විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක්

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක්

*********************************************

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක්

(18.02.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවය අනුව බූස්ටර් එන්නතෙන් පසු සිවුවැනි (4) කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

විවිධ රටවල පවතින නීතිරීති අනුව විදෙස්ගත වන මෙරට ශ්‍රමිකයින්ට ගැටලුවකින් තොරව විදෙස් ගතවීම සඳහා බූස්ටර් එන්නතෙන් පසු තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ යම් පුද්ගලයෙකුට උණ රෝගී තත්ත්වයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ලොව පුරා තුන්වන (3) කොරෝනා රැල්ලකට හේතුවූ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය අඩුවෙමින් පවතින බවයි.

එහි තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් සඳහන් කළේ, ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා තරම් දරුණු නො වූවත්, නොසළකා හැරිය හැකි ප්‍රභේදයක් නොවන බවයි.

විශේෂයෙන් බී ඒ දෙක (BA2), නැමති ඔමික්‍රොන් අනුප්‍රභේදය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන අතර, එය, බී ඒ එක (BA1) ප්‍රභේදයට වඩා රෝගය අසාධ්‍ය කිරීමට හේතුවන්නේද යන්න පිළිබඳ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙනවා. ලොව පුරා දැන් වාර්තාවන සෑම කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකු (5) ගෙන් එක් (1) අයෙකුම බී ඒ දෙක (BA2) ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන්.

එමෙන්ම පසුගිය සතිය තුළ ලොව පුරා කොරෝනා මරණ 75,000 ක් වාර්තාවූ බවයි ලෝක සෞඛය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් සඳහන් කළේ.

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1282 ක්

(18.02.2022 – 18:49 +0530 – hirunews.lk/sinhala)

අද (18) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1282 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,34,333 ක් ලෙසටයි.

සටයි. මෙම ආසාදිතයන්ගෙන් 21,745 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,96,639 ක්.

ඒ අද (18) සුවය ලැබූ ආසාදිතයන් 310 ත් සමගින්.

මේ අතර මෙරටින් අද (18) වාර්තා කළ කොරෝනා මරණ 23 ද සමග මරණ 15,949 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++

ආණ්ඩු පක්ෂයේ තවත් මහජන නියෝජිතයෙකුට කොවිඩ්

(18.02.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

අද (18) දින සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුවයි මන්ත්‍රීවරයා හට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරයා නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති අතර, ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් ද සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවට ද තොරතුරු වාර්තා වනවා.

මන්ත්‍රී අකිල එල්ලාවල යනු රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාව ලද නවක මන්ත්‍රීවරයෙක්.

මේ වනවිට පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් 60 ක් පමණ කොරෝනා ආසාදිතයින් බවට පත් වී තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින්ට මෙන්ම විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු ද වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඒ අතර, කථානායක මහින්ද යපා අබේවර්ධන, හර්ෂණ රාජකරුණා, ලසන්ත අලගියවන්න,සම්පත් අතුකෝරාළ, රෝහිණී කවිරත්න ආදී මැති සබය දිනෙන් දින උණුසුම් කරන දේශපාලනඥයින් රැසකට වෛරසය ආසාදනය වුණා.

පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුර නොතකා ඉදිරි සතියේදී සම්පූර්ණ සතියක් පුරාවට සැසිවාරයක් පැවැත්වීමටයි, ඊයේ (17) රැස්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් තීරණය කළේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ, ලබන සතියේ දින හතරක සභා වාරයක් පැවැත්වීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇති බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

‘රට උඩුයටිකුරු කල පාස්කු බෝම්බ මහා කුමන්ත්‍රණය… පසපස ඉන්දියාව..’ හිටපු හමුදා නිලධාරියෙකු රහසිගත තැනක සිට සියල්ල හෙලි කරයි..

(19.02.2022 – 10:00 +0530 – lankacnews.com)

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සිටින බව ගුවන් හමුදාවේ හිටපු සෙබළෙකු වන කීර්ති රත්නායක මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදු කරමින් ජේෂ්ඨ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රචිත ‘චෞර රැජිණ’ කෘතිය පිටුපස සිටින්නේ සිල්-බැ පක්ෂ-රාජ බවද ඔහු විසින් හෙළිදරව් කර තිබේ.

පසුගියදා ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව ඔහු තොරතුරු හෙළි කළ අතර ඒ පිටුපස පසුගිය ජනාධිපතිවරණය අවස්ථා දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් කටයුතු කළ සිල්-බැ පක්ෂ-රාජද හිතවත් මුස්ලිම් ජාතිකයෙකු සිටින බවට ද ඔහු හෙළිකරයි.

Daily mirror යුධ පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම පිළිබඳවද අදහස් පළකරන ඔහු, පවසන්නේ ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමක් හේතුවෙන් තමා විසින් මෙලෙස ඔහුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවයි.

තමන්ට ඉක්බාල් අතාස් මහතා සමඟ පුද්ගලික අමනාපයක් නොතිබූ බව පවසන රත්නායක මහතා කිසියම් පුද්ගලයකුගේ ඉල්ලීමට අදාළ සිද්ධියට තමා සම්බන්ධ වූ බවද පවසයි.

යුද්ධය පැවති කාලසීමාවේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් රහසිගත ඒකකයකට අනුයුක්තව තමන් කටයුතු කළ බවද ඔහු පවසන්නේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ද අනාවරණය කරමින් වීම විශේෂත්වයක්.

රහසිගත ස්ථානයක සිට අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය සිදුකර ඇත.

***************************************

බිලියන ගානක දේපල හොරාකන්න ලලිත් කොතලාවල මරාදැමීමේ කුමන්ත්‍රණයක් (18.02.2022)

https://www.youtube.com/watch?v=6g7jQ5WxfuM

***************************************

මැයි මාසයෙන් පසු සුඛෝපභෝගී වාහන ටයර් හිඟයක්

(19.02.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් හිඟයේ බලපෑම හේතුවෙන් ලබන මැයි මාසයෙන් පසු ඇතැම් සුඛෝපබෝගී වාහන වර්ගවල ටයර් හිඟයක් ඇති විය හැකි බව ටයර් ආනයනකරුවන් පවසනවා.

මේ වන විට වෙළඳපලේ ආනයනික ටයර්වල හිඟයක් නොපවතින නමුත් ඇතැම් කළු කඩ වෙළඳුන් හිඟයක් මවා පා ටයර් මිල ඉහළ නැංවීම අනුමත නොකරන බවයි, ආසියානු ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා ප්‍රකාශ කළේ.

මෙරට තුළ වාහන අසූ තුන් ලක්ෂ තිස් එක්දහසක් (83,31,000) පවතින අතර සමස්ථ ටයර් අවශ්‍යතාව තිස් එක් ලක්ෂ දහඅට දහස් පන්සියයක් (31,18,500).

ඉන් දහඅට ලක්ෂ පනස් පන්දහසක් (18,55,000) මෙරට තුළ නිෂ්පාදනය කරන අතර දොලෙස් ලක්ෂ හැට තුන්දහස් පන්සියයක් (12,63,500) ආනයනය කරන බව ආසියානු ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆෝන්සේකා සඳහන් කලා ෴

***************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ අවසන් වාර්තාව ගැන ඕස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායම සමඟ වැඩමුළුවක්

(19.02.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ හානිය පිළිබඳ මෙරට විද්වත් කමිටුව විසින් සකස් කළ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායම සමඟ වැඩමුළුවක් පැවැත් වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපතිනී නීතීඥ දර්ශණී ලහදපුර සඳහන් කළේ, පසුගිය දා පැවති මෙම වැඩමුළුවේ දී අවසන් වාර්තාවේ සිදු විය යුතු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව තවත් මාස කිහිපයකින් අවසන් වාර්තාව ඉදිරිපත් කෙරෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, නාවික අනතුරු වැලැක්වීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටු වීම සඳහා විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු පාරිසරික සහ දේශගුණික විපර්යාස අංශය, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ බහුපාර්ශවික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අදාළ සාකච්ඡාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියෙන් අනතුරුව, සමුද්‍ර විපත් කළමණාකරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු අත්දැකීම් තුළින් කරුණු අධ්‍යයනය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

එහිදී සමුද්‍ර හානි වලක්වා ගැනීම සඳහා සූදානම් වීමට මෙරටට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැකියාවන් ගොඩනැංවීම පිණිස තම රජය සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ මොහාන් සිල්වා ඊයේ (18) එහි ගොස් තිබෙනවා.

එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නැව ගිනිගැනීම හේතුවෙන් විසිරුණු භාණ්ඩ ඉවත් කර අවසන් වූ වහාම නැව ඉවතට ගෙන යාම අදියර කිහිපයක් යටතේ ක්‍රමානුකූලව සිදු කෙරෙන බවයි.

එමෙන්ම නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවූ හානිය සඳහා මෙරට මුදලින් රුපියල් බිලියනයක පමණ වන්දියක් මේ වනවිට ලැබී ඇති අතර, අනෙකුත් වන්දි මුදල් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ ෴

***************************************

සුව ඇමතිගේ සාකච්ඡාවෙන් පසු වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

(19.02.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් අනිද්දා (21) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ (18) පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්.

ජාතික වැටුප් කොමිෂන් සභාවට පරිබාහිරව ජාතික ප්‍රතිපත්තියකින් තොරව රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම, වැටුප් විෂමතා ගැටලු සහ ස්ථාන මාරුවීම් ගැටලු ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා ෴

***************************************

පරණ වී ගත්ත නිලධාරීන් දෙදෙනෙකු (2) ඇමති නියමයෙන් වැඩ තහනමට

(19.02.2022 – 10:33 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 2 ක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධාන වල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඇරඹුණා.

ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙලි වුනේ අදාල වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සදහා යොදාගැනෙන ඉතාමත් පරණ වී බවයි.

අදාල නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදුකළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කලමණාකාරවරියගේ සේවය, කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරුණා.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම (2) එදිනම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද භාර දී තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන්ද පරීක්ෂණයක් සිදුකෙරෙනවා ෴

***************************************

රිය අනතුරු අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – ශ්‍රී ලංකා පොලිසිය

(19.02.2022 – 11:54 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන්නන්ට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අවිනීත රියදුරන් මෙරට රිය අනතුරු ඉහළ යාමට හේතුවී ඇති බවයි.

පසුගිය වසරේදී රිය අනතුරු 22,000 ක් වාර්තා වී ඇති අතර, ඉන් මියගිය පුද්ගලයින් ගණන 2,470 ක්.

එහිදී පුද්ගලයින් 14,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රිය අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ව්‍යායාම කිරීමේදී මාර්ගය භාවිත නොකර ඇවිදින මංතීරු සහ ක්‍රීඩා පිට්ටනි භාවිත කරන ලෙසටද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියා.

***************************************

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට

(19.02.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අද (19) අලුයම යාපනය – කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වන මුහුදු තීරයේදියි.

ඉන්දීය ධීවරයින් හා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා සිදු කරන මුර සංචාර අතරතුරයි මෙම ධීවර පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

පෙබරවාරි මාසය තුළ මේ දක්වා මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවූ ඉන්දීය ධීවර යාත්‍රා හයක් සහ ධීවරයන් 29 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

රඟපෑම් නවත්තන්න ජනතාවට ඇත්ත කියන්න – චන්දිම වීරක්කොඩි

(19.02.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අර්බුදය, විදුලි කප්පාදුව සහ රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් (19) පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *