මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

*********************************************

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

(11.08.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා ජෛව ආරක්ෂක බුබුළක් යටතේ පොලිස් නිලධාරීන් 5,500 ක් පමණ යොදවා ඇති බව පොලීසිය පවසනවා.

ඒ ඇසළ පෙරහර මංගල්‍යය පිළිබඳව ඊයේ (10) පැවති සාකච්ඡාවකදී.

මෙවර මහනුවර ඇසළ මංගල්‍යය ජනතා සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එහිදී ප්‍රකාශ කළා.

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අනිද්දා (13) විදී සංචාරය කිරිමට නියමිතයි ෴

+++++++++++++++++++

(11.08.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය මගින් පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 138 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 53,942 ක් බවයි.

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 153 දෙනෙකු ද ගෙවුණු පැය 24 තුලදී ආපසු හරවා යවා තිබෙනවා.

ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් සංචරණ සීමා අතර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴

++++++++++++++++++

(11.08.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

ප්‍රජා පොලිස් නිළධාරීන් හා කොළඹ නගර සභාව එක්ව සිදුකරන එන්නත්කරණ වැඩ පිළිවෙළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (11) දිනයේත් පැවැත්වෙනවා.

එකදු මාත්‍රාවක් හෝ නොගත් පුද්ගලයින් හට අද (11) දිනයේදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී දවස පුරා එන්නත ලබා ගැනීමේ හැකියාව පවතිනවා ෴

+++++++++++++++++++++

(11.08.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

පොදු ප්‍රවාහන සේවා නීරෝධායන රීතීන් ගැන සොයා බැලීමට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ඊයේ (11) නිකුත් කළ නව සෞඛ්‍ය නිර්ණායක ක්‍රියාත්මක විම පිළිබද සොයා බැලීමට පොලීසියේ අවධානය විශේෂයෙන් යොමු කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++

(11.08.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අක්කර 3 ක වපසරියකින් යුතු එම භූමියේ කොරෝනා මෘත දේහ 2000 කට වැඩි සංඛ්‍යාවක් භූමදානය කිරීමේ හැකියාව පවතින බවයි.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘතදේහ භූමදාන කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති අතර, ඒ සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මේ වනවිට කොරෝනා මෘත දේහ භූමදාන කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින අතර, තවත් මෘත දේහ 500 කට ආසන්න ප්‍රමාණයක් සඳහා එහි ඉඩකඩ ඉතිරි ව පවතින බවයි සඳහන් වන්නේ.

+++++++++++++++++++

(11.08.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම මත (10) දින රාත්‍රියේ සිට අන්තර් පළාත් අතර සංචරණ සිමා පනවා තිබෙනවා.

මේ නිසා පළාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

අන්තර් පළාත් අතර අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යන පුද්ගලයින්ට සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහනවලට පමණක් පළාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා.

පළාත අතර පෞද්ගලික සහ ලංගම බස් ධාවනය සමාන්‍ය පරිදි සිදු කරන අතර එම බස් රථවල නිරෝධායන උපදෙස්වලට පටහැනි ව මඟීන් රැගෙන යන බස් රථ, මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක් කෙරෙනු ඇති.

++++++++++++++++++++

(11.08.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස මිල නියාමන ගැසට්ටුව හෙට (12) නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය :

“මහජන නියෝජිතයින් සහ රජයක් විදිහට අප මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුයි. ඒ අනුව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡා ගණනාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස. ඒ අනුව හෙට (12) දිනයේ දී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරනු ලබනවා. එතැන් සිට එම මිල ගණන් මේ රටේ බලපැවැත්වෙනවා. ඒ අනුව පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් සාධාරණය අප සිදු කර තිබෙනවා.”

මේ අතර සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී අවධාරණය කර සිටියේ එම පරීක්ෂණ සම්බන්ධයෙන් පාරිභෝගික පැමිණිලි රාශියක් ඉදිරිපත් වී ඇති බවයි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා :

“දිස්ත්‍රික්ක 21 ක පාරිභෝගික නිලධාරීන් රෝහල් 45 ක පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල ගණන් පිළිබදව විමර්ශණයක් කළා. ඒ අනුව රුපියල් 5,500 – 9,750 දක්වා පී.සී.ආර්. පරීක්ෂණ සදහා මුදල් අය කර තිබුනා. ඇන්ටිජන් පරීක්ෂණ සදහා රුපියල් 2,000 සිට 5,550 දක්වා අයකර තිබුනා. මෙය පාරිභෝගික ජනතාවට සිදු කළ අසාධාරණයක්. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ පිළිබදව දීර්ඝ ගණනයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මා වෙත එම මිල ගණන් කොපමණ ද යන්න පිළිබදව නිර්දේශය ලබාදීමට කටයුතු කළා. ඉතාම කෙටි කාලයක් තුල මේ වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී මිල ගණන් නිර්දේශ කිරීමට කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ ස්තූතිය පුද කරනවා.”

+++++++++++++++++

(11.08.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

ඊයේ (10) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2922 හඳුනා ගැණුනා.

ඉන් වැඩිම පිරිස වන 511 දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 402 දෙනෙකු ඊයේ (10) හඳුනා ගැණුනු අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 363 ක්.

එමෙන්ම, ගතවූ දින 5 තුල පමණක් මෙරටින් කොරෝනා මරණ 519 ක් වාර්තා වී තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහල ගොස් ඇත්තේ 5340 ක් ලෙසින්.

මේ අතර, කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අක්කර 3 ක වපසරියකින් යුතු අදාල භූමියේ කොරෝනා මෘත දේහ 2000 කට වැඩි සංඛ්‍යාවක් භූමදානය කිරීමේ හැකියාව පවතින බවයි.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘතදේහ භූමදාන කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති අතර, ඒ සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබා ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

මේ වනවිට කොරෝනා මෘතදේහ භූමදාන කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින අතර, තවත් මෘත දේහ 500 කට ආසන්න ප්‍රමාණයක් සඳහා එහි ඉඩකඩ පවතින බවයි සඳහන් වන්නේ.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (10) දිනයේදී පුද්ගලයින් 428,535 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

ඊයේ (10) දිනයේදී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 27,120 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 18,770 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (10) දිනයේදී පුද්ගලයින් 30,487 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2447 දෙනෙකුට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 118 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 278 දෙනෙකුට ඊයේ (10) ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (11) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ නාරාහේන්පිට යුද හමුදා රෝහල, ගම්පහ මහ රෝහල සහ කළුතර – නාගොඩ මහරෝහලේදීයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් එන්නත් නොගත් කිසිවෙකු තම තොරතුරු, මධ්‍යස්ථාන වෙත සපයා නොමැති නම් හෝ මෙම වැඩසටහන ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 1906 දුරකථන අංකය ඔස්සේ කොව්ඩ්-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතන ලෙස දැනුම් දෙනවා.

මේ අතර, කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය මගින් පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 138 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ අනුව, මීට අදාලව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 53,942 ක්.

ඊයේ (10) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් සංචරණ සීමා අතර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(11.08.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මූල්‍යමය කරුණු පිළිබඳව මහජනතාව සිදු කරන විමසීම් පහසුකිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1935 අංකය ඔස්සේ රාජකාරී වේලාවන් තුල එම විමසීම් සිදු කල හැකි බවයි මහ බැංකුව නිවේදනය කළේ.

මූල්‍යමය කරුණු පිළිබඳව විමසීම් විශාල සංඛ්‍යාවක් දිනකට මහබැංකුව වෙත ලැබෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සහ මනා අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂිතයි.

මේ අතර මිලියන 30,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (11) සිදුකෙරෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 8,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 10,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 12,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

(11.08.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

එරාවුර් – චෙන්කල්ලඩි ප්‍රදේශයේදී සිය 65 හැවිරිදි මව ඝාතනය කළ පුත්‍රයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) පස්වරුවේ බීමතින් නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා සිය මවගේ ගෙල තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර, ඝාතනයට ඔහු යොදා ගත් පිහිය ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

මේ අතර, කඩුවලින් පහරදීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ අපරාධ කල්ලියක සාමාජිකයෙකු යාපනය – තෙල්ලිපලෙයි හිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ කඩු දෙකක් (2), අංක තහඩු රහිත යතුරුපැදි දෙකක් (2) සමඟ සැකකරු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.

පසුව ඔහු මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු යාපනය – කෝපායි ප්‍රදේශයේ සහ අලවෙඩ්ඩි – නාගිනාවන්තෙයි ප්‍රදේශවල සිදුවූ කඩු පහරදීම්වලට සම්බන්ධ බවටයි.

******************************************

(11.08.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කාබනික පොහොර ගොවීන්ට ලබා දීම සඳහා දිවයින පුරා වගා බිම් වල පස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත් ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ගොවීන්ට ලබා දිය යුතු කාබනික පොහොර ප්‍රමාණයන්, ඒ ඒ ප්‍රදේශ වල පසේ පවතින පෝෂක වලට ගැලපෙන පරිදි තීරණය කරන බවයි.

ඒ අනුව මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, ප්‍රමාණවත් පරිදි ජලය නොමැති වීමෙන් තමන් සිදුකල කහ වගාවන් විනාශ වෙමින් පවතින බව පොළොන්නරුව මහවැලි සී කලාපයේ අරලගංවිල ප්‍රදේශයේ කහ වගාකරුවන් පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළේ ජලය සපයන බවට ලබා දුන් පොරොන්දුවක් මත මීට පෙර කහ වගා නොකල බිම් වල ද, මෙවර වගාවන් සිදු කළ ද තමන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබා දීමට මහවැලි අධිකාරිය කටයුතු කර නොමැති බවයි ෴

******************************************

(11.08.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

රජය බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ඉවත් කළ බද්දෙන් කිරිපිටි කිලෝවක පාඩුව රුපියල් 100 ක් පමණ පියවා ගත හැකි බවයි.

කෙසේ වෙතත්, එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යාවශ්‍ය බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දේශීය කිරිපිටි නිෂ්පාදකයන් පවසන්නේ වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

මේ අතර, රට තුල පවතින ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ ගෑස් හිඟයට පිලියමක් ලෙස සිලින්ඩර් ලක්ෂයක් කඩිනමින් වෙළඳපොලට නිකුත් කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *