කොවිඩ් ව්‍යාප්තිය සහ රට වසා දැමීම ගැන විවිධ අදහස්

කොවිඩ් ව්‍යාප්තිය සහ රට වසා දැමීම ගැන විවිධ අදහස්

*********************************************

කොවිඩ් ව්‍යාප්තිය සහ රට වසා දැමීම ගැන විවිධ අදහස්

(22.08.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

සම්පූර්ණයෙන් රට වසා දැමීමකින් රජයක් පවත්වාගෙන යා නොහැකි බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පෙන්වා දුන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අපනයන ද පවත්වාගෙන යා යුතු බවයි.

මෙම අවස්ථාවේදී සියලුදෙනා ඒකරාශී වී කටයුතු කිරීම කළ යුතු හොඳම ක්‍රියාව බව ද ඔහු සඳහන් කළා.

මේ අතර වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් අනිවාර්යයෙන්ම සිය වැටුප් හා දීමනා පරිත්‍යාග කළ යුතු බවත් රාජ්‍ය සේවකයින් සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ යුතු බවත් අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

මේ අතර කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

++++++++++++++++++

(22.08.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ඔක්සිජන් ටොන් 100 ක් රැගත් ඉන්දියාවට අයත් ‘ශක්ති’ නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.

එමෙන්ම, ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද හෙට (23) කොළඹට ළඟාවීමට නියමිතයි.

එමෙන්ම මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන තෙවන (3) එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ සදහා ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ෴

(22.08.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

අද (22) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයන් 3,110 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 388,806 ක් දක්වා ඉහළ යනු ඇති.

අද (22) වාර්තාවූ සුවය ලැබූවන් සංඛ්‍යාව 18,769 ක් වන අතර, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ආසාදිතයන්ට අමතරව නිවෙස්වල ප්‍රතිකාර ලැබූවන් සහ බන්ධනාගාර ආශ්‍රිතව ආසාදනය වී සුවය ලැබූ රැඳවියන් පිරිසකගේ දත්තද ඊට ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර ජනගහණයෙන් මිලියනයකට සිදුවන දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව අනුපාතයක් ලෙස ගත්කළ ශ්‍රී ලංකාව මේ වනවිට ලොව, පස්වන (5) ස්ථානයට පැමිණ තිබෙනවා.

කොරෝනා දත්ත වාර්තා කරනු ලබන ‘වර්ල්ඩ් ඕ මීටර්’ වෙබ් අඩවියේ දත්තවලට අනුව මීට දින හතරකට (4) පෙර ශ්‍රී ලංකාව එහි අටවන (8) ස්ථානයේ පසුවුණා.

මේ අතර ඔක්සිජන් ටොන් 100 ක් රැගත් ඉන්දියාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (22) පස්වරුවේ කොළඹ වරාය වෙත සේන්දු වුණා.

එමෙන්ම, ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද හෙට (23) කොළඹට ළඟාවීමට නියමිතයි.

ඇහැලියගොඩ මූලික රෝහලේ වෛද්‍යවරියක් සහ හෙද නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයේ විසිදෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම දෛනිකව කොරෝනා ආසාදනය වීමෙන් රෝහල් රැසකම ධාරිතාව තවදුරටත් ඉක්ම යමින් පවතින බවයි වාර්තාවන්නේ.

එවන් පසුබිමක දියතලාව ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 110 කට පමණ නේවාසික පහසුකම් තිබුණද එහි රඳවා ඇත්තේ 17 දෙනෙකු පමණක් බව වාර්තාවනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීමත් සමඟ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් නිවෙස්වල සිට ප්‍රතිකාර සිදුකිරීම ද මේ වනවිට සිදුවනවා ෴

++++++++++++++++++

(22.08.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් සියයට 99 කට ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාදී අවසන් කර තිබෙනවා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 18,769 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 342,159 ක් ලෙසටයි ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 3,110 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 388,806 ක් ලෙසටයි ෴

++++++++++++++++++

(22.08.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සූදානම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

එම දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාමලේඛනය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව ඔවුන් විසින් අදාළ නාමලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මුදල් අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අදාළ මුදල් යොමු කිරීමෙන් පසු කඩිනමින් එම මුදල ලබාදීමට නියමිතව තිබෙනවා ෴

++++++++++++++++++

(22.08.2021 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ජාතික වගකීම පෙරට ගෙන සියලු දෙනා එක් වී වසංගතයෙන් මිදීමට කටයුතු කර, පටු ආකල්ප වලින් බැහැරව අප සැමගේ ජීවිත ආරක්ෂාව ගැන පමණක් සිතිය යුතු කාලය එළඹ ඇති බව මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් අවධාරණය කරනවා.

+++++++++++++++++++++

ලබන මස (සැප්තැම්බර්) සිට 18 ඉක්මවූවන්ටත් එන්නත්

(22.08.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක් මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර ලබන මස 02 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් සියයට 99 කට ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාදී අවසන් කර තිබෙනවා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා හතරක් (4) හඳුනාගෙන ඇති නමුත්, ඒවා එන්නත්කරණයට කිසිදු අයුරකින් බලපෑම් සිදු නොකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, සියලු විද්‍යුත් මාධ්‍ය එක්ව අද (22) උදෑසන විකාශය කළ සාකච්ඡාවට එක්වෙමින්.

එසේම ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ කොවිඩ් මර්දන එන්නත්කරණ සතියක් අනිද්දා (24) ආරම්භ කරන බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියා සිටියේ.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(22.08.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට අද (22) දහවල් ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙස නියෝග කෙරුණා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (21) සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය අසත්‍යයක් බව පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අදාළ ප්‍රකාශය අසත්‍යයක් බවට අනාවරණ වී ඇති බවයි.

මේ අතර ලෝක වෙළඳපලේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහළ වැටී ඇති බැවින් ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලීමක් කරනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළ ජූනි 11 වනදා බොරතෙල් බැරලයක මිල සහ මේ වනවිට පවතින මිල සංසන්දනය කිරීමේදී සියයට 12කින් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහත වැටී ඇති බවයි.

(22.08.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍ය හමුවක් කැඳවා රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට අද (22) දහවල් ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරු මුදාහරින ලෙසයි.

මෙය අසත්‍යක් බවට පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබූ අතර, ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (21) සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව අද (22) දහවල් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කළා.

සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය වානිජ කළමනාකරු වන තිස්ස විජේවර්ධන ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එම ප්‍රකාශය අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් තෙල් තොග, සංස්ථාව සතුව පවතින බව ඔහු ප්‍රකාශ කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.

ඒ අනුව සැකකරුට ඇප ලබාදුනහොත් මෙවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරියටත් සිදුකරනු ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඉන්ධන අර්බුදයක් පවතින බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල පවා ප්‍රකාශ කර ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සැබෑ තත්වය පැහැදිළි කිරීම වරදක් නොවන බව ආනන්ද පාලිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා අධිකරණයේදී පෙන්වාදී තිබෙනවා.

එහිදි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ හතර – එක (14-1) වගන්තිය යටතේ පුරවැසියන්ට භාෂණයේ නිදහස පවතින බවයි.

******************************************

(22.08.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

සෑම පුරපසළොස්වක පෝය දිනකදී පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 213 වන ධර්ම දේශනාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

අද (22) ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පොකුණුවිට විනයාලංකාරාරාම වාසී ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි නාහිමියන් විසින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උන්වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවති එම ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුලු සීමිත පිරිසක් එක්ව සිටියා.

******************************************

මොරටුව නගරයේ ගින්නක්

(22.08.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක හදිසියේ ගින්නක් ඇතිවී තිබෙනවා.

වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක එම ගින්න ඇතිවී ඇති වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ ගින්න පැතිරීම වලක්වා එය මැඩපවත්වනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *