හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි

*********************************************

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි

(30.07.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක ‘විදුහල්පති හිමිනමක්’ දරුවන් අපයෝජනයට ලක්කරන බව එම පාසලේ දරුවන්ගේ මව්පියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ඉටුනෙවන බවට චෝදනා කරමින් මව්පියන් පිරිසක් සහ දරුවන් පිරිසක් හිඟුරක්ගොඩ නගරයේදී විරෝධතාවක නිරත වුණා.

වල්සාදු සහ පොලිස් බල්ලා

******************************************

(30.07.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙලේ සමාගම් දෙකක් (2) පාම් ඔයිල් ආනයනය කිරීමේදී රජයට රුපියල් කෝටි 613 ක පාඩුවක් සිදුව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සිය නවතම වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

නිවැරදි කාණ්ඩ අංක, සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීමෙන් මෙම පාඩුව සිදුව ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව, අදාළ සමාගම් දෙකෙන් 2013 වසරේ සිට සිදුව ඇති මෙම පාඩුව අයකර ගත යුතු බව රජයේ ගිණුම්කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මෙම පාඩුවට අදාළව ආනයන සමාගම් මෙන්ම රේගුවේ ප්‍රධානීන් ද කෝපා කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(30.07.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත තරග සංචාරය අතරතුර විනය වි‍රෝධී අයුරින් ජෛව ආරක්ෂිත බුබුලින් පිටතට පැමිණි බවට එවකට ශ්‍රී ලංකා එක්දින සහ පන්දු 20 කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වුණා.

ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණි මෙම ක්‍රීඩකයින් තිදෙනා (3) මධ්‍යම රාත්‍රීයේදී එංගලන්තයේ ඩරම් හි වීථියක ඉබා ගාතයේ ඇවිද යන අයුරු ක්‍රීඩාලෝලියෙකු විසින් ලබාගත් දර්ශන මගින් තහවුරු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි එංගලන්ත තරග සංචාරය අතරතුරම කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල යළි මෙරටට ගෙන්වා ගැනීමටයි.

ඒ අතරතුර ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පංච (5) පුද්ගල කමිටුවක් නම් කරන්නටයි.

ඒ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් විනය කමිටුව මගින් මෙම ක්‍රීඩකයින් තිදෙනාට (3) චෝදනා පත්‍රයක් ගොනු කළේ ඒ අතරතුරයි.

එම චෝදනා වන්නේ,

1 – කොවිඩ් 19 ආරක්ෂණ මාර්ගෝපදේශ බිඳ දමමින් කණ්ඩායම් කළමනාකරණයේ උපදෙස් සහ රෙගුලාසී උල්ලංඝනය වන සේ කටයුතු කොට කණ්ඩායමේ සාමාජිකයින් සහ එම සංචාරයට සම්බන්ධ වෙනත් අයගේ ආරක්ෂාව අනතුරේ දැමීම.

2 – රාත්‍රී 10:30 වන විට අනිවාර්යයෙන්ම සිය හෝටල් කාමරයේ සිටිය යුතු බවට වන කණ්ඩායම් කළමනාකාරීත්වයේ උපදෙස් හා රෙගුලාසි උල්ලංඝනය කිරීම.

3 – එවැනි ක්‍රියාවන් තුළින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම රටට වන අපකීර්තිමත් වන අයුරින් කටයුතු කිරීමයි.

අදාළ කරුණු 03 පිළිබඳව සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව මගින් මෙම ක්‍රීඩකයින් තිදෙනාට ලබා දියයුතු දඩුවම් ඊයේ (29) නිර්දේශ කළා.

ඒ අතරතුර කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල විසින් ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් තමන් අතින් සිදුවූ වරද පිළිගෙන තිබුණා.

මේ අනුව ක්‍රිකට් විනය කමිටුව විසින් නිර්දේශ කර ඇති බවට වාර්තා වුණේ කුසල් මෙන්ඩිස්ට සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක (2) තරග තහනමක් පනවන්නටත්, නිරෝෂන් දික්වැල්ලට වසර එක හමාරක (1½) තහනමක් පනවන්නටයි.

මීට අමතරව එක් අයෙකුට අමෙරිකානු ඩොලර් 25,000 බැගින් දඩ පනවන්නටත් නිර්දේශ කර තිබුණා.

මෙම නිර්දේශයන් අද (30) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යොමු කළ අතර එහිදී ඔවුන් විසින් තීරණය කළේ කුසල් මෙන්ඩිස්ට, ධනුෂ්ක ගුණතිලකට සහ නිරෝෂන් දික්වැල්ලට වසරක (1) ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවන්නටයි.

එමෙන්ම ඔවුන් තිදෙනා (3) සදහා මාස 06 ක දේශීය ක්‍රිකට් තහනමක් ද පනවා තිබෙනවා.

මීට අමතරව එක් (1) අයකුට රුපියල් මිලියන 10 බැගින් වූ දඩ මුදලක් පැනවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමි වුණා.

තහනම ක්‍රියාත්මක කාලය ඇතුළත කුසල්ටල දික්වැල්ලට සහ ධනුෂ්කට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ විය නොහැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයකු යටතේ උපදේශනය ලැබීම අනිවාර්ය කර තිබෙනවා.

++++++++++

******************************************

(30.07.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 50 ට අඩුවෙන් මිලදී නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමකදීයි.

මේ අතර, වකුගඩු රෝග වලට හේතු වන රසායනික පොහොර භාවිතයට එරෙහිව පොල්පිතිගම රෝහල අසල අද (30) විරෝධතාවයක් පැවැත්වුණා.

එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ වකුගඩු රෝගීන්ගේ පවුල් වල ඥාතීන් පිරිසක් විසින්.

ඊට ප්‍රදේශයේ ආගමික නායකයින්, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ගොවි ජනතාවද එක්ව සිටියා.

කෙසේ වෙතත්, රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය සමග පොහොර නොමැති වීමෙන් වගාවන් සිදු කර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් අදත් (30) විරෝධතා වල නිරත වුණා.

******************************************

(30.07.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ආර්ථිකය ස්ථාවර අවස්ථාවලදීත් මුදල් මුද්‍රණය සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

******************************************

(30.07.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමඟ එම සීමා ලිහිල් කර ගැනීමට වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමඟ අද (30) පැවති සාකච්ඡාවකදීයි.

සංචාරක හෝටල් හිමියන් ගුවන් සමාගම් නියෝජිතයන් සහ සංචාරක නියෝජිත ආයතන වල සාමාජිකයින් එම අවස්ථාවට එක්වුණා.

සංචාරක කර්මාන්තය යළි සක්‍රිය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛන්ඩව ලබාදීමට සූදානම් බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී කියා සිටියේ.

******************************************

(30.07.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ගුරු සංගම් සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් වෙළද අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවැත් වුණා.

සිය ඉල්ලීම් සඳහා විසඳුමක් නොමැති පසුබිමකයි ගුරු සංගම් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිළ , බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙලෙස හමුවුණේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීමට සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ වර්ජනය අද (30) ක්‍රියාත්මක වුණේ අඛණ්ඩව 19 වැනි දිනටයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය සහ වෘත්තීය සමිති කිහිපයක් එක්ව සංවිධාන කළ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සෙත්පිරිපාය ඉදිරිටදී අද (30) සිදු කෙරුණා.

ගුරු වර්ජනයට සහය පළ කරමින් අදත් (30) ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

******************************************

(30.07.2021 – 21:44 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවට එරෙහිව පැවති පන්දුවාර විස්ස තරඟාවලිය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවති තරඟ තුනකින් (3) සමන්විත පන්දුවාර විස්ස (20) තරඟාවලිය තරඟ දෙකට එකක් (2-1) ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු නොවුණහොත් ජනතාව මහපාරට ගෙන එනවා – සිරිල් ගාමිණී පියතුමන්

(30.07.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණය ඉටු නොවුණහොත් ජනතාව මහපාරට ගෙන එන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේබව සඳහන් කළේ අද (30) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්.

@@@@@@@@@@@@@@@

(30.07.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අසාදිත තවත් මරණ 56 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 4380 ක් දක්වා ඉහළ ගියා.

අද (30) දිනයේ වාර්තාවන මෙම මරණ 56 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) දින තහවුරු කරන ලද ඒවා වනවා. ඉන් 38ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 18 ක් වනවා.

වාර්තා වූ මරණ 56 න් 41 ක්ම අවුරුදු 60 ඉක්මවූවන් වීමත් විශේෂත්වයක් ෴

++++++++++++++++++++

කොවිෂීල්ඩ් එන්නතේ කාර්යක්ෂමතාව ගැන දේශීය පර්යේෂණයකින් හෙළි වූ කරුණු

(30.07.2021 – 16:37 +0530 – sinhala.adaderana.lk)

කොවිෂීල්ඩ් එක් (1) මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16 කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව ශ්‍රී ලංකා පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ, එම පුද්ගලයින් ප්‍රමාද වී හෝ දෙවන (2) මාත්‍රාව ලබාගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

කොවිෂීල්ඩ් එක් (1) මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයන්ගේ ප්‍රතිදේහ නිර්මාණය වීම සියයට 93.4 ක් වන බව ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *