ලෝක උරුම සේරුවිල මංගල මහා විහාරය මංකොල්ල කන්නට මේ දිනවල කිරිබත්ගොඩ ඤාණානන්දයාගේ මහමෙව්නාව උත්සාහ කරමින් සිටිනවා

ලෝක උරුම සේරුවිල මංගල මහා විහාරය මංකොල්ල කන්නට මේ දිනවල කිරිබත්ගොඩ ඤාණානන්දයාගේ මහමෙව්නාව උත්සාහ කරමින් සිටිනවා

*********************************************

ලෝක උරුම සේරුවිල මංගල මහා විහාරය මංකොල්ල කන්නට මේ දිනවල කිරිබත්ගොඩ ඤාණානන්දයාගේ මහමෙව්නාව උත්සාහ කරමින් සිටිනවා

(30.05.2021 – 09:31 +0530 – lankaleadnews.com ඇසුරෙන්)

භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ලෝක උරුම සේරුවිල මංගල රාජ මහා විහාරය ශතවර්ෂ හත අටක් මහා වනාන්තරයකින් වැසී තිබුණු අවධියේ නැවත සොයා ගනු ලැබුවේ කළ්‍යාණීවංශ මහා නිකායේ මහනායක මංගල ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය දඹගස්ආරේ සුමේධංකර නාහිමිපාණන් වහන්සේ විසිනුයි.

පූජ්‍ය දඹගස්ආරේ සුමේධංකර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසුව සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති ධුරයට පත් වූයේ පූජ්‍ය සේරුවිල සරණකිත්ති නා හිමිපාණන් වහන්සේයි. නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එය හිමි වන්නට තිබුණේ පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක මාහිමිපාණන් වහන්සේටයි.

නමුත් මේ අවස්ථාවේදී තමයි මහමෙව්නාව සේරුවාවිල තමන්ට අයත් කරගන්නට කුමන්ත්‍රණය ආරම්භක කළේ. පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේට ලැබෙන්න තිබූ විහාරාධිපති ධූරය නොලැබෙන තැනට පත් කර, දායක සභාව විසින් විහාරාධිපති හිමියන් පත් කර ගන්නා අමුතු ආකාරයක් නිර්මාණය කරගෙන, මුංහේනේ මෙත්තාරාමව ඒ සඳහා පත්කර ගත්තා.

පසුගිය දිනක මුංහේනේ මෙත්තාරාම ඉන්දියාවේ දී අපවත් වුනා. උන්වහන්සේ ඉන්දියාවට රැගෙන යෑමට පෙර, කිරිබත්ගොඩයාගේ ශිෂ්‍ය අළුදෙණියේ සුබෝධිට විහාරාධිපති ධූරය ලැබෙන ආකාරයේ ලිපියක් ද කුමන්ත්‍රණකාරී මහමෙව්නාව විසින් සකස් කර ගෙන තිබුනා.

සේරුවාවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති ධූරයට පත් විය යුතු, පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ කිරිබත්ගොඩයාට මුල්ම වකවානුවේ සිටින්නට තැනක් නොමැති විට තමන් වහන්සේට පූජා කර තිබූ අක්කර 10 ක භූමියක්ද කිරිබත්ගොඩයාට පැවරූ ස්වාමීන් වහන්සේ නමක්. එම කෙළෙහිගුණයවත් නැති කිරිබත්ගොඩයා පූජ්‍ය කොටපොල හිමියන්ට ලැබෙන්නට තිබූ විහාරාධිපති ධුරය හිතා මතා කුමන්ත්‍රණකාරී ලෙස, මේ වතාවේත් තමන් යටතට ගන්නට අළුදෙණියේ සුබෝධිව ඒ සඳහා යොමු කර තිබුනා.

කිරිබත්ගොඩයාගේ මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල වටහා ගත් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ විධායක සංඝ සභාව, සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය මේ ගැටළුව නිරාකරණය කර ගන්නා තෙක්, නිකායෙහි මහා නායක අතිපූජනීය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ යටතට තාවකාලිකව පත් කරන්නට තීරණය කර තිබුනා. මෙවැනි කුමන්ත්‍රණකාරී අවස්ථාවක ගත යුතු සුදුසුම තීරණය වන්නේ ද එයයි. එම පත් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ද පිළිගෙන තිබුනා.

නමුත් එයින් කුපිත වූ කිරිබත්ගොඩ ඤාණානන්ද, තමන්ගේ ශිෂ්‍ය අළුදෙණියේ සුබෝධිව මහනායක මාහිමිපාණන් වහන්සේ වැඩ වසන කලපළුවාව ගෝතම තපෝවනයට එවා තිබුණු අතර එහි පැමිණි අළුදෙණියේ සුබෝධි මහනායක මහහිමිපාණන් වහන්සේට ඉතා අසභ්‍ය ආකාරයට බැන වැද තිබුණා. එම පහත් නින්දිත හැසිරීම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුයි.

නිකායේ මහනායක තපෝවෘද්ධ, වයෝවෘද්ධ, බහුශ්‍රැත මා හිමිපාණන් වහන්සේ කිරිබත්ගොඩ ඤාණානන්දයාගේ සියලුම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ ද වෙනවා.

තමන්ව පැවිදි උපසම්පදා කළ වැඩිහිටියන්ට ගරු කිරීමවත් නොදන්නා, සංඝ සභාවක තීරණයකට වත් එකඟ නොවන, බලය ධනය මත්තේම ජීවත්වන කිරිබත්ගොඩ ඤාණානන්දයාගේ අනුදැනුම මත පැමිණි අළුදෙණියේ සුබෝධි ඇතුළු පිරිස, මහනායක මා හිමිපාණන් වහන්සේට බැන වදිමින් සිටියදී, ඒ හිමිවරුන් ව නතර කරන්නට එතනට වැඩම කළ අනෙකුත් මහා ස්ථවිර ස්වාමීන් වහන්සේලාට ද නින්දා අපහාස කරමින් බැණ වැද තිබුනා. ගුණධර්ම කිසිවක් නොදන්නා ගුණමකු බවින් පිරුණු මහමෙව්නාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන්ගේ මුළුමහත් අතීත වැඩපිළිවෙළම ගුණමකු බවින් පිරී පවතින බව අපි හොඳින්ම දන්න කරුණක්.

ථෙරවාදී සම්ප්‍රදායන්ට විරුද්ධව අතීතයේ පැවති අභයගිරි ජේතවන වැනි නිකායන් මෙන් වර්තමානයේ ද සේරුවාවිල මුල්කරගෙන අභිධර්මය ප්‍රතික්ෂේප කරන කිරිබත්ගොඩයාගේ ධර්ම විරෝධී නැගී සිටීම විධායක සංඝ සභාවේ තීරණය මගින් යටපත් වුන නිසා, එම අරමුණ ඉටුකර ගන්නට නොහැකි වූ තැන, කිරිබත්ගොඩයා කුපිත වී මහනායක මහා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා ස්ථවිර ස්වාමීන් වහන්සේලාට ද බැන වැදී දොස් පවරමින්, ඉන්පසුව අධිකරණයට ගොස් මහා නායක මාහිමිපාණන් වහන්සේට සේරුවාවිලට වැඩම කරන්නට නොහැකි ලෙස අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණා.

පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති නා හිමිපාණන් වහන්සේ ජීවත්ව වැඩ සිටියදීම සේරුවාවිල තමන්ට අයත් කරගන්නට පළතුරු ආදී මහා පූජාදිය කරමින් කුමන්ත්‍රණ සැකසූ කිරිබත්ගොඩයාගේ මෙවර උත්සාහය, මුස්ලිම් ජාතිකයන් ද බහුතරයක් සිටින දායක සභාවක් නිර්මාණය කරගෙන, අධිකරණ ඇමති ද සම්බන්ධ කරගෙන, රාජ්‍ය බලය ද ප්‍රයෝජනයට ගෙන, උසාවියෙන් තහනම් නියෝග ද ලබාගෙන, කෙසේ හෝ තමන් වෙත සේරුවිල මංගල රාජමහා විහාරය අයත් කර ගැනීමයි.

කිරිබත්ගොඩයාට තවම මුදලට ගත නොහැකි වූයේ සොලොස්මස්ථාන වලට අයත් ස්ථානයක් පමණයි. සෝමාවතිය, මිහින්තලය, සේරුවිල ආදී ලෙස ඌ විසින් අවස්ථා ගණනාවක දී කෙසේ හෝ එම ස්ථානයක් ලබා ගැනීම සඳහා විවිධ උත්සාහයන් ද දරා තිබුනා.

බැරිම තැන අටමස්ථානයට සමීපම ස්ථානයක මහා විශාල විහාරස්ථානයක් ඉදි කරන්නට ද සැලසුම් සකස් කර තිබුණා. අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලාගේ විරුද්ධත්වය නිසා එය හකුලා ගන්නට වූ තැන උන් වහන්සේලාට දොස් කියමින්, මහමෙව්නා මූලස්ථානය වන පොල්ගහවෙල සම්බුද්ධ රාජ මන්දිරයෙහි එම සැලැස්ම ප්‍රදර්ශනයට තබා, එය ඉටු කර ගන්නට අටමස්ථානාධිපති හිමිවරුන් දෙන්නේ නැති බව සඳහන් කරමින් මිනිසුන් ලවා අටමස්ථාන හිමිවරුන්ට දොස් කියන්න්ට කටයුතු කළේ ද පහත් ආකාරයටයි.

බුදුදහම පහත් ආකාරයේ මුදලාලි කරණයකට පත්කරමින්, බුදු දහම තුලින් මුදල් හම්බ කිරීම එකම අරමුණ කරගෙන කටයුතු කරන කිරිබත්ගොඩයාගේ ‘සේරුවාවිල මංගල රජ මහා විහාර මංකොල්ලය’ නතර කරන්නට මහන්සි ගන්නා, මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විධායක සංඝ සභාවට අපගේ වන්දනීය නමස්කාරය වේවා!

කිරිබත්ගොඩ ඤාණානන්දයා ගෙන් බුද්ධ සාසනය බේරාගනිමු !

+++++++++++++++

කිරිබත්ගොඩ ඥානානන්දගේ සේරුවිල අල්ලාගැනීමේ පරිශ්‍රමය – ධම්මකිත්ති හිමි අපවත් කිරීම (31.05.2021)

@@@@@@@@@@@@@@

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය – 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා – හාමුදුරුවෝ සියල්ල හෙළිකරති

(29.05.2021 – colombotoday.com)

‘දුක අස්සේ Dialog තුප්පහි වැඩක – සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි’ යනුවෙන් පුවතක් මැයි 23 දින අප පළකලද මෙහි අලගිය මුලගිය තැන් පිළිබඳව අවබෝධය සඳහා කතාව සැකවින් ගෙන ඒමට අදහස් කළෙමු.

‘සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ – ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ’ මැයෙන් පසුගිය මැයි 21 දින Colombo Today පුවතක් පළකර සිටියේ ඉතාම සද්භාවයෙනි.

අප පලකල පුවතින් පසුව Dialog ආයතනය නියෝජනය කරමින් Sadiq Javadh නැමති මහත්මයෙක් sadiq.Javadh@dialog.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ email පණිවුඩයක් මගින් ගැටලුකාරී තත්වය මතුව තිබෙන ගම්මානය පිළිබඳව කතා කිරීම සඳහා දුරකථන අංකයක් ලබාදෙන ලෙස ඉල්ලීය. එම ඉල්ලීමට සවන්දුන් අප, පූජ්‍ය සුවඳගොඩ චන්දවිමල හිමියන්ගේ දුරකථන අංකය ලබා දෙන ලදි.

ඉන් පසුව ‘උදිත’ නැමති මහත්මයෙක් Dialog සමාගම නියෝජනය කරමින් චන්දවිමල හිමියන්ට දුරකථනය ඔස්සේ අමතා ඇත. පසුව විහාරස්ථානයට Dialog කණ්ඩායමක් පැමිණ ඇති අතර සිග්නල් ප්‍රශ්නය විසඳීම සඳහා ඇන්ටනාවක් සවිකර දී ස්වාමින් වහන්සේගෙන් රුපියල් 3000 ක මුදලක් අය කරගෙන ඇත. ඒ සඳහා රිස්ට් පතක්වත් ලබා දී නොමැත.

තත්වය ප්‍රයෝජනයට ගනිමින් සට කපට ලෙස මඩිය තර කර ගැනීමට සිතූ Dialog අලෙවි ප්‍රවර්ධන කණ්ඩායම, වන අලි ප්‍රශ්න හමුවේ ගොවිතැනින් එදිනෙදා වියදමවත් සොයාගැනීමට අපහසුව දිවිගෙවන ගම්මුන්ට, පන්සලට සිග්නල් ලබාදුන් ආකාරයෙන්ම ගම්මානයේ අනෙක් නිවාසවලට ද සිග්නල් ලබා දීම සඳහා එක් නිවසකින් රුපියල් 3000 ක මුදලක් ලබා දෙන්නේනම් ඇන්ටනාවක් සවිකර දී සිග්නල් ලබා දිය හැකි බව පවසා නව ‘4G router ප්‍රොමෝෂන්’ එකක් ආරම්භ කර ඇත්තේ ජනතාවගේ දුක අස්සේ තමන්ගේ මඩිය තර කර ගැනීමේ තුච්ඡ චේතනාවෙන් වීම කනගාටුදායක තත්වයකි.

ප්‍රදේශයට සිග්නල් ලබා දෙන කුලුනේ බලය වැඩිකර මොබයිල් 4G පහසුකම ලබා දෙනවා වෙනුවට එදා වේලා අමාරුවෙන් සොයාගන්නා අහිංසක ගම්මුන්ගෙ තුට්ටු දෙකට විදීමට Dialog ආයතනය router ප්‍රොමෝෂන් එකක් සිදුකිරීමේ පුවත ඊට පසුව අප පලකරන ලදි.

‘දුක අස්සේ Dialog තුප්පහි වැඩක – සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.’

එම පුවතින් පසු කලබලයට පත්වූ Dialog සමාගම පොරොන්දු 3 ක් ලබා දෙන ලදි.

  1. මාස 2ත් 3ත් අතර කාලයක් තුල නව කුළුණක් ඉදිකර ප්‍රදේශයට මොබයිල් 4G පහසුකම ලබා දීම.
  2. එතෙක් ගම්මානයේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මූලික ගාස්තුව නොමැතිව Router පහක් ලබා දීම. (එම රවුටර් සඳහා DATA ගාස්තුව දරුවන් ගෙවිය යුතුය.)
  3. පූජ්‍ය සුවඳගොඩ චන්දවිමල හිමියන් ගෙන් ලබාගත් මුදල් ආපසු ලබා දීම.

අදාළ Router පහ (5) සවි කිරීම සඳහා 24 වනදා සඳුදා දින පැමිණෙන බවත් එම අවස්ථාවේදී ‘ප්‍රදේශයේ ජනතාවගෙන් රු.3000 ක් ඉල්ලුවේ නැති’ බව සඳහන් කරමින් ‘voice cut’ එකක් ලබාදෙන ලෙසත් චන්දවිමල හිමියන්ගෙන් ඉල්ලීය. තමන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් ලෙස බොරු කීමේ හැකියාවක් නැති බැවින් අදාළ ‘voice cut’ එක ලබා දීම චන්දවිමල හිමියෝ ප්‍රතික්ෂේප කරන ලදි. එනිසා එදින Router පහ සවිකිරීමට ඔවුන් එදින පැමිණියේ නැත.

පසුව මේ පිළිබඳව තවත් වෙබ් අඩවි කිහිපයක් පුවත් වාර්තා කර තිබූ අතර සමාජ මාධ්‍ය තුල, මේ වනවිට Dialog අන්තර්ජාල පහසුකම් වේගය ඉතා අඩු වීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සිටි කණ්ඩායම් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද අදහස් දක්වන්නට යෙදුනි.

ඒ අනුව යලි ඊයේ (28 සිකුරාදා) දින දහවල් Dialog කණ්ඩායමක් පැමිණ Router පහ (5) සවිකර ගොස් ඇත. කෙසේවෙතත් පොරොන්දුවූ පරිදි චන්දවිමල හිමියන්ගෙන් ලබාගත් මුදල් ආපසු ලබා දී නොමැත.

කෙසේ වෙතත් අප මතුකරන කාරණයනම් කොරෝනා වෛරසය හමුවේ රටම වසා දමා ඇති මොහොතක මෙවැනි විශාල සමාගම් තමන්ගේ පාරිභෝගිකයින් පිළිබඳව මානුෂීයව සිතිය යුතු බවයි. රටේ ජනතාව නොසිටින්නට තමන්ගේ සමාගම් පවතින්නේ නැති බවත් ඔවුන් අවබෝධ කරගත යුතුය.

මේ සියල්ල පිළිබඳව 28 සිකුරාදා උදෑසන පූජ්‍ය සුවඳගොඩ චන්දවිමල හිමි සිදුකල හෙළිදරව්ව :

ගමට සිග්නල් නොමැති බව පෙන්වමින් මුලින්ම පලකල වීඩියෝව :

++++++++++++++++++++

(30.05.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද (30) සිට ආරම්භ කෙරෙනවා.

අදාළ දිස්ත්‍රික්කවල අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් ලබාදීමට සයිනොෆාම් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 බැගින් යොමුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී සහ මැණික්හින්න – පිලවල මහා විද්‍යාලයේදී උදෑසන අටට (8) ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කෙරෙන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදී සහ කුඹුගොඩආර – රතනාරාම විහාරස්ථානයේදියි. යාපනය දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 12 කදී එන්නත්කරණය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගත් පළමු සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය ජූනි මස 6 වනදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ දක්වා මෙරට තුළ හදිසි භාවිතයට ගැනුනේ චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු එන්නත් තොගයක් බවයි.

අන්තර්ජාතිකව ලබාදුන් මිල ගණන් අනුව ටෙන්ඩර් පටිපාටියක් හරහා අදාළ එන්නත් මාත්‍රා මිලියනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගෙන තිබෙනවා. ඒ, එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 15 ක මිලකටයි.

මේ අතර කොළඹ නගරයේ වයස අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් සියයට 65 ක් සම්පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෴

+++++++++++++++++++++

(30.05.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා කාලසීමාව තුළදී නිවෙස් වෙත ගොස් බේකරි නිෂ්පාදන අලෙවි කරන පුද්ගලයින්ගේ සහ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ඇඳුම් කට්ටලයක් හඳුන්වාදීම සිදු කෙරුණා.

ඒ අනුව එහි පළමු අදියර යටතේ මිරිහාන පොලිස් වසමේ බේකරි නිෂ්පාදන ජංගම වෙළඳුන් 33 දෙනෙකු සඳහා ශරීර ආවරණ, මුඛ ආවරණ, හිස් ආවරණ සහ අත් ආවරණ ලබාදීමටයි ඊයේ (29) කටයුතු කළේ. ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ජංගම වෙළඳුන් 8,895 ක් මේ වනවිට ලියාපදිංචි කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ජංගම වෙළඳුන් නොපැමිණියේ නම් හෝ පැමිණෙන වෙළඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා 011 236 9139 යන දුරකථන අංකයද හඳුන්වාදී තිබෙනවා.

මේ අතර සංචරණ සීමා පනවා ඇති ලබන මස 07 වනදා දක්වා ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම ඖෂධසැල් විවෘතව පැවතිය ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියට ( https://www.spc.lk/ ) පිවිසීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *