ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (27)

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (27)

*********************************************

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය සිකුරාදා (27)

(25.08.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

පවතින නිරෝධානය ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

සිකුරාදා (27) දිනයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමෙන් අනතුරුව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන මරණ ප්‍රමාණයත් අනුව 30 වනදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නොලැබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

සංචරණ සීමා පනවනු ලැබුවේ ජනතාවගේ සංචරණය සීමා කර රෝගීන් අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් වන අතර වයිරසය පැතිරීම වැළැක්විය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තුලින් බව ද අසේල ගුණවර්ධන මහතා කියා සිටියා.

එබැවින් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුල හැකි තාක් නිවෙස්වලට වී සිටින ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

එසේ නොමැති වුව හොත් ඉදිරියට ද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ නිරෝධායන ඇදිරි නීතිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (30) අලුයම 4 ටයි.

මේ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා (28) සහ ඉරිදා (29) යන දින දෙකේ (2) තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, අතරමැදියන් විසින් රැස් කර සඟවා ගෙන සිටින සහල් තොග වැටලීමේ කටයුතු මේ වනවිට පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++

(25.08.2021 – 18:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 3390 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,06,675 ක් ලෙසටයි.

එමෙන්ම, කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 2163 දෙනෙකු අද (25) දිනයේ සුවය ලබා තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,48,930 දක්වා ඉහළ ගියා.

මේවන විට කොරෝනා වයිරස් ආසාදිතයන් 46,605 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර මරණ 7750 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර, කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු කිරිම සඳහා සිදුකළ යුත්තේ පී.සී.ආර්. පරික්ෂණය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කොළඹ අද (25) කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනි ගලප්පත්ති මහත්මිය කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළා.

එසේම, කොරෝනා රෝගින්ට ඇතැම් අවස්ථා වලදි ලබා දෙන ‘ටොසී’ ඖෂධය වයිරස පාලන ඖෂධයක් නොවන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කියා සිටියා.

මේ අතර, මහනුවර ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ඇත්තේ තවත් දැඩි සත්කාර ඇඳන් හතරක් (4) පමණක් බව වාර්තා වනවා.

එසේම, එම රෝහලේ දැඩි නිරීක්ෂණ ඒකක වලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ වලද හිඟයක් පවතින බවයි වාර්තා වුණේ.

එමෙන්ම, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වුවා ෴

අද (25) දිනයේ මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 1082 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (25) හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4472 ක් ෴

+++++++++++++++++++

(25.08.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 198 ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7948 ක්.

ඊයේ (24) තහවුරු කළ මෙම මරණ අතරට පිරිමින් 119 ක් සහ කාන්තාවන් 79 ක් අයත්.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමියෙකු (1) ද මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි 37 ක් සහ කාන්තාවන් 14 ක් මියගොස් තිබෙනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 146 ක් මෙම මරණ 198 අතරට අයත්.

ඒ පිරිමි 81 ක් සහ කාන්තාවන් 65 ක් වශයෙන්.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(25.08.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් පරිගනක ගොනු මිලියනයක පමණ ප්‍රමාණයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

අතුරුදන් වූ පරිගනක ගොනු අතරට ඖෂධ බෙදා හැරීමේ නියෝජිතයන්ගේ තොරතුරු මෙන්ම ඖෂධ ලියාපදිංචියට අදාළ පරිගනක ගොනු වන බවටයි අනාවරණ වී ඇත්තේ.

******************************************

(25.08.2021 – 18:11 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 12 ක් වටිනා කේරළ ගංජා තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අද (25) පෙරවරුවේ කළ වැටලීමකදීයි මෙම ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

ඒ අනුව කොළඹ කොටුව කදිරේෂන් වීදියේදී සැකකරුවෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 3 ක් සොයා ගැණුනා.

එම කේරළ ගංජාවල වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශණ සඳහා කොටුව පොලිසියට භාරදී තිබෙනවා ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක්

(25.08.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පළ කරන විවිධ මතවාද වල සත්‍යතාවක් නොමැති බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පමණක් නොව ඒ සඳහා පදනම් වූ පූර්ව සිද්ධීන් ද විමර්ශනවලදී සැලකිල්ලට ගනු ලබන බවයි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, සහරාන් ඇතුළු පිරිසක් එල්ල කළ පාස්කු ප්‍රහාරය දීර්ඝ කාලීන සැලසුමක එක් පියවරක් පමණක් බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම, විමර්ශනවලට අදාළව මේ වනවිට පුද්ගලයින් 723 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 311 දෙනෙකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබනවා. දුරකථන අංක සංවාද ලක්ෂයක් පමණ විශ්ලේෂණයට ලක් කර ඇති බව ද පොලිස්පතිවරයා අනාවරණ කළා.

ප්‍රහාරයට සම්බන්ධ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ගේ රුපියල් මිලියන 365 ක් වටිනා වත්කම් මේ වනවිට රාජසන්තක කර ඇති බවයි පොලිස්පතිවරයා කියා සිටියේ. තවත් රුපියල් මිලියන 165 ක දේපල තහනමට ලක් කර තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණ්‍ය ඉදිරියේ අධි චෝදනා 11ක් ගොනු කර ඇති අතර, ඉදිරියේ තවත් අධි චෝදනා ගොනු කිරිම සඳහා විමර්ශන ලිපිගොනු අධ්‍යයනය කරන බවයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළේ.

+++++++++++++

පාස්කුව ගැන ආන්දෝලනාමක කතාවක් කියපු තරුණයා CIDයට (25.08.2021)

******************************************

(25.08.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සඳහ සාධාරණ විසඳුමක් ලබාදිය යුතු අතර, එම යෝජනා ක්‍රියාත්මක කිරීම ඉදිරි අයවැයෙන් ප්‍රකාශයට පත් කර අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව රජයට නිර්දේශ කර තිබෙනවා.

අනුකමිටුවේ වාර්තාව පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එහි සාමාජිකයන් වූයේ අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග සහ විමල් වීරවංශ යන මහත්වරුයි.

කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම සැලකිල්ලට ගෙන අදාළ යෝජනා අදියරගතව ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ නිර්දේශය වී තිබෙනවා.

ගුරු විදුහල්පති, ගුරු උපදේශක මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවා ඒකාබද්ධ කර සංවෘත සේවාවක් බවට පත් කිරීමට ද ඇමති අනුකමිටුව යෝජනා කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඊට අදාළ විධිවිධාන නොවැම්බර් මාසය අවසන් වීමට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිමට එමගින් යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනා පිළිබඳව ඉදිරි කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිත අතර කොළඹ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ප්‍රකාශ කළේ අදාල ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩල තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පෙර නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *