නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ
*********************************************
නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ
(03.02.2022 – news.navy.lk)
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව 2022 ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක පමණ තොගයක් සැකකටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමන ලද අතර, නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (2022 පෙබරවාරි 03) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දැරූ ප්රයත්නය සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.
මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීමේ රජයේ දැක්ම සාකෂාත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට සාගරික වපසරිය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරු මත ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02 ක පමණ කාලයක් ආවේක්ෂණය කරමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 1081 (කිලෝ මීටර් 2002 ක් පමණ) පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී.
ඒ අනුව, එම විදේශීය බහුදින යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ නාවික හමුදා කණ්ඩායමක් එම යාත්‍රාව වෙත ළඟා වන අවස්ථාවේදී, සැකකටයුතු යාත්‍රාවේ සිටි පුද්ගලයන් විසින් උර 08 ක බහාලූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක පමණ තොගයක් මුහුදට දැමීමට කටයුතු කළ අතර, එම යාත්‍රාවට ගොඩවී නාවික හමුදාව විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී එහි ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සමඟින් විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු සහ එම විදේශීය බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට හැකියාව ලැබිණි.
තවද, සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ මත්ද්‍රව්‍ය බහාලූ උර තිබේදැයි නාවික හමුදා විශේෂ කණ්ඩායමක් යොදවා එම මුහුදු ප්‍රදේශය පරීක්ෂා කළත්, මුහුදේ රළු ස්වභාවය සහ ගැඹුර (මීටර 3800 ක් පමණ) හේතුවෙන් සැකකරුවන් විසින් මුහුදට දැමූ උර කිසිවක් නිරීක්ෂණය නොවිය.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් විදේශීය සැකකරුවන්, මත්ද්‍රව්‍ය, චන්ද්‍රිකා දුරකථනය සහ විදේශීය බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙහිදී අත්අඩංගුවට ගත් චන්ද්‍රිකා දුරකථනය ඔස්සේ වැඩිදුර විමර්ෂන සිදු කෙරේ.
තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මැදිහත් වීමෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම මත ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.
+++++++
***************************************
අපි සල්ලි දුන්නේ සණස නමටයි. දැන් අපේ සල්ලිත් නෑ ලැබුණු ගෙයකුත් නෑ (03.02.2022)
***************************************
විදෙස් යුවළකට වනඅලි ප්‍රහාරයක්
(03.02.2022 – 17:30 +0530 – sinhala.adaderana.lk)
විදේශික යුවළක් ගමන් ගත් මෝටර් රථයකට අද (03) දහවල් වනඅලි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ප්‍රදේශයේදී මෙම වනඅලි ප්‍රහාරය එල්ලවී ඇත.
මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ යුක්රේන ජාතික යුවළකි.
ඔවුන් අද (03) ‘වැගන් ආර්’ වර්ගයේ මෝටර් රථයකින් පොළොන්නරුව දෙසට ගමන් කිරීමේදී මාර්ගය අයිනේ සිටි මෙම වනඅලියා දැක එහි නතරවී තිබුණි.
පසුව ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර එහිදී වනඅලියා ඔවුන් දෙසට පැමිණ තිබේ.
ඉන් බියවී ඇති එම විදේශික යුවළ දුවගොස් තිබූ අතර එහිදී වනඅලියා ඔවුන් පැමිණි රථය දෙසට ගමන් කර ඊට පහරදී ඇත.
වනඅලි ප්‍රහාරයෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ රියදුරෙක් සිය රථයේ නලාහඬ නංවා වනඅලියා වනයට පළවා හැරීමට කටයුතු කර තිබුණි.
පසුව අදාළ විදේශිකයින් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන තිබූ හෝටලයට ගොස් තිබූ අතර වනඅලි ප්‍රහාරයට ලක්වූ රථය මින්නේරිය පොලීසිය විසින් එම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
මින්නේරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴