වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මාරක රිය අනතුරක්

වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මාරක රිය අනතුරක්

*********************************************

වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මාරක රිය අනතුරක්

(01.01.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

කැලණිය – වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් අද (01) දහවල් දුම්රියක ගැටී ගිනිගෙන සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අනතුරට ලක් වූ මෝටර් රථයේ ගමන් කළ අයෙකු එලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්.

+++++++

+++++++

ගින්න නිවාදැමීමෙන් පසු :

%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

+++++++

(01.01.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

කැලණිය – වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී ගිනිගැනීමෙන් අද සිදුවූ අනතුරකින් පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පැවසුවේ ඔහු කැළණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තුන්දරු (3) පියෙකු බවයි. ඔහු දිවා ආහාර රැගෙන ඒම සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා නිවසින් පිටතට යාමට පෙර සිය පුත්‍රයාට ද ඔහු සමග යාමට එන ලෙස ප්‍රකාශ කර ඇති අතර පුතු ඔහු සමඟ පැමිණ නැහැ. අනතුරුව ඔහු තනිවම මෙලෙස මෝටර් රථයෙන් ගමන් කර තිබෙනවා.

‘බෙල් ඇන්ඩ් ලයිට්’ ක්‍රමයට ක්‍රියාත්මක දුම්රිය සංඥා සහිත හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ධාවනය කිරීමත් සමඟයි මෝටර් රථය දුම්රියේ ගැටී ඇත්තේ. අනතුරුව මෝටර් රථය දුම්රියේ පැටලී ඉදිරියට ඇදී ගොස් තිබෙනවා.

එහිදී එය ගිනිගෙන ඇති අතර, එම ගින්න හේතුවෙන් දුම්රියේ ද ඉදිරිපස කොටස ද ගිනිගැනීමකට ලක්ව තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්වූයේ කන්කසන්තුරේ සිට කොළඹට ධාවනය වූ ‘උත්තරදේවි’ දුම්රියයි. මේ වනවිට එය අලුත්වැඩියා කටයුතු සඳහා දුම්රිය අංගනය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ වෙනත් දුම්රිය එන්ජිමක සහාය ඇතිවයි.

මෝටර් රථය සහ දුම්රියේ ඉදිරිපස ගිනිගැනීමකට ලක්වීමත් සමග ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණා.

ප්‍රදේශවාසියෙකු කියා සිටියේ දුම්රිය හරස් මාර්ගයට වසා දමන ආරක්ෂිත ගේට්ටුවක් නොමැතිවීම අනතුරට හේතුව බවයි.

+—–

මේ අතර, වැල්ලවාය නගරය ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද (01) දහවල් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ දරා එය සාර්ථක වී නැහැ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ ෴

***************************************

පසුගිය වසරේ මෙහෙයුම්වලින් කේරළ ගංජා කිලෝ 7000 ක් නාවික හමුදා භාරයට

(01.01.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2021) ක්‍රියාත්මක කළ මෙහෙයුම් මගින් රුපියල් බිලියන 15.86 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය සිය භාරයට ගනු ලැබූ බව නාවික හමුදාව පවසනවා.

එහිදී අවස්ථා 74 කදී සිදුකළ මෙහෙයුම් වලදී හෙරොයින් කිලෝ 1268 කට අධික තොගයක් සමග දේශීය සහ විදේශීය සැකකරුවන් 141 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි, නාවික හමුදාව නිවේදනය කළේ.

අවස්ථා 151 කදී සිදුකළ වැටලීම් වලදී කේරළ ගංජා කිලෝ 7000 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 193 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

එසේම, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 158 කට අධික තොගයක් සමග අවස්ථා 73 කදී සැකකරුවන් 98 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි, පසුගිය වසරේදී නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.

මීට අමතරව, අවස්ථා 16 කදී සිදුකළ මෙහෙයුම් මගින් ගංජා කිලෝ 69 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 27 ක් ද, අවස්ථා 8 කදී සිදුකළ මෙහෙයුම් මගින් හෂීස් කිලෝ 88 කට අධික තොගයක් සමග සැකකරුවන් 9 දෙනෙකු ද, ගෙවී ගිය වසරේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

කේරළ ගංජා සමග හරක්කටාගේ ගෝලයකු අත්අඩංගුවට

(01.01.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, තිහගොඩ පොලිස් වසමේ නාදුගල මහ විද්‍යාලය අසල දී කේරළ ගංජා සමග පුද්ගලයකු අත් අඩංගුවට පත්ව තිබෙනවා.

එහි දී, රුපියල් ලක්ෂ පහලොවකට (15,00,000) අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 08 යි ග්‍රෑම් 360 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු 23 හැවිරිදි මිදිගම, වැලිගම පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මිදිගම චින්තක’ හෙවත් ‘හරක්කටා’ නැමැත්තාගේ ගෝලයකු වන බවටයි, වාර්තා වන්නේ.

මෙහි වැඩිදුර විමර්ශන තිහගොඩ පොලිස් ස්ථානය විසින් සිදු කරනු ඇති.

එමෙන්ම, කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරු අත් අඩංගුවට පත් වන අවස්ථාවේ, රුපියල් ලක්ෂ විස්සකට (20,00,000) අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 14 යි ග්‍රෑම් 925 ක්, ඔහු සන්තකයේ තිබූ බවට සදහන්.

සැකකරු මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් ෴

***************************************

අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයි – විපක්ෂ නායක

(01.01.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව, මෙරට ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හැර ඇති හෙයින් ජාත්‍යන්තරය හරහා හෝ මෙරට අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව වැඩසටහනට තිස්සමහාරාමයේදී එක්වෙමින්.

***************************************

ගෑස් හිඟයකින් තොරව වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර

(01.01.2022 – 13:19 +0530 – hirunews.lk/sinhala)

අද (01) සිට කිලෝග්‍රෑම් 50 දේශීය සිමෙන්ති කොට්ටයක රුපියල් 100 කින් ඉහළ නැංවූ බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව, දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ යනු ඇති.

සංස්ථා, මහවැලි මෙරින්, ටෝකියෝ, සහ අල්ට්‍රාටෙක් යන දේශියව ඇසුරුම් කරන ලද සිමෙන්ති වල මෙලෙස මිළ ගණන් අද සිට ඉහළ යනවා.

මේ වනවිට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල, දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල් 1475 ක් ලෙසයි.

මේ අතර, පාකිස්ථානය සමග වෙළඳ ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ මස අවසන් සතිය තුළදි පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර, අද (01) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් පිපිරිම් වාර්තා වු අතර, ගැස් මිළදි ගැනිම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැදී සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඉදිරි සති තුන (3) ඇතුළත අධිකරණ නියෝගයට අනුව ලිට්රෝ ගැස් හිඟයකින් තොරව වෙළඳ පොළට නිකුත් කිරිමට හැකි බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

එහිදී ඔහු කියා සිටියේ, ලිට්රෝ සමාගමේ සභාපතිවරයා විසින් නියමිත ප්‍රමිතියෙන් යුතුව වෙළඳපොලට ගෑස් සැපයිය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඔහුට තනතුරෙන් ඉවත් වීමට හැකියාව පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *