9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය අද (18) ඇරඹේ

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය අද (18) ඇරඹේ

*********************************************

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය අද (18) ඇරඹේ

(18.01.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ආරම්භ කෙරෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10:00 ට රාජාසන කතාව සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

ඉතා චාම් ආකාරයෙන් මෙම කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, 09 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට විදේශීය රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතයි.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, අද (18) දින පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය සඳහා පැමිණෙන සියලු දෙනා කොරෝනා එන්නත්කරණ කාඩ්පත රැගෙන ආ යුතු බවයි.

මේ අතර, රාජාසන කතාව සම්බන්ධයෙන් ලබන 19 සහ 20 යන දෙදින විවාදයක් පැවැත්වීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවක් ද පළ වුණා.

මේ අතර, සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමක් අද (18) පෙරවරුවේ පැවැත්වෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ පාර්ලිමේන්තුවේ හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පැවැත්වීමට නියමිත දෙදින විවාදය සම්බන්ධයෙන් එහි දී තීරණයකට එළඹීමට නියමිත බවයි ෴

+++++++++++++

ජනපති ප්‍රධානත්වයෙන් නව වසරේ පාර්ලිමේන්තුව ඇරඹේ

(18.01.2022 – 09:42 +0530 – hirunews.lk/sinhala)

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන ආරම්භ වුණා.

සැසි වාරය ආරම්භ කිරීමට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දී ඔහු පිළිගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින්.

ඉන් පසු පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයා පිළිගත් අතර පසු ව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවාගෙන එනු ලැබුවා.

පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව සිදු කිරීමට ද නියමිත යි.

චාම් උත්සවයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේ සමාරම්භය සඳහා විදේශීය රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටිනවා.

+++++++++++++

වාහන ආනයනයේදී විදුලියෙන් ධාවනය වන වාහනවලට ප්‍රමුඛතාව

(18.01.2022 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදීමේදී විදුලියෙන් ධාවනය වන වාහනවලට ප්‍රමුඛතාව ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

9 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ආරම්භයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

විදේශ විනිමය ගැටලුවක් ඇතිවන බවට කලින්ම දැනුවත් වීම හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම මෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමෙන් වැළකීම වැනි ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවු බව ජනාධිපතිවරයා ප්‍රකාශකළා.

ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට සැලසුම් කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

මානව හිමිකම් සම්බන්ධව ගෙන ගිය විවිධ වැරදි මත නිවැරදි කිරිමට පියවර ගන්නා බව ද 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

පෙරවරු 10 ට 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර එහිදි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පටු දේශපාන අවශ්‍යතා මත ජනතා උසි ගැන්වීම් නතර කරන ලෙසට දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන ආරම්භ වූ අතර සැසි වාරය ආරම්භ කිරීමට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින්.

ඉන් පසු පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයා පිළිගත් අතර පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැදවාගෙන එනු ලැබුවා.

චාම් උත්සවයකින් වුණු පාර්ලිමේන්තු සැසි වාරයේ සමාරම්භය සඳහා විදේශීය රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටියා.

+++++++++++++

හෙට (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

(18.01.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

හෙට (19) පස්වරු 1 ට ආරම්භ වන පාර්ලිමේන්තු සැසි වාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.

අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 9 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය ආරම්භ වූ අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හෙට (19) පස්වරුව දක්වා ජනාධිපතිවරයා කල් තැබුවා.

ඒ අනුව, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව කල් තැබීමේ විවාදයට පෙර විපක්ෂ නායකවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි ෴

++++++++++++++

අගමැතිගෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකට උපදෙස්

(18.01.2022 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2022 වසරේ පළමු (1) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම නව වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ආරම්භ වුනා.

ජනාධිපතිතුමා විසින් ඉදිරි වසර තුනක (3) කාලය සඳහා වන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි දී ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව දෙවන (2) සැසිවාරයේ සහ 2022 වර්ෂයේ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 හි දී පවත් වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය වූවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේ දී අදහස් දැක්වීමට සූදානම්ව සිටින බැවින් 21 වන සිකුරාදා දිනය ද විවාදය සඳහා වෙන් කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව කථානායකතුමා දැනුවත් කර 21 සිකුරාදා දිනය ද මෙකී විවාදය සඳහා ලබා ගන්නා ලෙස මෙහි දී අග්‍රාමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

‘තෙල් ටැංකි යළි රටට’ යන තේමාවෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් වෙත මෙහි දී පැහැදිලි කිරීමක් කරනු ලැබුවා ෴

+++++++++++++

පාර්ලිමේන්තුවේ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි – සුසිල්ට පසුපෙළ අසුනක්

(18.01.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණදී ඇති අභියෝග ජයගැනීම සඳහා සහය වන්නැයි ජනාධිපතිවරයා ලෙස තමන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ප්‍රකාශ කළා.

ඒ, 9 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසිවාරය ආරම්භ කරමින්.

කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අතර එහිදී කථානායකවරයා විසින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුවයි සභා ගර්භය වෙත පැමිණි ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පසුව හෙට (19) පස්වරු එක (01:00) දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පැවැත්වුණු අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානය එය, වර්ජනය කරනු ලැබුවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, සහ දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති අතර, එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය සඳහා තවත් අමතර දිනයක් ලබාගන්නා ලෙසටයි.

කථානායකවරයා දැනුවත් කර හෙට (19) සහ අනිද්දා (20) යන දිනවලට අමතරව 21 වනදා සිකුරාදා ද ඒ සඳහා ලබාගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

මේ අතර පසුගියදා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්තගේ පාර්ලිමේන්තු අසුන වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු 31 වන අසුනේ සිට 71 වන අසුන දක්වා මාරු කර ඇති බවයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

***************************************

දෛනික විදෙස් සංචාරකයින් 3000 ක් දිවයිනට

(18.01.2022 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දිනකට විදේශීය සංචාරකයින් 3000 කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණෙමින් සිටින බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසනවා.

දැනට මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට පත්වෙමින් ඇති අතර, ඊයේ (17) වන විට විදෙස් සංචාරකයින් 46,942 නෙකු මෙරට රැදී සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන ඒම සදහා විදේශීය ගුවන් සේවා සමාගම් 22 ක් පමණ දැනට දායක වී ඇති අතර, තවත් ගුවන් සේවා සමාගම් රැසක් ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා සබඳතා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

විදේශිකයන්ට පමණක් වෙන් වෙන් කෙරුණු සංචාරක නිකේතනවලට වැඩ වරදී

(18.01.2022 – 12:15 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයින්ට පමණයි (Foreigners Only) යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නොදෙන සංචාරක නිකේතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ, සෑම පුද්ගලයකුට ම සමාන අයිතිවාසිකම් ඇති බවට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවයි.

එබැවින් යම් කිසි පුද්ගලයෙක් ජාතිය, වර්ණය, ආගම හෝ එවැනි වූ වෙනත් කාරණයක් මුල්කරගෙන අසමාන වූ සැලකීමකට ලක් විය නොහැකි බවට යි ඔවුන් අවධාරණය කරන්නේ.

එබැවින් විදේශිකයන්ට පමණයි යනුවෙන් කාණ්ඩ කිරීමකට ලක් කර සංචාරකයින් සඳහා සේවාවන් සැපයීමෙන් වළකින ලෙස ඔවුන් සෑම සංචාරක නිකේතනයකින් ම ඉල්ලා සිටිනවා.

පසුගිය සමයේ කෝවිඩ්-19 හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑම් එල්ල වී තිබූ කාල සීමාව තුළ දී සංචාරක හෝටල් සහ එම කර්මාන්තය යම් තරමකින් හෝ ආරක්ෂා වූයේ දේශීය සංචාරකයින් විසින් එම කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය නිසා බව සිහි ගන්වන සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඔවුන්ට ඒ සඳහා කර්මාන්තයේ නියැලෙන්නන් විසින් ප්‍රති උපකාර කළ යුතු කාලය එළඹී ඇති බවයි.

එමෙන්ම දේශීය සංචාරකයින් වෙත ද යම්කිසි පණිවිඩයක් නිකුත් කරන සංචාරක සංවර්ධන අධිකාරිය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ සංචාරක නිකේතන තුළ ක්‍රියාත්මක වන නීති රීති සහ එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට දේශීය සංචාරකයින් ද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ෴

++++++++++++++

දේශීය සංචාරකයින්ට දොර වසන සංචාරක නිකේතනවලට අධිකාරියෙන් රතු එළියක්

(18.01.2022 – 20:57 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දිනකට විදේශීය සංචාරකයින් 3000 කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණෙමින් සිටින බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කළා.

මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට පත්වෙමින් ඇති අතර, ඊයේ (17) වන විට විදෙස් සංචාරකයින් 46,942 නෙකු මෙරට රැදී සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 9,866 ක්.

බ්‍රිතාන්‍ය ජාතිකයින් 4697 ක්, යුක්රේන ජාතිකයින් 4242 ක්, ඉන්දීය ජාතිකයින් 3784 ක් සහ වෙනත් යුරෝපා රටවලින් පැමිණි සංචාරකයින් 3737 ක් ද මෙරටට පැමිණ තිබෙනවා.

මෙලෙස විදේශීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ ඇතැම් හෝටල් සහ අවන්හල් විදේශිකයන් සඳහා පමණක් යන ප්‍රතිපත්තිය මත සේවා සැපයීම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකරිය පවසන්නේ.

මෙරට ව්‍යවස්ථාව අනුව සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ඇති බවත්, එබැවින් කිසිවෙකු හෝ වෙනත් කරුණක් මුල් කර ගනිමින් අසමාන වූ සැලකීමකට ලක්කළ නොහැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගතය පැවති සමයේ සංචරක කර්මාන්තයට බරපතළ බලපෑමක් එල්ල වී තිබූ අවස්ථාවේදී කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ දේශීය සංචාරකයින් ලබාදුන් දායකත්වයෙන් බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

ඒ අනුව දේශීය සංචාරකයින් වෙත ප්‍රති උපකාර කළ යුතු කාලය එළඹ ඇති බැවින් විදේශිකයින්ට පමණයි ලෙස කාණ්ඩ කිරීමකින් තොරව සංචාරකයින් සඳහා සේවා සපයන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙරට සෑම සංචාරක නිකේතනයකින්ම ඉල්ලා සිටිනවා.

ඊට අනුගත නොවන සංචාරක නිකේතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හෝ පසුබට නොවන බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *