අප්‍රමාණ කැපකිරීම් කරමින් කොවිඩ් සමඟ සටනේ යෙදෙන සුවවිරුවෝ

අප්‍රමාණ කැපකිරීම් කරමින් කොවිඩ් සමඟ සටනේ යෙදෙන සුවවිරුවෝ

*********************************************

අප්‍රමාණ කැපකිරීම් කරමින් කොවිඩ් සමඟ සටනේ යෙදෙන සුවවිරුවෝ

(24.08.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ලොවක් වසාගෙන පැතිර ගොස් ඇති කොවිඩ්-19 වසංගතයට ගොදුරු වන පුද්ගලයින් සුවපත් කිරීම සඳහා සුවවිරුවන් කරන මෙහෙය සුළුපටු නැහැ.

අප්‍රමාණ කැපකිරීම් කරමින් සේවයේ යෙදෙන මෙම සුවවිරුවන් පිරිස අපට හමුවුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

+++++++++++++++++++

(24.08.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 2,386 ක් අද (24) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

(24.08.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හමුවේ ඇතැම් පිරිස් රට අරාජික කිරීමට උත්සාහ කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහනසේ මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදි යි.

මේ අතර, පවතින කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු පිරිස් ද අදහස් පළ කළා.

+++++++++++++++++++

(24.08.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

කොළඹ පෞද්ගලික රෝහලකට අයත් නිරෝධායන මධ්‍යස්ථානක මේ වනවිට වෛද්‍ය අධික්ෂණය යත්තේ අමාත්‍යවරයා නිරෝධායන වෙමින් පසුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර අමාත්‍යවරයාගේ දියණියට සිදුකළ කොවිඩ් පරීක්ෂණයක දී ඇයට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ තමා ඇතුළු පවුලේ සියලු දෙනා වෛද්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමුවන බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පසුගිය 22 වනදා පවසා තිබුණා.

තවත් කොවිඩ් ආසාදිතයින් 3,315 ක් අද (24) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 397,670 ක් දක්වා ඉහළ ගියා ෴

(24.08.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දිවයිනේ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 4,55,539 දෙනෙකුට කිසිදු එන්නතක් ලබාදී නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් 3,50,19,190 පමණ සිටින අතර, ඉන් මේ වනවිට එන්නත් මාත්‍රාවක් (1) හෝ ලබා ගෙන ඇති පිරිස 30,63,651 ක්.

අවුරුදු 60 වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් වැඩිම පිරිස වන 64,427 ක් වාර්තා වන්නේ කුරුණැගල දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයේ 60 වැඩි පුද්ගලයින් 36,014 ක් කොරෝනා එන්නත ලබා නොගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ 22,347 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ 39,035 දෙනෙකු එන්නත ලබා ගෙන නොමැති අතර එය කුරුණෑගලින් පසු එන්නත් ලබා නොගත් වැඩිම පිරිසක් සිටින දිස්ත්‍රික්කය වනවා.

කෙසේ වෙතත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කළ නිවේදනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත ලබානොගත් 60 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව 16,677 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ 13,196 දෙනෙක්, මොණරාගල දිස්ත්‍රික්කයේ 17,254 ක් අම්පාර දිස්ත්‍රික්කයේ 28,966 ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 5226 ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 1866 දෙනෙකු එන්නත ලබා ගෙන නොමැති බව සඳහන්.

එමෙන්ම, මාතලේ දිස්ත්‍රික්කයේ 60 වැඩි පුද්ගලයින් 4156 දෙනෙකුට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 25,511 ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 16,252 ක් මෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ 21,676 දෙනෙකු කිසිදු එන්නතක් ලබා ගෙන නොමැති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දත්ත වල දැක්වෙන්නේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පස් වන (5) කොරෝනා රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 2,386 ක් අද (24) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

අද (24) දිනයේදි මේ වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 3315 ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටත් කොරෝනා ආසාදනය වී ඇති බව ද පස්වරුවේ වාර්තා වුණා ෴

අද (24) දිනය තුල දී තවත් කොවිඩ් ආසාදිතයින් 1112 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (24) දිනයේ හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4427 ක්. එමෙන් ම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398,801 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++

(24.08.2021 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විසින් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොවිඩ් අරමුදල’ අද (24) දිනයේ දී ආරම්භ කරනු ලැබුවා.

ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීයි.

ඒ අනුව එම අරමුදලට බැර කෙරෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ චෙක්පත සහ අනෙක් මන්ත්‍රීවරුන්ගේ චෙක්පත් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතාට භාරදීම අද (24) සිදු කළා.

මෙම ගිණුම මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ විවෘත කර ඇති අතර 143100150009171 දරණ ගිණුම් අංකයට අරමුදල් බැර කරමින් මේ හා එක්වන ලෙස නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින්, වෘත්තීය සමිති සවෘදයන්ගෙන් සහ ජාත්‍යන්තරව පිහිටා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතිවල සාමාජිකයින්ගෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++++++++

(24.08.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව ඊයේ (23) මිය ගිය පුද්ගල මරණ 190 ක් අද (24) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 190 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,750 ක් දක්වා ඉහළ ගියා.

අද (24) දිනයේ වාර්තා වූ මරණ අතරට කාන්තා මරණ 77 ක් සහ පිරිමි මරණ 113 ක් වාර්තා වනවා.

මේ අතර වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ 02 ක් ද වාර්තා වීම විශේෂත්වයක් ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

කොවිඩ් ආසාදිත දරුවන්ටත් ‘නිහඬ මාරයා’ගේ අවදානමක්

(24.08.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත දරුවන්ට හටගන්නා ‘සයිලන්ට් හයිෆොක්සියා’ සහ ‘මේ-සින්තමැටික් නියුමෝනියා’ නැමැති නව රෝගී තත්ත්වයන් දෙකක් (2) පිළිබඳව රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී හඳුනාගෙන තිබෙනවා.

එම රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ වැඩිහිටියන් අතර පමණක් මෙතෙක් බහුලව වාර්තා වූ එම රෝගී තත්වයන් මේ වනවිට කොරෝනා ආසාදිත කුඩා දරුවන් අතර ද බහුලව වාර්තා වන බවයි.

මෙම රෝගී තත්වයේ දී ශරීරයේ ඔක්සිජන් මට්ටම විශාල ලෙස පහළ යාමක් සිදුවන බව එම වෛද්‍යවරුන් පවසනවා.

කොරෝනා ආසාදිත දරුවන් 100 දෙනෙකු පමණ මේ වන විට රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

විශේඥ වෛද්‍ය නලින් සී කිතුල්වත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ අවුරුදු 12 ට වැඩි සංකූලතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබා දීමට තීරණය කර ඇති බවයි.

මේ අතර බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සිදු කළ කොරෝනා පරීක්ෂණ 141 කින් 54 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් 26 ක්ම අවුරුදු 15 ට අඩු දරුවන් බවයි ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් දිසානායක මහතා සඳහන් කළේ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(24.08.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

රට වසා දැමීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකර පසුව ඇමතිවරුන් පිරිසක් විසින් එය ලිපියක් මගින් ඉල්ලා සිටීම ප්‍රතිපත්තිගරුක නොවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ‘හිරු ටී.වී සලකුණ’ සංවාදාත්මක වැඩසටහනට ඊයේ (23) එක් වෙමින්.

******************************************

(24.08.2021 – 15:50 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල – දෙමැද ප්‍රදේශයේ දී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු සිය සොහොයුරා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මොහු සිය වැඩිමහල් සොහොයුරා සමඟ නිවසේ සිටිය දී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 45 හැවිරිදි අවිවාහක අයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකාර 54 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ මිතුරෙකු ද අත්අඩංගුවට ගැණුනා ෴

******************************************

(24.08.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

දශක හතරකට (4) වඩා පැරණි මෙරට පැරෂුට් පිමි පැනීමේ ඉතිහාසයේ පළමුවරට දිය මතට පැරෂුට් පිමි පැනීමේ පුහුණු අභ්‍යාසයක් ඊයේ (23) සිදුකෙරුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ සහ විශේෂ බලකාය මෙම පුහුණු අභ්‍යාසයට එක්ව සිටියා.

මාදුරුඔය ජලාශය මත සිදු කෙරුණු මෙම පුහුණු අභ්‍යාසයට ‘මූලික පැරෂුට් පිමි’ සහ ‘නිදහස් ආර’ යන කාණ්ඩ දෙවර්ගයෙන් ම පැරෂුට් බටයන් ජලය මතට පතිත කිරීමේ අභ්‍යාසයන් සිදුකළා.

මෙම විශේෂ ක්‍රියාකාරකම පැවැත්වුණේ සංග්‍රාමික ගුවන් භට සහ පාත් ෆයින්ඩර් (path finder) පුහුණු පාඨමාලාවේ අවසන් අංගය ලෙසයි.

මෙහි දී පැරශුට් භටයින් අඩි 25,000 අඩි 15,000 සහ අඩි 10,000 ආදී විවිධ උස ප්‍රමාණයන්ගෙන් ‘නිදහස් ආර’ පැරශුට් පිමි ක්‍රියාත්මක කළා.

එමෙන්ම, මෙම පුහුණුවේ දී අඩි 1000 සීමාවේ ‘මූලික පැරෂුට් පිමි’ ද ක්‍රියාත්මක කෙරුණා.

මෙම විශේෂ ක්‍රියාන්විත හැකියාව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතරේ බෙදා ගැනීමත් මෙම පුහුණු පාඨමාලාවේ එක් අරමුණක්.

මෙම පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ ක්‍රියාන්විත ඒකකයන් වන යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය මෙන්ම නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණය හා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායන්ට අයත් නිලධාරීන් හා සෙසු නිලයන් එක් වී සිටියා.

******************************************

(24.08.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට තීරණය කර නොමැති බව රජය පවසනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එසේම, විද්‍යුත් සංචරණ සීමා අනුමැතිය මත දිවයිනට පැමිණෙන සංචාරකයින් සදහා දින 180 ක් වලංගු වන පරිදි වීසා බලපත්‍ර ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මීට අමතරව, රජයට අයත් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අලුත්වැඩියා කළ හැකි වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

රජය සතුව පවතින වාහන 82,194 ක් අතුරින් වාහන 76,661 ක් ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5533 ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බව සඳහන්.

එසේම, රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8500 කට පමණ මාසික දීමනාවක් ලබාදී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා භාවිත කිරීම පිණිස ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *