වාහන ආනයනය ගැන රජයේ ස්ථාවරය එළියට : තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරේ

වාහන ආනයනය ගැන රජයේ ස්ථාවරය එළියට : තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරේ

*********************************************

වාහන ආනයනය ගැන රජයේ ස්ථාවරය එළියට : තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරේ

(25.06.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ (24) පොල්ගහවෙල පිහිටි දේශීයව වාහන එකලස් කරන මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන වාහනවල තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුවයි.

එහිදී අදහස් පළකරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය යහපාලන කාලය තුළදී මයික්‍රෝ මෝටර් රථ කර්මාන්ත ශාලාව ආගාධයට ඇද දැමූ බවයි.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මැති ඇමතිවරුන්ටද මයික්‍රෝ මෝටර් රථ භාවිතයට ගත හැකි බවද පෙන්වාදුන්නා.

ඒ අනුව ඉදිරියට තවත් වසර දෙකක (2) කාලසීමාවක් සඳහා වාහන ආනයනය සිදුනොවනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ෴

+++++++++++++

https://www.youtube.com/watch?v=96fBYhzFkHk#t=6

******************************************

(25.06.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මාතලේ දිස්ත්‍රික්කයට අයත් හෙට්ටිපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පොහොර තොගයක් මස් ප්‍රවාහනය කරන ලොරි රථයක ගබඩා කර තිබියදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

එම ව්‍යාපාරිකයා පොහොර තොග සඟවා සීමිත ලෙස වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුවයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.

ඉන් අනතුරුව නිලධාරීන් ව්‍යාපාරිකයාට සිදුකළ දැනුම්දීමට අනුව අදාළ පොහොර තොගය රජයේ අනුමත මිල වන රුපියල් 1500 බැගින් ගොවීන්ට අලෙවි කිරීමට කටයුතු කළා.

මේ අතර, ගල්කිරියාගම – ඉදිගොල්ලාගම ප්‍රදේශයේ කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එරෙහිව ජනතාව සිය විරෝධය පළ කළා.

පලාගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිගොල්ලාගම ප්‍රදේශයේ පිහිටි දමුණකැළේ ප්‍රදේශයේ අක්කර 40 ක ඉඩමක අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා සිය ගම්මානයට කසල ගෙනවිත් දැමීමේ සූදානමක් පවතින බවයි.

පසුව ගල්කිරියාගම පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ අතර, අනතුරුව එම ස්ථානයට පැමිණි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අදාළ ව්‍යාපෘතිය සඳහා වෙනත් භූමියක් තෝරා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

මේ අතර ගොවිබිම්වල පස පරීක්ෂා කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාංශු පරීක්ෂාවන් සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් එම පාංශු පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් සැළසීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් එකඟතාව පළ කළ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

පරිසර අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර, පරිසර හිතකාමී වල්නාශක හා පලිබෝධ නාශක නිෂ්පාදනය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ස්වභාවික වල්නාශක හා පලිබෝධ නාශක නිෂ්පාදනයට දැනටමත් පර්යේෂණ ආරම්භ කර ඇති බවයි භූ විද්‍යා නිලධාරීන් පරිසර අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ.

******************************************

(25.06.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (25) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණියා.

ඊට එම පක්ෂයේ පරිසර කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, මයන්ත දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් එහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් හමුවී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

මේ අතර ඊයේ (24) දිනයේදීත් රත්මලාන, ගල්කිස්ස, අඟුලාන, වාද්දුව, කළුතර – දකුණ සහ තොඩුවාව යන වෙරළ තීරයන් වෙත මියගිය කැස්බෑවන් 10 දෙනෙකු පමණ ගොඩගසා තිබූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊට අමතරව ඩොල්ෆින් මත්ස්‍යයන් දෙදෙනෙකු (2) ගේ සිරුරුද වෙන්නප්පුව සහ උස්වැටකෙයියාව යන වෙරළ තීර වෙත ගොඩගසා තිබුණා ෴

******************************************

(25.06.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

තොප්පිගල – වඩමුනේ ගම්මානයට ආසන්නව පිහිටා ඇති ඓතිහාසික නෙලුගල පුද බිමේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මේ පිළිබද සොයා බැලීමට නෙලුගල පුරාණ විහාරස්ථානයට දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමියන් වැඩමකලා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙම නටබුන් ආරක්ෂා කර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවයි.

******************************************

(25.06.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම් වනවා.

එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සඳහන් කළේ ‘ප්‍රොජෙක්ට් සීබර්ඩ්’ ලෙස නම් කර ඇති මෙය මීලඟ වසර 10 ඇතුළත ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම නාවික කඳවුර ඉදිකළහොත් ඔවුන් ලෝකයේ විශාලතම නාවික කඳවුරු හිමි රටවල් අතර 03 වන ස්ථානයට පැමිණෙනවා.

දැනටමත් ඉන්දියාව නාවික ශක්තියෙන් පළමු රටවල් 05 අතර සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියාව සහ දැඩි තරඟය නිරත වී සිටින චීනයට ද මේ වනවිට විශාල නාවික බලයක් පවතිනවා.

මේ අතර ජපානය, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර නාවික අභ්‍යාසය හෙට (26) සිට මේ මස 30 වනදා දක්වා ත්‍රීකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු තීරනයේදී පැවැත්වෙනවා.

එහි සමාරම්භක උත්සවය ත්‍රිකුණාමළය නාවික තටාකාංගනයේදී මාර්ගත ක්‍රමවේදයට අනුව ඊයේ (24) පැවැත්වුණා.

මෙම නාවික අභ්‍යාසය සඳහා මෙරට නැව් දෙකක් (2), ඇමරිකාවේ සහ ජපානයේ නෞකා එක (1) බැගින් එක්වනවා.

ඒ සඳහා ඇමරිකානු නෞකාව මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර ජපාන නෞකාව මුහුදේදීම මෙම අභ්‍යාසය හා සම්බන්ධ වන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴

******************************************

(25.06.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

සිය කර්මාන්තය සිදුකරගෙන යාම සඳහා මේ වන විට බාධා පැමිණ ඇති බව කුඹල් කර්මාන්තයේ නියැලෙන පිරිස් පෙන්වා දෙනවා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සහ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් සිය නිෂ්පාදන විනාශයට පත්ව ඇති බවයි මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුලිච්චන්කුලම ප්‍රදේශයේ කුඹල් කර්මාන්තයේ නිරත පිරිස් පෙන්වා දෙන්නේ.

******************************************

(25.06.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී අනතුරක් සිදුකර පළා ගිය සෙසු සැකකරුවන් තුන්දෙනා (3) අද (25) පොලීසිය වෙත භාර වී තිබෙනවා.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් 5 දෙනාම බීමතින් සිට ඇති බවටයි.

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ඊයේ (24) දිනයේදී වදාකඩ ප්‍රදේශයෙන් අනවසරයෙන් යතුරුපැදියක් සහ මෝටර් රථයක් ඇතුළු වී එම වාහන දෙක (2) ගැටී සිදුවූ අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබුණා.

එම අනතුරත් සමග ගින්නක් ද හට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අනතුරෙන් පසු මෝටර් රථයේ සිටි දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනුනු අතර, එහි ගමන් ගත් පුද්ගලයින් අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

******************************************

(25.06.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා :

******************************************

(25.06.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කලාපයේ හිඟුරක්දමන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙනුවෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල මේ වනවිට අපචාර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර ද්විතියික පාසල් වැඩසටහන යටතේ මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කර ඇති මුත් ජනතා උද්ඝෝෂණ හමුවේ එය යළි ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කරමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ප්‍රාථමික අංශය යළි ස්ථාපිත කිරීමේ අරමුණින්.

******************************************

(25.06.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රැදවියන් යොදා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට (26) සිට අදාළ වැඩපිළිවෙල මඩකලපුව බන්ධනාගාරයෙන් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ ෴

@@@@@@@@@@@@@@@@

(25.06.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොරෝනා වෛරස වන ඇල්ෆා සහ බීටා පවතින බවට ජර්මනියේ පර්යේෂණාගාර තුළ සිදුකළ පරීක්ෂාවකදී හෙළිවී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන තේජානි පෙරේරා විසින් සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇති අතර, ඒවා සාර්ස්, කොවිඩ් ටූ වෛරස් කාණ්ඩයේ උප ප්‍රභේදවන ඇල්ෆා සහ බීටා වෛරස නොවන බවයි ඇය කියා සිටියේ.

මෙම පර්යේෂණ සඳහා ජර්මනියේ රොබට් කොක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින්ගේ සහයද ලැබී තිබුණා.

2017 වසරේ සිට 2019 දක්වා කාලය තුළ කොස්ලන්ද ප්‍රදේශයේ වවුල් ගල්ගේ නැමති ගුහා ආශ්‍රිතව වෙසෙන වවුලන් 395 දෙනෙකුගේ සාම්පල මේ සඳහා ලබාගෙන ඇති අතර, එහිදී තහවුරු වී ඇත්තේ ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස ආසාදිත සාම්පල 33 ක් පැවති බවයි ෴

++++++++++++++++++++++++

(25.06.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යන්නේ ද එසේ නොමැතිනම් එහි වෙනසක් සිදුකළ යුතුද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් පැවතුනද, කොරෝනා පොකුරු වශයෙන් වාර්තාවීම ඒ ආකාරයෙන්ම පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

ඊයේ (24) දිනයේ මෙරටින් අලුතින් ආසාදිතයන් 1941 දෙනෙකු වාර්තාවූ අතර, එය සටහන් වූයේ දින 45 කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඊයේ (24) හඳුනාගැනුනු ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 386 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 261 ක්, කළුතරින් 252 ක්, මඩකලපුවෙන් ආසාදිතයන් 133ක්, කෑගල්ලෙන් 125 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 100 දෙනෙකු ඊයේ (24) හමුවුණා.

රෝගීන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළද කොරෝනා අවදානමේ වෙනසක් නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවදුරටත් සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.

ඒ අනුව තමන් පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයෙන් එම සේවා ලබාගත හැකි අතර, ඊට පෙර ඇමතුමක් ලබාදී දිනයක් වෙන් කරගත යුතුවනවා.

එසේ නොමැති පුද්ගලයින් සඳහා අදාළ කාර්යාලවලට ඇතුලුවීමට අවසර නොමැති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් එක්දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර සඳහා දින වෙන් කරගැනීමට උදෑසන 9 ත් පස්වරු එකත් (1) අතර අවස්ථාව ලැබෙන අතර, ඒ සම්බන්ධයෙන් 070 710 1060 සහ 070 710 1070 යන දුරකථන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

ඊට අමතරව ප්‍රාදේශීය කාර්යාල මගින් සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර සඳහා දින වෙන් කරගත හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු පහල pdf file එකෙන් ලබාගත හැකියි.

http://www.immigration.gov.lk/web/images/stories/pdf/media_notice/media_notice_25_06_2021.pdf

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත වී, එම කාලසීමාව අවසන් කළ සියලුම ජාතික පාසල්වල ගුරුවරුන් පාසල් ආරම්භ කළ පසු නිත්‍ය සේවා ස්ථානයේම සේවයට වාර්තා කළ යුතු බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිවරයාගේ නිර්දේශය සහිතව නැවත ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව 483,910 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි පළමු (1) මාත්‍රාව 1474,958 දෙනෙකුට ලබාදී අවසන්.

එමෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2,865 කට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,435 කට ලබාදී තිබෙනවා.

එමෙන්ම ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව 1,13,454 කට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 14,363 කට ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

(25.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයත් සමග අඩපණවී තිබූ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් අස්වැසිල්ලක් ලබා දෙන්නට ඔන් ලයින් තාක්ෂණය හඳුන්වා දෙනු ලැබුවා.

නමුත් කොළඹින් බැහැර අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන් මෙමගින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංඥා නිසි පරිදි නොලැබීමෙන් ඊට එල්ලවන බලපෑම හේතුවෙන්.

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ, සීටීසී ගම, විරාණගම, ගඟකොටස අගලඔය, රත්කිඳ ඇතුළු ගම්මාන රැසකට අන්තර්ජාල සංඥා පවතින්නේ ඉතා දුර්වල මට්ටමකයි.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට සිදුව ඇත්තේ දුෂ්කරතා රැසකට මුහුණ දීමටයි.

ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රම යොදා ගන්නා ආකාරයයි මේ :

++++++++++++++++++++

(25.06.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 15 ක් වටිනා කොරෝනා මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කැළණිය – බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් විසින් පරිත්‍යාග කරනු ලැබ තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය සංකේතාත්මකව සිදුවූ බවයි ෴

++++++++++++++++++++++

(25.06.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ධීවර දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂ එච්.ඩී. රෝහිත ඇන්ස්ලම් මහතා කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින ධීවරයන්ට වන්දි ලබාදීම සඳහා ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වී සිටියදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරන බවයි.

59 වන වියේ පසුවූ ඔහු වේරහැර – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) මියගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *