*********************************************
අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම ඇරඹේ
(11.02.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)
අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 82,385 ක වී අස්වනු නෙලීම සහ වී මිල දී ගැනීම් මේ දිනවල සිදුවනවා.
2022 පෙබරවාරී 06 වැනිදා වන විට යාවත්කාලීන වූ දත්ත අනුව මේ දක්වා අම්පාර දිස්ත්‍රික්කය තුළ මෙට්‍රික් ටොන් 2367 ක් වී අස්වනු නෙලා තිබෙනවා.
මල්වත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක සම්මන්තුරෛ ප්‍රදේශයේ ගොවි ජනතාව මේ වන විට සිය අස්වනු නෙලමින් පවතින අතර සිය වී අස්වැන්න අළෙවි කිරීමේ කටයුතුත් සිදු කරන ආකාරය දක්නට පුලුවන්.
අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවල ද මේ දින වන ඇත්තේ දැඩි කාර්යබහුල තත්ත්වයක්.
ඒ නිරන්තරයෙන් වී අස්වනු ගබඩා වලට රැගෙන එමින් පවතින නිසා.
මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් කාබනික පොහොර වගාව සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසත්.
“අපි මේ කාබනික ගොවිතැනට කැමතියී. මේක කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියනවා. මේ සැරේ සෑහෙන මහන්සියක් දරලා මේ ගොවිතැන අපි කළා. අපිට මේ ගොවිතැන කියන එක දාලා යන්න බෑ. අපේ වියදම් මට්ටම බේරගන්න බැරි තැන්වලට සමහර තැන් වලට ආවා. ඒ නිසා ඒක කළමණාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් දැන් තියනවා වී මිල වැඩි නිසා”.
“මේ කාබනික පොහොර වලින් කෘමි හානිය අඩු වුණා, ඊලගට වල් පැලෑටි වර්ධනය වීම අඩු වුණා. ඉතිං මේ ගොයමේ හැදිච්ච වී ඇටේ පවා හොදට පිරිලා වී වල වැඩිපුර බරක් තිබ්බා”.
ඒ සේරම කරන්නේ ඉදිරියෙන් කැමරාවක් තියෙන නිසා. මෙය මාධ්‍යයක් – කැමරාවක් නැත්නම් ඔය කවුරුවත් තණකොළ කන්නෙත් නෑ , පිදුරු කන්නෙත් නෑ , ඉරිඟු බඩ කන්නෙත් නෑ, මිනිස්සු පාඩුවේ තමන්ගේ රස්සාව කරගෙන යනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන සහකාර චාමිනී සෝමදාස ද මේ ප්‍රදේශයන් වල වී අස්වනු නෙලීම් සහ වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ මෙලෙසින්.
“මෙවර 2021/22 මහ කන්නය සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 82,385 ක් වගා කටයුතු සිදු කළා. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නිකුත් කරා, ගොවීන් එම කාබනික පොහොර යොදා ගෙන සහ යම් සුළු ප්‍රතිශතයක් රසායනික පොහොර යොදා ගනිමින් ඔවුන්ගේ වගා කටයුතු කර අවසන් කර තිබෙනවා. මේ වන විට දිස්ත්‍රික්කය පුරා අස්වැන්න කැපීම ආරම්භ කර තිබෙනවා. ඇත්තටම සංකල්පයක් විදියට ගත්තහම කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් තුළ ධනාත්මක ප්‍රතිචාරයක් තියෙනවා. නමුත් මෙම කටයුත්ත කිරීමේ දී ගොවීන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා. ඒ බාධාකාරී තත්ත්වයන් ජය ගනිමින් මෙම කන්නය වගා කටයුතු සාර්ථක ඔවුන් සිදු කරලා තියෙනවා”.
අම්පාර දිස්ත්‍රික්කයේ මෙන්ම දිවයිනේ තවත් දිස්ත්‍රික්ක ගණනාවක මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදුවනවා.
***************************************
මොරටුවේ එස්.ටී.එෆ්. මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් 7 දෙනා රිමාන්ඩ්
(11.02.2022 – 15:48 +0530 – hirunews.lk/sinhala)
මොරටුව – එගොඩඋයන – මෝදර – ඉසුරුසිරි මාවතේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (10) රාත්‍රී සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ අද (11) නියෝග කළා.
මෙම මෙහෙයුමේදී 27 හැවිරිදි ‘තෙල්ගේ දිලාන් සමීර පීරිස්’ හෙවත් ‘අබ්බා’ නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර, එම අවස්ථාවේදීයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඊයේ (10) රාත්‍රියේ ඉසුරුසිරි මාවතේ පිහිටි නිවසක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරින් හදිසි පරීක්ෂාවට ලක් කරනු ලැබුවේ එහි මත්කුඩු අසුරමින් සිටින බවට ලද තොරතුරකට අනුවයි.
නිවසේ සී.සී.ටී.වී. කැමරා සවි කර ඒවා නිරීක්ෂණය කරමින් ඔවුන් මත් කුඩු අසුරමින් සිට තිබෙනවා. පසුව සැකකටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී පුද්ගලයෙකු වෙඩි තබා තිබූ අතර, පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා.
එහිදී ‘තෙල්ගේ දිලාන් සමීර පීරිස්’ හෙවත් ‘අබ්බා’ නමැත්තා බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.
මොහු විදේශ රටකට පලාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘පානදුර සළිඳු’ නමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 2 ක් සහ පානදුර – වලාන ප්‍රදේශයේදී තියුණු ආයුධකින් කාන්තාවකගේ අතක් කපා දැමීමේ සිද්ධියකට මෙන්ම, කොල්ලකෑම් 16 ක්, ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඊයේ (10) සිදු වූ වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු ද සුළු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 42 ත් අතර වයස් වල පසුවන වස්කඩුව, මොරටුව, එගොඩඋයන, මෝදර සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෝදර ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
31 හැවිරිදි වියේ පසුවන එම සැකකරුට එරෙහිව අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට අධිකරණයේ නඩුවක් ද විභාග වන බවයි පොලීසිය සඳහන් කළේ ෴
***************************************
දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මව රිමාන්ඩ් – පියා සහ මිත්තණියට ඇප
(11.02.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)
බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මියගිය වයස අවුරුදු 10 ක පමණ වන පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ මව, පියා සහ මිත්තණිය අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී මියගිය දරුවාගේ පියා සහ මිත්තණිය ලක්ෂ 5 බැගින් වූ පුද්ගල ඇප මත මුදා හැරුණු අතර දරුවාගේ මව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත නියෝග කළා.
බඩල්ගම ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් හමා ආ සැකකටයුතු දුර්ගන්ධයක් සම්බන්ධයෙන් අසල්වාසීන් බඩල්ගම පොලිසියට සිදුකළ දැනුම්දීමක් අනුවයි අදාළ විමර්ශනය ක්‍රියාත්මක වූයේ.
එහිදී අදාළ නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවූ බවයි පොලිසිය වාර්තා කළේ.
මේ දරුවා පසුගිය හත්වැනි (07) දා උගුරේ සෙම හිරවීම් රෝගී තත්ත්වයකින් පෙලී තිබෙන අතර දරුවාගේ දෙමව්පියන් විසින් ඔහු කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු කර නොමැති බවයි වාර්තා වන්නේ.
දෙමාපියන් විසින් දරුවා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරනු වෙනුවට කාමරයක තබා ගෙන රෝගය සුව වන තුරු ආගමික යාඥාවන් සිදුකර ඇති අතර දරුවා මියගොස් ඇත්තේ එම යාඥා අතරතුරයි.
ඇමති විමලවීර වියරු වැටෙයි
(11.02.2022 – 21:19 +0530 – hirunews.lk/sinhala)
අම්පාර එරගම ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි නිලධාරීන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක බැණවදින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යෙය් සංසරණය වනවා.
***************************************
පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලියුම් වැටකෙයියා පඳුරක
(11.02.2022 – 16:48 +0530 – hirunews.lk/sinhala)
පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව ඇති වැදගත් ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබී අද (11) පස්වරුවේ පිංවත්ත පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
ස්වර්ණාභරණ උකස් කිරීම් සම්බන්ධ දැනුම් දීම්, විභාග හා බැංකු විස්තර පිළිබඳ දැනුම්දීම් ලිපි, විවිධ බිල්පත් සහ පෞද්ගලික ලිපි ඇතුළු වැදගත් ලිපි ලේඛන 99 ක් මෙහිදී පොලීසිය විසින් සොයා ගත්තා.
අදාළ ලිපි තොගය පළමුව දැක ඇත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින්.
ඉන් පසු ඒ පිලිබඳව පින්වත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටකෙයියා පඳුර අසල තිබූ ලිපි සිය භාරයට ගත්තා.
තවත් ලිපි ඇත්දැයි සොයා අවට ප්‍රදේශය ද සෝදිසි කල අතර පානදුර තැපැල් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු (2) ද පොලිසියට කැඳවා තිබුණා.
ලිපි හිමිකරුවන්ට ඉක්මනින් බෙදාදීම සහ තවදුරටත් මේ සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර තැපැල් ස්ථානාධිපතිනි එන්. ජයසිංහ කියා සිටියේ එම ලිපි අතර වැදගත් ලිපි නොතිබූ බවයි.
පසුගිය දිනවල තැපැල්කරුවකු නොමැති වීම හේතුවෙන් කම්කරුවන් යොදා ලිපි බෙදු බවත් ඒ නිසා මේ සිද්ධියට කවුරුන් වගකිව යුතුදැයි සොයා ගැනීම අපහසු බවත් ඇය කියා සිටියා.
***************************************
උත්සව සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව
(11.02.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතිය ද සෙසු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණවත් තොග පවතින බව අද (11) පැවති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටු රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේදී මෙම කමිටුව පළමු වරට රැස්වුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන උත්සව සමයේදී රෙදිපිලි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය බදු සහන ලබා දුන්න ද එම සහන ජනතාවට නොලැබීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඇතැම් කූඨ වෙළඳුන් රජයේ සහන යටතේ ලබා ගන්නා භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බව මෙහිදී අනාවරණ වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
සාකච්ඡාවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එකම භාණ්ඩයේ මිල ගණන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට විශාල වෙනස්කම් සහිතව අලෙවිවීම පිළිබඳව මුදල් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළා.
එහිදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නීතිය මේ වනවිට රට තුළ ක්‍රියාත්මක නොවන බවයි.
එබැවින් ඇතැම් වෙළඳුන් සිතැගි පරිදි භාණ්ඩ මිල තීරණය කරන අවස්ථා ද පවතින බව එහිදී අනාවරණ වූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සම්පූර්ණ මිල දර්ශකය භාෂා 3 න්ම ප්‍රදර්ශනය කිරීම වෙනුවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පමණක් හෝ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.
එමෙන්ම රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
***************************************
ආලින්දයේ විස්කම් මවනා ඩිජිටල් ප්රවෘත්ති නව්‍යකරණයේ අරුමය අද (11) සිට
(11.02.2022 – 17:56 +0530 – hirunews.lk/sinhala)
***************************************
සෞඛ්‍ය වර්ජනය තවදුරටත්
(11.02.2022 – 18:45 +0530 – hirunews.lk/sinhala)
රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ තුණ්ඩු සඳහා සියලු රාජ්‍ය ඔසුසැල් මගින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ වර්ජනයෙන් රෝගී ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවාවල වෘත්තීය සමිති අද (11) පස්වන (5) දිනටත් වර්ජනයේ නිරත වනවා.
සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරන වැඩවර්ජන අත්හිටුවන ලෙස දන්වා කොළඹ දිසා අධිකරණය ඊයේ (10) වාරණ නියෝගයක් නිකුත් කළේ රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය වෙතටයි.
කෙසේ වෙතත්, කිසිදු වාරණ නියෝගයක් මේ වනතුරු තමන්ට ලැබී නොමැති බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළා.
මෙම වර්ජනයට තම සංගමය සහය නොදක්වන බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත කියා සිටියේ.
***************************************
සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කළ 6 ක් අත්අඩංගුවට
(11.02.2022 – 19:10 +0530 – hirunews.lk/sinhala)
රත්නපුර – නිවිතිගල මහජන ක්‍රීඩාංගනයේ පෙරේදා (09) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක දී ‘සහරා ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
සංගීත ප්‍රසංගය නියමිත වේලාවට අවසන් කළ බවට චෝදනා කරමින් බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසීය සඳහන් කළා.
ප්‍රහාරයෙන් සංගීත කණ්ඩායම සතු දේපලවලට රුපියල් ලක්ෂ 14 ක පමණ අලාභයක් සිදුව තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴