*********************************************
ඊයේ (25) දිනයේ දී කොරෝනා එන්නත් 2,39,000 ක් ලබා දෙයි
(26.08.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,39,650 කට ඊයේ (25) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බවයි.
එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 6332 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 805 දෙනෙකුට ලබා දී තිබෙනවා.
එමෙන්ම, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (25) 73,308 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 48,320 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාවද 196 කට ලබාදී තිබෙනවා.
(26.08.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දින දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි එන්නත්කරණය සිදු වෙනවා.
දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි එන්නත්කරනය සිදු වන පළමු (1) අවස්ථාව මෙයයි.
+++++++++++++++++++
(26.08.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)
මෙරටින් ඊයේ (25) දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයින් 4483 ක් හමු වූ අතර කොරෝනා මරණ 198 ක් වාර්තා වුණා.
තවත් කොරෝනා මරණ 198 ක් ඊයේ (25) සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 7984 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ (25) තහවුරු කළ මිය ගිය පිරිස අතරින් 119 දෙනෙකු පිරිමින් වන අතර, 79 දෙනෙකු කාන්තාවන්.
එසේ ම මිය ගිය 146 දෙනෙකු අවුරුදු 60 ට වැඩි කාණ්ඩයේ පසුවනවා.
ඊයේ (25) තවත් කොරෝනා ආසාදිතයින් 4483 ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 11 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 407,768 ක් දක්වා ඉහළ ගියා.
තවත් කොරෝනා ආසාදිතයන් 2163 දෙනෙකු ඊයේ (25) සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා.
ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,48,930 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ බවට පෙන්නුම්කරමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය වෙනත් නො දන්නා පුද්ගලයෙකුගේ ඡායාරූපයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළා.
කොරෝනා ආසාදිත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැනට සුව අතට පත් වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම, ගම්පොල නගරයේ පදිංචි පස් මස් (5) ගැබිනියකට කොරෝනා ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර කුස තුළ හිඳි දරුවා මියගොස් තිබෙනවා.
දරුවාගේ අවසන් කටයුතු ගම්පොළ නගර සභා පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා ෴
+++++++++++++++++++
(26.08.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)
සත්ත්වයින්ට වැළඳෙන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ‘අයිටර් මැක්ටීන්’ ඹෟෂධය කොරෝනා මර්දනය කිරීම සදහා යොදාගත හැකි බව, පශූ සායනික විද්‍යා මහාචාර්ය පශූ වෛද්‍ය අශෝක දන්ගොල්ල මහතා පවසනවා.
එමෙන්ම, දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේ ද යන්න පිළිබඳ ව තීරණය හෙට (27) ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.
මේ අතර කොවැක්ස් වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලය එක් ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
කොරෝනා එන්නත්කරණයේ වැදගත්කම මෙරට සෞඛ්‍ය බලධාරින් මෙන්ම ලෝක සෞඛය සංවිධානය කිහිපවිටක් ම අවධාරණය කළා.
එන්නත්කරණයෙන් මව්වරුන්ට සිය දරුවන්ගේ රැකවරණය සැලසිමේ හැකියාවක් පවතින බවට ඇමරිකාවේ ෆ්ලොරිඩා සරසවියේ විද්‍යාඥයින් සිදු කළ පර්යේෂණයකින් හෙළි වි තිබෙනවා.
ඒ, පුර්ණ එන්නත්කරණය ලැබූ මව්වරුන්ගේ මව්කිරිවල කොරෝනා වෛරසයට එරෙහි ව සටන් වදින ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයක් පවතින බව අනාවරණය කර ගැනිමෙන්.
අලුත උපන් ළදරුවන්ට වයිරසය එරෙහි ව සටන් වැදිම දුෂ්කර වුවත් එන්නත්කරණය ලැබූ මව්වරුන්ගේ මව්කිරිවලින් ලැබෙන ප්‍රතිදේහ ඔවුන්ට ඒ සඳහා උපකාරි වනු ඇති ෴
+++++++++++++++++
(26.08.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 581 ක් ගත වූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,995 ක්.
මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13 ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ (25) දිනය තුළ බස්නාහිර පළාතට ඇතුළුවන වාහන 559 ක්, පුද්ගලයින් 1027 ක් සහ බස්නාහිර පළාතින් පිටවන වාහන 384 ක්, පුද්ගලයින් 743 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා ෴
+++++++++++++++
(26.08.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)
වයස අවුරුදු 50 ට වැඩි සයිනෝෆාම් එන්නත ලබා නො ගත් පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1 ගුණයකින් වැඩි බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.
එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික්-වී යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවයි ඇය පවසන්නේ.
සිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික්-වී යන විවිධ එන්නත් හතරේ (4) සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමිනු යි මහාචාර්යවරිය මේ අදහස් පළ කළේ.
වයස අවුරුදු 50 ට අඩු එන්නත් නො කළ කොවිඩ් රෝගීන්ගේ මරණ ප්‍රතිශතය සිනොෆාම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත් මෙම අධ්‍යනයේ දී හෙලි වී තිබෙනවා.
පර්යේෂණය උපුටා දක්වමින් මහාචාර්ය මලවිගේ ප්‍රකාශ කළේ සිනොෆාම් එන්නත ලබා ගත් අය අතර පී.සී.ආර්. ධනාත්මක කොවිඩ් -19 රෝගීන් අතර මරණ ප්‍රතිශතය 0.46% ක් වන අතර එය මරණ 112 ක්.
එමෙන්ම ෆයිසර්/බයෝටෙක් එන්නත ලබගත් පුද්ගලයින් අතර මෙලෙස වාර්තා වී ඇත්තේ මරණ තුනක් (3) පමණයි.
එය ප්‍රතිශතාත්මක අගයක් වශයෙන් 0.15% ක්.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් මෙලෙස එක් (1) මරණයක් පමණක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.03% ක්.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්ය මලවිගේ මහත්මිය පවසන්නේ “ඩෙල්ටාවට පෙර සහ පසු කාල සීමාව තුළ එන්නත් නො කළ පුද්ගලයින් හා සසඳන විට එන්නත් හතරේ (4) ම ප්‍රතිඵල මෙම මරණ අඩු කර ගැනීමට ඵලදායී වූ බව අපි නිගමනය කළෙමු” යනුවෙන් ෴
+++++++++++++++++++
කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාගත හැකියි – ඇමති නාමල් කියයි
(26.08.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)
විදෙස් රටවල සංචාරයේ යෙදෙන්නන් සඳහා කෝවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතික පත්‍රය දැන් ලබාග ගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.
මේ අනුව https://covid-19.health.gov.lk/certificate/ දිගුව ඔස්සේ මෙම ස්මාට් එන්නත් කරන සහතික පත්‍රය අවශ්‍ය කරන පුද්ගලයින් හට ලබාගත හැකියි.
ඊට අමතරව පහත දක්වන ඡායාරූපයේ ස්කෑන් කේතය (QR Code) ස්කෑන් කිරීම හරහා ද එම දිගුවට යොමුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@
(26.08.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)
තණමල්විල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ගොඩබිම තුල සිදුවූ කම්පන තත්වයක් නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
ඉන්දියානු සාගරයේ හටගත් භූ කම්පනයක බලපෑමක් මෙම කම්පනය ඇති වීමට හේතු වී තිබෙනවා.
මෙවැනි කම්පන තත්වයන් පිලිබදව ජනතාව දැනුවත්වී සිටීම ඉතා වැදගත් බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ෴
******************************************
(26.08.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)
වෘත්තිය සමිති දැනුවත් නොකර, ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් වන විසඳුම කැබිනට් මණ්ඩලයේ දී තීරණය කිරීම සාධාරණ නොවන බව, ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ලේකම් ජෝශප් ස්ටාලින් මේ බව සඳහන් කළේ අදාළ අමාත්‍ය අනුකමිටු යෝජනා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යි.
ගුරු-විදුහල්පති වැටුප් ගැටලු විසඳුම් යෝජනා ක්‍රියාත්මක කිරීම ඉදිරි අයවැයෙන් ප්‍රකාශයට පත්කර, අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව රජයට නිර්දේශ කර තිබුණා.
ගුරු-විදුහල්පති, ගුරු උපදේශක මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවා ඒකාබද්ධ කර සංවෘත සේවාවක් බවට පත් කිරීමට ද ඇමති අනුකමිටුව යෝජනා කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඊට අදාළ විධිවිධාන නොවැම්බර් මාසය අවසන් වීමට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිමට එමඟින් යෝජනා කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ප්‍රකාශ කළේ අදාළ ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩල තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බවයි ෴
******************************************
(26.08.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රිය පරිගනක දත්ත ගබඩාව අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත පද්ධතිය මෙහෙය වූ පෞද්ගලික සමාගමට එරෙහි ව නඩු පැවරිමට තීරණය කර තිබෙනවා.
ඒ එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාගේ උපදෙස් මතයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පැවැති මෙම දත්ත ගබඩාව මීට දින කිහිපයකට ඉහත දී මැකී ගොස් තිබු අතර, එහි මෙරට ඖෂධ පිළිබඳ නියෝජිත ආයතන පිළිබඳ මෙන්ම නිෂ්පාදන ආයතන පිළිබඳව තොරතුරු අන්තර්ගත ව තිබුණා.
මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴
******************************************
(26.08.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)
ඕස්ට්‍රේලියානු රජයේ ව්‍යාපාරික හවුල්කාරීත්ව ද්විත්වයක්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන බව මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
එය ක්‍රියාත්මක වන්නේ තිරසාර ආර්ථික වර්ධනයට සහ දිලිඳු බව අවම කිරීමේ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රධානත ම වැඩපිළිවළක් වන ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව යටතේ යි.
කුඩා ව්‍යාපාර, අවිධිමත් සේවකයන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව කැපව සිටින බව ද එරට මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴
******************************************
(26.08.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සිය නිරීක්ෂණ හෙළිදරව් කළ ෂෙහාන් මාලක ගමගේ නැමැති පුද්ගලයා අද (26) දෙවන (2) දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඊයේ (25) දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ ශෙහාන් මාලක එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහැරියා.
කෙසේ වෙතත් අද (26) දිනයේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාධ්‍ය හමුවේ දී ඔහු සිදු කළ ප්‍රකාශයන් තහවුරු කිරීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන ද සහිතව යි.
මෙම සියලු ලිපි ලේඛන සමඟින් ශෙහාන් මාලක අද (26) උදෑසන 09:30 ට පමණ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු වුණා.
මේ අතර ඊයේ (25) දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෂෙහාන් මාලකගේ නීතිඥයින් කියා සිටියේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක් වන භාෂණයේ නිදහස අනුව සිය සේවාදායකයා කිසිදු වරදක් සිදුකර නොමැති බවයි ෴
******************************************
(26.08.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා 2021 වසරේ සිට 2030 වසර දක්වා දස (10) අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් පරිසර අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම සැලැස්ම හඳුන්වා දුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (25) බාර දෙනු ලැබුවා.
මේ වනවිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පවතින අවිධිමත් බව සැළකිල්ලට ගෙන ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම මෙමඟින් අපේක්ෂිතයි.
පසුගිය මාර්තු 31 සිට සැෂේ පැකට් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතින් ආශ්රිත නිෂ්පාදන 05 ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගත්තා ෴
******************************************
STF වැටලූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩාව
(26.08.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)
අධිබලැති පුපුරන ද්‍රව්‍ය වන ඇමෝනියම් නයිට්රේට්, ජෙලට් නයිට් කූරු, සේවානූල් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් මාතර සහ ගන්දර පොලිස් බල ප්‍රදේශ දෙක (2) තුළ දී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීම් සිදුකර තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගත බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
ගල් වැඩපොළක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරුවන් මාතර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
+++++++++
මාතරින් සොයාගත් නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය
(26.08.2021 – 19:23 +0530 – sinhala.adaderana.lk)
මාතර, ගන්දර ප්‍රදේශයේ ස්ථානයක නීතිවිරෝධී අයුරින් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බවට ‘අද දෙරණ උකුස්සා’ ට රහසිගත තොරතුරක් ලැබුණි.
දින ගණනක් ඒ පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී උකුස්සාට තහවුරු වූයේ ප්‍රදේශයේ නිවසක පුපුරණ ද්‍රව්‍ය සූක්ෂ්මව ගබඩාකර ඇති බවය.
පසුව උකුස්සා ඒ පිළිබඳව විශේෂ කාර්ය බලකා දකුණු පළාත් ඒකකය වෙත දැනුම් දුනි.
ඒ කන්තලේ විශේෂ කාර්ය බලකා බුද්ධි ඒකකයේ සම්බන්ධීකරණය ඇතිවය.
ඒ අනුව විශේෂ කාර්ය බලකා දකුණු පළාත් ඒකකය එම ස්ථානයට රහසිගතව ඇතුළු වුණි.
සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එහිදී සොයාගත් බව එම නිලධාරීන් පැවසීය.
පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබූ එම ප්‍රදේශයේම තවත් නිවසක් පිළිබඳ මෙහිදි තොරතුරු හෙළිවූ අතර එම නිවස වැටලීම සඳහා තවත් කණ්ඩායමක් අනතුරුව යැවීය.
විශේෂ කාර්ය බලකාය එහි පැමිණෙන බවට තොරතුරු ලැබීමත් සමග එහි සිටි පිරිස් එම පුපුරණ ද්‍රව්‍ය අසල වත්තක සැඟවීමට උත්සාහ කර තිබුණි.
නමුත් එම නිවසේ සිටි කාන්තාවක් ඒ පිළිබඳව තතු නිලධාරීන් හමුවේ අනාවරණ කළාය.
මෙම වැටලීමේදී ඇමෝනියම් නයිට්රේට් කිලෝග්‍රෑම් 3,050 ක විශාල ප්‍රමාණයක් සොයාගැනීමට නිලධාරීන් සමත්විය
එමෙන්ම ජෙලග්නයිට් කූරු 672 ක්, සේවා නූල් මීටර් 500 ක් ද ඔවුන් භාරයට ගත්තේය.
සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් හෙළිකළේ ගල්කොරියක් පවත්වාගෙන යාමේ බලපත්‍රයක් යොදාගනිමින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොග ළඟ තබාගත් බවය.
නමුත් එය ද කල් ඉකුත් වූ බලපත්‍රයක් බව හෙළිවිය.
එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර තිබුණේ ද නීතිවිරෝධි අයුරිනි.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴