චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ

චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ

*********************************************

චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ

(23.02.2022 – gossiplankanews.com)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ආසන්න කාලයේ ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමග චමුදිත පැවැත්වූ සාකච්ඡාවක් ආන්දෝලනයට තුඩුදුන් අතර අසූචි ප්‍රහාරයට හේතුවූයේ එම ගැටලුවදැයි පිලියන්දල පොලිසියට සැකයක් මතුව තිබේ.

පුෂ්පිකා, රෝසි සේනානායක මහත්මියට එරෙහිව විවිධ චෝදනා නැගූ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ලද්දේ චමුදිත වන අතර මෙම සාකච්ඡාවේ කරුණු පදනම් කරගෙන ‘මිසිස් වර්ල්ඩ්’ ඇමරිකානු ආයතනයේ අධ්‍යක්ෂිකාව සමග සාකච්චාවක් පැවැත්වූ තවත් මාධ්‍යෙව්දියෙකු වන ‘ධනු’ හට පුෂ්¤¤ ගෙන් මරණ තර්ජන එල්ලවූ අතර ඔහු පොලිසියට යන්නට හා නීති මාර්ගයෙන් ඇයට එරෙහිව ක්‍රියාකරන්නට යොමු විය.

මීට අමතරව රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහිව නීතිය හමුවට ගියාය.

මේ අතර මෙම සංසිද්ධියට අදාළ ‘මිසිස් ශ්‍රී ලංකා දේශීය සංවිධායක’ චන්දිමාල් ජයසිංහ ඊට පසුව චමුදිත සමග සාකච්ඡාවකට එක්වී පුෂ්පිකාට එරෙහි චෝදනා එල්ල කළ අතර පුෂ්පිකා පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටද කරුණු හෙළි කළේය.

පුෂ්පිකා මින් ඉහත ලොහා¤ රත්වත්¤ රාජ්‍ය ඇම¤වරයා සමග වැලිකඩ එල්ලුම්ගහ බලන්න ගිය කතාවක්ද සමාජ මාධ්‍ය තුළ ආන්දෝලන ඇති කර තිබුණි.

ඉදිරියේදී පොළොන්නරුවේ මන්ත්‍රී ධූරයකට තරගවදින බවට ප්‍රකාශ කර ඇති පුෂ්පිකාගේ කතාබහ හැසිරීම් සියල්ල දේශපාලන නායිකාවගේ ස්වරූප පෙන්නුම් කරන බවටද විවිධ විචාරයන් පසුගිය කාලයේ ප්‍රකාශ විය.

පසුගිය 14 වැනිදා චමුදිතගේ නිවසට අසුචි ප්‍රහාරය සිදු කළ අය සතියකට පසුවත් තවම සොයාගෙන නැති අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි පොලීසිය සඳහන් කරයි ෴

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (23) පිලියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.

ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න මහතා පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද දින පුෂ්පිකා ද සිල්වා මහත්මියට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. අද ඇයට පැමිණීමට අපහසු තාවයක් තිබෙනවා. එයට හේතුව චන්දිමාල් ජයසිංහ මහත්මාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයෙකු සමග නීතිඥ හමුවක් අද (23) දිනයේ පැවැත්වෙන නිසයි.

මේ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වෙනි දින පෙරවරු 10 ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදෙනු ලැබුවා” ෴

+++++++

23-02-20222

***************************************

ඇමරිකානු සංචාරකයා පැමිණි බෝට්ටුවේ තිබු සියලු දෑ සොරාගෙන

(23.02.2022 – 14:57 +0530 – ada.lk)

කොළඹ සිට බෝට්ටුවකින් යාපනයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජාතිකයෙකු පැමිණි බෝට්ටුවේ තිබු උපකරණ සියල්ලක්ම සොරාගෙන ඇතැයි අදාල සංචාරකයා විසින් අද (23 දා) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

අදාල ඇමරිකානු ජාතිකයා ඊයේ (22 දා) කොළඹ සිට විශේෂ බොට්ටුවකින් යාපනය ගුරුනගර් ජැටියට පැමිණ බෝට්ටුව එහි නවතා තිරුනෙල්වේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකට නවාතැන් ගැනීම සඳහා ගොස් ගමන්මලු එහි දමා නැවත බෝට්ටුවට පැමිණ පරික්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ උපකරණ සියල්ලක්ම අතුරුදහන්ව ඇති බවට අදාල පැමිණිල්ල මගින් ඇමරිකානු ජාතකයා විසින් පොලීසියට දැනුම් දී ඇත.

එහිදී බෝට්ටුවේ තිබූ ඉතා වටිනා කිමිදීමේදී යොදාගන්නා තාක්ෂණික නිරීක්ෂණ කට්ටල, කිමිදුම් කට්ටල, ආරක්ෂිත කබා, කිමිදීමේදී යොදාගන්නා උපැස් යුවලක්, ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් මෙලෙස අතරුදහන්ව ඇත.

අදාල භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

වව්නියාව මධුශංක අමරසිංහ

***************************************

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100 ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ.. – මියන්මාරය

(24.02.2022 – 10:00 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සඳහන් කරයි.

එරට සහල් තොග ගබඩාවේ ලේකම්වරයා ප‍්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වෙත සඳහන් කර ඇත්තේ මියන්මාරය වෙනත් රටවලට සහල් අපනයනය කරන්නේ ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 340-350 අතර මිලකට වුවද, ශ්‍රී ලංකාවට අපනයන කිරීමේදී ටොන් එකකට ඩොලර් 440-450 දක්වා ඉහල මිලක් ගෙවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට සහල් අපනයනයේදී අනෙකුත් රටවලට සාපේක්ෂව සීමා අඩු බවත් ගුණාත්මකභාවය සීමා කර නැති බවත් ඔහු පවසයි.

***************************************

රටපුරා ඉන්ධන පිරවුම්හල් වල වාහන පෝලිම්වලට අමතර කෑන්, බෝතල් පෝලිමක්.. ඉන්ධන ලබාගන්න පොරකති..

(24.02.2022 – 11:20 +0530 – lankacnews.com)

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල වාහන පෝලිම්වලට අමතරව තවත් පෝලිමක් එක්වී තිබේ. ඒ කෑන් සහ බෝතල් පෝලිමයි.

ඉන්ධන නොමැතිව ඇතැම් වාහන මග නැවතීම හේතුවෙන් ඒවාට ඉන්ධන ගෙන යාමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණි පිරිස් මෙන්ම වාහන පෝලිමේ සිටීමට වඩා සාර්ථක ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය පාවිච්චි කරන පිරිසද ඒ අතර වෙති.

මේ හේතුවෙන් පෝලිමේ සිටින වාහන හිමියන්ට ඉන්ධන ලැබීම තව දුරටත් පමා වීම මත ඇතැම් තෙල් පිරවුම්හල්වල උණුසුම් තත්වයන්ද ඇතිව තිබේ.

පැය ගණනාවක් පෝලිමේ සිටින වාහන හිමියන්ට පෙර, බෝතල් – කෑන් රැගෙන එන පුද්ගලයන් ඉක්මනින් ඉන්ධන ලබා ගෙන යාම ඊට හේතුවයි.

ගැටුම්කාරී තත්ත්වයන් උත්සන්න වූ ඇතැම් ඉන්දන පිරවුම් හල්වල කළමනාකරුවන් විසින් තෙල් අලෙවි කිරීම නතර කිරීමට ද කටයුතු කරනු ලැබීය ෴

***************************************

මාර්තු මාසයේ නැවැත ලිත්‍රෝ ගෑස් හිඟයක්

(23.02.2022 – 14:31 +0530 – lankaleadnews.com)

ලිත්‍රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුණදෙමින් සිටින බව වාර්තා වෙයි. සමාගම මාර්තු මසට අවශ්‍යය ගෑස් තොග කිසිවක් මෙතෙක් ඇනවුම් කොට නැති බවද වාර්තාවේ.

සාමාන්‍යයෙන් අදාල මාසයට අවශ්‍යය තොග ඊට පෙර මස 10 වෙනිදා වනවිට ඇනවුම් කළ යුතු වුවත් මෙතෙක් ලිත්‍රෝ සමාගම මාර්තු මාසය සදහා අවශ්‍ය ඇනවුම් ලබාදීමට අපොහොසත් වී ඇත.

මෙම තත්වය මත දිවයින පුරා නැවත වරක් ගැස් හිඟවිම අනිවාර්ය බව සමාගමේ සේවකයෝ පවසති. ඔවුනට අනුව පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් ගෙන් වූ ගැස් නැව් 4 කට මුදල් නොගෙවිමෙන් මේ දිනවල දිවයින පුරා ගෑස් බෙදාහැරිමද අර්බූදයට ලක්ව ඇත ෴

***************************************

විදුලිය නැති නිසා වතුරත් නෑ

(23.02.2022 – 21:00 +0530 – lankadeepa.lk)

විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවට ජනතාව චෝදනා කරති.

විදුලිය විසන්ධි වී පැයක (1) පමණ කාලයක් ගතවනවිට අඩු පීඩනයකින් ජලය ලැබුනු බවත් ඉන් පසු ජලය සම්පූර්ණයෙන්ම නොලැබි ගිය බවත් ඔව්හු පවසති.

විදුලිය විසන්ධි වූ ඊයේ (22) සහ පෙරේදා (21) යන දෙදින තුළම ජල සැපයුමට මේ ආකාරයෙන් බාධා වූ බවත් ජනතාව පවසති.

අඹතලේ සහ බියගම පිහිටි ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය 24 තුළම තුළම අඛණ්ඩව විදුලිය ලබා දෙන වෙනම විදුලි සම්බන්ධතාවයක් ක්‍රියාත්මක බැවින් කොළඹ බොහෝ ප්‍රදේහවල ජල සැපයුමට බාධාවක් අති නොවන බව මේ සම්බන්දයෙන් කල විමසීමකදී ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය දෙකකට (2) අධික කාළයක් අඛණ්ඩව විදුලි සැපයුම නොලැබී ගියහොත් ජල සැපයුමට බාධා ඇති විය හැකි බවද බවත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය සමග අවබෝධයෙන් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

කුඩා උප පොළවල් සඳහා ජෙනරේටර් ලබාදී ඇති බවත් ඒවා සඳහා වෙනම ඉන්ධන ගබඩා කර ඇති බවත් ඔහු කීවේය.

බොහෝ කුඩා උප පොළවල් ඇති ජෙනරේටර් සඳහා ඉන්ධන ගබඩා කිරීමේදී ගැටලු මතුවන බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තහවුරු විය.

කුඩා උප පොළවල් සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනම ක්‍රමවේදයක් නොමැති අතර ඉන්ධන හල් වලින් බැරල් වලට ඉන්ධන රැගෙන ගන ආ යුතු වේ.

මෙහිදි විශාල වශයෙන් බැරල් වලට ඉන්ධන රැගෙන ඒමේ දී ජනතා විරෝධය මතුවීමත් ඇතැම් ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වීමත් හේතුවෙන් ගැටලු මතු වන බවද එහි සේවකයෝ පවසති ෴

***************************************

යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් – වහාම රුසියාවෙන් ඉවත් වන්න !

(24.02.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

යුක්‍රේනය විසින් එරට තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (24) රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය විසින් සිය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතිනවා.

මේ වනවිට යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ, රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසටයි.

ඒ බව යුක්‍රේනයේ ‘කිව්’ (kyiv) තානාපති කාර්යාලය මගිනුයි නිවේදනය කෙරුණේ.

මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ, සුළු මොහොතක් තුළ දී රුසියාව විසින් පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්‍රේනය තුළ සිදු කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවයි.

මේ හේතුවෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් යුක්‍රේන රජයට රුසියානු ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ මොස්කව් හිතවාදී කලාපයට ඇතුල් වී ඇති අතර, ඔවුන් තවදුරටත් ඉදිරියට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (23) සවස අමරිකානු විදේශ ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, තමන්ට පවතින තත්ත්වය නිශ්චිත වශයෙන් ම විග්‍රහ කිරීමට නොහැකි වුවත්, ගෙවුණු පැය 24 – 48 ක කාලය තුළ යුක්‍රේනයට අයත් සියලුම දේශසීමා, එනම්, දකුණ, නැගෙනහිර සහ උතුර ආදී සෑම පැතිකඩක් වෙතම රුසියානු හමුදා ක්‍රමයෙන් ඇතුල් වී අවසන් බවයි.

එබැවින් අමරිකානු හමුදා ද පවතින යුද වාතාවරණය හමුවේ මේ වනවිට ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සිටින අතර, හදිසියේ හෝ රුසියාවෙන් ප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල වුවහොත්, ඒ වෙනුවෙන් යුක්‍රේන රජයට සිය හමුදා නිවැරදි තැන ස්ථානගත කරගනිමින් සම්පූර්ණ ආක්‍රමණයක දී සිදු විය යුතු පෙර සූදානමකින් යුතුව කටයුතු කරන මෙන් අමරිකානු විදේශ ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඔස්ට්‍රෙලියානු අගමැති ස්කොට් මොරිසන් ද ඊයේ (23) ප්‍රකාශ කළේ, නියත වශයෙන් ම ඉදිරි හෝරා කිහිපය තුළ අනිවාර් යයෙන් ම රුසියානු ආක්‍රමණය ස්ථිර බවයි.

තව ද, නේටෝ සංවිධානයේ සාමාජික ලැට්වියාවේ අගමැතිවරයා ද විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවේ දී කියා සිටියේ, රුසියානු හමුදා දැඩි උද්වේගකාරී සහ ප්‍රහාරාත්මක යුද බලඝණයකින් සන්නද්ධ ව යුක්‍රේනය මුළුමනින්ම ඈදා ගැනීමට මාන බලමින් සිටින බවයි.

රුසියාවේ මෙම යුද තීන්දුව හේතුවෙන් ලෝක බලවතුන්ගේ දැඩි අවධානය යොමුව ඇති අතර, ආසියාතික බලවතුන් ලෙස පිළිගැනෙන ජපානය ද ඊයේ (23) දින රුසියාවට සම්බාධක පැනවීමට තීරණය කළ අතර, ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ද රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ මෙම නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළා.

එමෙන්ම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද සිය විවේචනය් රුසියාවට එරෙහිව පළ කළේ යුක්‍රේනය වැනි රටක නිදහස නැති කිරීමට අයුතු ලෙස යුද පසුබිම භාවිත කිරීම සම්බන්ධයෙනි.

පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කිර්බි ඊයේ (23) පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ මෙවැන්නක්.

“අපි නිසැකවම විශ්වාස කරනවා, රුසියාව සතුව අතිරේක හමුදාවකුත් ඉන්නවා කියලා. එය ගණනින් කොච්චරක් ද කියල අපට හරියටම කියන්න නම් බැහැ. නමුත් එක දෙයක් විශ්වාසයි. ඉදිරි පැය කිහිපයේ දී රුසියාව යුක්‍රේනයට පහර දෙනවා.. මේ වනවිටත් රුසියානු හමුදා යුක්‍රේනයට කඩා වැදී අවසන්..”

(“We certainly believe that Russian, additional Russian military forces are moving into that region. We can’t confirm with any great specificity the numbers, and what the formations are, what the capabilities are, but we certainly believe that that’s happening.”)

මේ වනවිටත් රුසියාවේ නොමනා හැසිරීම් හේතුවෙන් ජපානය, ඔස්ට්‍රෙලියාව මෙන්ම ජර්මනිය, අමෙරිකාව සහ කැනඩාව ඇතුළු බටහිර සහ ආසියාතික රාජ්‍යයන් ද යුක්‍රේනය ආක්‍රමණයට එරෙහිව රුසියාවට විරුද්ධව සම්බාධක පනවා තිබෙනවා.

මේ අතර, යුක්‍රේනය, යුරෝපා සංගමය ඇතුළු බටහිර රාජ්‍යයන් මෙන්ම නේටෝ හමුදාවන් සමඟ සමීපව කටයුතු කිරීම ද රුසියානු කෝපය ඇවිස්සීමට තවත් මූලබීජයක් බවයි ජාත්‍යන්තර යුද සහ දේශපාලනික විචාරකයින් පෙන්වා දෙන්නේ.

සති කිහිපයක් මුළුල්ලේ රුසියාව සිය යුද බලය විදහා දක්වමින් යුක්‍රේන දේශසීමාහි මෙන්ම බෝල්ටික්ස් සාගර කලාපයේ ද යුද අභ්‍යාසවල නිරත වුණා.

කෙසේවෙතත්, රුසියාව, දිගින් දිගටම කියා සිටියේ ආක්‍රමණයක් පිළිබඳව බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

කෙසේවෙතත්, ඊයේ (23) නැගෙනහිර යුක්රේන දේශසීමාවන්ට යොදවා ඇති භට පිරිස් වැඩි කිරීමට රුසියාව පියවර ගනු ලැබූ අතර, යුක්‍රේනයේ කලාප දෙකක් (2) ස්වාධීන රාජ්‍ය ලෙස නම් කිරීමට ද කටයුතු කළා.

ඒ අනුව රුසියාවේ සිට යුරෝපා කලාපයට බෝල්ටික්ස් සාගරය හරහා ස්වභාවික වායූන් ප්‍රවාහනය කරන නෝඩ්ස් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවන්ට අනුමැතිය ලබාදීම අත්හිටුවන බවත් ජර්මානු චාන්සලර් ඕලැෆ් ස්කොල් ඊයේ (23) බර්ලින් නුවර දී නිවේදනය කළා.

බ්‍රිතාන්‍යයේ වත්කම් හිමි රුසියානු වාණිජ ආයතන 6 කට සම්බාධක පනවන බවට ද බ්‍රිතාන්‍යය විසින් ද ඊයේ (23) නිවේදනය කරනු ලැබුවේ පවතින යුද තත්ත්වයට අනුවයි.

ඒ අනුව, එම ආයතනවල වත්කම් රඳවා ගනිමින් රුසියානු බිලියනපතියන් 5 දෙනෙකුටත් බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රවාහනය, බලශක්ති, විදුලි සංදේශන, ඛනිජ සම්පත් යන අංශ සඳහා ඔස්ට්‍රෙලියාවත් ඊයේ (23) රුසියාවට සම්බාධක පැනවූවා.

ඒ අනුව, රුසියානු ආරක්ෂක කවුන්සලයේ නිලධාරීන් 8 දෙනෙකුට ඔස්ට්‍රෙලියාවේ සංචාරය තහනම් වනවා.

රුසියානු – යුක්රේන අර්බුදය යුද ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත හැකි බවත්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

එළඹෙන හෝරා කිහිපයේ දී රුසියාව විසින් යුක්‍රේනයට පහරදීමක් සිදු කළහොත්, එය ලෝකය තුළ වර්ෂ 1939 – 1945 කාලය වකවානුව තුළ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී පාලන ක්‍රමයෙන් උමතුවට පත් වී ලෝකයක් වැනසුවාක් වැනි වූ ජීවිත දහස් ගණනක් විනාශ විය හැකි 03 වැනි ලෝක යුද්ධයක ආරම්භයක් වීමේ ද ඉඩ ප්‍රස්ථාව මෙමගින් නිර්මාණය වීමේ දැඩි අර්බුදයක් මතුව තිබෙනවා.

ගෝලීය වසංගත තත්ත්වයක් තුළ එවැන්නක් සිදු වුවහොත් දියුණු රාජ්‍යයන්වලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආසියාතික සහ අප්‍රිකානු රාජ්‍යයන්වලට ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇති.

++++++++

යුක්‍රේනයේ වරාය නගරයේ පිපිරීම්

(24.02.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

අද (24) අලුයම 03:30 ට පමණ රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වරාය නගරයේ මෙම පිපිරීම් හඬවල් ඇසුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනයේ මේ වනවිට හදිසි නීතිය ද ක්‍රියාත්මකයි.

මේ අතර, යුක්‍රේනය විසින් එරට තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (24) රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය විසින් සිය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතිනවා.

මේ වනවිට යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ, රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසටයි.

ඒ බව යුක්‍රේනයේ ‘කිව්’ (kyiv) තානාපති කාර්යාලය මගිනුයි නිවේදනය කෙරුණේ.

මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ, සුළු මොහොතක් තුළ දී රුසියාව විසින් පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්‍රේනය තුළ සිදු කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවයි.

මේ හේතුවෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් යුක්‍රේන රජයට රුසියානු ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ මොස්කව් හිතවාදී කලාපයට ඇතුල් වී ඇති අතර, ඔවුන් තවදුරටත් ඉදිරියට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

++++++++

Panic on the streets of Kiev: Terrified residents scramble to flee capital and rush west as air sirens ring out after Ukrainian president declares martial law (dailymail.co.uk)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *