ඉන්දියානු සමාගමට ත්‍රිකුණාමල තෙල් ටැංකි දුන්නා වගේම කන්තලේ සීනි ෆැක්ටරියත් ඉන්දියානු සමාගමකට දෙන්න කැබිනට් අනුමැතිය දීලා – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර

ඉන්දියානු සමාගමට ත්‍රිකුණාමල තෙල් ටැංකි දුන්නා වගේම කන්තලේ සීනි ෆැක්ටරියත් ඉන්දියානු සමාගමකට දෙන්න කැබිනට් අනුමැතිය දීලා – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර

*********************************************

ඉන්දියානු සමාගමට ත්‍රිකුණාමල තෙල් ටැංකි දුන්නා වගේම කන්තලේ සීනි ෆැක්ටරියත් ඉන්දියානු සමාගමකට දෙන්න කැබිනට් අනුමැතිය දීලා – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර

(16.02.2022 – 09:13 +0530 – lankaleadnews.com)

වත්මන් ආණ්ඩුව පසුගිය යහපාලන ආණ්ඩුවට කළ නොහැකි වූ දේශද්‍රෝහී ක්‍රියා මහජනයාට හොර රහසේ ක්‍රියාත්මක කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඊයේ(15) කොළඹදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු අයි.ඕ.සී. සමාගමට පවරා දුන් ආකාරයටම කන්තලේ සීනී කර්මාන්තශාලාව සතු ඉඩම් ද තවත් ඉන්දියානු සමාගමකට පවරා දීමට කටයුතු සලසා ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ භාණ්ඩාගාරයේ නිළධාරින්, ඇතැම් පරිපාලන නිලධාරින් සහ අධිකරණ අමාත්‍යාංශය මේ දේශද්‍රෝහී ක්‍රියාවලියේ නිරත වෙමින් සිටින බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් :

+++++

***************************************

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටත් මංගල සමරවීර සහොනේ සිටත් ඔවුනගේ අරමුණු මේ ආණ්ඩුව ඉෂ්ඨ කරන ආකාරය බලාගෙන ඉන්නවා – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

(16.02.2022 – 12:41 +0530 – lankaleadnews.com)

ඊයේ(15) කොළඹ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින්, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව පවසා සිටියේ රනිල් වික්‍රමසිංහගේ සහ මංගල සමරවීරගේ නායකත්වයෙන් යුතුව රැගෙන ආ ‘රීගේනින් ශ්‍රී ලංකා’ වැඩසටහන 69 ලක්ෂයක ජනයාගේ ඡන්දය අරගෙන බලයට පත්වූ මේ ආණ්ඩුව ක්‍රියාත්මකවන ආකාරය දෙස ඔවුන් දෙදෙනා උපහාසයෙන් යුතුව බලා සිටින බවයි. මංගලලාගේ අපේක්ෂාව වූ සමනල සමාජයේ කටයුතුත් රනිල්ගේ රට විනාශ කිරීමේ ආර්ථික ප්‍රතිපත්තිත් ඉතා අපූරුවට ඉෂ්ට කරන්නේ ගම්මන්පිලලාගේ උදව් පදව් ඇතිව බවද පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් :

***************************************

වෛද්‍ය සංගමයේ මධ්‍යම කාරක සභාව හෙට (17) රැස්වෙයි

(16.02.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අත්තනෝමතික ලෙස විවිධ ක්ෂේත්‍රවල වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (17) සිය මධ්‍යම කාරක සභාව රැස්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය කියා සිටියේ, එහි දී ගන්නා ඕනෑ ම තීරණයක් ඒකමතික ව සම්මත කිරීමට සූදානම් බවයි.

මේ අතර, දින 9 පුරා අඛණ්ඩ ව පැවැති සෞඛ්‍ය වර්ජනය අවසන් කර අද (16) පෙරවරු 8 සිට යළි සේවයට වාර්තා කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළා ෴

***************************************

මතුගම දී තිදරු මවක් වෙඩි තබා ඝාතනය කෙරෙයි

(16.02.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මතුගම – බාලිකා පාර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් තිදරු (3) මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් ඇය සිටි නිවසට පැමිණ ඊයේ (15) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ 38 හැවිරිදි කාන්තාවක්.

ඇය සිය සැමියා සහ දරුවන් සමඟ සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) එක් වරම නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා සහ දරුවන් කාමරයකට ගොස් දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට යි දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 6 ක් ද සොයාගෙන තිබුණා.

පාතාල සාමාජිකයෙකු වූ ‘මතුගම ශාන්’ නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එය කොන්ත්‍රාත්තුවක් මත කළේ ද යන්න පිළිබදව පොලීසිය දැනට සැක පළ කරනවා.

***************************************

නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(16.02.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (15) වැනි දින වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී ‘ප්‍රින්සස් ගේට්’ යන ස්ථානයේ දී නීති විරෝධී ලෙස තීරුබදු නො ගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගත් බව වාර්තා වෙනවා.

රුපියල් 63,000 ක පමණ වටිනාකමකින් යුතු දුමිවැටි 9,400 ක් සන්තකයේ තබාගෙන සිටි මොහු, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයෙක්

වැඩිදුර විමර්ශන කටයුතු කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

ගල්කිස්සේ පාසල් සිසුවියක් අතුරුදන්

(16.02.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – පීරිස් පාර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසනවා.

පසුගිය 13 වන දා සිට ඇය මෙලෙස අතුරුදන් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකට ද පැමිණිලි ගොනු කර ඇති බවයි ඔවුන් සදහන් කළේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේ බාලිකා පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවියක්.

අතුරුදන්ව සිටින දැරියගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, දේවස්ථානය වෙත යාම සඳහා සූදානම්ව සිටිය දී ඇය අතුරුදන් ව ඇති බවයි.

***************************************

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

(16.02.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල – ලියන්ගහවෙල – පෙරමස්අරාව ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඊයේ (15) මෙම පුද්ගලයා සිය එළවළු වගා බිමට යමින් සිටිය දී මෙම අනතුරට ලක් ව ඇති අතර, අනවසර විදුලි රැහැන ඇටවූ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 47 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් ෴

***************************************

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

(16.02.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala)

යාපනය – පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 818 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකාය ඊයේ (15) එක්ව සිදුකළ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ ප්‍රදේශවල පදිංචි, 23 සහ 33 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

සහරාන්ගේ බිරිඳ CIDයට

(16.02.2022 – 11:51 +0530 – hirunews.lk/sinhala)

අධිකරණය ලබාදුන් අවසරය අනුව, සහරාන්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6 ක ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය ඉකුත් 10 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට අදාළව කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

නඩුව යළි මාර්තු 04 වනදා කැඳවනු ඇති.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දක්වමින් සඳහන් කළේ 2019 ජනවාරි 16 වනදා වනාතවිල්ලුව අවි පුහුණු ස්ථානය සහ අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව සහරාන්ගේ බිරිඳගෙන් නිලධාරින් 5 දෙනෙකු පමණක් ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවයි.

විමර්ශන අනුව එදිනම රාත්‍රියේ සහරාන් පැමිණ බිරිඳ සහ පුලස්තිනි නොහොත් සාරා ජෙස්මින් කැටුව ගොස් තිබූ බව අනාවරණ වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ හඹායාම් සිදු කිරීමට එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් උපදෙස් ලබා දුන්නේ නම් සහරාන් එදිනම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ.

සහරාන් අත්අඩංගුවට ගත්තේ නම් අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බව ද එහිදී ප්‍රකාශ වුණා.

ඉදිරි විමර්ශන පිලිබඳ පැහැදිලි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව, පෙබරවාරි 12 වනදා සිට 25 වනදා තෙක් ඊට අවසර ලබාදීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි විජේතුංග නියෝග කළා.

මේ අතර, වඳ සැත්කම් කළ බවට වන චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට, හිඟ වැටුප් හා දීමනා ලබාදෙන ලෙස නියම කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ගොනුකළ රීට් පෙත්සමක්, සලකා බැලීම සඳහා ලබන 17 කැඳවීමට අභියාචනාධිකරණය නියම කළා.

ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ මෙම පෙත්සම සහ ඊට අදාළ ලියකියවිලි තමන්ට ඊයේ (15) දිනයේ ලැබුණු බැවින් ඒවා අධ්‍යයනය කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි ෴

***************************************

ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ දෙදෙනෙකු (2) අත් අඩංගුවට

(16.02.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

නාඋල නගරයේ ස්ථාන දෙකක (2) දි ගංජා මිශ්‍ර මත් ගුළි (මදන මෝදක) 275 ක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (15) නාඋල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒක (1) සැකරුවෙකු ගංජා මිශ්‍ර මත්ගුළි 25 ක් සහිත පැකට්ටුවක් සමඟ හා අනෙක් (1) සැකකරු ගුලි 25 බැගින් අඩංගු පැකට් 10 ක් සහිතව නාඋල නගරයේ සිටියදි යි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් භාරයට පත් වූ ගංජා මිශ්‍ර මත් ගුලිවල බර කිලෝ ග්‍රෑම් තුනක් (3) වන බව ද පොලිසිය පවසනවා.

ආයුර්වේද කොමසාරිස් වරයෙකුගේ අවසර පත්‍රයක් නොමැති ව මෙම මත්ගුලි සන්තකයේ තබාගැනිම, සැකරුවන්ට එරෙහි චෝදනා බව පොලිසිය සඳහන් කරනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, නාඋල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 40 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් (2).

සැකරුවන් නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කෙරෙනු ඇති ෴

***************************************

යහපාලනයෙන් ගෙන්වූ දුම්රිය මැදිරිවල ගැටලුවක්

(16.02.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩුව සමයේ මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ තොරතුරු සාවද්‍ය බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා.

යහපාලන ආණ්ඩුව සමයේ මෙරටට ඇණවුම් කරන ලද දුම්රිය මැදිරි 160 කින් මේ වන විට ගෙන්වා ඇත්තේ දුම්රිය මැදිරි 120 ක් පමණක් බවත් ඉන් ධාවනයට එක් කර ඇත්තේ මැදිරි 40 ක් බවත් හෙළි වුණේ ඊයේ (15) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදියි.

එහි දී අදාළ දුම්රිය මැදිරිවල පවතින තාක්ෂණික දෝෂ නිවැරදි කර වහා ම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම රැස්වීමේ දී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළ කරුණු සාවද්‍ය බවයි කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම දෙමටගොඩ දුම්රිය අංගනයේ ඇති අදාළ දුම්රිය මැදිරි නිරීක්ෂණය කරනු ලැබු අතර එම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ද එක්ව සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *