ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පදනම කඩාබිඳ දැමීමේ CIA කුමන්ත්‍රණය හෙළිවේ

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පදනම කඩාබිඳ දැමීමේ CIA කුමන්ත්‍රණය හෙළිවේ

*********************************************

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පදනම කඩාබිඳ දැමීමේ CIA කුමන්ත්‍රණය හෙළිවේ

(30.05.2021 – medianet-c)

සිංහල මුස්ලිම් කැරළි සහ දෙමළ මුස්ලිම් කැරළි ඇති කිරීම මගින් ප‍්‍රදේශයේ ස්ථාවර භාවය බිඳ දැමීමත් ඒ තුළින් වෙනම තජිකිස්ථානයක් නිර්මාණය කිරීමත් ඉන්පසු ඇමරිකානු ඉස්ලාම් ත‍්‍රස්ථ විරෝධී සටන මුවාවෙන් ඇමරිකානු හමුදා නැගෙනහිර පළාතට ඇතුල්වීමට ඉඩ සලසා ගැනීමත් CIA සැලසුම වී ඇත.

අසපු කල්ලියෙ කුමන්ත්‍රණය හෙළිවේ. තපෝවනය, අමරපුර මහ නිකායත් ඇල්ලීමේ තැතක!

කිරිබත්ගොඩ නන්දඤාණාගේ අසපු කල්ලියේ කුමන්ත‍්‍රණය මේ වන විටත් හෙළිදරව් වෙමින් පවතී. මුංහේනේ රාමමෙත්තා ඉන්දියාවේ දී හදිසියේම කොරෝනා ආසාදනයෙන් අපත්වීම (මරණය සම්බන්ධයෙන් සැක බවට මේ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත) සමග අසපු කල්ලිය සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ බලය ඇල්ලීම සඳහා චෛත්‍යවර්ධන සමිතිය යැයි කියාගන්නා ඊනියා පිරිසක් සමග එකතු වී දියත් කළ කුමන්ත‍්‍රණය, මහා කුමන්ත‍්‍රණයක එක් කොටසක් බවට මේ වන විටත් හෙළිදරව් වී ඇත.

ඇමරිකානු CIA සංවිධානයේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක ථෙරවාදී බුද්ධාගම ලොවෙන් අතුගා දැමීමේ මෙහෙයුමේ ශ‍්‍රී ලංකාවේ නියමුවා වන කිරිබත්ගොඩ නන්දඤාණාගේ අසපු කල්ලියේ එක් ප‍්‍රධාන ඉලක්කයක් බවට පත්වී තිබෙනුයේ මෙරට අමරපුර මහා නිකායේ බලය අල්ලා ගැනීමය. ඒ සඳහා සකස් කරන ලද මහා සැලැසුමේ කොටසක් ලෙස අමරපුර මහානිකායික ශ‍්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ බලය අල්ලා ගැනීම සඳහා නන්දඤාණාගේ ගෝලයකු වන අළුදෙණියේ බෝධිසු යොදා ගනිමින් නැගෙනහිර පළාතේ බෞද්ධ කේන්ද්‍රස්ථානය වන සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ බලය කුමන්ත‍්‍රණයක් සිදුකර අල්ලා ගැනීම මෙහි මූලික පියවරකි.

ඊළඟට ඔවුන්ගේ සැලසුම වී තිබුණේ කල්‍යාණිවංශය පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය දොම්පහල චන්ද්‍රසිරි නාහිමියන් වැඩවාසය කරනු ලබන රාජගිරිය, කළපළුවාවේ පිහිටි ගෝතම තපෝවන විහාරස්ථානයේ බලය අල්ලා ගැනීමයි. ඒ සඳහා යොදා ඇති කූට උපක‍්‍රම මේ වන විටත් හෙළිදරව් වී ඇත. එපමණක් නොව ඤාණානන්දගේ ජ්‍යෙෂ්ඨ ගෝලයන් යොදා ගනිමින් කල්‍යාණිවංශ පාර්ශවයට අයිති පන්සල්වල බලය අල්ලා ගැනීම සඳහා කූට ලේඛන සකසා ඇති බව ද හෙළිදරව් වී ඇත.

මෙම කුමන්ත‍්‍රණය සඳහා අතිවිශාල මුදලක් හුවමාරු වන බව නිරීක්‍ෂණය වී ඇත. අසපු කල්ලිය විසින් ආර්ථික අපහසුතා ඇති භික්‍ෂූන් වහන්සේලා මෙන් ම මුදලට ගිජු භික්‍ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු සඳහාම විවිධාකාරයේ පුද සත්කාර කරමින් අති විශාල මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට නියමිතව ඇති බවත් භික්‍ෂූන් වහන්සේ කිහිප දෙනෙකු සඳහා මේ වන විටත් මුදල් ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත. මුදල් යොදා ගනිමින් නිකායික භික්‍ෂූන් වහන්සේලා මෙන් ම අන්‍ය නිකායික භික්‍ෂූන් වහන්සේලා අසපුවට හිතවත් කර ගැනීම සඳහා මේ වන විටත් සැලසුම් දියත් කර ඇත.

දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මහා කුමන්ත‍්‍රණය 2004 වර්ෂයේ සිට ක‍්‍රියාත්මකවීම පටන්ගෙන ඇති අතර ඔවුන්ගේ අවසාන ඉලක්කය වනුයේ මෙරටින් ථෙරවාදී සම්බුද්ධ ශාසනය අතුගා දැමීමත් මෙරට සම්පත් කොල්ලකෑමත් ය. මොවුන් පිටුපස ඇමරිකානු CIA සංවිධානය හා ඔවුන්ගේ බලල් අතක් වන ඉස්ලාම් අන්තවාදීන් ද මෙරට කුප‍්‍රකට ජාවාරම්කාරයන් පිරිසක් ද සිටින බව අනාවරණය වී ඇත. තවද විශ‍්‍රාමික ප‍්‍රභූ පැලැන්තියේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ කටයුතුවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.
භූ දේශපාලනය අනුව අතිශය වැදගත් වන ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ බලය අඩපන කිරීමටත් ඒ සඳහා ඔවුන්ගේ ඉත්තන් යොදාගැනීමටත් ඔවුන්ගේ සැලසුම වී තිබේ. මුස්ලිම් ජාතිකයන් නැගෙනහිර පදිංචි කර ඉඩම් අල්ලා ගැනීම, සිංහල මුස්ලිම් කැරළි සහ දෙමළ මුස්ලිම් කැරළි ඇති කිරීම මගින් ප‍්‍රදේශයේ ස්ථාවර භාවය බිඳ දැමීමත් ඒ තුළින් වෙනම තජිකිස්ථානයක් නිර්මාණය කිරීමත් ඉන්පසු ඇමරිකානු ඉස්ලාම් ත‍්‍රස්ථ විරෝධී සටන මුවාවෙන් ඇමරිකානු හමුදා නැගෙනහිර පළාතට ඇතුල්වීමට ඉඩ සලසා ගැනීමත් CIA සැලසුම වී ඇත. මෙහි පියවරක් ලෙස සේරුවිල සරණකිත්ති නාහිමියන් අපවත්වීමට පෙර ඉඩම් බෙදා දී මුත්තූර් හි පදිංචි කරන ලද සිංහල පවුල් 40 ක් ඉවත් කිරීම සඳහා අසපු කල්ලිය විසින් මෙහෙයවනු ලබන චෛත්‍යවර්ධ සමිතිය නැමති ඊනියා සමිතිය සහ විහාරධිපතිව සිට පසුගිය දා අපවත් වූ මුංහේනේ රාමමෙත්තා (නන්දඤාණාගේ ජවිපේ සටන් සගයා) විසින් නඩු පැවරී ඇත.

ඇමරිකානු මැදිහත්වීමට අවශ්‍ය සිංහල බලය ගොඩනැගීම සහ සිංහල ජනයා තුළ ඇතිවන ඇමරිකානු විරෝධය උපක‍්‍රමිකව මැඩපැවැත්වීම සඳහා නැගෙනහිර පළාතේ බෞද්ධ විහාරස්ථානවල බලය ඔවුන්ට හිතවත් කණ්ඩායමක් අතට පත්කර ගැනීමට අවශ්‍ය වී තිබේ. ලංකාවේ මේ කාර්යය කිරීමේ ප‍්‍රමුඛ වගකීමක් අසපු කල්ලිය වෙත පැවරී ඇත. න්‍යෂ්ටික කටයුතු සඳහා භාවිතා කරන විකිරණශීලී ඛනිජ ද්‍රව්‍ය සහ ලෝකයේ මිල අධිකතම ඛනිජ ද්‍රව්‍ය නැගෙනහිර භූමියේ ඇත. ඊට අමතරව දැනට හඳුනාගෙන ඇති පුල්මුඬේ ඛනිජවැලි නිධියේ වටිනාකම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 6.5 ක් පමණ වේ.

අළුදෙණියේ බෝධිසු මේ මහා සැලසුමේ එක් ඉත්තෙක් පමණි. මෙම මහා කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා ලෝකවාසී බෞද්ධ සැම එකට එක්විය යුතුය. ත්‍රෛනිකායික මහා සංඝයා එක්ව එක පෙරමුණක් ලෙස අසපු කල්ලියේ කුමන්ත‍්‍රණය පරාජය කර දැමීමට පෙරමුණට ආ යුතුය. අද සේරුවාවිල – හෙට ගෝතම තපෝවනය – අනිද්දා ඔබේ ගමේ පන්සල මෙම කුමන්ත‍්‍රණකරුවන්ට බිලිවෙනු ඇත. එබැවින් නොපමාව ශාසනාලයෙන් යුතුව මෙරට ථෙරවාදී බෞද්ධාගම හා බෞද්ධ විහාරස්ථාන රැකගැනීමට පෙරට ආ යුතුය ෴

******************************************

(31.05.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුව, කොට්ටඩි වෙරළ තීරයේ සිදුකළ පාමුර සංචාරයකදී ඩිංගියාත්‍රාවක් තුල සඟවා තිබු කේරළ ගංජා කිලෝග්රැම් 48 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ මුනියා ධීවර ගම්මානයේ සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයේ දී වෙරළේ නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කිරීමේදී එතුල පොලිතීන් උර තුල සුක්ෂම ලෙස අසුරා සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය හමු වුනා.

නාවික හමුදාවේ මෙම සෝදිසි මෙහෙයුම අතරතුර මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන යතුරු පැදි 02 ක් ද අදාළ ස්ථානයේ තිබී සොයා ගැනුනා.

මෙම කේරළ ගංජා තොගය සහ යතුරු පැදි දෙක (2) නාවික හමුදාව විසින් පේදුරුතුඩුව පොලිසිය වෙත බාරදී දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව හා පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

(31.05.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

නව නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (31) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

නීතිපති ධුරයේ වැඩ භාර ගත් බවට සැල කිරීමට පැමිණි නීතිපතිවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මෙහිදී ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් සහ එමගින් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබදව ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා.

අදාළ නීතිමය පියවර කඩිනමින් ඉටු වනු ඇති බව ප්‍රකාශ කළ නීතිපතිවරයා, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව ද කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව සඳහන් කළා.

******************************************

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත්කෙරේ

(31.05.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථීක කොමිසමේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයින් වන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල, ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය යන මහත්වරුයි.

ඕරල් කෝපරේෂන් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි, මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරු එහි සෙසු සාමාජිකයින් වනවා.

ඉකුත් විසිවනදා වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊට අත්සන් තබනු ලැබුවේ පසුගිය 27 වනදා යි.

******************************************

(31.05.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්ව ඇති ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් සහ සමුද්‍රිය පරිසරයට සිදුව ඇති හානියට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිපති සංජය රාජරත්නම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, නීතිපති ධුරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී අද (31) අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදියි.

මේ අතර නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ පිළිබඳ වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයා වෙත යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්, ඔවුන් නිරෝධායනයට ලක් කර සිටින වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික හෝටලය වෙත ගොස් රුසියානු ජාතික කපිතාන්වරයාගෙන්, ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන්කරගත්තා.

එමෙන්ම මුහුදු සහ නාවික ක්ෂේත්‍ර පිළිබඳ නීතීඥ ඩෑන් මාලික ගුණසේකර මහතා පවසන්නේ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිණි ගැනීමෙන් සිදුව ඇති හානියට වන්දි ලබා ගැනීමට මෙරට පවතින නීති හා ජාත්‍යන්තර නීති අතර පවතින නොගැලපීම් බාධාවක් විය හැකි බවයි.

මේ අතර නෞකාවේ අභ්‍යන්තරයේ සුළු ගිණි ගැනීම් තවදුරටත් පවතින අතර, ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.

නෞකාව ගිනිගැනීම නිසා අපවිත්‍ර වූ වෙරළ තීර සහ සාගර කලාප පිරිසිදු කිරීමේ කටයුතු අදත් (31) සිදු කෙරුණා.

පමුණුගම වෙරළ තීරයේ පවිත්‍රතා නිරීක්ෂණයට එක්වෙමින් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ එම කටයුතු වඩා වේගවත් කරමින් අද (31) ස්ථාන 20 ක් තුල සිදුකිරීමට පියවර ගත් බවයි.

එමෙනම් නෞකාවේ ගිනිගැනීම මෙරට ලුණු නිෂ්පාදනයට බාධාවක් නොවන බව ලුණු සමාගම් පවසනවා. හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා කියා සිටියේ ලුණු පැකට් මිලදී ගෙන රැස්කර තබා ගැනීම අවශ්‍ය නොවන බවයි.

මේ අතර අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරය යන ප්‍රදේශවල සංචරණ සීමා මැද බලපත්‍ර සහිතව විවෘත කර ඇති වෙළඳ සැල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් බහුලව ලුණු පැකට් මිලදි ගන්නා ආකාරය නිරීක්ෂණය වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

@@@@@@@@@@@@@@@@

කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනය සැමරු ඒ.එස්.පී.ට ස්ථාන මාරුවක්

(31.05.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ද පොලීසිය විමර්ශන දෙකක් (2) ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වසංගතය දුරුවේවා යැයි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලිසිය සංවිධාන කළ පිරිත් දේශනාවක් මේ දිනවල කුරුණෑගල පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා නගරාධිපතිවරයා ඊයේ (30) එම ස්ථානයට පැමිණි අතර, ඔහු වෙනුවෙන් පොලීසිය උපන් දින සාදයක්ද සංවිධාන කර තිබුණා. එහිදී පොලීසිය කේක් කැපීමක්ද සංවිධාන කර තිබූ අතර, ඊට නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ ඔහුගේ බිරිඳ ඇතුලු පිරිසක් එක්ව තිබෙනවා.

මේ අතර ඊට සහභාගි වූ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයා ට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

(31.05.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැවතිය දී නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කොළඹ තරු පහේ හෝටලයක ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පී පියුමි හංසමාලි සමඟ උපන් දින උත්සවයට සහභාගි වූ තවත් 20 ත් 25 ත් අතර පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසනවා.

දැනට 12 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර, පොලිස් මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ද විමර්ශන දෙකක් (2) ආරම්භ කර තිබෙනවා.

එම උපන් දින සාදයට එක්ව සිටි කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගන්නා බවයි අද (31) පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++++

(31.05.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ සිරිපැරකුම් මාවතේ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයක එක් පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මිය යාමෙන් අනතුරුව එහි සිටි සෙසු වැඩිහිටියන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

ඒම පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ එම වැඩිහිටි නිවාසයේ සිටී සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

29 දෙනෙකු මෙලෙස කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් විවිධ ආබාධ වලින් පෙළිම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යෑමේ අපහසුතාවක් මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

එම හේතුවෙන් ගොතටුව මහජන පරීක්ෂකවරුන් තීරණය කළේ ඔවුන් එම වැඩිහිටි නිවාසය තුළම රඳවා ප්‍රතිකාර ලබා දීමටයි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා චෝදනා කරන්නේ මෙම පුද්ගලයින්ට කොරෝනා ආසදනය වී ඇත්තේ වැඩිහිටි නිවාසයෙන් පිටතට යන පුද්ගලයේකුගේ අයහපත් සෞඛ්‍යය පිළිවෙත් නිසා බවයි ෴

++++++++++++++++++++++++

(31.05.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මැයි මස 11 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරි නිවාඩු අවලංගු කළ අතර පවතින තත්ත්වය හේතුවෙන් නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කළ බව අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1915 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 151,740 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1531 ක් වාර්තා වනවා. ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 184,918 ක් දක්වා ඉහළ ගොස් තිබේනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1351 ක් වාර්තා වනවා. ඒ අනුව අද (31) මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2882 ක් ෴

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 43 ක් වාර්තා වීමත් සමගයි ෴

+++++++++++++++++++++++++

(31.05.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික් කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේවනවිට ක්‍රියාත්මකයි.

නමුත් ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට පටහැනිව බව වාර්තා වනවා.

ඒ මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ දිනවල සිදුකරන කොවිඩ් එන්නත්කරණයේදී ස්පුට්නික්-V එන්නතේ එක් මාත්‍රාවක් පමණක් හෝ ලබා ගැනීමට කැමති බවට ලබා ගන්නා ප්‍රකාශයත් සමගයි.

ඒ අනුව ඊයේ (30) මහනුවර කුණ්ඩසාලේදී දහසකට (1000) ආසන්න ප්‍රමාණයකට එන්නත ලබා දී ඇත්තේ පළමු (1) මාත්‍රාව පමණක් ලබා ගැනීමේ එකඟතාවය මතයි.

දෙවන (2) මාත්‍රාව ලබා දීමට ප්‍රමාණවත් එන්නත් නොමැති බව වාර්තා වීමත් කඩිමුඩියේ සැකසූ ‘ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි’ යන්න සටහන් කළ මුද්‍රාවක් සමගින් මෙම එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබුනා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කොවිඩ් එන්නතකින් ලැබෙන ප්‍රතිශක්තියේ සාර්ථකත්වය සහතික කිරීමට මාත්‍රා දෙකම ලබාදිය යුතුයි.

මේ වනතුරුත් එක් මාත්‍රාවක් පමනක් ලබා දිය හැකි කොවිඩ් එන්නතක් සායනික පරීක්ෂණ සඳහා නිකුත් කර නැහැ.

කෙසේ වෙතත් රුසියාව නිශ්පාදනය කරන ‘ස්පුට්නික් ලයිට්’ සහ අමෙරිකාව නිශ්පාදනය කරණ ‘ජොන්සන්’ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් බව අදාල සමාගම් පැවසුවද ඒවා තවමත් පවතින්නේ පරීක්ෂණ තත්ත්වයේයි.

කෙසේවුවද මෙරටට ගෙන්වා ඇති රුසියානු ස්පුට්නික්-V එන්නත ද්විත්ව මාත්‍රා එන්නතක් වන අතර එය අනිවාර්යෙන්ම එක පුද්ගලයකු වෙනුවෙන් දෙවරක් (2) එන්නත් කළ යුතුය.

ස්පුට්නික්-V එන්නතේ පළමු (1) මාත්‍රාවෙන් සති 3 ක දී දෙවන (2) මාත්‍රාව ලබාගත යුතු වූවත් මාස 3 ක් ඇතුලත දී එය ලබාගැනීම ප්‍රමාණවත් බවට රුසියානු විශේෂඥයින් මේවනවිට දැනුම්දී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එවැන්නකට (මහනුවර කුණ්ඩසාලේදී සිදුකල අත්සන් ගැනීමට) සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී නොමැති බවයි.

+++++++++++++++++++++

(31.05.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (30) සහ අද (31) දිනයේ ආර්ථීක මධ්‍යස්ථාන විවෘත කර තොග වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සළසා දී තිබූ අතර, එය අදින් (31) අවසන් වනවා. යළි තොග වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජූනි මස 3 සහ 4 යන දිනවලදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනු ඇති.

එසේම අතුරු මාර්ගවල ගමන් නොකරන ඩිලිවරි සේවා රියදුරන්ට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එවැනි සේවා පවත්වාගෙන යන බොහෝ පිරිස් ප්‍රධාන මාර්ග ආශ්‍රිතව වෙළදාම් සිදුකරන බවත් ඒ හේතුවෙන් එක් ස්ථානයකට බොහෝ පිරිසක් එක්රැස් වන බව හෙළිවී තිබෙනවා.

එසේම පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය ජුනි 15 දක්වා යළි දීර්ඝ කිරීමට ද පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා ෴

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය අද (31) පෙරවරු 7 ට ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, පොළොන්නරුව මහරෝහලේ ගර්භනී හෙදියන් අද (31) විරෝධතාවක නිරත වුණේ කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ගර්භනී හෙදියන් සේවයට නොකැඳවන ලෙස ඉල්ලමින් ෴

+++++++++++++++++++++

(31.05.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

රහසිගතව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් පිළිබද පුවතක් නිට්ටඹුව – රන්පොකුණගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වතුපිටිවල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් නිරෝධායනය සඳහා එම ස්ථානයට රැගෙන විත් ඇති බවටයි අනාවරණ වුණේ.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමක් අනුව නිට්ටඹුව කොට්ඨාශයේ ප්‍රාදේශීය කොවිඩ් කමිටු සභාපති හර්ෂ දයාරත්න මහතා අදාළ ස්ථානයට ගොස් තිබුණා ෴

++++++++++++++++++++++

(31.05.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

තැපැල් මළු ප්‍රවාහනය කිරීම සහ බෙදා දීමේ කටයුතු හෙට (01) සිට ආරම්භ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති නමුත් වෘත්තීය සමිති එම තීරණයට විරෝධය පළ කරනවා.

වෘත්තීය සමිති 6 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ තැපැල් කාර්යාල විවෘත කිරීමට කටයුතු කළ ද ප්‍රවාහන පහසුකම් සැලසීමක් සිදුකර නොමැති බවයි ෴

අද (31) දිනයේදීත් වැඩිහිටි දීමනාව ලබාගැනීම සඳහා ප්‍රදේශ රැසක තැපැල් කාර්යාල අසළට වැඩිහිටියන් පැමිණ තිබුණා. මැයි මාසයට අදාළ දීමනා පසුගිය දින කිහිපයේම ලබාදුන් අතර, ඒ අනුවයි අද දිනයේත් වැඩිහිටි දීමනාව ලබාදීමට රජය කටයුතු කළේ. කෙසේ වෙතත් ඇතැම් තැපැල් කාර්යාල අසළට පැමිණි වැඩිහිටියන් නිරෝධායන නීති නොතකමින් කටයුතු කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(31.05.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ලිපි නිකුත් කරන ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර, අද (31) උදෑසන 06:30 සිට 10:30 දක්වා ගතවූ පැය හතර (4) තුළ බස්නාහිර පළාතට රථවාහන 55,944 ක් ඇතුලුවී තිබෙනවා.

ඉන් වැඩිම ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට අදාළ ඒවා වන අතර, වාහන 3528 ක් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණි ඒවා නොවන බවට හෙළිවූ බවයි පොලිස් මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *