අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු

අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු

*********************************************

අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු

(30.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පසුගියදා අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශය ආශ්‍රිත පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, අදාල සිසුවාගේ ඡායාරූප සහ තොරතුරු ශ්‍රී පාද ප්‍රදේශය ආශ්‍රිත සියලු ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන අවන්හල් වෙත ලබා දී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.

අදාළ සිසුවා රැගෙන ගොස් ඇති සිය සොහොයුරාගේ ජංගම දුරකථනයේ පෙර පැවති සිම් කාඩ්පතද ඔහු විසින් ඉවත් කර ඇති අතර දුරකථනයට අනන්‍ය වූ ඛේත අංකය ද පවුලේ සාමාජිකයන්ට සොයා ගැනීමට හැකි වී නැහැ.

ඒ හේතුවෙන් අතුරුදන් වූ සිසුවා භාවිතා කරන ජංගම දුරකථනයේ සංඥා වාර්තා ලබා ගැනීමට ගැටලු සහගත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, ඔහු භාවිතා කරන දුරකථනයේ සංඛේත අංකය ලබා ගැනීම සඳහා එහි පෙර පැවති සිම් කාඩ්පත අයත් දුරකථන සමාගමේ සහය ලබා ගනිමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

පසුගියදා මෙලෙස අතුරුදන් වුණේ රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බවද සඳහන්.

අදාළ සිසුවා පසුගිය 24 වනදා සෙනසුරාදා රාත්‍රියේ සිය වැඩිමහල් සොහොයුරා සමග නින්දට ගොස් ඇති අතර පසුව තම ඇදුම් බෑගය, සිය සොහොයුරාගේ ජංගම දුරකථනය සහ රුපියල් 20,000 ක මුදලක් ද රැගෙන නිවසෙන් පිටත්ව ගොස් තිබුණා.

අදාළ ප්‍රදේශයේ සිදුකල සී.සී.ටී.වී. දත්ත පරීක්ෂා කිරීම් වලදී අදාල සිසුවා අලුයම් කාලයේ තනිවම මාර්ගයේ ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබුණා.

ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ලඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ.

දරුවා නිවසින් පිටත්ව යන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින් :

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා ශ්‍රී පාදය වන්දනා කර යළි අතුරුදන් වෙයි

(30.07.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයෙන් අතුරුදන්වූ දරුවා ශ්‍රී පාද ප්‍රදේශයට පැමිණි ඇති බව අනාවරණය වීමත් සමඟ පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 26 වනදා රත්නපුර පළාබද්දල මාර්ගය ඔස්සේ දහවල් කාලයේදී ශ්‍රී පාදය තරණය කර ඇති අතර දහවල් 1 ට පමණ ඔහු මළුවට පැමිණ ඇති බවයි මේ වනවිට වාර්තා වී ඇත්තේ.

ශ්‍රී පාද මළුවේ මුරකරු මෙම දරුවාගේ අසාමාන්‍ය හැසිරීම ගැන සැකසිතා ඔහුගෙන් ප්‍රශ්න කළ විට දරුවා පවසා ඇත්තේ තමන් නිවසට නොදන්වා ශ්‍රී පාදය තරණය කිරීම සඳහා පැමිණි බවයි.

එවිට මේ දිනවල ශ්‍රී පාද සිද්ධස්ථානය වසා ඇති බැවින් එතුළට ගොස් වන්දනා කිරීමේ අවස්තාවක් ලබාදිය නොහැකි බව ශ්‍රී පාදස්ථානයේ මුරකරු විසින් පවසා තිබෙනවා.

මෙහිදී මුරකරු විසින් දරුවා ආගිය තැන් විමසන අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් මහරගම සිටින මිතුරෙකු මුණගැසීම සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඉන් පසුව හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ ඔහු පහළට බැස ඇති අතර සවස 5 ට පමණ නල්ලතන්ණියට පැමිණ ඇති අතර ඉන් පසුව නැවතත් ඔහු අතුරුදන්ව තිබෙනවා.

රත්නපුර පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මේ දරුවා පසුගිය දිනවලදී ලංකාවේ මාර්ග සිතියමක් මිලදී ගැනීමට අවශ්‍ය බව නිවසට දන්වා ඇති බවයි.

ඒ අනුව පොලිසිය සැකකරන්නේ මොහු යම්කිසි සැලැස්මකට අනුව නිවසින් පිටත්ව මාර්ග සිතියම භාවිත කරමින් ඔහුගේ මිතුරා මුණගැසීමට ගොස් ඇත්දැයි යන්නයි.

එමෙන්ම ඔහු සන්තකයේ ඇති ජංගම දුරකතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අදාල දුරකථන සමාගම සමඟ නිරන්තර සම්බන්ධයෙන් සිටින බවත් අදාළ උසස් පොලිස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළේ.

අදාළ සිසුවා රැගෙන ගොස් ඇති සිය සොහොයුරාගේ ජංගම දුරකථනයේ පෙර පැවති සිම් කාඩ්පතද ඔහු විසින් ඉවත් කර ඇති අතර දුරකථනයට අනන්‍ය වූ ඛේත අංකය ද පවුලේ සාමාජිකයන්ට සොයා ගැනීමට හැකි වී නැහැ.

ඒ හේතුවෙන් අතුරුදන් වූ සිසුවා භාවිතා කරන ජංගම දුරකථනයේ සංඥා වාර්තා ලබා ගැනීමට ගැටලු සහගත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, ඔහු භාවිතා කරන දුරකථනයේ සංඛේත අංකය ලබා ගැනීම සඳහා එහි පෙර පැවති සිම් කාඩ්පත අයත් දුරකථන සමාගමේ සහය ලබා ගනිමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

පසුගියදා මෙලෙස අතුරුදන් වුණේ රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බවද සඳහන්.

අදාළ සිසුවා පසුගිය 24 වන සෙනසුරාදා රාත්‍රියේ සිය වැඩිමහල් සොහොයුරා සමග නින්දට ගොස් ඇති අතර පසුව තම ඇදුම් බෑගය, සිය සොහොයුරාගේ ජංගම දුරකථනය සහ රුපියල් 20,000 ක මුදලක් ද රැගෙන නිවසෙන් පිටත්ව ගොස් තිබුණා.

අදාළ ප්‍රදේශයේ සිදුකල CCTV දත්ත පරීක්ෂා කිරීම් වලදී අදාල සිසුවා අලුයම් කාලයේ තනිවම මාර්ගයේ ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබුණා.

ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ලගම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ ෴

******************************************

(30.07.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද (30) ගොඩගැනීමට නියමිතයි.

ඒ, දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.

නිරෝධායන උපදෙස්වලට අනුකූලව උදෑසන 08:30 ට පමණ ඒ සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ සහ නුවරඑලිය මහේස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ දේහය ගොඩගැනීමට නියමිත අතර, පසුව එය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29) කරුණු වාර්තා කළා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2010 වසරේ සිට සේවය කර ඇති මෙහෙකාරියන් 11 දෙනාගෙන් පස් දෙනෙකු (5) ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි හිෂාලිනී දැරිය එම නිවසේදී පිළිස්සී මිය යාමේ සිද්ධිය පිළිබඳව මේ දිනවල දේශපාලන කරළියේ විවිධ අදහස් පළ වනවා ෴

(30.07.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය මෙහෙකාර දැරියගේ (16) දේහය, අධිකරණ නියෝගය මත ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

[ සේයාරූ ]

[ සේයාරූ ]

******************************************

(30.07.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට පත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මෙම කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් 25 දෙනෙකු නම් කර ඇති අතර, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි සභාපතිවරයා ලෙසත්, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහි ලේකම්වරයා ලෙසත් නම් කර තිබෙනවා.

රසායනික පොහොර, ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීම සහ නව ගෝලීය ආර්ථික රටාව තුළ ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම සඳහා පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළ ගැස්වීම මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණක්.

+———

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සුවිශේෂී ප්‍රමුඛතා සහ අදාළ ආයතන හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජූලි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන්ට ශ්‍රී ලංකා පොලිසියේ සේවා මට්ටම ඉහළ නැංවීම, මත්ද්‍රව්‍ය උවදුරින් නිදහස් කර ගැනීමේ වැඩපිලිවෙල සඳහා සහායක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අන්තවාදය සහ ත්‍රස්තවාදී කටයුතු වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අයත් වනවා.

ඊට අමතරව ජනජීවිතය සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා සමාජ විරෝධී ක්‍රියා හා අපරාධ මර්දනය, විශේෂයෙන් කාන්තාවන්ට හා දරුවන්ට නිදහසේ තම ජීවිතය ගත කිරීමට අවශ්‍ය රැකවරණ සැමවිටම පවත්වාගෙන යෑම සුවිශේෂී ප්‍රමුඛතාවන්ට අයත් වනවා.

මෙම ගැසට් පත්‍රය මගින් අදාළ ආයතනික නෛතික රාමුව යටතේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා මගින් ක්‍රියාත්මක කළ යුතු නීති හා අණපනත්ද දක්වා තිබෙනවා.

ඒ යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදා රාජ්‍ය බුද්ධි සේවාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් ලෙස ඇකඩමි ඔෆ් ෆිනෑන්ෂල් ස්ටඩීස් හෙවත් මිලෝදා ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ යුතු නීති හා අණ පනත් මෙම ගැසට් පත්‍රයේ සඳහන්.

ඒ අනුව එම ආයතන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත, ත්‍රිවිධ හමුදා අණපනත්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු පනත, උදර්පන නීතිය, පීඩාකාරී අවි පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මහජන ආරක්ෂක පනත සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතන පනත ආදී අණ පනත් හා නීති ක්‍රියාත්මක කළ යුතු වනවා ෴

******************************************

(30.07.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් මිලියන 60 කට ආසන්න ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නැවත අලෙවි කිරීමට මහබැංකුව ඊයේ (29) සමත් වී තිබෙනවා.

ඒ ඩොලර් මිලියන 106.5 ක වටිනාකමින් යුත් කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින් සියයට 44 ක ප්‍රතිශතයක්.

එහිදී වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ මාස 9 කින් කල් පිරෙන ඩොලර් මිලියන 48.3 ක වටිනාකමකින් යුත් බැඳුම්කර වන අතර, ඒ සඳහා ප්‍රකාශිත පොලී අනුපාතය සියයට 7.69 ක් බවයි මහබැංකු දත්ත මගින් පෙනී යන්නේ ෴

******************************************

(30.07.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(30.07.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අදත් (30) ක්‍රියාත්මකයි.

මේ අතර අදත් (30) දිවයිනේ විවිධ ප්‍රදේශවල ගුරු විදුහල්පති වර්ජනයට සහය පළ කරමින් විරෝධතා සංවිධාන කර තිබුණා.

@@@@@@@@@@@@@@

(30.07.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 52,626 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම, ඊයේ (29) දිනය තුළ පළාත් සීමා හරහා ගමන් කළ පුද්ගලයින් 8307 දෙනෙකු සහ වාහන 4226 ක් පරීක්ෂාවට ලක් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම අද (30) උදෑසන හයේ (6) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා ෴

+++++++++++++++++++

(30.07.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින 7 දී ජනගහණයට සාපේක්ෂව කොරෝනා මර්දන එන්නත්කරණය සිදු කිරීම අතින් ශ්‍රී ලංකාව ලොව පළමු (1) ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර, ඊයේ (29) දිනයේදී ලබා දුන් කොරෝනා මර්දන එන්නත් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියේ යළි මෙරට එන්නත්කරණ වාර්තාව අලු‍ත් කරමින්.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (29) දිනයේදී එන්නත් මාත්‍රා 5,15,830 ක් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ යටතේ පුද්ගලයින් 418,494 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබීමත් විශේෂත්වයක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 56,738 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 38,430 දෙනෙකුට ලබාදී ඇති අතර මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2,186 දෙනෙකුට ගෙවුණු දිනයේදී ලබා දී තිබෙනවා.

මේ අතර, ගතවූ දින 7 තුලදී ජනගහණයට සාපේක්ෂව කොරෝනා මර්දන එන්නත් ලබාදීම අතින් ශ්‍රී ලංකාව ලොව පළමු (1) ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ පුද්ගලයින් 100 දෙනෙකු අතරින් එන්නත් ලැබූ සංඛ්‍යාවේ සාමාන්‍ය සැලකූ විටයි.

මෙම දර්ශකයේ දෙවැනි (2) ස්ථානය ඉක්වදෝරයට හිමිවන අතර චීනය තුන්වැනි (3) ස්ථානයේ පසුවනවා.

ඊයේ (29) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,370 ක් හඳුනාගත්තේ දින 36 කට පසු යළි දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා යමින්.

අවසන් වරට කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවා ගොස් තිබුණේ පසුගිය ජූනි 23 වැනිදායි.

බස්නාහිර පලාතේ රෝහල් වලට රෝග ලක්ෂණ සහිතව පැමිණෙන කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (30) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හේතුවෙන් ඒ ආශ්‍රිතව කොරෝනා වෛරස ව්‍යාප්තියක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *