නව බස් ගාස්තු වැඩිවීම ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

නව බස් ගාස්තු වැඩිවීම ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

*********************************************

නව බස් ගාස්තු වැඩිවීම ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

(03.01.2022 – 16:16 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ දෙසැම්බර් මස 29 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 17.44% ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම මෙම වසරේ (2022) ජනවාරි මස 05 වැනි දින සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි මස 05 වැනි දින සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ මගී සේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ සාමාන්‍ය සේවා (ආසනගත) ගාස්තු අවස්ථා 350 සඳහා වන ගාස්තු ලැයිස්තුව බස් මගීන්, බස් හිමිකරුවන්, බස් සේවක කණ්ඩායම්, බලධාරින් සහ අනෙකුත් සියලුම මහනජතාවගේ අවධානය සඳහා ජාතික ගමනාගමන මණ්ඩලය විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කරනු ලැබුවා.

අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය වන සාමාන්‍ය (ආසනගත), අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග, අධි සුඛෝපභෝගී බස් රථ සේවාවල (ශ්‍රී ලංගම සහ මගී සේවා අවසර පත්‍ර ධාවනය වන පෞද්ගලික) සම්පූර්ණ නව බස් ගාස්තු පහත සඳහන් නව ගාස්තු සටහන යටතේ ජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙම නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.transport.gov.lk ද, වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම් රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.ntc.gov.lk ද, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල මුහුණුපොත වන (Facebook – National Transport Commission) යන පිටුව ද, එම කොමිෂන් සභාවේ ක්ෂණික දූරකථන ඇමතුම් අංකය වන 1955 ඔස්සේ ද ජනතාවට මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

එමෙන්ම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.sltb.lk සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන හුවමාරු මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.mmck.lk වෙතින් සහ දිවයිනේ ප්‍රධාන බස් නැවතුම්පළවල් තුළ ඇති දැන්වීම් පුවරුව මගින් ද මේ පිළිබඳ ව තවදුරටත් දැනුවත් විය හැකි බව ද මෙම නිවේදනයේ සඳහන්.

• Interim Bus Fare Revision December 2021 – will be effective from 05 th January 2022 (from 00.01 hrs.) :

***************************************

විජයදාස රාජපක්ෂගෙන් චීන ජනපතිට සැර ලිපියක්

(03.01.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයක් පුරා චීනය විසින් මෙරටට සිදු කරන ලද ආර්ථික හා සමාජීය බලපෑම් වල වත්මන් ස්වභාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ චීන ජනාධිපති ෂී ජින්පින්ග් වෙත වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කරුණු 45 කින් සමන්විත මෙම දීර්ඝ ලිපියේ සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට චීනය සහ ශ්‍රී ලංකාවව අතර පැවති මිත්‍ර සම්බන්ධතාව මේ වන විට යොමු වී ඇති දිශානතිය පිළිබඳවයි.

චීනයේ දැඩි බලපෑම හේතුවෙන් මේ වනවිට මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය සහ ඒ හරහා ශ්‍රී ලංකාව පැටලී ඇති ණය උගුල දේශපාලනික වශයෙන් මෙම දීර්ඝ ලිපියෙන් විග්‍රහ කෙරෙනවා.

එහි අවසන් පරිච්ඡේද කිහිපය වෙන්කර ඇත්තේ ඉදිරියේදී පිහිටුවන ලබන රජයක දී මේ වන විට චීනය සමඟ ඇති කරගෙන තිබෙන සියලු ගිවිසුම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කර එහිදී ශ්‍රී ලංකාවට හානිදායක සහ ප්‍රතිලාභ නොලැබෙන ආකාරයට සිදුකර ඇති ගිවිසුම් සම්බන්ධයෙන් නැවත තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන ආකාරය පැහැදිලි කිරීමටයි.

අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීම සඳහා ඉදිරියේ එළඹෙන මහ මැතිවරණයක දී ඒ සඳහා වන ජනතා කැමැත්ත විමසන ජනමත විචාරණයක් එයට භාවිත කරන බවත් ඔහුගේ ලිපියේ සඳහන් වනවා.

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින්ග් වෙත යොමු කර ඇති එම ලිපියේ අවසන් පරිච්ඡේදයෙන් දැක්වෙන්නේ යම් හෙයකින් සෙලන්දිවා සමාගම හරහා චීන සමාගම් හෝ චීන රජය මෙරට යම් දේපලක් අත්පත් කර ගතහොත් එය මුල් පටන් අවලංගු කරන බව සහ එලෙස සිදු කරනු ලබන අවලංගු කිරීම්කදී කිසිදු ගෙවීමක් නොකරන බවටත් සිහිතබා ගත යුතු බවට මතක් කරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ චීන ජනාධිපති ෂී ජින්පින්ග් වෙත යොමුකළ එම සම්පූර්ණ ලිපිය පහතින් :

***************************************

2022 නීතිය කෙලින් කරන හැටි කියන අධිකරණ ඇමති

(03.01.2022 – 17:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අධිකරණ ක්ෂේත්‍රය තුළ සුවිශාලතම වු වෙනසක් සිදු කළ වසරක් බවට මෙම වසර පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නව වසරේ රාජකාරි අරඹමින් අධිකරණ අමාත්‍යංශයේ පැවති උත්සවයකදී.

***************************************

2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3 ක් විදේශ ගත වීමට සුදානමින්

(03.01.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3 ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න පවසනවා.

පසුගිය වසරේදී ශ්‍රමිකයින් 1,20,000 ක් පමණ විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ බවත්, කොවිඩ් වසංගතය පැවති සමයේදී රටවල් රැසක් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවක සාර්ථකව විදේශ රැකියා ක්ෂේත්‍රය අඩපණ නොවී රැගෙන යාමට හැකි වූ බවද සඳහන් කළා.

පියංකර ජයරත්න මෙම අදහස් පළකළේ, නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක මණ්ඩලය අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අවම වශයෙන් දිනකට ශ්‍රමිකයින් 850 දෙනෙකුවත් ලියාපදිංචි කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙම ඉලක්කය සපුරා ගැනීමට නම්, සියළුම නිළධාරීන් කැපවී සිටිය යුතු අතර එසේම විදේශ රැකියා නියෝජිතායතනවල සහයෝගයද අත්‍යාවශ්‍ය බව සඳහන් කළා.

විදේශ රැකියා ලාභීන්, රැකියා නියෝජිතායතන හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාර්ථක ගමනක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *