තඹුත්තේගම කේන්ද්‍ර කරගත්, කාන්තාවක් ජයටම කරගෙන ගිය මුදල් වංචාව කොටුවෙයි

තඹුත්තේගම කේන්ද්‍ර කරගත්, කාන්තාවක් ජයටම කරගෙන ගිය මුදල් වංචාව කොටුවෙයි

*********************************************

තඹුත්තේගම කේන්ද්‍ර කරගත්, කාන්තාවක් ජයටම කරගෙන ගිය මුදල් වංචාව කොටුවෙයි

(02.07.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් සඳහා, 30% ක ඉහළ පොළී මුදලක් ලබාදෙන බව පවසමින් අනුරාධපුර – තඹුත්තේගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරුණු රුපියල් කෝටි 10 කට ආසන්න මුදල් වංචාවක් පිළිබද ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

තඹුත්තේගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ අදාළ කාන්තාවගේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

අනුරාධපුර – තඹුත්තේගම ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති මෙම මහා පරිමාණ මුදල් වංචාවට වැඩි වශයෙන් හසුව ඇත්තේ ආරක්ෂක අංශවල සාමාජිකයන් පිරිසක් බවයි ‘හිරු සී.අයි.ඒ.’ සිදුකළ සොයා බැලීමේදී හෙළිවුයේ.

******************************************

(02.07.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගාර කාරියවසම් සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප සභාපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කෙරෙන බවයි ෴

******************************************

(02.07.2021 – 21:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 07 න් 05 කට විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

සෙසු ඉල්ලීම් දෙකට (2) අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව,

  1. හෙද සරසවිය ආරම්භ කිරීම.
  2. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
  3. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් (7) උසස් කිරීම.
  4. රුපියල් විසිදහසක (20,000) වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
  5. දැනට පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30 ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම, යන කරුණු 05 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

++++++++

******************************************

(02.07.2021 – 21:22 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර කිහිපය සඳහා ණය සහ පොලී ගෙවීමෙන් රජය නිදහසක් ලබාගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ රජයේ නොහැකියාව රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් පෙනීයන බවයි.

++++++++

++++++++

******************************************

(02.07.2021 – 22:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් තමන් ආරක්ෂාවන අතරතුර රට ගොඩනැගීමට ශක්තිය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය වැඩසටහනේ තවත් අදියරකට අද (02) එක්වෙමින්.

සෞභාග්‍යයේ මං පෙත් විප්ලවය වැඩසටහන යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක ආරම්භය සහ වැඩ නිමකල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අද සිදුකෙරුණා.

******************************************

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

(02.07.2021 – colombotoday.com)

‘ශ්‍රී ලංකා පිරිසිදු තේ’ නමින් කසළ තේ ඉරාකය ඇතුළු අරාබි රටවලට යැවීමේ ජාවාරමකට නැව් සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක කළමණාකරුවෙකු සම්බන්ධ බවට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

කසළ තේ ‘ශ්‍රී ලංකා පිරිසිදු තේ’ නමින් අරාබි රටවලට ආනයනය කිරීමේ ජාවාරමක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය පසුගිය කාලයේ අනාවරණය කරගනු ලැබූ අතර, මේ සම්බන්ධව කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ බී/47421/6/21 දරන නඩුව ගොනුකර ඇත.

ඩුබායිවලට යවා තිබූ කසළ තේ බහාලුම් හතරක් (04) මීට පෙරදී රේගුව විසින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබූ අතර, කසළ තේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද රේගුව සමත් විය.

‘ශ්‍රී ලංකා පිරිසිදු තේ’ නමින් ඉරාකයට අපනයනය කරන ලද කසළ තේ අඩංගු අඩි 40 ක් දිගැති බහාලුම් දෙකක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සදහා ඉකුත් මාර්තු මස 09 වැනිදා රේගුව විසින් අදාළ නෞකා සමාගමට ලිඛිතව දන්වනු ලැබූවත්, මෙතෙක් එම කසළ තේ තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළ බවට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ සහකාර රේගු අධිකාරි කැලුම් තුෂාර අධිකරණයට දන්වා තිබුණි.

නෞකා සමාගම අධිකරණයට දන්වා ඇත්තේ අදාළ විධායක ජ්‍යෙෂ්ඨ කළමනාකරු සේවයෙන් පහකර තිබෙන බවය ෴

******************************************

සේසතම උදුරා ගත් දියණිය තම මහළු මව සහ පියා මහ පාරට තල්ලු කරයි

(02.07.2021 – 19:33 +0530 – lankadeepa.lk)

තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති.

අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ට ද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන මෙම යුවළ කෑම මෙන්ම ලබාගත යුතු බෙහෙත් ද නොමැතිව දැඩි ලෙස අසරණව සිටිති.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන් දියණියගේ කීම විශ්වාස කර ජිවත් වූ නිවෙස විකුණා දමා දියණියගේ නිවෙසට පැමිණි බවත්, දියණිය හා ඇගේ සැමියා නිවස විකිණීමෙන් ලැබුණු මුදල ද ලබාගෙන ඔවුන්ගේ නිවසින් පන්නා දැමූ බවත් එම මව පැවසුවාය.

ජේ.ඒ. සීලවති නැමති ඇය 69 හැවිරිදි වියෙහි පසුවන අතර ඇගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා කුලියක් හෝ කර ගත නොහැකි බව ද ඇය සඳහන් කළාය.

තමන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය :

“අපේ දුව, ‘අම්මවයි තාත්තවයි අපි බලා ගන්නම් මුල් ඉඩම විකුණලා සල්ලි ටික දෙන්න’ කියලා 2019 අවුරුද්දේ පෙබරවාරි 04 වන දින කිව්වා. මට ඉන්න ඒකම දරුවා ඇය නිසා මම ඒ ඉඩම විකුණලා රුපියල් ලක්ෂ 6 දුන්නා.අපිත් දුවව විශ්වාස කරලා මැදිරිගිරියට ආවා. ඒ ආපු හැටියේම දුව, ‘අම්මයි තාත්තයි දැනට ගෙයක් කුලියට අරගෙන යන්න’ කියලා කිව්වා. ඉතිං අපි කුලියට ගෙවල් ගණනාවකම හිටියා. හිටි හැටියේම මගේ මහත්තයා වකුගඩු රෝගියෙක් වුනා. ඊට පස්සේ අපිට කුලී ගෙවා ගන්න මාරු වුණා.

කර කියා ගන්න දෙයක් නැති තැන අපි මැදිරිගිරිය පොලිසයට ගියා. පොලිසියෙන් අපිව දුවගේ ගෙදරට ගෙනිහින් දැම්මා. ඒ ගිහින් දාපු දවසට පහුවදාම මගේ දුවයි දුවගේ මහත්තයයි දෙන්නා අපිට ‘බැහැපියව් දොට්ට’ කියලා පන්නා දැමුවා. පිටිපස්සේ දොරෙන් අපේ බඩු එළියට වීසි කළා. අපි දෙන්නා පහුගිය 04 වෙනිදා අපේ රෙදි කඩමළුත් අරගෙන යන ඒන මං නැතිව ඒ ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් තිබුනේ නැති නිසා අපි මැදිරිගිරියේ බස් නැවතුමේ නතර වුනා.

කුස ගින්න දැනුනත් කන්න දෙයක් ගන්නවත් අතේ සතේ තිබුනේ නෑ. මගේ කුසින් වදපු දුවට වඩා ගුණයහපත් මිනිස්සු මේ නගරේ හිටිය නිසා ඔවුන් අපිට කන්න බත් පැකට් ගෙනත් දුන්නා. මමයි මගේ මහත්තයයි දුව ලැබුනට පස්සේ ගොඩක් සතුටු වුනා. දුව මගේ සල්ලිත් අරගෙන සැපපහසුවට ගෙයක් හදාගෙන ඒයාගේ දරුවොත් ඒක්ක සතුටින් කාලය ගතකරනවා. පවු නෑ පුතේ, මගේ කිරි ටික දීලා උස් මහත් කරපු මගේ දරුවට කවදාවත් වරදින්න ඒපා. අම්මෙක් විදිහට මම කවදාවත් අපිට කරපු දේට සාප කරන්නේ නෑ.” ඇය කියන්නීය.

“අපේ මහ ඉඩම තිබුනේ මීගමුවේ මිනුවන්ගොඩ ගුවන් හමුදා කදවුර ඉස්සරහයි. දුවට සල්ලි හදිස්සි කිව්ව නිසා ගොඩාක් අඩුවට තමයි ඒ ගේ විකුණන්න වුනේ. ගේ විකුණපු සල්ලි ටිකත් අරගෙන බඩුත් පටවාගෙන අපි මැදිරිගිරියේ දුව බලන්න ආවා. දුව අපිට කුලියට ඉන්න කිව්වත් අපි එදාවත් දුවට වචනයක්වත් කිව්වේ නෑ.

මම අද රටේ ඉන්න සියළුම දෙමවුපියන්ට කියන්නේ වැදුව දරවටවත් ජීවිත බුක්තිය නොතියා ඉඩ කඩම් දේපල වස්තුව ලියලා දෙන්න එපා. එහෙම වුනොත් ඒදාට අම්මට තාත්තට යන ඒනමං නැතුව මහ මගට බහින්න වෙනවා.” යැයි ද ඇය කීවාය.

(චාපා මධුභාෂිණී)

******************************************

රට ගැන නැතුව තමන්ගේ ‘රෙකෝඩ්ස්’ ගැන හිතපු උන් අපේ ක්‍රිකට් කෑවා – අර්ජුන රණතුංග (02.07.2021)

++++++++

ඇයි අපේ ක්‍රිකට් වලට මෙහෙම උනේ ? ජාතික කණ්ඩායමත් කාන්තා කණ්ඩායමත් අතර වෙනසක් නෑ (30.06.2021)

******************************************

මේ හිඟන පැටියගෙන් පුදුම වදයක් කියලා ටවුමෙදි ටොකු ඇනලා පැන්නුවා – ලෑලි කාමරේ ඉපදී කෝටිපති වූ – ‘මිස්ටර් කොත්තු’ (02.07.2021)

ජීවිතේ අසීරුම තැනින් පටන් ගෙන ඉහළට පැමිණි විරාජ් වික්‍රමනායක නම් දිරිය තරුණයාගේ ජීවිත කතාව

[ https://www.facebook.com/mrkottu.grand/ ]

@@@@@@@@@@@@@@@

(02.07.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පටියාලා හි පැවති මළල ක්‍රීඩා තරඟාවලියකින් ජයග්‍රහණය කර පදක්කම් 09 ක් දිනා ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මාතර නිල්වලා විද්‍යා පීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.

අදාළ පිරිස අතර කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් වරම් දිනාගත් නිලානි රත්නායක ද වනවා.

ඔවුන්ට ඊට පෙර දැනුම් දී ඇත්තේ දිවයිනට යළි පැමිණි පසු කොළඹ සුගතදාස හෝටල් සංකීර්ණයේදී ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පුහුණුවීම් සිදුකිරීමට අවසර ලබාදෙන බවටයි.

තවත් සති 04 කින් පමණ ආරම්භ වන ඔලිම්පික් උළෙල වෙනුවෙන් පුහුණුවීම් සිදුකිරීමට ඇති කාලයෙන් සති දෙකක් (2) අපතේ යැවීමට මේ අනුව නිලානි ඇතුළු සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවී තිබෙනවා.

ඔවුන් එලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටිද්දී රටේ ගෞරවය, ලොවක් ඉදිරියේ හෑල්ලුවට ලක් කර, විනය විරෝධීව හැසිරී එංගලන්තයෙන් දිවයිනට ගෙන්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තරු පන්තියේ හෝටල්වලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබීම කණගාටුවට කරුණක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *