සුවවිරු දරුවන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

සුවවිරු දරුවන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

*********************************************

සුවවිරු දරුවන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

(26.08.2021 – 22:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම නොතකමින් තම දිවි දෙවැනි කොට රෝගී සත්කාර සත්කාර සේවාවක් සඳහා කාර්ය මණ්ඩල ගන්නා උත්සාහය සැමගේ ගෞරවයට පාත්‍රවන්නක්.

නමුත් කොවිඩ් මාරයාගේ බලපෑම නිසා අද වන විට ඔවුන්ගේ සමීපතමින් පත්ව ඇත්තේ දැඩි හුදෙකලා තත්ත්වයකටයි.

වේයන්ගොඩ පදිංචි ගීතිකා කුලසූරිය මහත්මියගේ සැමියා වන අජිත් විරසිංහ මහතා වතුපිටිවල මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ලෙස කටයුතු කර තිබුණේ කොවිඩ් මාරයා සමඟ සටන් කරන රෝගීන් සුවපත් කිරීමට වෙද – හෙද – කාර්ය මණ්ඩල ගන්නා උත්සාහයට සහයක් වෙමින්.

නමුත් කොවිඩ් මාරයා අජිත් මහතාගේ ජීවිතය උදුරාගත්තේ ඔහුගේ ආදරණීය බිරිඳට සැමියා සහ දියණියට සහ පුතුට සෙනෙහෙබර පියෙක් අහිමි කරමින්.

දිනෙන් දින නව ප්‍රභේදයන්ගෙන් බලවත් වන කොවිඩ් මාරයා සමඟ උරෙන් උර ගැටෙමින් තම දිවි දෙවැනි කොට සලකා වෙද හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම තවත් බොහෝ පිරිසක් දැඩි වෙහෙසකාරී සටනක නිරත වනවා.

කොවිඩ් මාරයා කෙතරම් දරුණු තැනකට පැමිණ තිබෙනවාද යත් මේ වන විට ජනතාවගේ සුපුරුදු ජීවන රටාව බොහෝ සෙයින් වෙනස් කිරීමට පවා මේ වෛරසයට හැකිවී තිබෙනවා.

කෙතරම් වැඩ රාජකාරි තිබුණත් පවුල හා දරුවන් යනු ඕනෑම අයෙකුගේ පළමු වගකීමයි.

නමුත් කොවිඩ් සටනේ නිරත සුව විරුවන්ගේ දරුවන් අද නිවෙස්වල හුදෙකලා වී සිටින්නේ ඔවුන්ගේ මව්පියන් සිය දරු පවුල් වෙත ඇති සෙනෙහස අඩුවීම නිසානම් නොවෙයි.

තම දරු පවුල් තනිකර සුවවිරුවන් අදත් මේ මොහොතේදීත් දිවි දෙවැනි කොට නිදිවරමින් ඔබ වෙනුවෙන්ම කැප වී සිටින මේ මොහොතේ අතිශය මානුෂීය වකීමක් ඉටුකරමින්.

ඉතින් අපිත් ඔවුන්ට උදව් කරමුග කොවිඩ් වෛරසය පැරදවීමට සෑමවිටම සෞඛ්‍ය පුරුදු පිළිපදිමු.

++++++++++++++++++++

(26.08.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් අද (26) දිනයේ තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 1075 ක් හමුවී තිබෙනවා.

ඒ අනුව අද (26) දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 4597 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වයිරස් ආසාදිතයන් 4,12,365 ක් හමුවී ඇති අතර ඉන් 52,273 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,51,069 ක්.

මෙරටින් කොරෝනා වයිරසය ආසාදිත මරණ 7948 ක් ද වාර්තා වී තිබෙනවා ෴

++++++++++++++++

(26.08.2021 – 22:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වයිරස් ආසාදිත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ තවත් මරණ 209 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8157 ක් වනවා.

එමෙන්ම කොරෝනා වයිරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව අද (26) වාර්තා කළ මරණ 209 ලෙසටයි සැලකෙන්නේ.

මීට පෙර එක් (1) දිනකදී තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වූයේ 198 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කර අද (26) වාර්තා කළ මරණ අතරට කාන්තාවන් 101 ක් සහ පිරිමින් 108 ක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 31 ක් සහ කාන්තාවන් 15 ක් මේ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 163 ක් වාර්තා වී ඇති අතර ඒ පිරිමින් 77 ක් සහ කාන්තාවන් 86 ක් වශයෙන් ෴

++++++++++++++++++++

(26.08.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala)

මෙම ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

නිරෝධායනය වන ජනතාවට ලබාදෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව ඉන්අනතුරුව අසරණ ජනතාව ඉලක්ක කොටගෙන තවත් මරු පහරක් එල්ල කරමින් එතෙක් ලබාදුන් 5000 දීමනාව වෙනුවට රුපියල් 1998 ක ඊනියා සහන මල්ලක් ලබාදීමට තීරණය කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මෙම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ඔහු අවධාරණය කරන්නේ සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් මිල ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන, ගෑස්, සහල්, ඖෂධ, පාන් ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සහ මහා සංඝ රත්නය අදහස් පළ කළා.

++++++++++++++++++++

හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතා, තිලක් කන්දේගම මහතා, අනෝජ් ද සිල්වා වෙදමහතා එකම වේදිකාවේ (25.08.2021) (පැය 5½)

https://www.youtube.com/watch?v=B0tMNrHFYZA

+++++++++++++++++

(27.08.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 59,621 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13 කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 307 ක් සහ පුද්ගලයින් 515 ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 302 ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 580 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා.

++++++++++++++++++

(27.08.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොර ව සිය දියණියට ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා දුන් වෛද්‍යවරයා සහ එම සිද්ධියට සහාය දුන් පවුල් සෞඛ්‍ය සේවිකාව වහා ම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ෆයිසර් එන්නත ලබා දුන් අදාළ වෛද්‍යවරයාගේ දියණිය දොළොස් (12) හැවිරිදි දැරියක බවට යි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදහස් දැක් වූ පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ, පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය ආශ්‍රිත ව ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකෙරෙන බවයි.

එම විමර්ශනයේ දී හෙළිවන කරුණු අනුව අදාළ වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහි ව වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කියා සිටියා.

මේ සිද්ධියට අදාළ විමර්ශන කිරීමේ දී එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහි දී එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණෙන වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවතට යවනු ලැබූ අවස්ථාවේ දී චෝදනාවට ලක් ව සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව ඇය නැවතත් කැඳවාගෙන විත් එන්නත ලබා දෙන ආකාරය එම සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලි ව දැක්වෙන බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියා.

චෝදනා ලබා සිටින වෛද්‍යවරයාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සිදුකළ දීර්ඝ කරුණු විමසීමේ දී අදාළ වෛද්‍යවරයා මෙම සිද්දිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

මේ අතර කොක්කාවිල එන්නත්කරණ මධ්‍යස්ථානයට පිට පළාත්වලින් පැමිණි අයට එන්නත ලබා දුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද වැඩිදුර පරීක්ෂන සිදු කරන බවත් ප්‍රදේශයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ව ක්‍රියාත්මක වෙද්දී මෙවැනි සිදුවන නීති විරෝධී හා සදාචාර විරෝධී සිදුවීම් ගැන තමා කනගාටු වන බවත් අදාළ චෝදනාවලට වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන බවත් පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියා ෴

(27.08.2021 – 09:02 +0530 – sinhala.adaderana.lk)

හලාවත ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක සිදුවු අක්‍රමිකතාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, අදාළ අක්‍රමිකතාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඊට වරදකරු වුවහොත් ඇයට එරෙහිව නිසි පියවරගත යුතු බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය :

“හලාවත ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක සිදුවු අක්‍රමිකතාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන්න. පුළුල් පරීක්ෂණයක් සිදුකරලා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එහි වැරදිකරුවෙකු වෙනවානම් දෙපාර්තමේන්තු නියෝග ක්‍රියාත්මක කරන්න කියන කාරණය මම මේ අවස්ථාවේ දී ප්‍රකාශකරනවා. ඇත්ත වශයෙන්ම මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නියමිත නිලඇඳුමෙන් නොවේ ඔය සැරසී සිටින්නේ. අපට එයත් ප්‍රශ්නයක් මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්මද කියලා. ඒ නිසා මේ පිළබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන්න.”

++++++++++++++++++

(27.08.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 209 ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8157 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්ම වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ සමඟ ම සමස්ත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවූවා.

ඊයේ (26) තවත් කොරෝනා ආසාදිතයින් 4602 ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,12,370 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා ආසාදිතයන් 2139 දෙනෙකු ඊයේ (26) සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,51,069 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නො කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (26) පැවති සාකච්ඡාවක දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ යැ යි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි.. – ඉරාජ් මධ්‍ය අමතයි..

(27.08.2021 – 09:20 +0530 – lankacnews.com)

මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත.

ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප‍්‍රතිචාර දක්වයි.

පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ උවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.

ඉරාජ්ගේ කණට ගහපු බලවතා කවුද ? ලංකාවේ දේශපාලනයට කවදාවත් රැවටෙන්න එපා ! ඉරාජ් කියපු කතාව :

++++++++++

සංගීත ශිල්පී පේෂල මනෝජ් (26.08.2021)

+++++++++++

https://www.youtube.com/watch?v=fnE0cVhieH0
27-08-2021

******************************************

(27.08.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද (27) දිනයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු විය හැකී.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්වලටත් මි.මී 100 ට වැඩි වැසි ඇති වේ.

ඌව පළාත, මඩකලපුව, අම්පාර, හම්බන්තොට ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලත් විටින් විට මද වැසි බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුර, උතුරු මැද, වයඹ යන ප්‍රදේශවල හා දකුණු පළාත, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැ.කි.මී (40-50) දක්වා වර්ධනය විය හැකී.

ගිගුරුම් සහ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම මුහුදු ප්‍රදේශ මේ නිසා රළු විය හැකියි.

මේ හේතුවෙන් ධිවර හා නාවික ප්‍රජාව අවදානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

******************************************

(27.08.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර, සාකච්ඡාවක් පැවැත්වුණා.

පළමුව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර, ඉන් අනතුරුව තවත් වෘත්තීය සමිති කිහිපයක් ඔහු හමු වී සාකච්ඡා කළා.

ඊට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක් ව සිටියා ෴

******************************************

(27.08.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් ආරක්ෂිත ව සංචරණය කරවීම සහ චලනය කිරීම සඳහා වැදගත් වන ඇඳක් බවට පත් කළ හැකි ආසනයක් මොනරාගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් හඳුන්වා දී තිබෙනවා.

නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් සකසා ඇති මෙම අසුන තුළ කිලෝ ග්‍රෑම් 100 ක් දක්වා වූ ස්කන්ධයක් සහිත ඕනෑ ම රෝගියෙකු සෞඛ්‍යාරක්ෂිත ව එහා මෙහා ගෙන යාමට හැකියි.

එය නිර්මාණය කිරීමට මුල් වී ඇත්තේ මොණරාගල රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය රනිත ජයසුන්දර මහතායි.

මෙම නව නිර්මාණය සඳහා හිමිකම් දැරීමට පේට්න් බලපත්‍ර ලබා ගැනීමට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙරට රෝහල් පද්ධතියේ දැඩිසත්කාර ඒකක තුළ, මෙම ඇඳක් බවට පත් කළ හැකි ආසනය භාවිත කිරීමට සෞඛ්‍ය ආමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන කටයුතු ද ඉදිරියේ දී සිදු කිරීමට නියමිත යි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *