අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබේ

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබේ

*********************************************

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබේ

(20.08.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසනවා.

මේ අතර අත්‍යාවශ්‍ය සේවා මෙන්ම, ආයෝජන මණ්ඩලයට අයත් ඇගලුම් කර්මාන්තශාලා, කෘෂිකර්මාන්ත කටයුතු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුව ද පවත්වාගෙන යා හැකියි.

එමෙන්ම, ඔසුසැල් විවෘත කර තැබිය හැකි අතර, ඊට අමතර ව අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අදාළ කාලය තුළ බාධාවකින් තොර ව සිදුකරගෙන යා හැකි වනවා.

අධිවේගී මාර්ග, දිවයිනේ සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදි කිරීම් කරන සියලු සේවකයන්ට තම සේවා පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා ෴

++++++++++++++++

ජනපති අද (20) ජාතිය අමතයි

(20.08.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) රාත්‍රී 08:30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

එය ‘හිරු ටී වී’ ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

++++++++

• විශේෂ ප්‍රකාශය :
[ 1 වන කොටස][ 2 වන කොටස][ 3 වන කොටස][ 4 වන කොටස]

++++++++++++++++++

(20.08.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2096 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 320,810 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 377,373 ක් හමුවී ඇති අතර ඉන් 50,373 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 6790 ක් ෴

+++++++++++++++++++

(20.08.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළඳින මුහුණු ආවරණ පාවිච්චි කිරීමෙන් අනතුරුව පරිසරයට මුදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පරිසර පොලීසියට උපදෙස් දී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට ඒවා මුදා හැරීම හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මුහුණු ආවරණ පරිසරයට මුදා හැරීම පාලනය කිරීමේ වගකීම ඊට අදාළ පළාත් පාලන ආයතනවලට පැවරී ඇති බව ද සදහන් ෴

++++++++++++++++++

අත්‍යාවශ්‍ය සේවා සඳහා රැකියාවට යෑමට විශේෂ අවසර පත්‍රයක් අවශ්‍ය ද ?

(20.08.2021 – 16:21 +0530 – sinhala.adaderana.lk)

අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සඳහා මෙන්ම ඖෂධහල් පවත්වාගෙන යෑමට අවසර ලැබෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

හමුදාපතිවරයා පැවසුවේ රැකියා සඳහා යන අය විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවය.

“ඒ සඳහා මාර්ග බාධකවල කටයුතු කරන ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදාවේ නිලධාරීවරුන්ට ඔබගේ අනන්‍යතාවය පෙන්වීමෙන් ඔබට අවසර ලබාගැනීමට හැකියාව ලැබෙනවා”, යනුවෙන්ද ඔහු පැවසීය.

++++++++++++++++

(20.08.2021 – gossiplankanews.com)

අද (20) රාත්‍රි කාලයේ සිට දින 10 කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුකොට බඩු රැස් කරගෙන නිවෙස් බලා යාමට ඇත්තේ පැය 7 කට අඩු කාලයක් පමණක් බව කියමින් සුපිරි වෙළෙඳසල් ඉදිරියේ අධික මහජන තදබදයක් කොළඹ හා තදාසන්න නගර වලින් වාර්තාවේ.

මීට දින දෙකකට (2) පෙර පැනවූ නීති අනුව සියයට 25 ක් පමණක් සුපිරි වෙළෙඳ සලට ඇතුළු කරන නිසා දීර්ඝ පෝලිම් ගැසී තම වාරය එනතුරු සුපිරි වෙළෙඳසල් ඉදිරියේ සවස 03:30 වනවිටත් වාර්තා විය.

මේ තත්වය අද (20) සන්ධ්‍යා කාලය වනවිට තවත් වැඩිවෙතැයි අපේක්ෂා කෙරේ.

නිරෝධායන කාලය තුළ අන්තර්ජාල ඇණවුම් වලට සීමා පනවා නැති අතර භාණ්ඩ රැස් කරගැනීමට අවශ්‍ය අයට එම සේවාවන්ද පාවිච්චි කිරීමට අවසර සලසා ඇත ෴

+++++++++++++++++++

කොරෝනා මර්දන එන්නත් නොගත් මරණ ප්‍රතිශතය 90% ට වැඩියි – නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි

(20.08.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ අතරින් මරණ 5295 ක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයන්ගේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග නිවාරණ ඒකකය විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙළිවී තිබෙනවා.

මෙම වාර්තාවට අනුව කොවිඩ් එන්නත් ලබා නොගෙන මියගිය පුද්ගලයන්ගේ ප්‍රතිශතය 91.7% ක්.

මෙම මරණ අතරින් 417 දෙනෙකු එක් (1) කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයන් බවයි මෙම වාර්තාවට අනුව දැක්වෙන්නේ.

එය සමස්තයක් ලෙස 7.2% ක ප්‍රතිශතයක්.

සිදුව ඇති මරණ 5300 කට ආසන්න ප්‍රමාණයෙන් කොව්ඩ් මර්දන එන්නත් දෙකම (2) ලබාගත් පුද්ගලයන් මියගොස් ඇත්තේ 63 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

මෙම වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන ඇත්තේ අගෝස්තු 13 වනදා දක්වා දිවයිනෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සහ ඒ හේතුවෙන් සිදුවූ මරණ ආශ්‍රිත දත්තයි ෴

+++++++++++++++++++

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනම (3) සහිත රෝගීන්, ලොව පළමු (1) වරට කොළඹින් හමුවේ

(20.08.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනම (3) සහිත ආසාදිතයින් ලොව පළමු වරට මෙරටින් හමුවී තිබෙනවා.

එසේම මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවල දී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය සඳහන් කළේ.

මෙම විකෘතිතා තුනම (3) සහිත ආසාදිතයින් බහුතරය කොළඹින් හමුවී ඇති බව එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

එසේම අදාළ ජාන විකෘතිතා අතරින් එක් විකෘතිතාවයක් මෙරටට ආවේණික එකක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවට සඳහන් වුණේ.

කෙසේ වෙතත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් බොහෝ පිරිස් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් ප්‍රථමයෙන් එය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙනවා.

කෙසේ වෙතත්, ඔහු පවසන්නේ ඩෙල්ටා රෝග ලක්ෂණ මතුවීමට දින 5 ක් ගත වන නමුත්, වෛරසය ආසාදනය වී දින එක හමාරකින් (1½) පසු එය වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වන බවයි.

අවිස්සාවේල්ල – මාදොල ප්‍රදේශයේ නිවසක 75 හැවිරිදි කාන්තාවක් ඊයේ (19) මිය ගොස් ඇති අතර ඇයගේ දියණියට ද කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (19) පස්වරුවේ තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, නිවැසියන් චෝදනා කළේ මිය ගිය කාන්තාවගේ දේහය රැගෙන ගොස් ඇත්තේ අද (20) දහවල් බවයි.

පවතින තත්ත්වය හමුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ද කාර්ය බහුල වි ඇති අතර, එහි තදබදයක් දක්නට ලැබෙනවා.

ඇතැම් මල්ශාලා හිමියන් කොරෝනා මරණ මුදල් ඉපයීමේ ජාවාරමක් බවට පත් කරගෙන ඇති බව අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා සදහන් කළා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළදින මුහුණු ආවරණ පාවිච්චි කිරීමෙන් අනතුරුව පරිසරයට මුදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පරිසර පොලීසියට උපදෙස් දී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට ඒවා මුදා හැරීම හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර අද (20) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 2825 ක් අලුතින් සොයාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

+++++++++++

++++++++++++++++++++

(20.08.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2825 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 377,973 ක් ලෙසට බවයි සෞඛ්‍ය අමාත්‍යශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මෙම ආසාදිතයන්ගෙන් 50,373 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 320,810 ක්. මෙරටින් කොරෝනා මරණ 6790 ක් ද වාර්තාවී තිබෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(20.08.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ මධ්‍යම, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට හෙට (21) සහ අනිද්දා (22) ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලටත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද උපදෙස් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘථ වාහන භාවිතයෙන් වළකින ලෙසට සහ තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙනවා.

හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ෴

******************************************

(20.08.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ද, අමාත්‍ය විමල් විරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ද , අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ද, පසුගිය අඟහරුවාදා (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබෙනවා.

මෙම පක්ෂ තුන (3) වෙන වෙනම, මුදල් අමාත්‍යවරයා හමුවී ඇති අතර එහිදී මෙවර අය-වැය යෝජනා පිළිබඳව සාකච්ඡා කර ඇති බවටයි වාර්තා වන්නේ.

මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අමතරව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ද සාකච්ඡාවට එක්ව තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමද වෙන වෙනම පැවති සාකච්ඡාවලට සහභාගී වී ඇතැයි සඳහන්.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ, මෙවර ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කෙරෙන අතර එහිදී එම පක්ෂද සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා ෴

******************************************

තව මාස 06 කින් එළවළු හිඟයක් … ආහාර හිඟයක් … – නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් අනාවැකියක්

(20.08.2021 – 17:30 +0530 – lankacnews.com)

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලදාම සදහා පමණක් විවෘත කර ඇති බවත්, පිටස්තර පුද්ගලයන්ට ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල්විමට ඉඩ ලබා නොදෙන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත මහතා පැවසිය.

නුවරඑලිය අර්ථික මධ්‍යස්ථානයේදි 19 වනදා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, රජයේ නිකුත් කර තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථායේ කටයුතු පවත්වාගෙන යන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වු නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත මහතා :

“ගිය සතියේ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවළු ලක්ෂ දෙකක්, දෙකහාමාරක් (2 – 2½) පමණ එලියට ගියා. නමුත් මේ වන විට සැහෙන්න අඩු වෙලා තියෙනවා; එකට එකක් වගේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳුන් ගොවින් ගාවට ගිහින් තමයි එලවළු ගන්නේ. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අනවශ්‍ය පුද්ගලයන්ට එන්න දෙන්නේ නැ.

සිල්ලර වෙලදාම 10% වඩා අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික මධ්‍යස්ථානය තුල සිදු කරන්නේ.

රජයෙන් නිකුත් කරලා තියෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව තමයි අපි කටයුතු කරන්නේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල අල හිගයක් තියෙනවා. අනිත් එලවළු සමාන්‍ය මට්ටමේ පවතිනවා.

ආර්ථික මධ්‍යස්ථාන පවතින්නේ ගොවිතැන නිසයි. ගොවිතැනින් ජිවත් වන අය අද දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා පොහොර නොමැති විම නිසා.

රජයෙන් අක්කරයකට පොහොර මිටි 4 ක් විතර දෙනවා. ඒ පොහොර ටිකෙන් අපිට මේක කරන්න බැ.

මේ යන විදිහට ලංකාව තව මාස 06 කින් වගේ දැඩි ආහාර හිගයකට ලක් වෙනවා එලවළු නොමැති විමෙන්.

රජය මේ කරපු වැඩේ හොදයි; නමුත් ඒක කරන්න ඕනෙ ක්‍රමවේදයකට. පසක් කාබනික පොහොර සඳහා හුරු කිරිමට අවුරුදු පහක් (5) පමණ යනවා.”

= හැටන් රංජිත් රාජපක්ෂ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *