එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින්

එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින්

*********************************************

එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින්

(07.08.2021 – gossiplankanews.com)

එකදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත්, කොළඹ නගරයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

මීට අමතරව ප්‍රජා පොලිස් කමිටු කොළඹ නගරයේ එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිස් සොයා ගෙස් ඔවුන් එන්නත්කරණය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පිරිස් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත රැගන විත් එන්නත් ලබා දෙන බවයි.

ප්‍රජා පොලිස් කමිටු මැදිහත්වීමෙන් මේ වනවිට 5000 කට ආසන්න පිරිසක් එන්නත්කරණය සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය බලධාරීන් සහ කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

++++++++++++++++++++

‘බ්‍රැන්ඩික්ස් පොකුර’ සහ ‘අවුරුදු පොකුර’ට වඩා ‘හජ්ජි පොකුර’ ඉතා භයානක වෙනවා – ජාතික සංවිධාන එකමුතුව

(07.08.2021 – 20:12 +0530 – lankaleadnews.com)

මේ වන විට ශ්‍රී ලංකාව වෛරස වසංගතය හේතුවෙන් පත්ව තිබෙන තත්වය සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසා සිටියා. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින්,

“බ්‍රැන්ඩික්ස් පොකුර අවස්ථාවේදී ජනාධිපති තුමා නිසි පියවර ගත් නිසා එය පාලනය කරගත හැකි වුනා. ඊට පසුව රෙදි පිළි වෙළෙඳන්ගේ සහ නුවර එලිය හෝටල්කරුවන්ගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් අවුරුදු පොකුර නිර්මාණය කළා. නමුත් බොහෝ අදි මදි කොට කෙසේ හෝ යම් පියවරක් ගත් නිසා එයද පාලනය කර ගත හැකි වූවා.

එහෙත් ‘කවුරු කෙසේ කීවත් රට වසන්න දෙන්න නැහැ’ කියන ජනාධිපති තුමාට වඩා බලවත් පුද්ගලයන් ‘හජ්ජි පොකුර’ නිර්මාණය කළා. ඉන් පසුව හෝ විද්වතුන්ගේ හඬට කන්දී මොළය පාදාගත්තා නම් ‘හජ්ජි පොකුර’ත් පාලනය කළ හැකිව තිබුණා.

නමුත් එන්නත් ගැන වැඩි විශ්වාසය තබා වයිරසය අවතක්සේරු කළ නිසා දැන් එන්නත පරදවා වයිරසය ඉදිරියට ඇවිත්. දැන් අපි ඉන්නේ ඉතා භයානක තැනක. දැන්වත් බලධාරින් මොළය පාදා ගන්නේ නම් මහජනයා ගෙන් සමාව ලැබෙයි. තවත් පමා වුවහොත් ආර්ථිකය ගැන කියමින් වයිරසය පාලනය කිරීමට නිවැරැදි තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදෙන අයට අනාගතයේදී විශාල වන්දියක් ගෙවීමට සිදු වේවි.” යනුවෙන් පවසා සිටියේය ෴

+++++++++++++++++++++

කොරෝනා, පාලනයෙන් ගිලිහී අවසන්.. ඉතිරිව ඇත්තේ සමූහ ආදාහනාගාර ඉදිකිරීම පමණයි..- මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

(07.08.2021 – 22:22 +0530 – lankacnews.com)

අද වන විට කොරෝනා වෛරසය පාලනය මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාලනයෙන් ගිලිහී ගොස් අවසන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දැනට ඉතිරි වී ඇති එකම කාර්යය සමූහ ආදාහනාගාර ඉදිකිරීම පමණක් බවයි.

මේ වන විට කොරෝනා මෘත දේහ ආදාහනය කිරීම පවා විශාල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා පෙන්වාදෙයි.

පවතින තත්ත්වය යටතේ වහාම රට වසා දැමිය යුතු බව ඔහුගේ අදහසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

++++++++++++++++++

මේ ‘මරණ’ නෙවෙයි ‘මිනීමැරුම්’ – වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය – සමිත හිමිගේ අපවත් වීම ගැන සැකයක් (06.08.2021)

++++++++++++++++++++++

(07.08.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

ජපන් රජය විසින් පරිත්‍යාග කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 7,28,000 ක් රැගත් ගුවන් යානය අද (07) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ජපානයේ නරීටා නුවර සිට මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජනාධිපතිවරයා ජපන් රජයෙන් කළ ඉල්ලීමට අනුව මෙම එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන්ට පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, සුගතදාස ක්‍රීඩාංගණය සහ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය යන ස්ථානවලදී එම මාත්‍රාව ලබාදීම අද (07) සිදු කෙරුණා.

මෙරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් හමුදාවන්හි ශ්‍රම දායකත්වයෙන් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටවනු ලැබුවා.

ඒ අනුව පසුගිය 02 වනදා සිට කොළඹ විහාරමහාදේවි පරිශ්‍රයේ 24 පැය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ අතර, එම මධ්‍යස්ථානය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පමණක් ලබාදී ඇති සංඛ්‍යාව 40,795 ක්.

ඒ අනුව අගෝස්තු 02 වන දා සිට මේ දක්වා යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2)මාත්‍රාව මධ්‍යස්ථාන 7 කදී 181,243 දෙනෙකුට ලබාදී තිබෙනවා.

වයස අවුරුදු 60 ට වැඩි සහ 30 ට වැඩි පුද්ගලයන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) හා දෙවන (2) මාත්‍රාව ලබාදීම පනාගොඩ බෝධිරාජාරාමය, වේරහැර පළමු වන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අදත් (07) සිදුකෙරුණා.

ඊට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් 60 ට වැඩි අයට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදීත්, මාතර – මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදීත් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

එම සියළු මධ්‍යස්ථානවල හෙට (08) දිනයේත් උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා එන්නත් ලබාදීමට නියමිතයි. යාපනයේ පැවති උත්සවයක් අතරතුර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර, කොළඹ නගරයේ එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සොයා එන්නත් ලබාදීමේ මෙහෙයුමක් පොලීසිය මගින් අද (07) සිට ආරම්භ කළා.

ප්‍රජා පොලිස් කමිටු මගින් එවැනි පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසකට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහ නගර සභාවේ සහයෝගයෙන් එන්නත්කරණයට ලක් කිරීම සිදු කෙරුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදියි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ආරම්භ කළ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කුමන වර්ගයක හෝ එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 10,871,332 ක්.

ඒ අතරින් පුද්ගලයින් 2,699,350 දෙනෙකු දෙවන (2) මාත්‍රාව ද ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා.

(07.08.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)

සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ එන්නත් වැඩසටහන හෙට (08) දිනයේත් ක්‍රියාවට නංවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ කොළඹ නගරයේ මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට මෙහිදී එන්නත් ලබාගැනීමට හැකියාව ඇති බවයි.

ප්‍රජා පොලිස් නිලධාරීන් සහ පොලිස් ආරක්ෂණ කමිටු නිලධාරීන් විසින් එන්නත් ලබා නොගත් පුද්ගලයන් සොයා ගොස් ඔවුන් දැනුවත් කර එන්නත් මධ්‍යස්ථානය වෙත යොමු කිරීම ද සිදුවනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ කොළඹ නගරයේ සිටින එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකුට සුගතදාස ක්‍රීඩාංගණයේදී එන්නත් ලබාගැනීමට හැකියාව පවතින බවයි ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

දේශිය ආහාර සහ දිවි පැවත්ම කෘතිය දොරට වඩී

(06.08.2021 – 22:43 +0530 – lankaleadnews.com)

දේශිය දැනුම සහ ජනශ්‍රැති විශේෂඥ මතුගම සෙනෙවිරුවන් මහතා විසින් රචිත ‘දේශීය ආහාර සහ දිවි පැවත්ම’ නමින් වු කෘතිය ඊයේ (05) කොබ්බෑකඩුව ගොවි පරියේෂණ ආයතනයේදි එළිදැක්විය.

ජාතික විද්‍යා පදනම මගින් දේශිය දැනුම් පද්ධතියක් සොයා යෑම සඳහා ගනු ලැබු උත්සහායේදි කරන ලද ගවේශණයන් ගේ ප්‍රථිපලයක් ලෙස මෙමෙ ග්‍රන්ථය දොරට වැඩීමට හැකි වු බවත් එහිදි අප විසින් ගම් දනව් වලට යමින් සොයා ගත් දැනුම, අප එකතු කල වාර්තාවන් ලෙස නිකුත් වුනත් ඒවා පොතක ලෙස පල කිරිම විවිධ හේතුනිසා කල් ගියා. අපගේ දේශිය ආහාර සංස්කෘතියක් බිහිකිරිමට මේ පොතේ තොරතුරු ඉවහල් වේවීයැයි මතුගම සෙනෙවිරුවන් මහතා ප්‍රකාශ කලා.

මෙම අවස්ථාවට වැඩමවා වදාළ පුජ්‍ය ඛෙංගමුවේ නාලක නයකහිමි මෙහි මුලසුන හෙබවූහ.

මේ අවස්ථාවේදි ආචාර්‍ය නිමල් ද සිල්වා මහතා සහ මානව හිමිකම් කොමිසමේ සාමාජික ආචාර්ය එම්.එච්. නිමල් කරුණාසිරි මහතා විසින් විද්වත් දෙසුම් පැවත් වු අතර මාලේවන වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය කේ.ඒ. විජේරත්න මහතා විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලදි.

පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව උත්සවය පැවති අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තිකයින්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී සිටියා ෴

******************************************

නිර්මාංශ වෙමු – සතුන්ගේ කිරි බීමෙන් සහ එම කිරි ආහාර වලින් වැළකෙමු – නිරෝගී පින්බර ජීවිතයක් සඳහා … (02.08.2021)

******************************************

(07.08.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව ප්‍රදේශයේ මළ සිරුරු තුනක් (3) හමුවූ නිවසේ එක් ස්ථානයක තිබූ පොතක සටහන් කර තිබූ කරුණක් සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

එම නිවසේ මියගොස් සිටි 28 හැවිරිදි පුද්ගලයා විසින් එය ලියා තබන්නට ඇත් ද යන්න විමර්ශනය කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

එම පුද්ගලයාගේ ජංගම දුරකථනය ද එම පොත අසල තිබී සොයාගෙන තිබෙනවා.

ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මත නිවසක් තුළ සිදුකළ පරීක්ෂාවකදී මියගොස් සිටි 28 හැවිරිදි කාන්තාවක්, ඇයගේ වයස අවුරුදු 10 ක් පමණ වූ පිරිමි දරුවා සහ තවත් 28 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරු සොයා ගැණුනා.

පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඊයේ (06) රාත්‍රී ඇති වූ කිසියම් ආරවුලක් දුරදිගයාමෙන් අදාළ 28 හවිරිදි තරුණයා මෙම කාන්තාව සහ ඇගේ පුත්‍රයා ඝතනය කර ඇති බවයි.

ආරවුල සිදුවන අවස්ථාවේ එහි සිටි 5 හැවිරිදි දරුවෙකු යාබද නිවසට දිව ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.

“පොඩි එක්කෙනා ඇවිත් කිව්වේ අම්මා නැහැ කියලා. ඊට පස්සේ තමයි මම ළමයාව ගත්තේ. අරගෙන ඉවරවෙලා නංගිට කෝල් එක ගත්තා නංගි ෆෝන් එක ආන්සර් කළේ නැහැ. එයාලා තමයි ගෙට ගියේ මම ගෙට ගියේ නැහැ. එයාලා බලනකොට තමයි කිව්වේ මරලා දාලා කියලා.”

ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇගේ නිවස තුළ සිය දිවි හානි කර ගත් තරුණයා අතර අනියම් සබඳතාවක් ද පැවති බවට පොලීසිය සැකපළ කරනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා නාවික හමුදා සේවයේ නියුතුවූවෙකු වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවයි.

ඝාතනයෙන් පසු සිය දිවි හානි කරගත් තරුණයාද ගල්ගමුව – මහනාන්නේරිය ප්‍රදේශයේම පදිංචි අයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෙම මළ සිරුරු රැගෙන ගොස් ඇත්තේ කුරුණැගල රෝහලටයි.

කුරුණෑගල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

******************************************

(07.08.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

ළමුන්ගේ අසභ්‍ය දර්ශණ අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද (07) මෙම නියෝගය ලබාදුන්නේ.

25 හැවිරිදි සැකකරු ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (06) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප 500 ක් පමණ අන්තර්ජාලයට එක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා.

අන්තර්ජාලයට ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශණ එක් කරන පුද්ගලයන් සොයා බැලීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

එම ඒකකය මගින් පසුගිය ජුනි මස 17 වනදා සිට මේ දක්වා ළමුන්ගේ අසභ්‍ය දර්ශණ අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගෙන ඇති අතර ඉන් පළමු සැකකරුවායි මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

අනෙක් සැකකරුවන් ඉදිරි සතිය තුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *