චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක්

චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක්

*********************************************

චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක්

(14.02.2022 – 06:21 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද (14) අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද (14) අළුයම පැමිණි සිව් (4) දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිරු ප්‍රවෘත්ති වෙත පවසා සිටියේ.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට මුදිත සමරවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.

ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බව ඔහු පවසා සිටියා.

මේ සිද්ධි සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

‘හිරු ටීවී පත්තරේ විස්තරේ’ සහ ‘සලකුණ’ සංවාදාත්මක දේශපාලන වැඩසටහනෙහි ප්‍රධාන පූරක ලෙස ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම එම වැඩසටහන් වලට ඉදිරිපත් වන දේශපාලඥයින් සහ අනෙකුත් බලධාරීන් දැඩි සහ සෘජුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින රූපවාහිනි දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

++++++

පාන්දර 02:10 ට විතර විශාල ශබ්දයක් ඇහුණා, ඒකට මමයි, චමුයි, බබයි තුන්දෙනාම ඇහැරුනා. චමුදිත ගේ බිරිඳ කියන කතාව.

(14.02.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

අද (14) අළුයම 02:10 ට පමණ ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පදිංචිව සිටින පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වුණා.

සුදු වෑන් රථයකින් පැමිණි සිව් (4) දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවයි මේ දක්වා සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අද (14) අළුයම් කාලයේ තමන් මුහුණ ඒ දුන් බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම ගේ ආදරණීය බිරිඳ වන හිරන්ති සමරවික්‍රම ‘හිරු ටීවී’ වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්…

“පාන්දරට දෙකත්, දෙක හමාරත් අතර අපි නිදියගෙන ඉන්නකොට ලොකු සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්කම අපි තුන් තුන්දෙනාම – මමයි, චමුදිතයි, බබායි ඇහැරුනා. ඊට පස්සේ අපි පල්ලයහට යන්න චුට්ටක් බයෙන් හිටියේ. හොරු කියලයි අපිට මුලින්ම ‘අයිඩියා’ එක එන්නේ. ඊට පස්සේ එළියෙ ලයිට් දැම්මා. ඊට පස්සේ චමුදිත කිව්වා පොඩ්ඩක් පල්ලහට යන්නැතුව ඉන්න කියලා. ලොකු සද්දයක් ආවා ඒ සද්දෙ මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් ලොකු සද්දයක්.”

ප්‍රශ්නය – කීදෙනෙක් දෙනෙක් විතර ආවා ද? ඔවුන් දැක්කද? කවුරුහරි?

“නෑ අපි කිසි කෙනෙක් දැක්කේ නැහැ. අපි පල්ලෙහාට ගියෙත් නෑ. එළියෙන් බලනකොට කිසි දෙයක් පෙනුනෙ නෑ. මොකද ලයිට් එළිය නැති නිසා. අපි කිසි දෙයක් එහෙම දැක්කේ නෑ. පල්ලෙහාට ගිහිල්ලා කැමරා එකෙන් බලනකොට තමයි තුන්දෙනෙක් (3) ඇවිල්ලා හිටියා කියලා දැක්කේ. තව එක්කෙනෙක් (1) සෙකියුරිටි එකේ තියලා එයාව බය කරලා තිබ්බලු. එයාට එන්න දීලවත්, එහෙම නැත්තං අපට කතා කරන්න වත් දීලා නෑ, එයා අපිට කවුරු හරි එනවනං එතනින් දැනුවත් කරනවා, එන්න කලින්. පස්සේ අපි සෙකියුරිටි එකට ගත්තට පස්සේ තමයි එයා කිව්වේ මෙහෙම හතරදෙනෙක් (4) ආවා එක්කනෙක් මා ගාව හිටියා කියලා. තුන්දෙනෙක් ආපු බව පේනවා හැබැයි ඔක්කොම කළු පාට ජැකට් දාලා, ෆුල් ෆේස් හෙල්මට් දාලා හිටියෙ. තවම ‘අයිඩෙන්ටිෆයි’ (identify) කරගන්න අමාරුයි කවුද කියලා…”

මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට ඇය වැඩිදුරටත් කියා සිටියා.

ඊට අමතරව තමන්ට වෙඩි ශබ්දයක් වැනි යමක් ද ඇසුණු බවයි හිරන්ති සමරවික්‍රම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

ඉන්පසු සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන් බවත් ඒ අනුව පිලියන්දල පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඇය පැවසුවා.

‘හිරු ටීවී පත්තරේ විස්තරේ’ පුවත්පත් විශේෂාංගය සහ ‘සලකුණ’ සංවාදාත්මක දේශපාලන වැඩසටහනෙහි ප්‍රධාන පූරක ලෙස ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම එම වැඩසටහන් වලට ඉදිරිපත් වන දේශපාලඥයින් සහ අනෙකුත් බලධාරීන් දැඩි ලෙස සහ සෘජුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින රූපවාහිනි දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ෴

+++++++

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සෙවීමට පොලිස් කණ්ඩායම් තුනක් (3)

(14.02.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ටී.වි.’ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් (3) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ විමර්ශන කණ්ඩායම් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

‘හිරු ටී.වී.’ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල – ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ අද (14) අලුයම් කාලයේදියි.

ඇසින් දුටු සාක්ෂි සඳහන් කළේ, ගිනි අවි පෙන්වා එම පිරිස නිවාස සංකීර්ණයට ඇතුලු වී ඇති බවයි.

අද (14) අලුයම 02:10 ට පමණ අදාළ නිවාස සංකීර්ණයට වැගන්-ආර් වර්ගයේ සුදු පැහැති වෑන් රථයකින් මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ තිබෙනවා.

ඔවුන් ආරක්ෂක අංශයට තර්ජනය කර නිවාස සංකීර්ණයට ඇතුළු වී හිරු ටීවී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාර එල්ල කර ඇති අතර, එමඟින් නිවසේ ජනෙල්වලටද හානි සිදු වුණා.

සිදු කෙරෙන විමර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, පිළියන්දල සහ කැස්බෑව පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් කැඳවා තිබෙනවා.

ඊට අමතරව ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, ඇඟිලි සළකුණු ලබාගන්නා නිලධාරීන්, නිල සුනඛයන් මෙන්ම දුරකථන කුලුණු වාර්තා ද ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට යි නියමිත ව ඇත්තේ.

මේ අතර නාඳුනන කණ්ඩායම නිවාස සංකීර්ණයට පැමිණෙන බව දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන ද මේ වනවිට නිකුත් වී තිබෙනවා.

‘හිරු ටී.වී.’ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසේ සවි කර ඇති සී.සී.ටී.වී. දර්ශනවලට අමතර ව අදාළ පුද්ගලයින් පැමිණි ගමන් මාර්ගය සොයාගැනීමෙන් අනතුරුව අනෙකුත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ද පරීක්ෂා කිරීමට යි නියමිත ව ඇත්තේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් 077 032 2821 ඔස්සේ ‘හිරු සී.අයි.ඒ.’ වෙත ඔබට දැනුම්දිය හැකි යි.

++++++

ජනමාධ්‍ය ඇමතිගෙන් පොලිස්පතිට දැනුම් දීමක්

(14.02.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

HIRU TV ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.

එසේ ම මෙම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ, ඔහුට අවශ්‍ය ඕනෑ ම සහයෝගයක් ලබාදීමට විපක්ෂය වෙනුවෙන් නොපැකිලිව ඉදිරිපත් වන බවයි.

මෙම නින්දාසහගත මැර ප්‍රහාරය පිළිබදව විනිවිදභාවයෙන් යුත්, අපක්ෂපාතී, සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වී සිටින සියලු දෙනාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *