මම කවදාවත් බයවෙලා නෑ; ඕන නම් අම්මගෙන් අහන්න – අමාත්‍ය උදය ගම්මන්පිළ

මම කවදාවත් බයවෙලා නෑ; ඕන නම් අම්මගෙන් අහන්න – අමාත්‍ය උදය ගම්මන්පිළ

*********************************************

මම කවදාවත් බයවෙලා නෑ; ඕන නම් අම්මගෙන් අහන්න – අමාත්‍ය උදය ගම්මන්පිළ

(11.07.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

තමන් කිසිදිනක බියට පත්වී නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හංවැල්ලේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳවද අදහස් පළකලා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා :

++++++++

******************************************

(11.07.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතකරනු ලබන නවක නේවාසිකයින් කොවිඩ් වසංගතය හමුවේ නිරෝධායනයට ලක් කිරීම සඳහා පිහිටුවා ඇති පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා සිටි නියාමකවරයෙකු ඊසි කෑෂ් ක්‍රමය හරහා මුදල් ලබාගන්නා බවට එම බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ශණයකදී අදාල නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාල නියාමකවරයා එම බන්ධනාගාරයේ රඳවා ඇති නේවාසිකයින් තිදෙනෙකුගෙන් රු.9,000/= ක මුදලක් ලබාගත් බවට කරුණු අනාවරණය වී ඇති අතර තව දුරටත් සිදුකල විමර්ශනයේදී සැකකාර නියාමකවරයා නේවාසිකයින් තිදෙනෙකු (3) ගෙන් රු.9,000/= ක මුදලක් ලබා ගත් බවට පිලිගෙන තිබෙනවා.

මෙම නියාමකවරයා වෙත නේවාසිකයින් විසින් මුදල් ලබාදීමට හේතුව කුමක්ද යන්න සොයාබැලීම සඳහා තවදුරටත් විමර්ශනය සිදුකෙරෙමින් පවතින අතර නියාමකවරයා සිදුකල මෙම බරපතල විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වැඩ තහනම් කිරීමට බන්ධනාගාර මූලස්ථානය මගින් කටයුතු කර ඇත ෴

******************************************

(11.07.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය තුළ ජනතාව ඉතාම පීඩාවට පත් කරමින් සහල් මාෆියාව ක්‍රියාත්මක වීමත්, රජයේ නීති රීති උල්ලංඝනය කරමින් සහල් මිළ ඉතාම අසාධාරණ ලෙස ඉහළ දමමින් කටයුතු කිරීමත් හේතුවෙන්, සහල් මාෆියාවට සම්පූර්ණයෙන්ම තිත තැබීමට රජය විසින් සෑම ආකාරයකින්ම සූදානම් බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට තුළ ප්‍රමාණවත් සහල් තොග තිබියදීත්, වී තොග පවා පවතිද්දීත් සහල් මිළ අසාධාරණ ලෙස ඉහළ දැමීමට තවදුරටත් ඉඩ නොතබන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.

එමෙන්ම දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ හා සාධාරණ, සහතික මිළක් ලබා දෙමින්, රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් යුතුව මිළ දී ගෙන සතොස හරහා උසස් තත්වයෙන් හා අවම මිළ ගණන් යටතේ ඉදිරියේදී ජනතාවට අවශ්‍ය අහාර පාන ලබා ගැනීමට අවස්ථාව සලසන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා ෴

******************************************

(11.07.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

රාගම රෝහලේ විවේකාගාරය තුළ දී ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ලබා ගත් බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු වන අතර, ඔහු රාජකාරි කටයුත්තක් සඳහා රාගම රෝහලට පැමිණි අවස්ථාවේදී අදාළ ඡායාරූප ලබාගෙන තිබෙනවා ෴

******************************************

(11.07.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට නිකුත් වූ රසායනික සහ අපද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය බවට සැක කෙරෙන කැස්බෑවන් 4 දෙනෙකුගේ සිරුරු වෙරළ වෙත ගොඩ ගසා තිබෙනවා.

වාද්දූව, ගල්කිස්ස, අඟුලාන සහ පානදුර යන වෙරළ තීර වෙත මෙම සිරුරු ගොඩ ගසා තිබූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගිය 30 වනදා නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 20 ක් සහ තල්මසුන් 4 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්නෙන් තමන්ටද බලපෑම් එල්ලවී ඇති බැවින් අනෙකුත් දිස්ත්‍රික්කවල ධීවරයින්ට මෙන් තමන්ට ද වන්දි ලබාදිය යුතු බව ‘පුත්තලම දිස්ත්‍රික් ධීවර එකමුතුව’ පවසනවා.

එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රජයට එරෙහිව විරෝධතා දියත් කරන බවයි එම එකමුතුව අද (11) හලාවත දී මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ ෴

******************************************

(11.07.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

අද (11) ‘හාඩ්ටෝක්’ තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ‘ඉන්ධන මිල ඉහළදැමීමේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන’ ලෙස උදය ගම්මන්පිල අමාත්‍යවරයාට ලිපියක් යැවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වයි.

@@@@@@@@@@@@@@@@@

(11.07.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

වරකදී දිවයිනට රැගෙන ආ වැඩිම එන්නත් තොගය වන සයිනොෆාම් එන්නත් ලක්ෂ 20 දිස්ත්‍රික්ක 12 කට අද (11) දිනයේ බෙදාහරින බව ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

අදාළ එන්නත් තොගය චීනයේ සිට අද (11) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකකින් (2).

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්ස (20) දිවයිනට පැමිණීමෙන් පසු කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන යනු ලැබුවා.

එම එන්නත් තොගය ගම්පහ දිස්ත්‍රික්කයට ලක්ෂ 5 ක්, කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 3 ක්, කොළඹ දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ලක්ෂ 2 බැගින් බෙදාහැරීමට නියමිතයි.

එමෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට එන්නත් ලක්ෂය (1) බැගින් අද (11) සිටම බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (10) පුද්ගලයින් 175,824 කට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 132,510 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 34,555 කට ඊයේ (10) දිනය තුළ ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ද පුද්ගලයින් 1145 දෙනෙකුට ලබාදී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7614 කට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් ස්පුට්නික්-වී එන්නත ඊයේ (10) දිනයේ කිසිදු පුද්ගලයෙකුට එන්නත් කර නැහැ.

++++++++++++++++++++++

ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරු හෙට (12) සිට වර්ජනයක

(11.07.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

හෙට (12) සිට මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති පවසනවා.

එම වෘත්තීය සමිති සදහන් කළේ විරෝධතාවයේ නිරත වූ සිය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14 ක් එක්ව සිටිනවා.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශ්ෆ් ස්ටාලින් මහතා ඇතුලු පිරිසක් මේ වන විට මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

කෙසේ වෙතත්, තම වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස රදවාගෙන සිටීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් හෙට (12) සිට මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, නිරෝධායනයට ලක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිසට අවශ්‍ය ඇඳුම් හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට යාපනය මහනගර සභාවේ නගරාධිපති විෂ්වලිංගම් මනිවන්නන් ඇතුළු පිරිසක් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඇඳුම් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඊයේ (10) දිනයේ ඔවුන්ට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

++++++++++++++++++++

(11.07.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් රැකවරණයක් පවතින බව දේශීය වශයෙන් සිදුකළ පරික්ෂණයකින් අනාවරණය වී ඇති බව ඖෂධ නිෂ්පාදන සහ සහ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

+++++++++++++++++++++++

(11.07.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව අද (11) 3,500 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ (10) දිනයට අදාළව අද අලුතින් මරණ 35 ක් වාර්තාවීමත් සමඟයි.

ඊයේ (10) දිනයේ සිදුව ඇති මරණවලින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම මරණ 35 ත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 3,502 ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.

ඒ අනුව තුන්වන (3) රැල්ලේ කොරෝනා මරන සංඛ්‍යාව 2893 ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (10) දක්වා ගෙවුණු දින 10 ක කාලය තුල පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 500 ක්.

අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 986 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුල මෙතෙක් හමු වූ මුළු ආසාදිතයින් ගණන 274,017 ක් වනවා ෴

අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (11) දිනය තුල මෙතෙක් හමු වූ මුළු ආසාදිතයින් ගණන 1,492 ක් වනවා ෴

++++++++++++++++++++++

(11.07.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මොහන්දිරම් මහතා අද (11) අභාවප්‍රාප්ත වුණා.

දඹදෙණිය රෝහලේ දින 10 ක කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහු පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී මියයන විට සභාපතිවරයා 56 වන වියේ පසුවුණා.

මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව අද (11) 3,500 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ (10) දිනයට අදාළව අද (11) අලුතින් මරණ 35 ක් වාර්තාවීමත් සමඟයි.

ඊයේ (10) දිනයේ සිදුව ඇති මරණවලින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම මරණ 35 ත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 3,502 ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.

ඒ අනුව තුන්වන (3) රැල්ලේ කොරෝනා මරන සංඛ්‍යාව 2893 ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (10) දක්වා ගෙවුණු දින 10 ක කාලය තුල පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 500 ක්.

මේ අතර පිළියන්දල – කරදියාන – තුම්බෝවිල – 576 ඒ, ග්‍රාම සේවා වසමට සංචරණ සීමා පනවා තිබෙනවා.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ එම පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වරකදී මෙරටට රැගෙන ආ වැඩිම එන්නත් තොගය අද (11) දිනයේ චීනයේ බීජිං සිට රැගෙන ආ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් එලෙස රැගෙන එනු ලැබුවා.

එම එන්නත් රජයේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන යාම සිදුකෙරුණේ ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි 17 ක් උපයෝගී කරගනිමින්.

මේ අතර අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අද (11) පැවති මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් ඉහළ රැකවරණයක් ලැබෙන බව දේශීය වශයෙන් සිදුකළ පරික්ෂණයකින් අනාවරණ වී ඇති බවයි.

++++++++++++++++++++++

(11.07.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ හෙට (12) දිනයේ බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ගමන්වාර 103 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් ප්‍රවාහනයට පමණක් පළාත් හරහා ධාවනය කෙරෙන සීමිත බස් රථ ප්‍රමාණයක් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

ගුරුවරුන්ගේ තීරණය වෙනස් නොවේ

(11.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙට (12) සිට සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊට ගුරු විදුහල්පති සංවිධාන 14 ක් එක්ව සිටිනවා.

මේ අතර, මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වුවද සිසුන්ට ඉගැන්වීම් කටයුතු ඔන්ලයින් හරහා සිදුකිරීමට එක් ගුරුවරයෙකු සිටිය ද ප්‍රමාණවත් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ලංකා ගුරු සංගමයේ උප ලේකම් රසිකා හඳපාන්ගොඩ මහත්මිය අද (11) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විරෝධය පළ කළා.

මේ අතර නිරෝධායන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කර ඇති නිවේදනය උල්ලංඝනය කරමින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පවසනවා.

පොලිස්පතිවරයා අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය මැයි මස 31 වනදායි.

එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසකට යොමු කර තිබුණා.

එහි දැක්වෙන්නේ ඇතැම් පොලිස් නිළධාරීන් විවිධ ස්ථානවල නිසි පරිදි මුව ආවරණ පැළඳ නොමැති පුද්ගලයින් ඔසවාගෙන ගොස් රථවාහන වලට දැමීම සිදු කරන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බවයි.

එවැනි පුද්ගලයින් හෝ නිරෝධායන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන යාම කිසිසේත් නොකළ යුතු බවයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

එහෙත් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පොලිස්පතිවරයාගේ උපදෙස් උල්ලංඝනය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා කියා සිටියා.

++++++++++

උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමත් සමඟ මේ දිනවල හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් ඇතුළු තවත් පාර්ශ්ව රැසක් අදත් (11) අදහස් පළ කළා.

+++++++++++++++++++++

රසකැවිලි තරම් රස නොවූ ජීවිත

(11.07.2021 – 13:35 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් මෙන්ම නිෂ්පාදකයින් බොහෝ දෙනෙකු මේවන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී.

මේ එලෙස සිය ජීවනෝපාය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවට පත් රසකැවිලි නිෂ්පාදකයින් පිරිසක් පිළිබඳවය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් මෙන්ම නිෂ්පාදකයින් බොහෝ දෙනෙකු මේ වනවිට පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකට ය.

මිනුවන්ගොඩ යාගොඩමුල්ල පාරම්පරික රසකැවිලි ගම්මානයේ නිෂ්පාදකයින් ද එලෙස පීඩාවට පත්වූ තවත් පිරිසකි.

ඔවුන් පවසන්නේ ඇතැම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද තමන් තවදුරටත් කබලෙන් ලිපට ඇද දැමීමක් බවය.

වගකිව යුතු කිසිවෙකුගෙන් කිසිදු සහනයක් නොලැබී ඇති වාතාවරණයක රසකැවිලි කර්මාන්තයෙන් යැපෙන තවත් බොහෝ දෙනෙකුට සිය ජීවිකාව ද අහිමිව ගොස් තිබේ.

එම නිෂ්පාදකයින්ගේ ඉල්ලීම, සිය නිෂ්පාදන කටයුතු මෙන්ම අලෙවි කටයුතු සිදුකර ගැනීමට කුමන ආකාරයෙන් සහනයකි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *