නූතන රාවණා අවන්හලට ගහලා

නූතන රාවණා අවන්හලට ගහලා

*********************************************

නූතන රාවණා අවන්හලට ගහලා

(27.02.2022 – 14:31 +0530 – lankadeepa.lk)

තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී දේපළවලට බරපතළ අලාභ සිදු කිරීමේදී වීදුරුවලින් කැපීගිය අතෙහි ලේ පෙන්වා “බලාගනින් මම තමයි රාවණා, උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා” යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගිය පුද්ගලයා හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

සැකකාර පුද්ගලයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු බව ද පවසයි.

සැකකරු මිනිත්තු දෙකක් පමණ කාලයක් තුළ අවන්හල තුළ රැඳී සිට මෙම අපරාධය සිදු කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙම පහරදීමෙන් අවන්හලේ වීදුරු දොරවල් වලට සහ තවත් දේපල රැසකට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් තිබූ සැකකරු හොර රහසේම ප්‍රතිකාර ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර අවස්ථාවකද රත්නපුර සමන් දේවාලය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයකු බවත් අධිකරණය මගින් මානසික වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරු නිදහස් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අවන්හලට පහර දීම සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි ෴

***************************************

කූට වෛද්‍යවරයෙක් උකුස්සාට කොටුවෙයි… (26.02.2022)

***************************************

ගින්නෙන් තේ පැක්ටරියේ කොටසක් සුන්

(26.02.2022 – 20:56 +0530 – lankadeepa.lk)

මහනුවර පන්විල රාක්ෂාව වතු යායේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක අද (26 වනදා) සවස ඇති වූ ගින්නකින් එම තේ කම්හලේ කොටසක් එහි තිබූ තේ කුඩු මෙන්ම යන්ත්‍ර සූත්‍රද සමඟ සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ.

මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සකස් කර තිබූ තේ කුඩු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති අතර යන්ත්‍ර සූත්‍රවලට මෙන්ම ගොඩනැගිල්ලටද දැඩි ලෙස හානි සිදුව තිබේ.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පන්විල පොලීසිය, පන්විල ප්‍රාදේශිය සභාව සහ ප්‍රදේශයේ ජනතාව මෙන්ම කම්හලේ සේවකයන්ද එක්ව සවස් වරුවේම ගින්න පාලනය කිරිමට පියවර ගත්තද ඒ වන විටත් කම්හලට විශාල අලාභයක් සිදුව තිබිණ. මෙම ගින්න හේතුවෙන් කම්හලට සිදුව ඇති අලාභය තවමත් තක්සේරු කර නොමැති වුවද එය විශාල ප්‍රමාණයක් විය හැකි බව විශ්වාස කෙරේ.

***************************************

නුවරඑලියෙ ගිහින් බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට

(27.02.2022 – gossiplankanews.com)

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයක් සදහා පැමිණි වැඩිහිටි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ පුද්ගලික නවාතැන්පොලක කාමරයක් තුළ අද (27) දින අලුයම මියගොස් තිබේ.

කුරුණෑගල සිට පැමිණි ඔවුන් පවුලේ සමාජිකයන් සමග (26) දින පැමිණ එදින මධ්‍යම රාත්‍රිය තෙක් බාබකියු උදුනකින් මස් පුළුස්සා අනුභව කළ බවත් එසේ කිරිමෙන් අනතුරුව අධික ශීතල නිසා බාබකියු උදුන කාමරයේ තබාගෙන එහි රස්නය විඳමින් නින්දට ගොස් ඇති බව කියැවිණි.

අද (27) දින අලුයම යුවළ අවදි නොවිම නිසා පවුලේ සාමජිකයන් දොරවල් කඩා කාමරය විවෘත කර බලන විට දෙදෙනාම මියගොස් ඇති බව අනාවරණය විය.

පොලිසිය පැවසුවේ බාබකියු උදුන දල්වා සිටීම නිසා කාමරයේ ඔක්සිජන් හිඟවී හුස්මගැනීමේ අපහසුව නිසා මෙසේ මියයන්නට ඇති බවයි.

ගෙවුණ කාලය තුළ මේ ආකාරයට 06 දෙනෙකු පමණ බාබකියු උදුන් නිසා ජිවිතක්ෂයට පත් වි ඇති බවද පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල ගොකරැල්ල නැකන්න ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඒ.කේ. හේරත් (59) හා එම්.ඒ.එම්.එන්. මොලගොඩ (58) යන අයයි. මිය ගිය කාන්තාව කුරුණැගල රෝහලේ සේවය කරන හෙදියක් බවද පැවසිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය ෴

(ඉහත සේයාරූ 2 : ada.lk)
hirunews.lk

++++++

https://www.youtube.com/watch?v=6I3qpJkTDhA

***************************************

කොළඹ, ජම්පටා වීදියේ ට්‍රැක්ටර් උපාංග හා අමතර කොටස් ගබඩාවක ගින්නක්

(27.02.2022 – 14:52 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, ජම්පටා වීදියේ ට්‍රැක්ටර් උපාංග හා අමතර කොටස් ගබඩාවක් තුළ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ගින්නෙන් ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ගින්න මේ වනවිට ඒ අවට ඇති නිවාසවලට ද පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 11 ක් පිටත්ව ගොස් ඇතැයි ගිනි නිවීම් ඒකකය සඳහන් කරයි.

ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැති අතර, ගින්න පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

+++++

+++++++

***************************************

දෙපා වාරු නැති දරුවන්ගේ අහිංසක ආයාචනය

(27.02.2022 – 14:27 +0530 – sinhala.adaderana.lk)

පාසල වෙත යාම සඳහා පහසු මාර්ග පද්ධතියක් නොමැති වීම හේතුවෙන් අධ්‍යාපනය අතරමඟ නතර වූ දෙපා වාරු නොමැති දරුවන් දෙදෙනෙකු (2) පිළිබඳ පුවතක් වරකාපොළ ගලපිටමඩ ප්‍රදේශයෙන් ‘අද දෙරණ’ට වාර්තා වුණි.

වරකාපොළ ගලපිටමඩ ඌරුවල පදිංචි නිරෝෂන් වසන්ත සහ අශෝකා ප්‍රියදර්ශනී දරුවන් තිදෙනෙකුගේ (3) මව්පිය යුවළකි.

15 හැවිරිදි වැඩිමහල් දරුවා මීට වසර 5 කට පෙර හදිසියේ දෙපා වාරු නොමැතිව ඇවිදීමට නොහැකි වී ඇති අතර 10 හැවිරිදි දෙවැනි (2) දරුවාද මීට වසරකට ඉහතදී එම රෝගයටම ගොදුරුව තිබේ.

කොතෙක් ප්‍රතිකර්ම කළත් මෙය සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසා ඇත.

දෙපා වාරු නොමැති දරුවන් දෙදෙනා (2) බරක් නොවූ මේ පියා ඔවුන්ගේ සියලු රාජකාරී ඉටුකරන අතරේ කුලී රැකියාවන් හි නිතර වෙමින් තම දරුවන් හා බිරිඳ පෝෂණය කරති.

නමුත් ඔවුන්ගේ ජීවිත තවත් අසීරු වී ඇත්තේ නිවසේ සිට ප්‍රධාන මාර්ගයට යාමට ඇති අතරු මාර්ගය ඉතා දුෂ්කර මෙන්ම කටුක වීමය.

නිවසේ සිට මීටර් 300 ක් පමණ පඩි සහිත මේ මාර්ගයෙන් දෙපා වාරු නොමැති දරුවන් ඔසවාගෙන යාමට මේ මවටත් පියාටත් සිදුව ඇත.

ඔවුන් උස්මහත් වීමත් සමඟ දිනපතා දරුවන් ඔසවාගෙන පාසල වෙත රැගෙන යාම අසීරු වූ නිසා මේ වන විට දරුවන් දෙදෙනාගේ (2) පාසල් ගමනත් අතරමඟ නතර වී තිබේ.

එහිදි අප සමඟ අදහස් දැක්වු 15 හැවිරිදි ඉමේෂ ඩිල්ෂාන් පැවසුවේ තමන් පාසල් යාමට කැමැත්නේ සිටියද මාර්ගේ ඇති අපහසු තා හේතුවෙන් එය වැළකී ඇති බවය.

“ඉස්කෝලේ යන්න ආසයි. පාරක් නැති හන්දා යන්නේ නෑ. වඩාගෙන යන්නේ. නැන්දේ මාමේ අපිට පාර හදලා දෙන්න”

දරුවන්ගේ මව වන අ‍ශෝකා පියදර්ශනී මත්මිය පැවසුවේ සිය දරුවන් දෙදෙනාටම (2) ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව පැවතියද එය ඉටු කර ගැනීමට නොහැකි වී ඇත්තේ පාසල වෙත යාමට නොහැකි බැවින් බවය.

“ලොකු පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. චූටි පුතාටත් පුළුවන්. ඒත් පාසලට ගෙනියන්න අපහසුයිනේ අපට. වෙන මුකුත් එපා. පාර තමයි හදලා දෙන්න ඕනේ”

දරුවන්ගේ පියා වන නිරෝෂන් වසන්ත මහතා පැවසුවේ, තමන්ට දරුවන් දෙදෙනා පාසල් යවා ගැනීමට හැකියාව තිබුණද පාර නොමැති වීම හේතුවෙන් එය සිදුකර ගත නොහැකි බවය.

තවත් පවුල් 8 ක් පමණ මේ අවට ජීවත් වන අතර ඔවුන් ද ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් මෙම මාර්ගය සාදා දෙන ලෙසය.

***************************************

අවුරුදු දෙක හමාරක් (2½) මම වැලිකඩ උපාධියක් කලා – ලුණු කැද කෑවා – සැපද කියපු උන් හොයා ගන්නත් නෑ – සරත් ෆොන්සේකා

***************************************

26-02-2022

***************************************

26-02-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *