කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ

කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ

*********************************************

කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ

(13.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවන් ද විදුලිය කප්පාදු කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම, දැවි තෙල් නොමැතිවීමෙන් කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුලේ ගඟ ව්‍යාපෟතියේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම මෙන්ම විදුලි බල මණ්ඩලය සතු දැවි තෙල් සහ ඩීසල් සංචිත හිඟ වීම ආදී කරුණු හේතුවෙන් පසුගිය දිනවල විදුලි කප්පාදුවක් සිදු වුණා.

කැළණිතිස්ස සහ කුකුළේ ගඟ බලාගාර වල ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් වුවද නැවතත් පැයක විදුලි කප්පාදුවක් දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළේ කැළණිතිස්ස බලාගාරයේ පුද්ගලික විදුලි බලාගාරයක ඇති ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන්.

නොරොච්චෝලේ බලාගාරයේ මතුව ඇති දෝෂය හැර අනෙකුත් බලාගාර වල තත්ත්වය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඊයේ (12) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවූයේ නැහැ.

කෙසේවෙතත්, විදුලි බල මණ්ඩලය සතු දැවිතෙල් සහ ඩීසල් සංචිත ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින අතර ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් ණය පදනම මත තෙල් ලබා දීමට එකඟතාව පළ කර නැහැ.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් වෙන තෙක් ඕනෑම අවස්ථාවක විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම මේ වනවිට ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවට වාර්තා වනවා.

එම ජලාශවලින් වගා කටයුතු සහ පානීය ජලය සඳහාද ජලය නිකුත් කෙරෙන බැවින් ඒවායෙහි මුළු ජල ධාරිතාවම විදුලිබලාගාර සඳහා ලබා දීමට ද හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.

+++++++++

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක්

(13.01.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේවන විට හදිසි විදුලි බිඳවැටීමක් සිදුව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ විදුලි බලාගාර කිහිපයක ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බවයි.

එම තත්වය මත ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව යම් තරමකට අඩාල වී ඇති බවයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියාසිටියේ.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවන්ද විදුලිය කප්පාදු කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම, දැවි තෙල් නොමැතිවීමෙන් කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුලේ ගඟ ව්‍යාපෟතියේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම මෙන්ම විදුලි බල මණ්ඩලය සතු දැවි තෙල් සහ ඩීසල් සංචිත හිඟ වීම ආදී කරුණු හේතුවෙන් පසුගිය දිනවල විදුලි කප්පාදුවක් සිදු වුණා.

කැළණිතිස්ස සහ කුකුළේ ගඟ බලාගාර වල ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් වුවද නැවතත් පැයක (1) විදුලි කප්පාදුවක් දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළේ කැළණිතිස්ස බලාගාරයේ පුද්ගලික විදුලි බලාගාරයක ඇති ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන්.

නොරොච්චෝලේ බලාගාරයේ මතුව ඇති දෝෂය හැර අනෙකුත් බලාගාර වල තත්ත්වය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඊයේ (12) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවූයේ නැහැ.

කෙසේවෙතත්, විදුලි බල මණ්ඩලය සතු දැවිතෙල් සහ ඩීසල් සංචිත ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින අතර ඛනිජ තෙල් සංස්ථාව තව දුරටත් ණය පදනම මත තෙල් ලබා දීමට එකඟතාව පළ කර නැහැ.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් වෙන තෙක් ඕනෑම අවස්ථාවක විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම මේ වනවිට සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවට වාර්තා වනවා.

එම ජලාශ වලින් වගා කටයුතු සහ පානීය ජලය සඳහාද ජලය නිකුත් කෙරෙන බැවින් ඒවායෙහි මුළු ජල ධාරිතාවම විදුලිබලාගාර සඳහා ලබා දීමටද හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.

මේ අතර කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (13) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය පෙරේදා (11) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව පෙරේදා (11) දිනයේදීද ඔවුන් ප්‍රකාශ කළ නමුත්, ඊයේ (12) රාත්‍රියේ ද ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබුණා.

එහිදී පැයක (1) පමණක කාලයක් විදුලිය ඇණ හිට තිබූ අතර, ඊට හේතු වී තිබුණේ ජාතික පද්ධතියට විදුලිය සැපයෙන කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයක ඇතිවූ දෝෂයක්.

කෙසේ වෙතත්, ඊයේ (12) එලෙස ප්‍රකාශ කළත්, විදුලිබල අමාත්‍යාංශය ඊයේ (12) පෙරවරුවේ පැවසුවේ ඊට පරස්පර අදහසක්.

එම විදුලි කප්පාදුවට හේතුව කලාප වශයෙන් විදුලිය විසන්ධි කිරීම ඊයේ (12) සිට ආරම්භ කිරීම බවයි ඔවුන් එහිදී සඳහන් කළේ.

ඒ අනුව සෑම දිනකම පස්වරු 05:30 සිට රාත්‍රී 09:30 දක්වා කාලය තුළ පැයක (1) කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (12) පෙරවරුවේ ප්‍රකාශ කළා.

එසේම, විදුලිය කප්පාදු කරන බවට අමාත්‍යාංශය අද (13) උදෑසන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද විදුලිබල අමාත්‍ය ගාමීණි ලොකුගේ ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

එය යළි පද්ධතියට එක් කිරීම සඳහා තවත් දින 10 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ. අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ ධාරිතාවයද මෙගාවොට් 300 ක්.

මේ අතර, මාවුස්සාකැලේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙගාවොට් 75 ක විදුලි උත්පාදනය මේ වනවිට සිදුවන්නේ නැහැ.

මේ හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින 05 ක් තිස්සේ විවෘත කර තැබීමෙන් එම ජලාශයේ ජල ධාරිතාව සීග්‍රයෙන් පහත බැස තිබෙනවා.

මේ අතර, මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මහජන අයිතීන් සුරැකීමේ පදනම මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ (12) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එසේම, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (12) යළි සලකා බැලුණු අතර, ඒ සම්බන්ධ වැඩිදුර විභාගය ලබන 19 වැනිදා දක්වා කල් තැබුණා.

ඒ අනුව ලබන 19, 20 සහ 21 යන දිනවල එම සලකා බැලීම සිදුකෙරෙනු ඇති.

එසේම, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ පූජ්‍ය බෙංගමුවේ නාලක යන හිමිවරුන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

+++++++++

ඉන්ධන නැතිව බලාගාර කිහිපයක් නවතී

(13.01.2022 – 20:18 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (13) පස්වරුවේ සිට යළිත් විදුලිය බිඳ වැටීමක් සිදුවුණා.

ඉන්ධන නොමැතිවීම නිසා බලාගාර කිහිපයක් අක්‍රිය වීමත් සමඟ මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඉන්ධන නොමැතිවීමත් සමග විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක අඩුවක් පැවතීම හේතුවෙන් මෙලෙස දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම, මීට පෙර ද කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වීමට එක් හේතුවක් වී ඇත්තේ දැවි තෙල් නොමැති වීමයි.

ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා ගත් ඉන්ධන සඳහා රුපියල් මිලියන 9100 ක මුදලක් විදුලිබල මණ්ඩලය ගෙවීමට නියමිතව තිබෙනවා.

එහෙත් එම මුදල ගෙවා නොමැතිවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය තෙල් ලබා නොදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලයට යළි ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ලබාදීමක් සිදුකරන තෙක් ඉදිරියේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයට විදුලි කප්පාදු සිදුවිය හැකි බව ද සඳහන්.

මේ අතර, කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක පැවති දෝෂය යථා තත්ත්වයට පත් කළද නුදුරේදීම විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවටයි ඉංජිනේරුවන් අනතුරු අගවන්නේ.

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 35 ක් දක්වා පහත වැටීමත් ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති විදේශ විනිමය අර්බුදයත් ඊට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළේ ඉදිරියේදී විදුලි කප්පාදු සිදුනොකරන බවයි.

එහෙත්, විදුලි බිඳ වැටීම් වරින්වර සිදුවීමත් සමඟ ජනතාව පත් වන්නේ දැඩි අසීරුතාවකටයි.

***************************************

ජයශ්‍රීලාට තවත් කරදරයක් – සිතාසි නිකුත් කෙරෙයි

(13.01.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම නිසා, ‘ජයශ්‍රි’ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සීතාසි නිකුත් කර තිබෙනවා.

ගරු වාණිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර තිබුණේ, ඔවුන්ට ගීත 20 ක් ගායන කිරීම තහනම් කරමිනුයි.

මෙය උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීමට එරෙහිව අද (13) දින ගරු වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සීතාසි නිකුත් කරනු ලැබ තිබෙනවා.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හෝවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමඟ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටිමින් සදහන් කර සිටියේ, අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම ඉතා බරපතළ කරුණක් වන බවයි.

මෙම නඩුව නැවතත් 2022 ජනවාරි මස 27 වැනි දින කැඳවීමට නියමිත යි.

***************************************

කොළඹ කොටස් වෙළඳපොලේ නීති සහ රෙගුලාසි සංශෝධනයට

(13.01.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සම්මත කළ නව පනතට අනුකූල වන ලෙස කොළඹ කොටස් වෙළදපළේ නීති හා රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක පවසනවා.

කොටස් වෙළෙඳපොළ පසුගිය වසරේ අත්කර ගත් ප්‍රගතිය සහ ඉදිරි සැලැස්ම පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ විව්ධ අවස්ථාවලදී දිනය අවසානයේ දී කොටස්වල අගය වාර්තාගත ලෙස ඉහළ යාමක් ද සිදු වුණා.

මෙවන් තත්ත්වයකදියි කොලඹ කොටස් වෙළෙඳපොලේ නීති සහ රෙගුලාසි සංශෝධනය කෙරෙහි අවධානය යොමුව ඇත්තේ ෴

***************************************

දීඝවාපිය පුදබිමේ ධාතුන් වහන්සේ වැඩම කිරීමේ පුණ්‍යෝත්සවය 22 වැනිදා

(13.01.2022 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දීඝවාපිය පූජා භූමියට ධාතුන් වහන්සේලා වැඩම කිරීමේ පුණ්‍යෝත්සවය එළඹෙන 22 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.

බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ සොළොස්මස්ථාන අතරින් දීඝවාපී පුදබිම ප්‍රමුඛ ස්ථානයක් උසුලනවා.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් වටිනා ස්ථාන සහ ජාතික උරුම සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සහ සංරක්ෂණයට කිරීමේ නව අංශයක් ලෙස ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ආරක්ෂක ලේකම්වරයාව එහි සභාපති ධුරය හිමි වුණා.

ඒ යටතේයි, දීඝවාපිය පුදබිම ප්‍රතිසංස්කරණයට ලක් කර, ස්ථූප පරිශ්‍රයේ කැණීම් කටයුතු ආරම්භ කර, ධාතුන් වහන්සේලා සොයා ගැනුණේ.

මේ වනවිට එම ධාතුන් වහන්සේලා අම්පාර දිසාපතිකාර් යාලයේ තැන්පත් කර ඇති අතර, එම ධාතූන් වහන්සේලා එළඹෙන 22 වැනි දින ප්‍රතිසංස්කරණය කරන ලද දීඝවාපී පුදබිමට වැඩම කරවනු ලබයි ෴

***************************************

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාර

(13.01.2022 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාරයක් ලබා දී තිබෙනවා.

මීට පෙර ඉන්දියාව මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාදීම්ට කටයුතු කර තිබුණා.

මේ අනුව එම ණය මුදල ට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ආධාරයක් එකතු වනු ඇති.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ආසියානු නිෂ්කාශන බේරුම්කරණ රාමුව යටතේ ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා ෴

***************************************

ව්‍යවසායකයින්ට නොමිලේ උපදෙස් ලබාදීමට ඇමෙරිකාවේ සහාය

(13.01.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවසායකයින්ට නොමිලේ උපදෙස් ලබාදීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මණ්ඩපයක් සම්පාදනය කර තිබෙනවා.

මෙම උපදේශන මණ්ඩලය සඳහා ඇමෙරිකාවේ සහාය ලැබෙන අතර එහි ව්‍යාපාර ක්ෂේත්‍රයේ පූර්ණ දැනුම ඇති ප්‍රවීනයින් සියයට (100) වැඩි පිරිසක් සම්බන්ධ බවයි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මහජන කටයුතු අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙරට ව්‍යවසායකයින් මුහුණදෙන අභියෝග සහ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදී ඔවුන්ගේ ව්‍යාපාර දීර්ඝකාලීනව සාර්ථකත්වයකට යොමු කිරීම මෙහි අරමුණයි ෴

***************************************

පොල් මිල යළිත් ඉහළට

(13.01.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

ඵලදාව අඩුවීම හේතුවෙන් වෙළඳපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 80 ත් 95 ත් අතර මිලකට අලෙවි වන බවයි.

පසුගිය කාල සීමාවේදී පොල් ගෙඩියක මිල රුපියල් 60 දක්වා පහත බැස තිබුණා.

කෙසේ වෙතත් පොහොර ගැටලුව හේතුවෙන් මේ වන විට වතු වල පොල් ඵලදාව අඩු වී ඇති බැවින් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

දැනට මෙරට මාසික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 200 ත් 250 ත් අතර පවතිනවා.

මේ අතර, පසුගිය දින කිහිපය තුල සුළු වශයෙන් පහළ ගොස් තිබූ එළවළු වර්ග කිහිපයක මිල යළිත් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

බෝංචි, කැරට්, ලීක්ස්, ගෝවා, බීට්රූට් ආදි එලවළු මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *