ගෑස් හිඟයට හේතුව මාෆියාවක් – ලිට්‍රෝ සමාගමේ සභාපති

ගෑස් හිඟයට හේතුව මාෆියාවක් – ලිට්‍රෝ සමාගමේ සභාපති

*********************************************

ගෑස් හිඟයට හේතුව මාෆියාවක් – ලිට්‍රෝ සමාගමේ සභාපති

(05.11.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙන්නේ ගෑස් කර්මාන්තය තුළ මාෆියාවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා අද (05) හෙළි කළා.

මේ පිළිබඳව රට හමුවේ හෙළිදරව් කරන ලෙස ජනාධිපතිවරයා ද තමන්ට දැන්වූ බවයි ඔහු සඳහන් කළේ.

******************************************

ජල හිඟය හේතුවෙන් පීඩාවට පත් කෝන්ගහරුප්ප ගම්වැසියන්

(05.11.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

ජීවිතයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක් වුව ද ජල පහසුකම් නොමැතිව මාස කිහිපයක සිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින ගම්වැසියන් පිරිසක් පිළිබඳව වැල්ලවාය කෝන්ගහරුප්ප ගම්මානයෙන් වාර්තා වනවා.

එම ගම්වැසියන් ගෙවන කටුක දිවිය පිළිබඳවයි අද (05) ‘රතු මිනිත්තුව’.

******************************************

වැව අපිරිසිදු කරන කර්මාන්තශාලාවේ අපජලය

(05.11.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලික කර්මාන්තශාලාවකින් පිට කෙරෙන අපජලය හේතුවෙන් අම්බලන්තොට – කංකානම්ගම වැවේ ජලය අපවිත්‍ර වි ඇති බව ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

******************************************

මුල්ලේරියාවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්ගේ ජංගම දුරකථන 3 ක් සොයා ගැනේ

(05.11.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – මීගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථන 3 ක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (05) සොයාගෙන තිබෙනවා.

ඒ, අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන්ගෙන් පාර්සලයක් ලබාගත් පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදියි.

පසුගිය මස 26 වනදා මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පලා ගිය අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ 42 හැවිරිදි ‘නුවන් මිලින්ද’ නැමැත්තෙක්.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකු ද වනවා.

පසුව වෙඩි තැබූ සැකකරුවන් කඩුවෙල ප්‍රදේශයේදී කිසියම් පාර්සලයක් තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට (2) ලබාදී තිබූ අතර, සී.සී.ටී.වී. දර්ශන උපයෝගි කරගනිමින් එම සැකකරුවන් පසුගියදා නුවරඑළිය – රාගල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ ජංගම දුරකථන තුන (3) අද (05) සොයාගෙන ඇත්තේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ බිරිඳට අයත් රාගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදියි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 30 හැවිරිදි ‘බුද්ධික’ හෙවත් ‘ජිලේ’ නැමති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනුණු ජංගම දුරකථන තුන (3) පරීක්ෂා කර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණ කරගැනීමයි පොලිසියේ සැලසුම වී ඇත්තේ.

මෙම වෙඩි තැබීම සඳහා ගිනි අවි දෙකක් (2) උපයෝගී කරගෙන ඇති බව ද මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා ෴

******************************************

50 ට වී දෙන්න – 100 ට හාල් දෙන්නම් – සහල් මෝල් හිමියන් පිරිසක් කියයි

(05.11.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 50 ට අඩුවෙන් වී මිලදී ගත හැකි වැඩපිලිවෙලක් සකස් කරන්නේ නම් තමන්ට රුපියල් 100 ට සහල් නිකුත් කළ හැකි බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම්, මුදිත් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගත් තීරණය තුලින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි.

මේ අතර, ප්‍රමුඛ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් හා සීනි සතොසෙන් මිලදී ගැනීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශයට පත් කළ නව කොන්දේසි සම්බන්ධයෙන් මේ දිනවල දැඩි සංවාදයක් හට ගෙන තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසන්නේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට කොන්දේසි පැනවීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි.

නව ගැසට් නිවේදනය නිකුත් කරමින් පසුගිය 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 8 ක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තේ.

ගෑස් හා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ද එම අධිකාරිය මීට පෙර කටයුතු කළා. ඊට විරෝධය පළ කරමින් අද (05) සිවිල් සංවිධාන කිහිපයක් පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර, කරවල මිල ගණන් ද තවදුරටත් ඉහළ යා හැකි බව පිටකොටුව කරවල වෙළඳ සංගමයේ සභාපති ආර්.ජී.විල්සන් මහතා සඳහන් කළා.

පෑලියගොඩ මැණිං වෙළඳපොල ඇතුළු පොදු වෙළඳපොලවල එළවළු මිල ගණන් ද තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *