තෙල් හිඟයක් ඇති නොවන බවට සහතික කළ නොහැකියි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

තෙල් හිඟයක් ඇති නොවන බවට සහතික කළ නොහැකියි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

*********************************************

තෙල් හිඟයක් ඇති නොවන බවට සහතික කළ නොහැකියි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

(20.02.2022 – 08:59 +0530 – hirunews.lk/sinhala)

නුදුරු අනාගතයේදී තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඒ, පිවිතුරු හෙළ උරුමයේ කඩුවෙල ආසන ජන සභාව පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (19) බත්තරමුල්ලේදී එක්වෙමින්.

මේ අතර, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් ඊයේ (19) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ අතර, අද (20) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් නෞකාවක්ද දිවයිනට ළඟාවීමට ද නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් පවතින ඉන්ධන හිඟය මග හැරී යනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, බත්තරමුල්ලේ ඊයේ (19) පැවති ජනහමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ තෙල් හිඟයක් ඇති නොවන බවට තවදුරටත් සහතිකයක් ලබාදිය නොහැකි බවයි.

එසේම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් සොයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී ඇති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී වැඩිදුරටත් කියා සිටියා.

++++++++++++

විදුලි සැපයුම යළි අර්බුදයක

(20.02.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

විදුලි උත්පාදනය සඳහා තාප බලාගාරවලට ඉන්ධන සැපයීම දුෂ්කර වී ඇත්තේ ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන ආනයනය කරන බවට දැරූ ස්ථාවරය හේතුවෙන් බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

එම තත්වය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සැපයීමට පෙර සූදානමක් පවත්වා ගැනීම පිළිබඳ ගැටලුසහගත තත්ත්වයක් උද්ගත වී ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

කෙසේ වෙතත් බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් සහ නැප්තා නිකුත් කිරීම ඛනිජතෙල් නීතිගත සංස්ථාව මේ වනවිට ආරම්භකර තිබෙනවා.

එහෙත් විදුලි උත්පාදනයට ඩීසල් නිකුත් කිරීමේදී ගැටලුසහගත තත්ත්වයක් මතුව ඇති බව සඳහන්.

බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ දැනට දිනකට විදුලි උත්පාදනයට ලබාදිය හැක්කේ ඩීසල් මෙට්‍රික් ටොන් දහසක් (1000) පමණක් බවයි.

එම ප්‍රමාණය කැළණිතිස්ස සොජිස්ට් බලාගාරයට ලබාදෙන අතර, ඒ සඳහා තෙල් සංස්ථාවට නෛතික බැඳීමක් ද පවතිනවා.

ඊයේ (19) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (19) ප්‍රකාශ කළේ නුදුරු අනාගතයේදී තෙල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් ඊයේ (19) රාත්‍රියේ දිවයිනට ළඟාවූ අතර අද (20) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් නෞකාවක් ද දිවයිනට ළඟාවීමට ද නියමිතයි.

කෙසේ වෙතත් ඇතැම් ඉන්ධනහල්වල ඩීසල් නොමැතිවීමේ තත්වයක් දක්නට ලැබුණු අතර, පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර හෙට (21) දිනය වනවිට යළිත් වරක් විදුලි ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව පවතින වාතාවරණය මත යම් කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.

එසේ වුවත් මහජන උපයෝගීතා කොමිසන් සභාව වරින් වර පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම තුළින් පසුගිය සතිය වනවිට එම කොමිසන් සභාවේ කාර්යභාරය පිළිබඳව මතුවී ඇත්තේ ප්‍රශ්නකාරී තත්වයක්.

පසුගිය සතිය ආරම්භයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළද පසුව පැයකුත් (1) මිනිත්තු 45 ක දෛනික කප්පාදුවක් සිදු කළා.

කෙසේ වෙතත් ඊයේ (19) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවූ අතර, අද (20) දිනයේද කප්පාදුවක් නොකරන බවයි එම කොමිසන් සභාව කියා සිටියේ.

++++++++++++

තවත් චක්‍රලේඛයක් හෙට (21) එළියට

(20.02.2022 – 16:46 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් වන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ නව චක්‍රලේඛය හෙට (21) දිනයේදී නිකුත් කෙරෙනු ඇති.

මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලබන්නේ මේ දිනවල රට තුළ හටගෙන ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බලාගාර වෙත අවශ්‍ය තෙල් පහසුකම් ලබාදීමේ නොහැකියාව මතයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ, ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල දෛනික ඉන්ධන සහ විදුලි භාවිත කිරීම යම් මට්ටමකට පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි ෴

++++++++++++

හෙට (21) විදුලි කප්පාදුවක්

(20.02.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) දිනයේ දකුණු පළාතට පමණක් පැයක (1) හෝ පැය එකහමාරක (1½) විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිත හා මුදල් සොයා ගැනීම හේතුවෙන් හෙට (21) දිනයේ සෙසු ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියා.

මීට පෙර හෙට (21) දිනයේ පැය 4 කට වඩා වැඩි විදුලි කප්පාදුවක් සිදුකළ යුතු බවට වාර්තා වී තිබුණා.

++++++++++++

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය ගැන විශේෂ චක්‍රලේඛයක් හෙට (21)

(20.02.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන හා විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට අදාළ රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් නව චක්‍රලේඛයක් හෙට නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර, ඉන්ධන නොමැති වීම හේතුවෙන් බලාගාර කිහිපයක් ක්‍රියාත්මක නොවන පසුබිමක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ විදුලි උත්පාදනය සඳහා තාප බලාගාරවලට ඉන්ධන සැපයීම ගැටලු‍කාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඔහු සඳහන් කළේ, විදුලි බල අමාත්‍යාංශය අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන ආනයනය කරන බවට දැරූ ස්ථාවරය හේතුවෙන් මෙම ගැටලු‍ව මතු වූ බවයි.

මේ අතර, අදත් (20) කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකා 05 ක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

එක් නෞකාවකින් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ඉන්ධන තොගයක් රැගෙන එන අතර, සභාපතිවරයා පැවසුවේ ඒ අනුව මේ වනවිට පවතින ඉන්ධන හිඟය ඉදිරියේදී පහව යනු ඇති බවයි.

මුදල් ගෙවීමේ පදනම මත ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට සූදානම් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, මෙරට දෛනික ඉන්ධන ඉල්ලු‍ම මෙට්‍රික් ටොන් 5,500 ත් 6,000 ත් අතර මට්ටමක පවතින නමුත් පසුගිය සිකුරාදා දිනයේදි එහි ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් මෙට්‍රක් ටොන් 9,500 ක් ලෙස දැක්වුණා.

විදුලිබල මණ්ඩලය පැවසුවේ, අද (20) දිනයේදී විදුලිය ඉල්ලු‍ම මෙගාවොට් 2370 ක් ලෙසට ඇස්තමේන්තු කර ඇති බවයි.

සපුගස්කන්ද ඒ සහ බී. බලාගාර, කැලණිතිස්ස, කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් ඇතුළු බලාගාර කිහිපයක් ඉන්ධන නොමැතිව අක්‍රීය වී තිබීම හේතුවෙන් අද (20) දිනයේ ජාතික පද්ධතියට මෙගාවොට් 563 ක් අහිමි වී ඇති බවයි මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අද (20) විදුලි ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් මතු නොවනු ඇති බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

අද (20) පැවති රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අතරතුර විදුලිය විසන්ධී වීම හේතුවෙන් ඊට පැමිණි පිරිස දැඩි අපහසුතාවට පත්වීමේ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ අතර, රාජ්‍ය ආයතනවල විදුලිය හා ඉන්ධන අරපරිස්සමින් භාවිත කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසුවේ, හෙට (21) දිනයේදී අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවයි.

++++++++++++

පැය තුනක (3) විදුලි කප්පාදුවක්

(20.02.2022 – 21:18 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව හෙට පෙ.ව. 08:30 ත් ප.ව. 07:30 ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා.

දකුණු පළාතේ පමණක් පෙ.ව. 08:30 – ප.ව. 04:30 අතර පැය තුනක (3) විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියේ.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා හදිසි මර්දන ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළට

(20.02.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළගා වුවහොත් මුහුණු ආවරණ නොපැළඳ සිටීමට සහ උත්සව පැවැත්වීමට අවසර ලබාදෙමින් රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

තවත් කොරෝනා ආසාදිතයන් 1,273 ක් ඊයේ (19) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,35,606 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,969 ක් දක්වා ඉහළ ගියේ තවත් කොරෝනා මරණ 20 ක් ඊයේ (19) වාර්තා වීමත් සමගයි.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට කොරෝනා මර්දන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පහසුකම් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, එන්නත්කරණයේ සාර්ථකත්වය සමග හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සාපේක්ෂ අඩුවීමක් නිරීක්ෂණය වන බවයි හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කළේ ෴

++++++++++++++

සංකූලතා ඇත්නම් තවදුරටත් වෛද්‍ය උපදෙස් ලබාගන්න – සෞඛ්‍ය අංශ

(20.02.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් දින හතකින් (7) පසුවද සංකූලතා පෙන්වන්නේ නම් තවදුරටත් විවේකගත යුතු බව නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසනවා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් දින හතක (7) නිවෙස් නිරෝධායනයෙන් පසුව ද සංකූලතා පෙන්වන්නේ නම් තවදුරටත් විවේකගත යුතු බව නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ කොරෝනා වසංගතයේ දරුණු තත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත්තේ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන් බවයි.

මේ අතර ඊයේ (19) දිනයේදී ද පුද්ගලයන් 79,164 දෙනෙකුට බූස්ටර් හෙවත් ‘වර්ධක එන්නත් මාත්‍රාව’ ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙරට වර්ධක එන්නත් මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 64,62,786 දක්වා ඉහළ ගියා.

++++++++++++++

කොරෝනා ආසාදිතයින් 227 ක් සුවයට

(20.02.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 227 දෙනෙකු අද (20) දිනයේ දී සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,97,118 ක්.

තවදුරටත් මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 22,519 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++

තවත් කොරෝනා මරණ 25 ක්

(20.02.2022 – 17:58 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 25 ක්මෙ රටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,994 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 1,231 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,36,883 ක් ෴

++++++++++++++

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මුහුණු ආවරණ නොපැළඳ සිටීමට අවසර

(20.02.2022 – 19:49 +0530 – hirunews.lk/sinhala)

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ නොපැළඳ සිටීමට මෙන්ම උත්සව පැවැත්වීම ඇතුළු රට මුළුමනින්ම විවෘත කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වි ශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර, ඇතැම් විට එකම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය අවස්ථා කිහිපයක දී ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

එමෙන්ම, නව කොරෝනා ආසාදිතයින් 1231 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ 6,36,837 ක් දක්වායි.

නව මරණ 25 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,994 ක් දක්වා ඉහල ගියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *