‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් විසින් අල්ලාගැනේ …

‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් අල්ලාගනී..

*********************************************

‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් විසින් අල්ලාගැනේ …

(30.08.2021 – 00:02 +0530 – lankacnews.com)

‘ටීවී දෙරණ’ නාලිකාවේ යූටියුබ් නාලිකාව
( https://www.youtube.com/c/TVDeranaOfficial ) සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත.

දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා මේ බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබේ.

ඒ අතරම නාලිකාව අත්පත් කරගන්නා ලද කණ්ඩායම ‘ක්‍රිප්ටෝ නිවුස්’ ලෙස එයි නම වෙනස් කර ඇති අතර මෙතෙක් ඊට එක්කර තිබූ වීඩියෝද ඉවත් කර ඇත.

එම නාලිකාව සතුව ලක්‍ෂ 30 ඉක්වමූ ග‍්‍රාහක පිරිසක් සිටියේය.

https://twitter.com/tvderana

+++++++++++++

++++++++++

Big YouTube accounts are being plagued by hackers promoting Bitcoin scams resembling the hack that compromised Twitter

(04.08.2020 – businessinsider.com)

+++++++++++

++++++++++++

******************************************

(30.08.2021 – 02:28 +0530 – lankacnews.com)

ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදිවන නව කැළණි පාලම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද ශාක ප්‍රභේද රෝපණය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක රෝපණය කිරිමට ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් යෝජනා කරන ලදී.

මෙසේ රෝපණය කරන ශාක වෙත ජලය සැපයීම සදහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් කඩිනමින් ඉදිකරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා ව්‍යාපෘති අධ්‍යක්ෂිකාවට උපදෙස් ලබා දෙන ලදී.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ එළඹෙන සැප්තැම්බර් මස අවසාන වන විට ජනතා අයිතියට පත් කිරිමට නියමිත නව කැළණි පාලම් ව්‍යාපෘතියේ භූමිය අලංකරණය කල යුතු ආකාරය පිළිබදව Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමට සහභාගි වෙමිනි. මෙම රැස්වීම 2021-08-29 වන දින පැවැත්විනි.

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ෂිකා ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

******************************************

බදුර්දින්ගේ UTV රූපවාහිනී නාලිකාව බැසිල්ගේ හිතවතෙකුට?

(29.08.2021 – 17:01 +0530 – truenews.lk)

හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන්ට අයත් UTV රූපවාහිනී නාලිකාව මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂගේ හිතවෙතෙකු විසින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

එම රූපවාහිනී නාලිකාව සඳහා බලපත්‍රය ලබා ගෙන තිබුණේ 2005 වසරේදී වන අතර මෙම UTV රූපවාහිනී නාලිකාව මෙරට ක්‍රියාත්මක වුයේ සැටලයිට් නාලිකාවක් ලෙසයි.

හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම නාලිකාව පවත්වාගෙන යාම සම්බන්ධව මුල්‍යම හා කළමනාකාරිත්වය සම්බන්ධ ගැටළු මත රජයට සම්බන්ධ හිතවත් අයෙකු විසින් පවරාගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම නාලිකාව පවත්වාගෙන යාම සඳහා මාසිකව රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැය කරනු ලැබුවත් වත්මන් රජය පාලන කාලයේදී ඒ සඳහා වෙළඳ දැන්වීම් නොලැබීම නිසා දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබිණි.

යහපාලන රජය පාලන සමය තුළදී කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනයන්හි වෙළඳ දැන්වීම් මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි වෙළඳ දැන්වීම් ලබාගෙන මෙම රූපවාහිනී නාලිකාව පවත්වාගෙන ගොස් තිබේ.

තවද මෙම UTV රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යාම සඳහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව රජයේ අවධානයද යොමු වී තිබු අතර ප 2019 වසරේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු නාලිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය දායකත්වය නොලැබීම නිසා අර්බුද රැසකට මුහුණදීමට සිදුවිය.

මේ අතර UTV රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීමේදී නිතියානුකුල නොවන ලෙස ලේඛණ සකස්කර ඇති බවට සිදුකර ඇති චෝදනා එල්ලවී තිබු අතර එම කරුණු පදනම් කරගනිමින් මෙම පවරා ගැනීම සිදුවන්නට ඇති බවද දැනගන්නට ඇත.

මෙම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා කටයුතු කරයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

******************************************

(30.08.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මහායාන සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද පෞරාණික ස්ථූපයක් තණමල්විල – කිතුල්කොටේ – හේනයාය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ කැණීම්වලින් අනතුරුව යි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ස්ථූපය ක්‍රිස්තු වර්ෂ 6 සහ 8 වන සියවස් අතර කාලයේ දී ඉදිකර ඇති බවට සාක්ෂි මඟින් හෙළි වී ඇති බවයි.

එම ස්ථූපයේ කරඬුව මැටි භාවිතයෙන් නිමවා තිබීම විශේෂත්වයක්.

ස්ථූපය පිහිටා ඇති ස්ථානයට ආසන්නයේ පැරණි ටැම්පිට විහාරයක නටඹුන් පවතින බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අදාළ ස්ථූපය පවතින භූමිය මේ වන විට භාවනා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර එහි භික්ෂූන් වහන්සේලා 50 දෙනෙකු පමණ වැඩ වෙසෙනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

‘එපා එපා මස් කන්නට’ ඇතුළු ජනප්‍රිය ගී රැසක් ලියූ අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වෙයි

(30.08.2021 – 07:40 +0530 – truenews.lk)

ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් විය.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම්. පතිරාජ මහතා කියා සිටියේ, කොරෝනා එන්නත ලද පසුව ඇතිවූ හදිසි අපහසුතාවකින් රෝගාතුරවීම හේතුවෙන්, උන්වහන්සේ අපවත් වූ බවය.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ආනන්ද පද්මසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා..

“‘ලස්සනට පිපුන වනමල්’, ‘එපා එපා මස් කන්නට’ (නිහාල්), ‘රූසිරිය ඈගේ’ (වර්නන්), ‘මුතුමැණිකේ උදේ රැයින්’ (සී.ටී.) වැනි ජනප්‍රිය ගී ලියූ , ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වූ බව ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම් . පතිරාජ මහතා ඉතාමත් සංවේගයෙන් දන්වා සිටී.

ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව ‘මධු බිංදු’ ගී පොත සංස්කරණය කළ අතර පසුව ජෝතිර්වේදියෙකු ලෙසද ක්‍රියා කළේය . පැවිදි වූ පසුව නිහාල් නෙල්සන් මහතා හා එක්ව වාර්ෂිකව ‘ගව අභයදාන පින්කම්’ රාශියක් සිදුකළ උන්වහන්සේ මට අවසන් වරට හමු වූයේ මොරටුවේ ‘නිහාල් නෙල්සන් මාවත’ නම් කළ උළෙලේදීය. ජෝතිෂ්‍යයට අනුව නම් යෙදීමේදී මට ද උන්වහන්සේ සහාය දැක්වූ බව කෘතවේදීව සිහි කරමි.

Covid නිසා මෙන්ම එන්නත නිසාද වටිනා ජීවිත අහිමි වීම බලවත් කනගාටුවකි. ගරුතර මීගහවෙල සුමනශාන්ත නාහිමිපාණන්ට උතුම් නිවන් සුව ලැබේවායි පතන්නෙමි.”

මේ අතර ජනප්‍රිය ගායකයෙකු වූ නිහාල් නෙල්සන් මහතා ද පූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන්, මෙලෙස සටහනක් තබා තිබුණා..

“දෙවෙනි මනමාලයා වූවෙත් මමයි ඔබගේ විවාහේ – මගේ ගමනට දිරිය දුන්නේ ඔබේ ගී පද ප්‍රවාහේ
නෞසිතු විපතකි ඉතින් හද තුළ සතුට සැනසුම නොවෑහේ – සිතින් සිත අද හමා යන්නේ ඔබේ යහගුණ ප්‍රවාහේ

පර උනාදෝ නොසිතු මොහොතක ලස්සනට පිපි වනමල් – අභය දානය ලැබූ ගව සේනාවෙ ඇස්වල කඳුලැල්
සසර මෙය වෙයි කුමක් කරමිද නැගී ආවත් ළතැවුල් – මහිමි නිවනේ නිවේවා මම පතමි පුදලා සුදු මල්”

+++++++

‘ලස්සනට පිපුන වනමල්’
‘එපා එපා මස් කන්නට’

++++++++++++++++++++++

(30.08.2021 – 06:24 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 581 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 85 ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 61,587 ක්.

මේ අතර ඊයේ (29) දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13 ක දී පුද්ගලයින් 1792 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී පරීක්ෂාවට ලක් වූ වාහන සංඛ්‍යාව 805 ක් ෴

++++++++++++++++++

(30.08.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් 150,000 ක පමණ තොගයක් අද (30) අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

අද (30) අලුයම 02:15 ට පමණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++++++

(30.08.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත් එක්ලක්ෂ පනස් දහසක (1,50,000) තොගයක් අද (30) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. මේ අතර නව කොරෝනා මරණ 192 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන් 4,612 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 4,26,169 ක් ලෙසයි.

මේ අතර ඊයේ (29) මෙරටින් වාර්තාවූ නව ආසාදිතයන් 4,612 දෙනාම ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 59,796 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,57,598 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (28) සිදුවූ බවට ඊයේ (29) තහවුරු කරන ලද කොරෝනා මරණ 192 න් 156 ක් ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 36 දෙනෙකුද කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

සමස්ථ සෞඛ්‍ය සේවයේ 6,000 කට කොරෝනා – මහනුවර රෝහලෙන් රෝගී හෙදියන් 250 ක්

(30.08.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

දැනට සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 6,000 කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මහනුවර රෝහලේ පමණක් හෙද නිලධාරීන් 250 කට කොරෝනා ආසාදනය වී ඇති බවයි කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමක වෙනත් රෝග සඳහා රෝහල් ගත වීමට බිය නොවන ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ ෴

++++++++++++++++++

(30.08.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

පාණදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබු දේහ 2 ක් මාරුවීමේ පුවතක් වාර්තා වනවා.

එම රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන හත්වන (7) වාට්ටුවේ සිට මිය ගිය වයස අවුරුදු 89 ක් සහ 93 ක් වයසැති කාන්තාවන් දෙදෙනෙකුගේ (2) මළ සිරුරුයි මෙලෙස මාරු වී ඇත්තේ.

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාවක් පසුගිය 21 වනදා මිය ගොස් ඇති අතර, ඇය වෙනුවට මඩකලපුව – ඔට්ටමාවඩි ප්‍රදේශයේ මිහිදන් කර ඇත්තේ එදිනම මිය ගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවකගේ දේහයක් බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඇගේ ඥාතීන් පාණදුර රෝහලට ගොස් දේහය පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී යී, දේහය මාරු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *