ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය : විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම්
ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය : විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම්
(11.05.2026 – hirunews.lk)
ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේයි.
රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය අප්‍රේල් මස 09 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර, ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ දරු ප්‍රසූතියකදී බිළිඳෙකු මියගොස් තිබුණා.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැත්වූ මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ, එස්. තිලක්ෂිකා නමැති මවගේ ප්‍රසූතිය සම්බන්ධයෙන් සූතිකාගාරයේ සිට අවස්ථා හයකදී (6) දුරකථනයෙන් දැනුම් දී තිබුණද, අදාළ වෛද්‍යවරුන් දෙදෙනා (2) සූතිකාගාරයට පැමිණ නොමැති බවයි. (#)
මෙම සේවය අත්හිටුවීමට එරෙහිව ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන් අද (11) වැඩ වර්ජනයක නිරත වන බවට රාවයක් පැතිර ගියද, එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සදමාලි සමරකෝන් පැවසුවා.
අද (11) දින රෝහලේ සියලු සායනික හා ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බවද රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙනවා ෴
(# එමෙන්ම අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර තිබේ. – sinhala.adaderana.lk)
+++
+++
+++
+
තර්ජනය කරලා… ජීවිතයක්ද මේ ඉල්ලන්නේ? (11.05.2026)
+
කලවාන රෝහලේ වහලය මතට විශාල බෝ ගහක් කඩා වැටිලා – ලෙඩ්ඩුත් හොඳටම බයවෙලා (11.05.2026)
+
අනේ ටිල්වින් ලොකු සර් ප්‍රින්සිපල්ට සමාව දෙන්න ! (11.05.2026)
+
හරීන් ප්‍රනාන්දු සිරසෙ බොක්සිං වළල්ලට යයි ද ? තරඟය කවදාද ? (11.05.2026)
+
එකෙක් නෙවෙයි ලක්ෂයක් මරලා හරි අපි බලයේ ඉන්නවා… ඒ වුණාට, පැලවත්තෙත් ගෝරිලු නේද? (11.05.2026)
+
දවසට එක වේලක් කන ජේවීපී ප්‍රොපගැන්ඩාවට අහුවෙන්න එපා (11.05.2026)
+
කපිලගේ ඇපයට ව්‍යාජ ඥාතීන් දුන් පුද්ගලයා හෙළිවෙයි! – චීවරදාරී 22ගේ මහමොළකරු අබ්දුල්ලාගේ රහස් හෙළිවේ! (11.05.2026)
+
වසර අග එන ආර්ථික අර්බුදයට සූදානම් වෙන්න (11.05.2026)
+
මාලිමාවට මම බය ඇයි (11.05.2026)
+
අනුර කෙලවගන්න හැම මොහොතෙම ඉදිරියට එන වීරයා මහින්ද රාජපක්ෂ (11.05.2026)
+
අනුරගේ ආණ්ඩුවෙන් ඊළාම්වාදී දෙමළ ඩයස්පෝරාවට සුපිරි තෑග්ගක්! (11.05.2026)
+
කපිලගේ අවසන් දුරකථන සංවාද හෙළිවෙයි | සිරුර අසලින් හමු වූ සැකසහිත දේ මෙන්න (11.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴