එක පවුලේ 5 ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…

එක පවුලේ 5 ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…

*********************************************

එක පවුලේ 5 ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…

(14.07.2021 – 10:00 +0530 – lankacnews.com)

එකම පවුලේ පස්දෙනෙකු (5) කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සදහන් කරයි.

ලොව වෙනත් කිසිම රටක එකම රට පවුලේ පස්දෙනකු (5) අමාත්‍ය මන්ඩලයේ නියෝජනය නොකරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල පැවති යහපාලන රජයට වඩා අධික ලෙස මිල ඉහළ ගිහින් ඉහළ ගොස් ඇති බවත් එනිසා ජනතාව අධික පීඩනයක සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාවගේ ආදායම් මාර්ග අඩු වී ගොස් ඇති බවත් රැකියා අහිමිවී ගොස් ඇති බවද පැවසූ ඔහු දෛනික ආදායම් ලැබූ අයගේ ආදායම් අහිමිව ගොස් ඇතැයිද කියා සිටියේය.

******************************************

‘එහෙම දෙයක් වුනේ ඇයි ?’ – අවසානයේ කොටුවේ හිමි අවුරුදු 15 ක දැරිවි ගැන හෙළිකරයි – ඇත්ත කතාව (14.07.2021)

******************************************

(14.07.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරු වල ශීඝ්‍ර වැඩිවීක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම ඊයේ (13) දිනයේ දී රිය අනතුරු මරණ 10 ක් වාර්තා වී තිබෙනවා.

එම රිය අනතුරුවලින් මරණ හතක්ම (7) සිදුව ඇත්තේ යතුරු පැදිවලින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(14.07.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනයේදීත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ වැටලීමකදී මන්නාරම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 420 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(14.07.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ප්‍රදේශ රැසක කොල්ලකෑම් සිදු කළ පුද්ගලයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) පස්වරුවේ වත්තල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් මොවුන් කුරුණෑගල සහ වත්තල – සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් කලක සිට පොලිස් නිළධාරින් ලෙස ව්‍යාජ අන්දමින් පෙනි සිටිමින් පුද්ගලයින්ට අත්විලංගු දමා ජනතාව නොමැති ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකනු ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව, ඔවුන් අත්අඩංගුවට ගත් අතර එහිදි එක් සැකකරුවෙකු සතුව ව්‍යාජ ලෙස සකස් කරන ලද පොලිස් හැදුනුම්පතක් තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරුවන් සතුව තිබූ රත්‍රං ග්‍රෑම් 40 ක්, අත්විලංගු දෙකක් (2) සහ යතුරුපැදි දෙකක් (2) පොලිස් භාරයට ගනු ලැබුවා. සැකකරුවන් හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

******************************************

(14.07.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ 04 දිනටත් වීථි සංචාරය කළා.

මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී පිටවීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදී දේව චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුවයි වීථි සංචාරය ආරම්භ කළේ ෴

******************************************

(14.07.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 88 වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ, ඉතාලියෙන් සහ ඉන්දියාවෙන් මෙරටට කුරීයර් සේවාවක් හරහා එවා තිබූ පාර්සල් දෙකක (2) තිබීයදීයි.

කොටහේන සහ කොළඹ 07 යන ලිපිනයන් වෙත මෙම පාර්සල් ඒවා තිබූ අතර, එහි හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 534 ක් තිබී සොයා ගෙන තිබුණා.

මීට අමතරව මර්ජුවානා හෂීස් කාණ්ඩයට අයත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 320 ක්ද රේගු නිලධාරින් සොයා ගෙන තිබුණා.

චොක්ලට් සහ පාවහන්වල සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය මෙරටට ඒවා තිබු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(14.07.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු (1) අදියරේ ඉදිකිරීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සඳුඳා (19) සහ අඟහරුවාදා (20) යන දිනවලදී පැවැත්වීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@@@

(14.07.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 09 ක ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය අද (14) පෙරවරු හයේ (06:00) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඒ අනුව ගම්පහ, කළුතර, යාපනය, බදුල්ල, නුවරඑලිය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල මීට පෙර හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය ඉවත් කළ බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූව වත්ත එලෙස හුදෙකලාබවින් නිදහස් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ගොඩකවෙල, රත්නපුර, ඇහැලියගොඩ සහ නිවිතිගල පොලිස් වසම්වල හුදෙකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවයද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

+++++++++++++++++++++

(14.07.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුල පුද්ගයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 49,837 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(14.07.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ලිහිල් කිරිමට සමගාමීව අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කරන පිරිස් වෙනුවෙන් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අද (14) සිට සීමා සහිතව ආරම්භ වුණා. කෙසේ වෙතත්, පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, අන්තර් පළාත් දුර ගමන් සේවා දුම්රිය 14 ක් යොදවා තිබුණා. මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ අද (14) දිනයේදී පළාත් අතර සීමා සහිතව බස්රථ සහ දුම්රිය ධාවනය වුව ද පළාත් මායිම්වල පරීක්ෂා කිරීම් කටයුතු දිගටම සිදුකෙරෙන බවයි.

සෞඛ්‍යාරක්ෂිතව දුම්රිය තුල ගමන් කරන ලෙසට ද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මගීන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, ඊයේ (13) දින වාද්දුවේ සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද ස්ථානයේදී මුහුණු ආවරණ නොමැතිව ඊට ඇතුළු වීමට උත්සාහ කළ දෙදෙනෙකුට (2) දුම්රිය නියාමකවරයෙකු අවවාද කිරිමත් සමඟ ඔවුන් දෙදෙනා (2) එම නියාමකවරයාට පහරදී තිබුණා.

කෙසේ වෙතත්, පසුව දෙහිවල පොලීසිය මගින් තරුණයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇති අතර අද (14) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, අවසර නොමැතිව පළාත් මායිම් උල්ලංඝනය කර පැමිණි පිරිස් යළි හරවා යැවීමේ කටයුතු ඊයේ (13) දිනයේදීත් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

++++++++++++++++++++++

(14.07.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,413 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 2,77,519 ක් ලෙසයි.

ඊයේ (13) වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,404 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ (13) දිනයේදි ආසාදිතයින් 1,328 දෙනෙකු සුවය ලැබු අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 2,47,569 ක් ලෙසයි.

එසේම, පසුගිය 12 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 41 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,574 ක් දක්වා ඉහළ යනවා.

එසේම, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය ලබන 27 වනදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, ලබන සිකුරාදා මොඩර්නා එන්නත් ලක්ෂ 15 ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. කොවැක්ස් පහසුකම යටතේ ඇමරිකාවේ සිට එම එන්නත් තොගය මෙරටට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එලෙස ලැබෙන මොඩර්නා එන්නත් ලක්ෂ 15 න්, හත් ලක්ෂ පනස් දහසක් (7,50,000) පළමු (1) මාත්‍රාව ලෙසත්, අනෙක් එන්නත් මාත්‍රා හත් ලක්ෂ පනස් දහස (7,50,000) දෙවන (2) මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ෴

+++++++++++++++++++++++

(14.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

තමන් ඇතුළු පිරිස නිරෝධායනයට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඉල්ලීමක් කරනවා.

මේ අතර, ඔහු ඇතුළු පිරිස යොමු කර සිටින මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (13) දිනයේදී මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ ඇති බවටද වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් අප මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ මීට අදාළව ප්‍රධාන කාර්යාලය වෙත වාර්තාවක් යොමුකළ බවයි.

මේ අතර, කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තිය සමිති පෙරේදා (12) ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි ෴

++++++++++++++++++++

(14.07.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම නාවික හමුදා කඳවුරේ පිහිටා ඇති අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 248 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, මේ දක්වා දිනක් (1) තුල මෙරට ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (13) ලබා දෙනු ලැබුවා. එලෙස ලබාදුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3,37,445 ක්.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව දිනක් තුළදී පළමු වතාවට ඊයේ (13) එන්නත් මාත්‍රා ලක්ෂ 03 ඉක්මවා ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.

ඒ අනුව, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (13) පුද්ගලයින් 2,89,122 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 32,385 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද ඊයේ (13) පුද්ගලයින් 15,202 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 700 ක් සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 36 දෙනෙකුටද ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඊයේ (13) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1413 දෙනා ගෙන් වැඩිම සංඛ්‍යාව මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මන්නාරම නාවික හමුදා කඳවුරේ පිහිටා ඇති අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් මෙම පිරිස වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මීට අමතරව, ඊයේ (13) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 210 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 156 ක්, සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 145 ක් බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, දිස්ත්‍රික්ක 09 ක ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය අද (14) පෙරවරු හයේ (06:00) සිට ඉවත් කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ගම්පහ, කළුතර, යාපනය, බදුල්ල, නුවරඑලිය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල මීට පෙර හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය ඉවත් කෙරුණා.

මේ අතර, හෙද හෙදියන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කිරීම සඳහා රජය ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවට රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා චෝදනා කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *