වාණිජ බැංකුවල රුපියල් හිඟයක් – හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙකු කියයි

වාණිජ බැංකුවල රුපියල් හිඟයක් – හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙකු කියයි

*********************************************

වාණිජ බැංකුවල රුපියල් හිඟයක් – හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු කියයි

(13.03.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට වාණිජ බැංකු පද්ධතිය ඩොලර් හිඟයට අමතරව දැවැන්ත රුපියල් හිඟයකට ද මුහුණ දී සිටින බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට සතු විදේශ විනිමය සංචිතවල තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 5500 ක මුදලක් 2019 වසරේ සිට නාස්ති කර තිබීම වර්තමානයේ උද්ගතව ඇති බොහෝ ගැටළුවලට හේතුව බවයි.

***************************************

ශ්‍රී ලංකාව පිළිබඳ තක්සේරු කරන්න IMF නිලධාරියෙකු දිවයිනට

(13.03.2022 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව පිළිබඳ වන තක්සේරුව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙරට පැමිණීමට නියමිතයි.

ඒ අනුව එම තක්සේරුව ලබාදීමට හෙට (14) දිනයේ දී එම නිලධාරියා මෙරටට පැමිණෙනු ඇති.

රට මුහුණ දී ඇති දැවැන්ත ඩොලර් අර්බුදයට විසඳුම් ලෙස සහ ඊට ගත යුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන සතියේ දී අමරිකාවේ – වොෂින්ටනය වෙත බලා යාමට සූදානම් බවයි ආරංචි මාර්ග තහවුරු කළේ.

එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ කළමනාකරණය පිළිබඳ ඉහළ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට ද නියමිතයි.

එවන් අවස්ථාවකදීයි හෙට (14) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියෙකු තක්සේරුව පිළිබඳ දැනුවත් කිරීමට මෙරටට පැමිණෙන්නේ.

කෙසේවෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුදල් අරමුදල වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බවයි ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 89 දෙනෙකු පූර්ණ සුවය ලබයි

(13.03.2022 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 89 දෙනෙකු අද (13) දිනයේ දී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,18,886 ක්.

තවදුරටත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,454 ක් වන අතර, ඊයේ (12) සිදු වූ මරණ සමග මෙරට මුළු මරණ සංඛ්‍යාව 16,390 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 6,55,730 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

++++++++++

දෛනික ආසාදිතයින් දෙගුණවීමත් සමඟ චීනය යළි අගුළු දමයි

(13.03.2022 – 16:38 +0530 – hirunews.lk/sinhala)

චීනයේ යළි කොරෝනා ආසාදිතයින් දෙගුණ (2) වීමත් සමග අද (13) සිට එරට ඊසානදිග ප්‍රදේශයේ නගර ගණනාවක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා ප්‍රභේද ආසාදිත පොකුරු පළාත් 18 කින් වාර්තා වී ඇති අතර, ෂැංහයි නගරයේ පාසල් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

2019 වසරේ චීනයෙන් කොරෝනා වෛරසය පළමු වරට හදුනා ගත් අතර සීග්‍ර අගුළු දැමීම් හා සංචරණ සීමා පැනවීම් හමුවේ ආසාදිතයින් ශූන්‍ය කර ගැනීමට ඔවුන්ට හැකි වුණා.

කෙසේ වෙතත්, ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග යළි එරටින් වාර්තා වන දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3400 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++

කොරෝනා මරණ 07 ක්

(13.03.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකුගේ මරණ අද (13) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,397 ක්.

වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,454 ක් වන අතර, ඊයේ (12) දිනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,55,730 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් තුළ දී තවදුරටත් අඛණ්ඩව දිවයින පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය අංශවල නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිවයි ෴

++++++++++

නව ආසාදිතයින් 311 ක්

(13.03.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 311 දෙනෙකු අද (13) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්‍ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,56,041 ක්.

අද (13) දිනයේ දී තහවුරු කළ පුද්ගල මරණ 07 ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව ද 16,397 ක් දක්වා ඉහළට නංවමින්.

වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,758 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

රුසියානු හමුදාවට තවත් කිලෝමීටර 25 ක් – යුද්ධය එපා කියූ ජනතාවත් රට හැර යයි

(13.03.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණයේ දී මේ දක්වා යුක්රේන හමුදා සෙබළුන් 1,300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

එමෙන්ම 500 ත් 600 ත් අතර රුසියානු හමුදා සිකුරාදා දිනයේ යුක්රේන හමුදා වෙත යටත් වූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත් මේ බව තහවුරු කිරීමේ සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළා.

රුසියානු හමුදා මේ වනවිට කීව් අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 25 ක් පමණ ආසන්නයේ රැඳී සිටින අතර, නගරයේ දකුණු දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව සඳහන්.

එමෙන්ම රුසියානු හමුදා විසින් වටලා ඇති දකුණු දිග මරියුපොල් නුවර වැසියන් විදුලිය, ආහාර සහ ජලය හිඟයකට මුහුණදෙන අතර, අධික ශීතලද ඔවුන්ට දැඩිසේ බලපා ඇති බව වාර්තාවනවා.

මේ අතර සටන් විරාමයක් සඳහා එකඟ වන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ ජර්මන් චාන්සලර් ඕලෆ් ෂූල්ස්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රුසියාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඊ-බේ අන්තර්ජාල වෙළඳ සේවාව සඳහන් කළේ තම වෙබ් අඩවිය ඔස්සේ යොමු කෙරෙන රුසියානු ලිපිනයන්ට සම්බන්ධ සියලු ගනුදෙනු අත්හිටුවන බවයි.

බටහිර සම්බාධක හේතුවෙන් දැඩි අපගමනයකට ලක්ව ඇති රුසියානු කොටස් වෙළඳපොළ ද ඉදිරි සතියේ ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට රුසියානු මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අතර බ්‍රසීල ජාතික සුප්‍රකට ගත් කතුවර පෝලෝ කොයෙලෝ ඩි සූසා කියා සිටියේ යුක්රේන ආක්‍රමණය රුසියාවට එරෙහි භීතිකාවක් ප්‍රචලිත කිරීමට ඇතමුන් යොදාගන්නා බවයි.

ඔහුගේ එම ප්‍රකාශය දැනටමත් දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

කෙසේ නමුත් ඔහු කියා සිටියේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් දක්වා කිලෝමීටර දස දහසක් සංචාරය කර ඇති තමා රුසියානු ජනතාව ගැන දන්නා අතර, යුද්ධය පිළිබඳව ඔවුන්ට චෝදනා කළ නොහැකි බවයි.

මේ අතර, රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරන රුසියානුවන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇති බව වාර්තාවනවා.

රුසියානු ආර්ථීක විද්‍යාඥයෙකු එය හැඳින්වූයේ දැවැන්ත බුද්ධි ගලනයක් ලෙසයි.

මෙලෙස රුසියාව හැර යන 25,000 කට අධික පිරිසක් ජෝර්ජියාවට පැමිණ ඇති අතර, ටිබිලීසි අගනුවර නවාතැන් පහසුකම් සපයා ගැනීම ඔවුන්ට දුෂ්කර වී ඇති බවයි වාර්තාවන්නේ.

යුරෝපා සංගමය ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන්ම කැනඩාව රුසියානු ගුවන් ගමන් අත්හිටුවීමත් සමඟ රට හැර යන රුසියානුවන් තුර්කිය, මධ්‍යම ආසියාව, දකුණු දිග කොකේසස් ප්‍රදේශය වෙත පලායන අතර, ආර්මේනියාවට විශාල පිරිසක් පැමිණ ඇති බව සඳහන්.

මීට අමතරව ජනපති පුටින්ගේ යුක්රේන ආක්‍රමණයට සහය දක්වන ලුකෂෙන්කෝ රජයට එරෙහි බෙලරුස් ජාතිකයන් ද විශාල පිරිසක් අසල්වැසි රටවල් වෙත පලාගොස් ඇති බව සඳහන්.

++++++++

යුක්රේන ජනපතිගෙන් රුසියානු හමුදාවලට අනතුරු ඇඟවීමක්

(13.03.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන අගනුවර වටලා සිටින රුසියානු හමුදා වෙත ප්‍රබල ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ ඔවුන්ට කීව් අගනුවර අත්පත් කරගැනීම සඳහා මරණය දක්වා සටන් කිරීමට සිදුවනු ඇති බවයි.

මේ අතර ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා අගනුවර පුරා අඛණ්ඩව රැව්දෙන බව එහි වැසියන් ප්‍රකාශ කළා.

කාපට් බෝම්බ යොදා කීව් අගනුවර සහ කලාපයේ ඉතිහාසය මකා දැමීමට උත්සාහ නොකරන ලෙසයි ජනපති සෙලෙන්ස්කි රුසියාවට අනතුරු අඟවා සිටියේ.

++++++++

යුක්රේන හමුදා කඳවුරකට රුසියානු මිසයිල ප්‍රහාර

(13.03.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

බටහිර දිග යුක්රේනයේ ලිවීව් නගරයට ඔබ්බෙන් වූ හමුදා පුහුණු කඳවුරකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම පුහුණු කඳවුරට මිසයිල අටක් (8) පතිත වූ බවයි නගර පරිපාලනය සඳහන් කළේ.

මෙහිදී සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ. රුසියානු ආක්‍රමණයත් සමඟ ලිවීව් නගරවාසීන් බහුතරයක් නිවෙස් හැර දමා පලාගොස් තිබෙනවා.

මේ අතර බටහිර දිග යුක්රේනයේ ඉවානෝ – ෆ්‍රැන්කිව්ස්ක් නුවර ගුවන් තොටුපලට ද රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වුණා.

මේ අතර, රුසියානු යුද්ධය හේතුවෙන් සිය සොල්දාදුවන් 1,300 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන ජනාධිපති වොලොදමියර් සෙලෙන්ස්කි පවසනවා.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් රුසියානුවන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

‍‍ඉකුත් 24 වැනිදා ආරම්භ වූ රුසියානු – යුක්රේන යුද ගැටුම් දිනෙන් දින තීව්‍ර වනවා.

එවන් පසුබිමක අඛණ්ඩව 17 වැනිදිනටත් රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ප්‍රධාන නගර රැසකට ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට කීව් අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 25 ක් පමණ ආසන්නයේ රැඳි සිටින රුසියානු හමුදාව නගරයේ දකුණු දෙසට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මේ අතර රුසියානු හමුදාව විසින් වටලා ඇති යුක්රේනයේ දකුණු දිග මරියුපෝල් නගරයේ වැසියන් දැඩි ආහාර, ජලය, විදුලි හිඟයකට මුහුණ දී සිටිනවා.

විදෙස් වාර්තා පවසන්නේ අධික ශීතල ද මෙම ජනතාවට දැඩි බලපෑම් එල්ල කරන බවයි.

මේ අතර රුසියානු ආක්‍රමණය අතරතුර මේ දක්වා යුක්රේන හමුදා සෙබලුන් 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

එමෙන්ම 500 ත් 600 ත් අතර රුසියානු සෙබලුන් පිරිසක් යුක්රේන හමුදාවට යටත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් එම තොරතුරු තහවුරු කිරීමේ සාක්ෂි තවමත් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර සටන් විරාමයක් සඳහා එකඟවන ලෙසට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ ජර්මන් චාන්සලර් ඔල්ෆ් ෂූල්ස් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් එම ඉල්ලීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බවටයි වාර්තා වන්නේ.

රුසියාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන අතර ‘ඊබේ’ ජාත්‍යන්තර වෙළෙඳ සේවාව සඳහන් කළේ තම වෙබ් අඩවිය ඔස්සේ යොමු කෙරෙන රුසියානු ලිපිනයන්ට සම්බන්ධ සියලු ගනුදෙනු අත්හිටුවන බවයි.

මෙලෙස රුසියානු ආක්‍රමණය හේතුවෙන් බහුජාතික සමාගම් 50 කට අධික ප්‍රමාණයක් රුසියාවට එරෙහිව මේ දක්වා සම්බාධක පනවා තිබෙනවා.

බටහිර සම්පාදක හේතුවෙන් දැඩි අපගමනයකට ලක්ව ඇති රුසියානු කොටස් වෙළෙඳපොලද ඉදිරි සතියේ ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට රුසියානු මහබැංකුව තීරණය කර තිබෙනවා.

මේ අතර බ්‍රසීල ජාතික සුප්‍රකට කතුවරයෙකු වන පෝලෝ කොයොලොඩී සුසා කියා සිටියේ යුක්රේන අක්‍රමණය රුසියාවට එරෙහි භීතිකාවක් ප්‍රචලිත කිරීමට ඇතැමුන් යොදා ගන්නා බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශය දැනටමත් දැඩි විවේචනයකට ලක්ව තිබෙනවා.

කෙසේ නමුත් ඔහු කියා සිටියේ රුසියාවේ මොස්කව් නුවර සිට ව්ලැඩ්වෝස්ටෝර්ක් දක්වා කිලෝමීටර දසදහසක් සංචාරය කර ඇති තමා රුසියානු ජනතාව ගැන දන්නා අතර යුද්ධය පිළිබඳ ඔවුන්ට චෝදනා කළ නොහැකි බවයි.

එවන් පසුබිමක රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරන රුසියානුවන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු ආර්ථීක විද්‍යාඥයින් මෙම තත්ත්වය පෙන්වා දෙන්නේ දැවැන්ත බුද්ධිගලනයක් ලෙසයි.

මෙලෙස රුසියාව හැර යන 25,000 කට අධික පිරිසක් ජෝර්ජියාවට පැමිණ ඇති අතර ටිබිලීසි අගනුවර නවාතැන් පහසුකම් සපයා ගැනීම ඔවුන්ට දුෂ්කර වී ඇති බව ද සඳහන්.

යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන්ම කැනඩාව ද, රුසියානු ගුවන් ගමන් අත්හිටුවීමත් සමග රට හැර යන රුසියානුවන් තුර්කිය, මධ්‍යම ආසියාව, දකුණු දිග කොකේසස් ප්‍රදේශය වෙත පලා යන අතර ආමේනියාවට ද විශාල පිරිසක් පලා ගොස් ඇති බව සඳහන්.

මේ අතර සිරියානු යුද භටයින් දසදහසකට අධික සංඛ්‍යාවක් සහ චෙච්නියානු යුද භටයින් පිරිසක් රුසියාවට සහය පළ කරමින් යුද පෙරමුණට පැමිණ ඇති අයුරු ද විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

***************************************

‘අවලස්සන ඇමරිකානුවා’ අපේ රට විනාශ කරනවා. ජනපති නෙවෙයි රට පාලනය කරන්නේ බැසිල් – උදය ගම්මන්පිල (13.03.2022)

***************************************

***************************************

විදුලිය ගබඩා කරන නව ක්‍රමවේදයක්

(13.03.2022 – 22:12 +0530 – sinhala.adaderana.lk)

විදුලි අර්බුදය මේ දිනවල මුළු රටටම මුහුණ දෙන ප්‍රශ්නයකි.

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්ති හැඳිවුවත්, එය ගබඩා කරගෙන භාවිතා කරන ක්‍රමවේදයක් අප රට තුළ තවමත් නොමැත.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මේ තාක්ෂණය පළමුවරට ලංකාවට හඳුන්වාදීමට සමත්ව තිබේ.

අද ‘ඔන්ටොපික්’ තුළින් තොරතුරු ගෙන එන්නේ ඒ පිළිබඳවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *