දෙවන වර කියවීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග හා උපදෙස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති කියයි

දෙවන වර කියවීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග හා උපදෙස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති කියයි

*********************************************

දෙවන වර කියවීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග හා උපදෙස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති කියයි

(19.05.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති නියෝග හා උපදෙස් දෙවන වර කියවීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදය අද ආරම්භ කරමින්.

මේ අතර, කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.

අනතුරුව ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විරෝධතාවයේ නිරත වීමෙන් පසු විසිර ගිය බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද අද පෙරවරුවේ කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබූ නමුත් එය අවලංගු කර තිබෙනවා ෴

++++++++++++++++

(19.05.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (19) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පළ කළා.

+++++++++++

https://www.youtube.com/watch?v=jc6G_KGtOMw

******************************************

(19.05.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මැදගම – කරමැටිය – මොරගොල්ල කන්ද තරණය කර එහි සිට මිතුරන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයෙකු අඩි 100 ක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදගම – කරමැටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

සිද්ධියෙන් කම්පනයට පත් අනෙක් තරුණයින් දෙදෙනා (2) ගම්වාසීන් විසින් මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

******************************************

(19.05.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

30 වසරක රුදුරු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කරගත් විජයග්‍රහණයේ 12 වැනි වසර සිහිකරමින් ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමුත්තන්ගේ පැමිණීමෙන් පසුව මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.

මෙම රණවිරු සැමරුමේ විශේෂත්වය වූයේ ගුවනින් ස්මාරකයන් වෙත් මල් ඉසීමයි. අනතුරුව වසර 30 ක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය හමුවේ දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවා.

රට දැය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රණබිමේ සටන් වැද දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් පිරිස්ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව වඩාත් සංවේදී වුණා.

******************************************

(19.05.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොරවල සිට කාබනික පොහොර භාවිතයට මාරු වීම තුළින් කුරුඳු වගාවට බලපෑම් එල්ල විය හැකි බව ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය පවසනවා.

දැනට බහුලව කුරුඳු වගා කෙරෙන ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ගොවීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(19.05.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

රැකියාවක් ලබාදෙන බව පවසමින් කාන්තාවක් නිවසට රැගෙන ගොස් බරපතල ලිංගික හිංසන සිදුකොට, මරණ තර්ජන එල්ල කිරීමේ සිදුවීමක් ‘හිරු සී.අයි.ඒ.’ වෙත වාර්තා වුණා.

අද (19) ‘හිරු සී.අයි.ඒ.’අනාවරණය ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයෙන් ඇසෙන එම පුවත පිළිබදවයි.

අවුරුදු 23 වයසැති මෙම කාන්තාව එක්දරු මවක්.

සුපිරි වෙළඳ සැලක සහයිකාවක් ලෙස සේවය කරන ඇය සිය සැමියා සමග වේයන්ගොඩ ප්‍රදේශයේ කුළී නිවසක ජීවත් වනවා.

මෙම කාන්තාවට වැඩි වැටුපක් සහිතව නිවසක සේවය කිරීම සඳහා අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ අතරතුරයි.

එහිදී නොසිතූ ලෙස මෙම කාන්තාවට මුහුණදීමට සිදුවු කටුක අත්දැකීම් ඇය මෙලෙස විස්තර කළා.

******************************************

(19.05.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

හුංගම අත්බටුව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු (2) ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අදාළ නිවසේම පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවක් සහ 67 හැවිරිදි කාන්තාවක්.

මෙම ඝාතන සම්බන්ධයෙන් සැකපිට 67 හැවිරිදි කාන්තාවගේ සැමියා හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන කැත්තක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

සැකකරු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් වන බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මියගිය 39 හැවිරිදි කාන්තාව 67 හැවිරිදි කාන්තාවගේ ලේලිය බවට ද අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

සැමියා විසින් සිය බිරිඳ සහ ලේලිය තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් මාතර – හුංගම – ඇත්බටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියෙන් මියගිය බිරිඳගේ වයස අවුරුදු 67 වන අතර ලේලිය 39 හැවිරිදි වියේ පසුවනවා.

ඔවුන් පදිංචි නිවස ඉදිරිපිට දී මෙම ඝාතනය ඊයේ (19) සිදුකර ඇති අතර, ඝාතන සිදුකළ සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගිය ලේලියට වයස අවුරුදු 4 ක දරුවෙකු ද සිටින බවයි වාර්තා වන්නේ ෴

******************************************

(19.05.2021 – 21:48 +0530 – hirunews.lk/sinhala)

චීනයේ අරමුදලින් පිහිටවූ නීතිපති දෙපාර්තමේන්තුවේ විද්‍යුත් පුස්තකාලය, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් අද (19) විවෘත කර ඇති බව නීතිපතිවරයාගේ ප්‍රකාශිකාව සඳහන් කලේ ෴

@@@@@@@@@@@@@@@@

(19.05.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – නාගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ආශ්‍රිත නිළධාරීන් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම, මඩකලපුව බන්ධනාගාරයෙන් ද ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

එමෙන්ම නිරෝධායනයට ලක්වෙමින් සිටි පානදුර – වෑකඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් අද (19) උදෑසන නිවසින් බැහැරට ගොස් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී මිය ගොස් තිබෙනවා.

මෘතදේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර, අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු පසුව පොලීසියට භාර වුණා.

++++++++++++++++++++++++

(19.05.2021 – 20:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 540 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (19) දිනයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3591 ක් ලෙසටයි.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 151,343 ක් හමුවී ඇති අතර ඉන් 27,925 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 122,367 ක් ෴

විදෙස් ගතව සිට මෙරටට පැමිණි 32 දෙනෙකු කොවිඩ් අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (19) දිනය තුල මෙතෙක් වාර්තා වූ මුළු කොවිඩ් අසාදිතයින් ගණන 3623 ක් ෴

++++++++++++++++++++++++

(19.05.2021 – 21:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙසට හෙට (20) සිට නැවත දැනුම්දෙන තෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය කාර්යාල වසා දමා තිබෙනවා.

ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල උදෑසන 08:00 සිට පස්වරු 04:30 දක්වා දුරකථන මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ සම්බන්ධකර උපදෙස් ලබාගන්නා ලෙසටයි මහජනතාවට දැනුම්දෙන්නේ.

+++++++++++++++++++

(19.05.2021 – 21:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 140 ක්, කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කටයුතු කරමින් සිටින බව, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා ෴

++++++++++++++++++

(19.05.2021 – 22:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාවේ එක් දිනකදී වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව අද (19) සටහන් වුනා. ඒ අද දිනය තුළ කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය 36 දෙනෙකුගේ මරණ වාර්තාවීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1051 ක් ලෙසටයි.

මීට පෙර දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී තිබුණේ ඊයේ (18) දිනයේදීයි. ඊයේ (18) දිනය තුළ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් 34 දෙනෙකු මියගියා.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 151,343ක් හමුවී ඇති අතර ඉන් 27,925ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 122,367 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *