ගිනිගත් නැව නිසා මීගමුවේ සිට පානදුර දක්වා වෙරළ තීරයටත් හානි

ගිනිගත් නැව නිසා මීගමුවේ සිට පානදුර දක්වා වෙරළ තීරයටත් හානි

*********************************************

ගිනිගත් නැව නිසා මීගමුවේ සිට පානදුර දක්වා වෙරළ තීරයටත් හානි

(30.05.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මේ වනවිට මීගමුවේ සිට පානදුර දක්වා වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

මීට අමතරව උස්වැටකෙයියාව සහ සරක්කුව යන වෙරළ තීරවලටද බලපෑම් එල්ලවී ඇති අතර, ගොඩගැසූ අපද්‍රව්‍ය ඉවත් කරමින් පවතින බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර පසුගිය දින කිහිපයේම දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටි තමන්ට නෞකාවේ ගින්නත් සමඟ ඇතිවූ තත්වයන් මත ධීවර කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්වයක් මතුව ඇති බව මීගමුවේ සුළුපන්න ධීවරයින් ප්‍රකාශ කළා.

29-05-2021

+++++++++++

[ https://www.facebook.com/watch/?v=856400664974788 ]

+++++++++++

Troops from SLAF Base Katunayake deployed to collect Ship Debris along Coastal Belt

(29.05.2021 14:31 +0530 – airforce.lk)

On a request made by the Disaster Management Centre to the Ministry of Defence (MOD) and on the directives received to the Sri Lanka Air Force from the MOD the Commander of the Air Force, Air Marshal Sudarshana Pathirana instructed to deploy SLAF personnel to collect debris and clean the coastal areas affected by the ill-fated container ship, ‘X-press Pearl’. As a result, more than 300 Air Force personnel from SLAF Base Katunayake launched a cleaning programme along the coastal belt area from Dungalpitiya to Pitipana (7Km), from 27 May 2021 onwards to prevent people from collecting harmful wreckages and floating items.

During the cleaning programme, SLAF troops plan to clean all remains that are harmful to humans and to the natural environment. Further, Police personnel and Marine Environment Protection Authority (MEPA) officials extended their maximum cooperation to continue the programme successfully.

+++++++++

[ More Photos ]

******************************************

(30.05.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13 ක් ව්‍යාජ ලේඛන සහ අංක තහඩු යොදා යළි අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු පලාගොස් තිබෙනවා.

මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මතයි මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුගේ රත්නපුර – මිහිඳුගම ප්‍රදේශයේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකිවූ ත්‍රිරෝද රථ 12 ක්, පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම කුඩා ට්‍රක් රථ දෙකක් (2), කැබ් රථ දෙකක් (2), ලොරි රථයක් සහ යතුරු පැදි පහක් (5) ද පොලිසිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සොයාගෙන ඇති ත්‍රී රෝද රථ ඇතුලු වාහන සංඛ්‍යාව 30 කට ආසන්නයි.

තම ත්‍රී රෝද රථය සොරකමකට ලක්වී ඇත්නම් රත්නපුර පොලිසිය අමතා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසට පොලිසිය දැනුම්දෙනවා ෴

******************************************

(30.05.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට (31) ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පසුගිය 23 වනදා වරාය පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

නෞකාවේ කපිතාන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 25 දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර, එම කාලය අදින් අවසන් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

******************************************

(30.05.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ විහාරවාසී හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අපවත්වී ඇත්තේ අවුරුදු 63 ක් වයසැති හිමිනමක්.

ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ උන්වහන්සේ වසර දෙකකට (2) ආසන්න කාලයක් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි බවයි.

ඊයේ (29) උදෑසන සහ දහවල් දානය රැගෙන ගිය දායකයන් ද එම දානය විහාරස්ථානයේ මුලුතැන්ගෙන ආසන්නයෙන් තබාගොස් ඇතත් ස්වාමීන් වහන්සේ පිළිබඳ සොයාබැලීමක් සිදුකර නැහැ.

කෙසේවෙතත් ඊයේ (29) සවස උන්වහන්සේ වෙනුවෙන් ගිලන්පස රැගෙන ආ දායකයන් පිරිසක් ස්වාමීන් වහන්සේ දක්නට නොලැබීඹ පිළිබඳ කළ සොයා බැලීමකදීයි ආවාස ගෙය තුල ඇද වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

අනතුරුව සිද්ධිය පිළිබඳ පුත්තලම පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

මෙම ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර අනතුරුව දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

එහිදී ජෛව පටල පරීක්ෂණයක් ද පැවැත්වීමටයි පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ.

අපවත්වූ හිමිනම සෙම් රෝග ෂහ හෘද රෝග සඳහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවට ද පොලිස් පරීක්ෂණවලිදී හෙළිවී තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(30.05.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් අපවත්වී තිබෙනවා.

මාතර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වනවිට උන්වහන්සේ 68 වන වියේ පසුවුණා.

මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු හිමිනම ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසයට එක්වන අතර, උන්වහන්සේ 2001 වසරේ සිට 2004 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

ගාල්ල – බද්දේගම – ගොතටුව ශ්‍රීපාදගොඩැල්ල විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කළ උන්වහන්සේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වනවා.

උන්වහන්සේ කොරෝනා ආසාදිතව සුවය ලබා පසුගිය 22 වනදා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, පසුව 27 වන දා ඇති වූ රෝගී තත්ත්වයක් මත යළි මාතර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා.

එහිදී සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් උන්වහන්සේ යළිත් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව කොවිඩ් නියුමෝනියාවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ උන්වහන්සේ අදාළ පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(30.05.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

වසා දමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන අද (30) අලුයම විවෘත කෙරුණු අතර, ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් මෙන්ම වෙළදුන් පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණා.

දඹුල්ල හිරු වාර්තාකරු සදහන් කළේ මහනුවර – යාපනය – ඒ-9 මාර්ග දෙපස කිලෝමීටර් ගණනාවක් එළවළු සහ පළතුරු රැගෙන පැමිණි ලොරි රථ නවතා තිබූ බවයි.

එම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සහ පළතුරු කිලෝ ලක්ෂ 100 ක් පමණ අද (30) දිනයේ ලැබී ඇති අතර කැරට්, බෝංචි වැනි එළවළු වර්ගවල තොග මිල රුපියල් 200 ක් ලෙස සටහන් වී තිබුණා.

පහතරට එළවළු වර්ග රැසක කිලෝවක තොග මිල දැක්වුණේ රුපියල් 150 ක් ලෙසටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Please do not use the military and air force for all the labour intensive and menial work even though they are willing, ready to be deployed. They are not the dustbin of the nation or the doormat of the government. A couple hundred servicemen are not enough for this work any way, because the pollution is massive and spread over an extensive area now. There are masses of people in the fishing community, currently unemployed and without income. So, please harness this massive human resource, organize and pay them a just wage for the days work, and deploy them in this coast cleaning operations. Do not always give Rs 5000 as a donation, as these people are not beggars but human beings living with dignity. The cleaning operation is essentia for their own benefit and to safeguard their traditional livelihood, as well as their own living environment. Therefore the cleaning operation would hopefully done with greater ernest and commitment if all the resources from the fishing community are harnessed and deployed for this work.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *