින් පවතින බව ද වාර්තාවනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Meya avurudu 4k thisse kala waedak nae lokey watey giyaa misak. Eyaage kaale siduwuna lokuma deya, Paasku Irida ghathanayata wagakeemak ganeema eyaa prathikshepa kalaa. Ithin mona magulakatada eyaata koti 18ka mandirayak denne. Podujanaya avurudu 55 wenakam, aduma gaane avurudu 35k wath, aanduwe rakshaawak karanna oney visraama yanna. Mae wage horunta avurudu 4kin ai visraama padiyak saha wisaala mandirayak thaegi denne. Mewa visaala aparaada deshapaaluwo karana.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *