LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ

LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ

*********************************************

LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ

(29.10.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන්ගේ මූලාසනයෙන් අද (29) පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී සිය මංගල සැසිය පැවැත්වීමට මහජන මන්ත්‍රණ සභාව කටයුතු යොදා තිබුණා.

පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සිදු කළ අතර, මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරනු ලැබුවා.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභික, විදුලි ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සහ ජීව බල විදුලි සංගමයේ විදුලි ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ මහතා කෙටි දෙසුම් පැවැත්වූවා.

මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් ‘විජය ධරණී සභාව’ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අදහස් දැක්වනු ලැබුවා.

එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, යුතුකම සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මූලාසන මණ්ඩලය නියෝජනය කළ අතර, මෙම අවස්ථාවට පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වත්හු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද රැසක් එක්ව සිටියා.

++++++++++

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම? – මහජන මන්ත්‍රණ සභාව අද (29)

(29.10.2021 – 07:34 +0530 – lankaleadnews.com)

ජනහිතකාමී හෙටක් උදෙසා – මංගල සැසිය මහජන මන්ත්‍රණ සභාව අද (29) දින සවස 03:00 ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්වේ.

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම? අද (29) සැසියේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා විමට නියමිත බවට වාර්තා වේ.

එහිදි වෘත්තිය වේදින් වෘත්තිය සමිති නායකයින් සහ ගිහි පැවදි විද්වතුන් සහබාගි වන මෙම සභාවේ මුලසුන පා.ම පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, පා.ම තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ, පා.ම ටිරාන් අලස්, පා.ම ඒ.එල්.එම්. අතවුල්ලා, පා.ම අසංග නවරත්න, පා.ම ගෙවිඳු කුමාරතුංග යන දේශපාලන පක්‍ෂ අසුන් ගැනිමට නිමිතයි.

+++++++

+++++++

+++++++

ගෑස් ඒකාධිකාරිය ඇමරිකාවට ලබා නොදිය යුත්තේ ඇයි? – බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා (29.10.2021)

+++++++

‘ඇමති කට්ට’ වෙනුවෙන් හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරෙ ඔබාගෙන ඉන්න අපි සූදානම් නැහැ – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ (29.10.2021)

සජීවී විකාශය :

+++++++

ඇමරිකන් ඒජන්ත බසිලා ගෙන් මව්බිම බේරාගනිමු !

******************************************

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා රත්‍රං තොගයක් සමග CID භාරයට

(29.10.2021 – 20:15 +0530 – sinhala.adaderana.lk)

මරණ දඩුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික ‘දෙමටගොඩ චමින්ද’ගේ සොහොයුරා වන ‘රුවන් චමිල ප්‍රසන්න’ හෙවත් ‘දෙමටගොඩ රුවන්’ අද (29) අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 04 ක් සහ රත්‍රං කිලෝ එකහමාරක (1½) ප්‍රමාණයක්ද එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැටලීමේදී සිය භාරයට ගත්තේය.

ඉන්දියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පසුගිය අප්‍රේල් 10 වනදා එරට මුහුදු සීමාවේදී හෙරෝයින් කිලෝ 300 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම හෙරෝයින් තොගය මෙරටට රැගෙන එමින් තිබූ බවය.

අනතුරුව ඉන්දීය බලධාරීන් විසින් ඒ පිළිබඳ මෙරට මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත දැනුම්දීමෙන් පසුව ඔවුන් මෙරටදී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.

එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පොලිසිය පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ‘දෙමටගොඩ රුවන්’ට රැගෙන එමින් තිබූ ඒවා බවය.

ඒ අනුව ‘රුවන් චමිල ප්‍රසන්න’ හෙවත් ‘දෙමටගොඩ රුවන්’ගේ දෙමටගොඩ, ‘වේලුවන ටෙරසය’ ප්‍රදේශයේ පිහිටි නිවසට අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණියේය.

ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ ඔහු සහා ඔහුගේ දේපළ සිය භාරයට ගැනීම සඳහා ය.

ඒ අනුව ඔහුගේ නිවසේ තිබී ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ ජීප් රථයක් ‘ප්‍රාඩෝ’ වර්ගයේ ජීප් රථයක්, සහ නවතම BMW වර්ගයේ මෝටර් රථ දෙකක් (2) පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබීය.

එමෙන්ම නිවසේ තිබූ රත්‍රං කිලෝ එකහමාරක (1½) පමණ ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් ‘දෙමටගොඩ රුවන්’ විසින් අදාළ දේපල මිලදී ගැනීමේදී මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලියකියවිලි නීතිවිරෝධී ඒවා බැවින් ඔහුව සහ දේපළ සිය භාරයටගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව අදාළ රත්‍රං භාණ්ඩ සහ අධි සුඛෝපභෝගී මෝටර් රථ අද (29) එම කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

සැකකාර ‘දෙමටගොඩ රුවන්’ හෙට (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

******************************************

ඉන්ධන පිරවුම්හළක සිදුවූ මංකොල්ලය – CCTV

(29.10.2021 – 16:09 +0530 – sinhala.adaderana.lk)

අද (29) උදෑසන 6 ට පමණ ඉන්ධන පිරිවුම්හළක මුදල් කොල්ලයක් සිදුවී තිබේ.

ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් එහි සේවකයෙකුට තියුණු ආයුධයක් පෙන්වා එලෙස මුදල් කොල්ලකා ඇත.

සිද්ධිය ඇතිවී තිබෙන්නේ මහරගම ඉන්ධන පිරවුම්හළකදීය.

රුපියල් 45,000 ක මුදලක් එලෙස සැකකරුවන් විසින් කොල්ලකා ඇති අතර තවත් සේවකයෙකු පැමිණීමත් සමග සැකකරුවන් යතුරුපැදිය දමා පළාගොස් තිබුණි.

මුදල් කොල්ලකෑමට පෙර සැකකරුවන් අවස්ථා 3 කදී ඉන්ධන පිරවුම්හළ වෙත පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් කලබලයට පත්වූ සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු මුදල් පසුම්බියද යතුරුපැදියේ දමා පළාගොස් තිබේ.

යතුරුපැදිය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය අද (29) අලුයම බොරලැස්ගමුව වැවපාර ප්‍රදේශයේ නිවසකින් සොරාගෙන ඇති බවය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලීසිය විමර්ශන සිදුකරයි.

සිද්ධිය ඉන්ධන පිරවුම්හළ තුළ ඇති CCTV කැමරාවල සටහන්වී තිබුණි.

******************************************

හිස් ආවරණ නොපැලඳු තරුණයින් මුහුණදුන් අනපේක්ෂිත අනතුර (CCTV)

(29.10.2021 – 10:46 +0530 – sinhala.adaderana.lk)

කහවත්ත, නීලගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) තාප්පයක ගැටී අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරට ලක්වන විට පසුපැදිකරු එක්වරම විසිවී ගොස් බිම ඇදවැටෙන අයුරුද එම දර්ශනවල සටහන්ව ඇත.

යතුරුපැදිකරුගේ පාදය තාප්පය සමග සිරවී තිබෙනු ද එම දර්ශනවල දැක්වේ.

පසුව මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථයක තුවාලකරුවන් කහවත්ත රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

https://www.youtube.com/watch?v=Xty22E5pyuA

******************************************

මගීන් 14 ක් රෝහලට යැවූ බස්රථ අනතුර

(29.10.2021 – 09:46 +0530 – sinhala.adaderana.lk)

මාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක පමණ පහළින් පිහිටි වෙල්යායකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙකු (3) සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු වන බව සඳහන් වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ ෴

******************************************

ප්‍රවීණ ගායිකා චම්පා කල්හාරි මහත්මිය (30.10.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *