පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට

පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට

*********************************************

පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට

(07.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – වත්තේගම – මඩවල ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ පස් කන්දකට යට වී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පස් කන්දට වූ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ආරක්ෂක ගල් බැම්මක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපමින් සිටියදී එම පස් කන්ද කඩා වැටී තිබෙනවා.

එහිදී එහි සේවය කරමින් සිටි 4 දෙනෙකු ඊට යට වී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

මියගොස් ඇත්තේ පන්විල පූජාපිටිය කැටඹුලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අලුතින් ඉදිවන නිවසක් අසල බැම්මක් ඉදි කිරීම සඳහා කාණුවක් කපමින් සිටියදී ඊට ඉහළින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

යටවී ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයන් බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර කටුගස්තොට රෝහලේ තැන්පත් කර තිබෙනවා.

තුවාල ලබා සිටින පුද්ගලයා මහනුවර රෝහලට මාරුකර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබන අතර සිද්ධිය පිළිබඳ වත්තේගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

කච්චතිව් මංගල්‍යයට සහභාගිවීමට තමිල්නාඩුව අවසර ඉල්ලයි

(07.02.2022 – 15:32 +0530 – hirunews.lk/sinhala)

මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගිවීමට ඉන්දියානු කිතුනු බැතිමතුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ගේ විශේෂ නියෝජිතයෙකු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කර පසුව දැනුම්දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එහිදී එම නියෝජිතයාට පැවසූ බවයි ධීවර අමාත්‍යාංශය නිවේදනය කළේ.

එසේම ඒ සඳහා තමන්ද සහභාගි වන බැවින් එහිදී ඉන්දු – ශ්‍රී ලංකා ධීවරයින් අතර මතුව ඇති ගැටළු පිළිබඳව සුහද සාකච්ඡාවක් මගින් විසඳා ගැනීමට අවශ්‍ය වාතාවරණයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට හා ඉන්දියානු කතෝලික බැතිමතුන්ගේ ප්‍රධාන දේව මංගල්‍යයක් වන කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මංගල්‍යය ලබන මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර මංගල්‍යයට ඉන්දියානු බැතිමතුන්ට සහභාගි වීමට ඉඩ ලබා නොදීමටයි සංවිධාන කමිටුව තීරණය කර ඇත්තේ ෴

***************************************

අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු වැලැක්වීමට පොලිසියට උපදෙස්

(07.02.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්.

2020 වසරට වඩා 2021 වසර තුල අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඔහු ප්‍රකාශ කළා.

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

2021 වසර තුල ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල පින්නදූව, අපරැක්ක, කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස, අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07 ක් සිදු වී ඇතැයි සඳහන්.

ඉන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 2021 වර්ෂයේ දී අධිවේගී මාර්ගවල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461 ක්.

2020 වසර තුල අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308 ක් වනවා.

එම වසරේ මාරක රිය අනතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර ඉන් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් වුණා.

අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් වන බැවින් රියදුරන්ට අධිවේගී මාර්ගවල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අවධානය යොමු වී තිබෙනවා.

බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැලඳ ධාවන කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සිදු කළ රියදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වසරේදී නඩු 79,904 ක් පවරා තිබෙනවා.

2020 වසරේදී අදාළ වැරදි සම්බන්ධයෙන් ගොනුකර ඇති ඇති නඩු ප්‍රමාණය 66,252 ක් ෴

***************************************

ආයෝජන මණ්ඩලයට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරියක්

(07.02.2022 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසට රේණුකා එම්. වීරකෝන් මහත්මිය පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරුණා.

වීරකෝන් මහත්මිය වසර 27 කට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලයේ සේවය කර ඇති අතර, ප්‍රධාන දෙපාර්තමේන්තු ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් සිය සේවය ආයතන වෙත ලබා දී තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරිය වීමට පෙර ව්‍යාපෘති අධීක්ෂණ විධායක අධ්‍යක්ෂ ලෙසත්, ඊට පෙර ආයෝජන සහ ප්‍රවර්ධන විධායක අධ්‍යක්ෂ ලෙසත් ඇය කටයුතු කර තිබෙනවා.

සභාපති ලේකම් කාර්යාලය, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධන සහ විශේෂ ව්‍යාපෘති වැනි ප්‍රධාන දෙපාර්තමේන්තු ගණනාවක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ලෙසද කටයුතු කර ඇති ඇයට අත්දැකීම් සම්භාරයක් පවතිනවා.

වීරකෝන් මහත්මිය බීජිං හි පැවති යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළද ගිවිසුම් හි දෙවන වටයේ සාකච්ඡා, වොෂින්ටනයේ එක්සත් ජනපද-ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන ගිවිසුම යටතේ ඒකාබද්ධ කවුන්සිලය සහ බාහිර ආයෝජන ප්‍රවර්ධන මෙහෙයුම් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කර තිබෙනවා.

ආයෝජකයින් මුහුණ දෙන ගැටළු විසඳීමට සහ ආයෝජන ව්‍යාපෘති කඩිනම් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන මෙහෙයුම් කමිටු, ප්‍රතිපත්ති කමිටු සහ අන්තර් නියෝජිතායතන කමිටුවල ද ඇය ක්‍රියාකාරී සාමාජිකාවක් වී සිටියා.

වීරකෝන් මහත්මිය වෘත්තියෙන් නීතීඥවරියක් වන අතර වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති අතර කොළඹ ප්‍රමුඛ පෙළේ නීති ආයතනයක උපදේශක නීතිඥවරියක් ලෙසටයි සිය සේවා ජීවිතය ආරම්භ කළේ.

ඇය බලපත්‍රලාභී නොතාරිස්වරියක් සහ දිවුරුම් කොමසාරිස්වරියක් ද වනවා.

ඊට අමතරව ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා තිබෙනවා ෴

***************************************

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

(07.02.2022 – 21:19 +0530 – hirunews.lk/sinhala)

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමිනුයි ඔහු මෙම තීරණයට එළැඹ ඇත්තේ.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පැවැත් වුණා.

එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙසටයි නිලධාරින්ට දැනුම් දුන්නේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙස සහ එහිදී කුඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ නොතැබිය යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස ද දැනුම් දී ඇති අතර මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරුවා.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ මුදල් අමාත්‍යාංශයේ හා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා ෴

***************************************

‘මේඩ් ඉන් ශ‍්‍රී ලංකා’ මෝටර් රථයක් වෙළඳ පලට.. රුපියල් ලක්‍ෂ 12 යි…

(07.02.2022 – 22:22 +0530 – lankacnews.com)

යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස ‘සිව් (4) රෝද රථයක්’ දේශීයව නිපදවා තිබේ.

මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

මෙම රථයේ පස්දෙනෙකුට (5) ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.

මේ පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමග එහි නිර්මාණකරු අදහස් පල කර ඇත.

***************************************

24-08-2021

***************************************

https://www.youtube.com/watch?v=o_YqEkDyXJQ
20-12-2021

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා මරණ 26 ක්

(07.02.2022 – 18:05 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 26 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 9 ක් සහ පිරිමි පුද්ගලයන් 17 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගිය පිරිසට අයත්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,621 ක් ලෙසටයි.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු (02) මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 18 ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 7 ක් සහ පිරිමි 11 ක් වශයෙන්.

මේ අතර අද (07) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 454 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 5,81,659 ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,19,434 ක් හඳුනාගෙන ඇති අතර 22,180 ක් තවදුරටත් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා ෴

අද (07) ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 1,298 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,20,732 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 23,452 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,81,659 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,621 ක් ද වාර්තාවී ඇති අතර ඒ අද වාර්තා කළ මරණ 26 ත් සමගින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *