වර්ජනයේ නිරත ගුරු සංගම්වලට හෙට (20) සාකච්ඡාවක්

වර්ජනයේ නිරත ගුරු සංගම්වලට හෙට (20) සාකච්ඡාවක්

*********************************************

වර්ජනයේ නිරත ගුරු සංගම්වලට හෙට (20) සාකච්ඡාවක්

(19.07.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති සංගම් වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර සාකච්ඡාවක් හෙට (20) පැවැත්වීමට නියමිතයි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ මෙම සාකච්ඡාව මගින් ද සිය ගැටලු වලට විසදුම් නොලැබෙන්නේ නම් ලබන බ්‍රහස්පතින්දා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි.

වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද (19) 8 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර ලක් දනවි විදුලි බලාගාරයේ සියයට 40 ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වලට එළඹෙන බව විදුලි සේවක සංගමය පවසනවා.

එහි සභාපති රන්ජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ෴

******************************************

(19.07.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිලිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මීට අමතරව, ජනතාව හා සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155 ක් මෙම කාරක සභාවට ඉදිරිපත් වී ඇති බවයි.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය 15 වනදායින් අවසන් කෙරුණා.

ඉදිරිපත්වූ යෝජනා ඉදිරියේදී පැවැත්වෙන විශේෂ කාරක සභා රැස්වීම් වලදී අවධානයට ලක් කිරිමට නියමිතයි.

මෙම විශේෂ කාරක සභාවේ මීළග රැස්වීම ලබන 28 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි ෴

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 10 වන දිනය අද (19) යි ෴

******************************************

(19.07.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් මේ දිනවල නිරීක්ෂණය වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

මේ වසරේදී දැනට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 7 ක්.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 15,272 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 4,600 ක වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය කියා සිටියේ ෴

******************************************

(19.07.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වනවා.

පෙරවරු 10 සිට පස්වරු 05:30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට (20) 2 වන දිනයටද විවාදය පවත්වා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කරනු ඇති.

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළා.

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ (18) රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

එම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ අපේ ජනබලපක්ෂය ඇතුලු පක්ෂ රැසක නියෝජිතයින් එක්ව තිබෙනවා ෴

******************************************

(19.07.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට අනවසරයෙන් පුද්ගලයින් හතරදෙනෙකු (4) රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරාය නගරය සහ කොළඹ වරාය අතර, ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයන සමාගමක හිමිකරුවෙකු වන මෙම චීන ජාතිකයා සමඟ අනෙක් හතර දෙනා (4) ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වරාය තුළට පිවිසීමේදී අනුගමනය කළ යුතු අවසර පත්‍ර ලබාගැනීමකින් තොරව මොහු මෙම පිරිස මෙලෙස වරාය තුළට රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා වෙරළබඩ පොලීසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(19.07.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 75 කට වැඩි පිරිසකට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම පක්ෂ මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ පක්ෂයේ රැස්වීම්වලට සහභාගි නොවීම, සංවිධායකවරු සමඟ එක්ව කටයුතු නොකිරීම මෙන්ම පක්ෂයේ එකඟතාවන්ට පටහැනිව කටයුතු කිරීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකරන බවයි.

මේ අතර ඊයේ (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත්පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු කැඳවා විනය පරික්ෂණ සිදුකර තිබුණා.

පසුගිය මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහය නොදක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය දැක්වූ බවටයි එම මන්ත්‍රිවරුන් 16 දෙනාට චෝදනා එල්ලවී ඇත්තේ ෴

******************************************

(19.07.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ ශ්‍රම ඉල්ලුම හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමග බිඳ වැටුණු ආර්ථිකය ඉහළ ඵලදායිතාවකට රැගෙන යාමේ අරමුණින් මෙම සමීක්ෂණය සිදුකරන බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

උසස් පෙළට සහ ශිෂ්‍යත්වයට දින නියම වෙයි

(19.07.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදා පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ නොවැම්බර් 15 වනදා සිට උසස් පෙළ විභාගය ආරම්භ වන බවයි.

දෙසැම්බර් 10 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූයේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා කඩිනමින් ඉවත් කරන ලෙස ඉල්ලමින්.

ඊට ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු සංගම් 17 ක් එක්ව සිටියා ෴

ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ, ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 07 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා ෴

++++++++

******************************************

(19.07.2021 – 09:23 +0530 – sinhala.adaderana.lk)

අද (19) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ බලා ධාවනය වු වාහන හේතුවෙන් වැලිපැන්න ප්‍රවේශය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අප වාර්තාකරු පවසා සිටියේ, ‍උදෑසන පැමිණි වාහන පරීක්ෂාවට ලක්කර කර අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කිලෝමීටර දෙකක් (2) පමණ දිග වාහන පෝළිම් දක්නට ලැබුණු බවය.

******************************************

මාස 16 ක් පුරා රන් භාණ්ඩ කොල්ල කෑ ‘හොනට් සුද්දා’ අත්අඩංගුවට

(18.07.2021 – 14:19 +0530 – sinhala.adaderana.lk)

රට පුරා මාස 16 ක් පුරා රන් භාණ්ඩ කොල්ල කෑ සංවිධානාත්මක ජාලයක් නීතියේ රැහැනට හසුව තිබේ.

එම කොල්ලකරුවන් පොලිස් කොට්ඨාස 6 ක රන් භාණ්ඩ සොරාගෙන ඇත්තේ වෙළෙඳසැල් සහ නිවෙස්වලිනි.

පසුගියදා උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේදී නිරීක්ෂණ සංචාරයක නිරත ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සැක සහිත යතුරු පැදියක් නැවැත්වීමට යාමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් එය අතහැර පළාගොස් තිබේ.

ප්‍රදේශයේ CCTV දර්ශන හා ජංගම දුරකථන වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශන අනුව රූමස්සල ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැණුනේ වෙනත් යතුරු පැදියකින් යමින් සිටියදී ය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ යතුරුපැදි හා රන් ආභරණ සොරාගැනීමේ සිද්ධීන් 12 ක ප්‍රධාන සැකකරුවෙක් වන ‘චලිත් හර්ෂණ’ හෙවත් ‘හොනට් සුද්දා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන උඩුගම, සිදන් හාමිනේ වත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පසුව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වන්නේ, ගල්කිස්ස, තණමල්විල, කළුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවල, පයාගල, බේරුවල හා අගුරුවාතොට යන ප්‍රදේශ 6 න් පසුගිය වසරේ මාර්තු මස සිට යතුරු පැදි 6 ක් සොරාගෙන ඇති බවය.

එලෙස සොරාගත් යතුරු පැදි හා අංක තහඩු භාවිත කරමින් ඔවුන් සිදුකළ රන් කොල්ලකෑම් රැසක් අනාවරණ වන්නේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණවලදී ය.

ඒ අනුව ඔවුන් වැලිපැන්න‍, මිද්දෙණිය, පාදුක්ක, කලවාන, ඇහැලියගොඩ සහ මොණරාගල ප්‍රදේශවල නිවෙස්වලින් හා රන් භාණ්ඩ අලෙවි සැල්වලින් රන් භාණ්ඩ සොරාගෙන තිබුණි.

ඔවුන් මෙලෙස සොරාගෙන ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් 68 ලක්ෂයකට අධිකය.

අත්අඩංගුවට ගැණුනු ‘හොනට් සුද්දා’ කළ අනාවරණය අනුව ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු (1) ද අත්අඩංගුවට පත්ව තිබේ.

‘හොනට් සුද්දා’ සෑම සොරකමකින් පසුව රණ් භාණ්ඩ ලබාදී තිබුණේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයාටය.

එම රන් භාණ්ඩවලින් කොටසක් මේ වන විට සොයාගෙන තිබේ.

එම සංවිධානාත්මක ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

******************************************

අද දෙරණ උකුස්සා : ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉවත්කළ වාහන අඩු මිලට විකුණන බව පවසා සිදුකරන ජාවාරමක් හෙළිවෙයි

(17.07.2021 – 20:47 +0530 – sinhala.adaderana.lk)

වෙන්දේසි කිරීම සඳහා ඉවත් කරන ක්‍රීඩා අමාත්‍යංශයේ මෝටර් රථ වාහන අඩු මිලට අලෙවි කරන බව පවසමින් පුද්ගලයන් රවටා මුදල් ගසාකන පුද්ගලයෙකු පිළිබඳව ‘අද දෙරණ උකුස්සාට’ තොරතුරු අනාවරණ විය.

ඒ අනුව අදාළ පුද්ගලයාව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට ‘උකුස්සා’ ට හැකිවිය.

එහිදී කතාබහ කරගත් පරිදි උකුස්සා නිට්ටඹුව නගරයේදී ජවාරම්කරුව හමුවිය.

ඔහු තමාව හඳුන්වා දුන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙසය.

පසුව ඔහු වාහන අලෙවිය සිදුවන ආකාරය පැහැදිලි කළේය.

ජාවාරම්කරු මුදල් ලබාගත් බව සනාථ කරන ලියවිල්ලකට ද අත්සන් තබන්නේ විශ්වාසය තහවුරු කිරීම සඳහාය.

අප පෙර සූදානම් කරගත් පරිදි සූක්ෂම දැනුම්දීමක් අනු මේ අවස්ථාවේදී නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සැකකරුගෙන් ප්‍රශ්නකිරීම් ආරම්භ කළේය.

තමන් ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකයෙකු නොවන බව එම අවස්ථාවේ ඔහු පිළිගත්තේය.

ක්‍රීඩා අමාතයංශයේ වෙන්දේසි කරන මෝටර් රථ අඩු මුදලට ලබා දෙන බව පවසා මෙම පුද්ගලයා වාහන ගැනුම්කරුවන් රැසකගෙන් මුදල් වංචා කරඇති බවද මෙහිදී අනාවරණ විය.

ඉදිරියේදීත් මෙවැනි කූඨ ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකර දීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන් පසුවේ.

******************************************

උඩුවේ ධම්මාලෝක – දොඩම්පහල රාහුල හිමිවරුන් එක වේදිකාවක මතගැටුමක …

(18.07.2021 – 22:22 +0530 – lankacnews.com)

කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම වේදිකාවක සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් අතර අද (18) පරස්පර අදහස් පළවිය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් තණමල්විල බෝදාගම ප්‍රදේශයක පැවති වැඩසටහනක වේදිකාවක දී මෙම තත්ත්වය උදාවිය.

නමුත් දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව කියා සිටියහ.

@@@@@@@@@@@@@@@

(19.07.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,420 දෙනෙකු ඊයේ (18) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 284,932 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (18) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1,402 කු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද නව ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 24,523 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,56,616 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) වාර්තා කළ පෙරේදා (17) සිදුවූ බවට තහවුරු කළ මරණ සංඛ්‍යාව 46 ක්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,779 ක් ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදීගත් ඇමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් අද (19) කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද (19) අලුයම 02:15 ට පමණ මේවා දිවයිනට රැගෙන ආ බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා මෙරටට ලැබී ඇති මුළු ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 124,200 ක්.

එමෙන්ම සිනොවැක් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීමට එකඟත්වය පල නොකරමින් එහි විශේෂඥ කමිටුවේ සාමාජිකයන් 3 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ යන අය මෙලෙස ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග තාවකාලිකව නවතා දමා තිබූ එහි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (19) සිට යළි ආරම්භ කරනවා.

මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 41 ඉක්මවා තිබෙනවා.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දහ නව කෝටි එකොලොස් ලක්ෂ අනූ හතරදහස් හාරසිය පනස් හතක් (19,11,94,457) දක්වා ඉහළ ගියා.

ගතවූ පැය විසි හතරේ (24) ලොව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තාවන අතර, එය දැක්වුණේ 1,093 ක් ලෙසයි.

වැඩිම ආසාදිතයන් බ්‍රිතාන්‍යයෙන් වාර්තාවුණා. එය දැක්වුණේ 48,161 ක් ලෙසයි ෴

+++++++++++++++++++++

(19.07.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (18) පුද්ගලයින් 94,291 කට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 71,674 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 10,816 ක්.

එමෙන්ම ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව 1,713 කට ලබා දී තිබෙනවා.

මේ අතර මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 10,088 දෙනෙකුට ඊයේ (18) ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *