සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි
*********************************************
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි
(24.03.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍ය නිලධාරීන් අද (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ, රිදීගම – සෆාරී උද්‍යානයේ ඩෝරා නැමති සුරතල් ව්‍යඝ්‍රයා රැක බලාගත් ප්‍රියසාද් එදිරිවර්ණ නැමති පශු වෛද්‍යවරයාට එම උද්‍යානයේම සේවකයින් පිරිසක් විසින් සිදු කළ පහරදීමකට විරෝධය පල කරමින්.
මේ වන විට අදාළ පශු වෛද්‍යවරයා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාළ පශු වෛද්‍යවරයා තමන් ක්ෂේත්‍ර චාරිකාවක නිරතවන අතරතුර ඊයේ (23) මෙම පහරදීම සිදු කළ බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ෴
++++++
සත්ත්වෝද්‍යානයේ සිදුවෙන වංචා – දූෂණ ගැන සත්ත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල්වරිය කථාකරයි
(24.03.2022 – 21:07 +0530 – hirunews.lk/sinhala)
දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව ආහාර ටෙන්ඩරය හරහා වාර්ෂිකව රුපියල් මිලියන 76 කට අධික මුදලක් වංචාසහගත අයුරින් ඇතැම් පිරිස් ලබාගන්නා බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (24) අනාවරණ කළා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඊට සත්වෝද්‍යානයේ නිලධාරීන්, වෘත්තීය සමිති මෙන්ම දේශපාලන පාලනාධිකාරියේ ආශිර්වාදයද හිමිව ඇති බවයි.
මේ අතර, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිදුවන බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව ඉකුත් මාර්තු මස 13 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයාට ලැබී තිබුණත් එහි නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවත් අධ්යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා.
+++++
මගේ පොත්ත සුදුයි කියා ඇමති ප්‍රසිද්දියේ කිවුවා.. – සත්වෝද්‍යාන ප්‍රධානී මාධ්‍ය හමුවක…
(25.03.2022 – 00:02 +0530 – lankacnews.com)
ජනමාධ්‍යවලින් තමනට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සඳහන් කරයි.
රිදීගම සෆාරි උද්‍යානයේ ඇතිවූ ගැටළුකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බවයි.
එය කණගාටුවට කාරණාවක් බවත් තමන් ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කළාය.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මීට පෙර ද අධ්යක්ෂ ජනරාල්වරියට බැන වැදී ඇතැයි මාධ්‍ය වාර්තා පල විය.
+++++++
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය කඳුළුසලයි
(24.03.2022 – 20:10 +0530 – sinhala.adaderana.lk)
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන් අද (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්විය.
ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින්ය.
රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට එහි සේවකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණි.
ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදීය.
පහරකෑමෙන් තුවාල ලද පශු වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ මහතා පසුගිය සමයේ කතාබහට ලක්වු වෛද්‍යවරයෙකි.
මෙම සිද්ධියෙන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් එහි අධ්යක්ෂ ජනරාල්වරිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු සඳහන් කළාය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ,
“ඊයේ මං රිදියගම සිට කොළඹ එනකොට මගේ වාහනයේ ඉස්සර රෝද දෙකේ කැප්සියුල් වල වැලි පුරවලා වහලා තිබුණා.”
“ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මමත් තවත් කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා.”
“කනගාටුවට කාරණයක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.”
+++++++
+++++++
පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ – රිදියගම සෆාරි උද්‍යානය
(25.03.2022 – 09:33 +0530 – sinhala.adaderana.lk)
රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කෙරෙන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
බහුතරයක් සේවයකයන් මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් තවදුරටත් සේවයේ නිරත වීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවය.
එසේම රිදියගම සෆාරි උද්‍යානය තුළට පිටතින් රැගෙන එන සතුන් අමානුෂික ලෙස සිරකරගෙන සිටින බවද පශු වෛද්‍යවරයා අදාළ වීඩියෝව මගින් පෙන්වා දෙයි.
විවිධ උපක්‍රම යොදා සතුන් මරා අනතුරුව මාංශ බාහිර පුද්ගලයින්ට වෙළෙඳාම් කරන බවද ඒ මහතා අදාළ වීඩියෝවෙන් පැවසීය.
මේ අතර සතුන්ට ආහාර සැපයීම සිදුකරන පෝෂණ අංශය විසින් සිදුකරන සොරකම් පිළිබඳවද තමන් ඉදිරියේදී හෙළිදරව් කිරීමට සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම පසුගිය වසර 5 තුළ තම රාජකාරී කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ලවූ බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගතහොත් තමන් ඉදිරියේදී රාජකාරියෙන් ඉවත් වන බවත් පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා ප්‍රකාශ කළේය.
රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ඩෝරා නමැති සිංහ පැටවා රැකබලාගැනීමත් සමඟ ප්‍රියසාද් ඉදිරිවර්ණ මහතා සියලුදෙනා අතරේ ජනප්‍රියතාවයට ලක්විය.
කෙසේ වෙතත් පසුගියදා ඩෝරා පැටවා බැලීමට යාමේදී රිදියගම සෆාරි උද්‍යානය තුළදී පශු වෛද්‍ය ප්‍රියසාද් ඉදිරිවර්ණ මහතා එම ආයතනයේ සේවකයන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
***************************************
ජනපති සංචාරක සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණයක
(24.03.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala)
සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවත් ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට අද (24) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
වසරේ පළමු (1) කාර්තුවේදී මෙරටට සංචාරකයින් 2,60,000 කට අධික පිරිසක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ සමස්ත සංචාරකයින්ගේ පැමිණිමට වඩා ඉහළ අගයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
වසර අවසානය වනවිට සංචාරකයින් මිලියන 1.3 ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.
ඒ සඳහා සියලු අංශ සූදානම් කළ යුතු බවටයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
***************************************
බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලට නව වාට්ටු සංකීර්ණයක්
(24.03.2022 – 18:16 +0530 – hirunews.lk/sinhala)
රුපියල් මිලියන 1906 ක වියදමින් ඉදිකළ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ මහල් 08 කින් සමන්විත වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.
රටේ පුරවැසියාට බරක් නොවන අයුරින් ආයුර්වේද ප්‍රතිකාර මූලික කරගත් විදේශීය විනිමය උපයා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසීම තුළින් ආර්ථික උත්පාදනයන් ඇති කළ හැකි බවයි මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙරට ප්‍රධානතම ආයුර්වේද ජාතික රෝහල වන බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ මහල් 08 කින් සමන්විත වාට්ටු සංකීර්ණයෙන් රෝගීන් 360 දෙනෙකු සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකියි.
***************************************
දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිය
(24.03.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)
දෙමළ ඩයස්පෝරාව රටට ආයෝජන ගෙන ඒමට නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම බලාත්මක කළ යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරිම පිළිබඳව කනස්සල්ල පළ කළා.
***************************************
දුඹුරු සීනි ආනයනයට, වෙළඳ අමාත්‍යාංශය අවසර ඉල්ලයි
(24.03.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)
උත්සව සමය වෙනුවෙන් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළේ මෙතෙක් එවැනි ඉල්ලීමක් අමාත්‍යාංශයට ලැබී නොමැති බවයි ෴
***************************************
කඩවතදී යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කෙරේ
(24.03.2022 – 23:57 +0530 – hirunews.lk/sinhala)
කඩවත පොලිස් වසමේ මහර 9 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද (24) රාත්‍රි කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහර 9 කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මියගොස් ඇති දෙදෙනා (2) යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් පසු බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙක් කොළඹ ජාතික රෝහලට සහ අනෙක් (1) පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).
ඔවුන්ගේ මෘත ශරීර කිරිබත්ගොඩ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් (2) අතර ඇතිවූ ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක් වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴
***************************************
යුක්රේන රුසියානු අර්බුදයෙන් මැදපෙරදිග රටවල්වලට දැඩි බලපෑම්
(24.03.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)
යුක්රේන – රුසියානු අර්බුදය හේතුවෙන් මැදපෙරදිග රටවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
යුක්රේන සහ රුසියාව සමග ඍජුව ගනුදෙනු කරන මැදපෙරදිග රටවල මේ වනවිට ඉන්ධන ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊට එරෙහිවයි ඊජිප්තුවේ වැසියන් මෙලෙස උද්ඝෝෂණවල නිරත වන්නේ.
රුසියාව සහ යුක්රේනයෙන් මැදපෙරදිග කලාපය ධාන්‍ය වර්ග ආනයන කරන අතර මේ වනවිට එම ආනයන කටයුතු සිදු නොවීම නිසා ධාන්‍ය හිඟයක් ද මතුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ ayurveda sikshana rohala. Apema ayabaduwalin hadana, pitaratiyange salli addanna hadana mae rohala lankaawe mahajanayata waedak wenne nae. Paradeshin samaga tharak wewee eke gaasthu gevanna apita bariya. Paradesheengen adina mudal apema deshapaaluwo gasaakanawa noanumaanawama. Okata athulwenna puluwan lankaawe aya uda athuwala inno wanduru wandiriyanta pamanai.