පාසල් 3,000 ක් පළමුව විවෘත කිරීමට නිර්දේශ දීම සඳහා තාක්ෂණික කමිටුවක්

පාසල් 3,000 ක් පළමුව විවෘත කිරීමට නිර්දේශ දීම සඳහා තාක්ෂණික කමිටුවක්

*********************************************

පාසල් 3,000 ක් පළමුව විවෘත කිරීමට නිර්දේශ දීම සඳහා තාක්ෂණික කමිටුවක්

(10.09.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

එහිදී, සිසුන් 100 ට අඩු පාසල් 3,000 කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතින බැවින් පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලා ඇති බව සඳහන්.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් නිර්දේශ ලබාදීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 07 කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමිවීමෙන් සිදුවී ඇති බලපෑම මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2,028 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 4,79,664 ලෙසයි දැක්වෙන්නේ ෴

++++++++++++++++++++

(10.09.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ලබන 21 වන අඟහරුවාදා අලුයම 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළැඹුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලබන 21 වනදායින් පසු රට නැවත විවෘත කලහොත් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම සිය අස්වනු දෛනිකව වෙළඳපොලට නිකුත් නිරිමට නොහැකි විමෙන් ගොවින් දැඩි අපහසුතාවයට පත් වි සිටින බැවින් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන, පොහොය දින හැර සියලුම දින වල අඛණ්ඩව විවෘතව තැබිය යුතු බව මෙම රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මේ අතර, එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී දැඩි ලෙස අවධානය යොමු වි තිබෙනවා.

ඒ අනුව ස්පුට්නික් එන්නතෙහි 2 වන මාත්‍රා 1,20,000 ක ප්‍රමාණයක් ඉදිරි සතිය තුල ලැබීමට නියමිත බවයි කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ජංගම එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බව දැඩි ලෙස අවධාරණය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේ එන්නත් ලබා ගැනීමට පසුගාමී වන පිරිස දිරිමත් කිරිම අනිවාර්ය බවයි.

එසේම, 2020 සහ 2021 වසර වල පාසල් නොපැවැත්විමෙන් ලක්ෂ 07 කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනය අහිමිවිම නිසා ඇති බලපැම පිළිබඳව එහිදි අවධානය යොමු වුණා.

ඒ අනුව සිසුන් 100 ට අඩු පාසල් 3000 අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව පවතින බැවින් පළමුව එම පාසල් විවෘත කිරිමට ඇති හැකියාව පිළිබඳව සෞඛ්‍ය සහ අධ්‍යාපන නිළධාරින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් මගික් කඩිනමින් නිර්දේශයක් ලබා දිය යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි උපදෙස් ලබා දි ඇත්තේ.

+++++++++++++++++

(10.09.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 131 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 58 ක් සහ පිරිමින් 73 ක් අයත්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,995 ක් ලෙසටයි. වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) පිරිමි අයෙක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 20 ක් වන අතර ඒ කාන්තාවන් 12 ක් සහ පිරිමි පුද්ගලයන් 8 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 46 ක් සහ පිරිමි පුද්ගලයන් 64 ක් ඊයේ (09) තහවුරු කළ මරණ 131 ට අයත්.

මේ අතර මෙරට තුළ ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදවල විකෘති තත්ත්වයන් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය විසින් සිදුකළ නවතම පර්යේෂණ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 95.8 ක්ම ඩෙල්ටා විකෘති ප්‍රභේදය ආසාදිතවූවන් බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1,512 දෙනෙකු අද (10) දිනයේ සුවය ලබා පිටව ගිය අතර, ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,09,628 ක්.

මේ අතර, දරුවන්ගේ පෝෂණය සහ විවේකය මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දැනුම් දෙනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 804 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම වාර්තා වීමත් සමඟ අද (10) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 2832 ක් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 4,80,468 ක් ෴

++++++++++

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(10.09.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අවිධිමත් ලෙස සිදුවූ වෛද්‍ය පරිපාලනය සම්බන්ධ සේවා ව්‍යවස්ථාවේ සංශෝධනය නිවැරදි කිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය අනුමැතිය ලබාගත් කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම වෙනුවට එහි නීතිමය බාධාවන් ගැන සෙවීමට නීති අංශයට යොමු කිරීම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශයට යොමු කිරීම එම පත්‍රිකාව ක්‍රියාත්මක වීම පමා කිරීම සඳහා ගත් උපක්‍රමයක් බවයි.

එබැවින් එය හෙළාදකින අතර අදාළ කැබිනට් පත්‍රිකාව නිවැරදි ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටියේ.

******************************************

(10.09.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය හදිසි තත්වය මත මෙරට ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස හදිසි නොවන භාණ්ඩ ආනයනයට කොන්දේසි පැනවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එමෙන්ම මෙමගින් අදාළ භාණ්ඩ වල මිල වැඩිවීමක් හෝ හිඟ වීමක් සිදු නොවන අතර විනිමය පාලන ක්‍රමවේදයක් ලෙස පමණක් අදාළ තීරණය ගෙන ඇති බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පවතින මූල්‍ය අර්බුදය හමුවේ විනිමය අනුපාතිකයේ ස්ථාවරයභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකු මුදල් මණ්ඩලය හදිසි නොවන භාණ්ඩ ආනයනයට මෙලෙස කොන්දේසි පනවනු ලැබූවා.

ඒ අනුව මුදල් මණ්ඩලය තීරණය කළේ, ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසිය යටතේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100% ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමටයි.

මේ අනුව යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඊට අදාළ සම්පූර්ණ වටිනාකම ආනයනකරු විසින් වාණිජ බැංකුවක තැන්පත් කළයුතුයි.

ජංගම දුරකථන, විදුලි පංකා, රූපවාහිනී, ශීතරකණ, රෙදිපිළි සහ උපාංග, වායු සමීකරණ, චොක්ලට්, ඇපල්, මිදි, දොඩම්, මෝල්ට්, චීස්, බටර් මෙන්ම මත්පැන් වර්ග සහ දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ ලිපි ද්‍රව්‍ය වැනි භාණ්ඩ 623 ක් ඒ අනුව අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ ලෙස මහ බැංකුව දක්වා තිබුණා.

මෙමගින් විවිධ ක්ෂේත්‍රවල නිරත වන පුද්ගලයන්ගේ ඉපැයීම් සඳහා බලපෑම් එල්ල වන වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවසන්නේ සියයට සියයක (100%) මුදල් තැන්පතු අවශ්‍යතාවය ඉටු කරමින් සිය ව්‍යාපාරික කටයුතු සිදු කිරීම අපහසු වනු ඇති බවයි.

******************************************

(10.09.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඇති කොන්දේසි දැඩි කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස් කිහිපයක් දැන්.

******************************************

(11.09.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ජෙලට්නයිට් කූරු 38 ක් සහ ඩෙටනේටර් 300 ක් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරු සහ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය රත්ගම පොලිසියට බාරදී ඇති අතර ඔහු අද (11) දිනයේ දී ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

******************************************

(11.09.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා (13) පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ඇති බව, හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් වීමට නියමිත බවයි ආරංචි මාර්ග අනාවරණය කළේ.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි පත් කෙරෙන්නේ එම තනතුරේ පවතින බලතල ඉහළ නංවමින් බවට ද වාර්තා පළ වුණා.

ඒ අනුව, නව මහ බැංකු අධිපති ධුරය සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල හිමිවන බව ද සඳහන්.

කෙසේ වෙතත්, අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත්කරන නියෝජිතයා කවුරුන්දැ යි මෙතෙක් නිශ්චිත ව තොරතුරු වාර්තා වෙනනේ නැහැ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයෙකු ලෙස කටයුතු කළා.

මේ අතර, තමන් ලබන අගහරුවාදා (14) සිය ධුයෙන් ඉවත් වෙන බව දැනට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *