නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට

*********************************************

නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට

(16.05.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා.

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588 ක්. මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර සංචරණ සීමා අද (16) දිනයේත් ක්‍රියාත්මක වන අතර හෙට (17) අලුයම 4 ට එය ඉවත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

අද (16) දිනයේදීත් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමයට හෝ නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

හෙට (17) දිනයේ සිට ලබන 31 වනදා දක්වා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

හෙට (17) හැඳුනුමුපත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන අතර එහිදී ද ගමන් කළ හැකි වන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි.

මේ අතර ඊයේ (15) දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14 කදී පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1826 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3525 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42 ක පැමිණි පුද්ගලයන් 92 ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

+++++++++++++++++++

(16.05.2021 – 06:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 20 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 941 ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණ විස්සෙන් (20) 19 කටම කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවක් වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ත් 87 ත් අතර වයස්වල පසුවන පන්විල, කැළණිය, බුලත්සිංහල, ගෝනපොල, ගම්පොල, කළවාන, පොළොන්නරුව, අඹතැන්න සහ කුණ්ඩසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඊට අමතරව උතුරු කළුතර, පොළොන්නරුව, නවුත්තුඩුව, මග්ගොන, කොළඹ 13, රුවන්වැල්ල, වවුනියාව, කොළඹ 14, නෑබොඩ, දියතලාව සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ද කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (15) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 2,386 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 140,471 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,371 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකුද නව ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22,310 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 117,220 ක් ලෙසයි.

මේ අතර එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (15) දිනයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 12,558 දෙනෙකුට සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 68,992 කට ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට 265,465 දෙනෙකුට සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 348,619 දෙනෙකුට ලබාදී ඇති බවයි.

ඊට අමතරව ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 14,699 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (15) දිනයේදී නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩකළ 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව මෙතෙක් එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 9,588 ක්.

+++++++++++++++++++++

(16.05.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා අදත් (16) ක්‍රියාත්මකයි.

හෙට (17) අලුයම හතරට (04:00) සංචරණ සීමා තහනම පනවා ඇති කාලය අවසන් වන බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රජය දැනුම් දුන් පරිදි හෙට (17) සිට මේ මස 31 වනදා දක්වා රාත්‍රී 11:00 සිට පසුදා අලුයම හතර (04:00) දක්වා රාත්‍රී කාලයේ මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර සංචරණ සීමා පනවා ඇති අවස්ථාවල මහජනතාව අත්‍යවශ්‍ය නොවන සංචාරවල නිරතවන්නේ දැයි සොයාබැලීම සඳහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල යුද හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කාණ්ඩය මුර සංචාරවල නිරතවනවා.

ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුවයි.

එමෙන්ම, සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී ප්‍රාදේශීය වශයෙන් එළවළු, පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරිවරයා හරහා ලබාගත් අවසර පතක් මගින් ඒවා අලෙවි කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 306 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා.

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588 ක්.

මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර සංචරණ සීමා අද (16) දිනයේත් ක්‍රියාත්මක වන අතර හෙට (17) අලුයම 4 ට එය ඉවත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

අද (16) දිනයේදීත් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමයට හෝ නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

හෙට (17) දිනයේ සිට ලබන 31 වනදා දක්වා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

හෙට (17) හැඳුනුමුපත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන අතර එහිදී ද ගමන් කළ හැකි වන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි.

මේ අතර ඊයේ (15) දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14 කදී පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1826 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3525 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42 ක පැමිණි පුද්ගලයන් 92 ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා ඇති බවයි පොලිසිය කියාසිටියේ ෴

++++++++++++++++++++

(16.05.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට පිටකොටුව තොග වෙළඳ හුවමාරුව තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබෙනවා.

ඒ අනුව තොග ගැනුම්කරුවන්ට අවසර පතක් ලබාගනිමින් අද (16) භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15) ප්‍රකාශ කළේ.

මේ අතර හෙට (17) සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගත් තීන්දුව ලබන බදාදා (19) දක්වා කල් තැබීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ වන සේවකයින්ට කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබා නොදෙන්නේ නම් හෙට (17) සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමටයි නියාමකවරුන් තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් මහතා සඳහන් කළේ එළඹෙන බදාදා (19) දුම්රිය සේවකයින්ට එන්නත ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.

එහෙත් එදිනට එන්නත ලබාදීමට කටයුතු නොකළහොත් සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

++++++++++++++++++++++

(16.05.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

සති දෙකක (2) සිට දිවයිනේ ප්‍රධාන රසායනාගාරවල කොරෝනා පරීක්ෂණ ධාරිතාව ඉක්මවා ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

මෙම තත්වය තුළ දෛනිකව සිදුකරන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල දින 5 ක පමණ කාලයක් ප්‍රමාදවන තත්වයක් මතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ද ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව, නේපාලය ඇතුලු රටවල තත්වය දරුණු අතට පත්වී ඇති බව ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර වෛරසය පාලනය කිරිම සඳහා ආසාදිතයන් හා ආශ්‍රිතයන් හඳුනාගැනීමද වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පවතින වසංගත තත්වය හමුවේ මේ දිනවල සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන් කරනු ලබන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් මෘතදේහ ඥාතීන්ට භාරදීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(16.05.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

‘ඉටුකම කොවිඩ් අරමුදලේ’ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමට එක් කළ වීඩියෝවක දැක්වෙන්නේ අරමුදලේ කළමනාකරණ මණ්ඩලය ඒ බව ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර නීති අනුව විදේශ ආධාර සහ පරිත්‍යාග සිදු කෙරෙන්නේ මහා භාණ්ඩාගාරය වෙත වන අතර, ඉටුකම කොවිඩ් අරමුදලත් ජාත්‍යන්තර ආයතනවලින් ලද පරිත්‍යාග අතරත් කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එමඟින් දැනුම්දී තිබෙනවා.

ඉටුකම කොවිඩ් අරමුදලට රුපියල් 175,24,02,793.24 ක මුදලක් බැරවී ඇති අතර, ඉන් 39,14,79,824 ක මුදලක් මේ වනවිට වැය කර ඇති බවයි කොවිඩ් අරමුදලේ කළමනාකරණ මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

එය සමස්ත එකතුවූ මුදලින් සියයට 23 ක් වන අතර, ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයක් බව සඳහන්.

එහෙත් අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉතිරිව ඇති රුපියල් 136,09,22,969.24 ක මුදලක් එන්නත්කරණය සඳහා යෙදවීමට අපේක්ෂිතයි.

ඉටුකම කොවිඩ් අරමුදලේ දැනට වැය කර ඇති ප්‍රමාණයෙන් වැඩි මුදලක් වැයකර ඇත්තේ දැනුවත්කිරීමේ වැඩසටහන් සඳහා වන අතර, එම මුදල 6,75,43,967 ක්.

කොරෝනා පරික්ෂණ ආශ්‍රිත වියදම් සඳහා 4,26,05,812 ක් වැය කර තිබෙනවා.

නිරෝධායන කටයුතු සඳහා වූ ආශ්‍රිත වියදම් ලෙස 3,80,31,065 ක් වැය කර ඇති බවයි ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කළ ඉටුකම කොවිඩ් අරමුදල පිළිබඳ වීඩියෝවේ දැක්වෙන්නේ.

එමෙන්ම පරිපාලන වියදම් ලෙස රුපියල් 3,000 ක මුදලක්ද වැය කර ඇති බව එහි සඳහන් ෴

+++++++++++++++++++

(16.05.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

පැවති වර්ෂාවත් සමඟ උඩවලව ජලාශය වාන් මට්ටමේ පවතින බැවින් එක් දොරටුවක් අද (16) අලුයම සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව අඩිය බැගින් එම වාන් දොරටුව විවෘත කර ඇති අතර, පහත්බිම්වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරවිලකන්ද ග්‍රාම නිලධාරී වසමේ ඌරුබොකුඔය රක්ෂිත සීමාවේ ඇති නිවසක් මතට කඩාවැටීමේ අවදානමක තිබූ ගසක් ඉවත් කිරීමට ද ආපදා අංශ කටයුතු කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(16.05.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී තිබෙනවා.

ඒ එම ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 173 දෙනෙකු ඊයේ (15) හඳුනාගැනීමත් සමඟයි.

මේ අතර ඊයේ (15) වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 338 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 321 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 288 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 277 දෙනෙකු ලෙස ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ෴

@@@@@@@@@@@@@@

(16.05.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල රොබට් පෙදෙස ප්‍රදේශයේදී නීති විරෝධීව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කළ තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) සවස 6 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචි අයෙක්.

අදාළ ඩ්‍රෝන යානය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(16.05.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අසම්පූර්ණ බවට නීතිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ නිසා සිය ධුර කාලය ඇතුළත පාස්කු ප්‍රහාරයේ සියලු සැකකරුවන්ට එරෙහිව මහාධිකරණවල චෝදනා ගොනු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (15) ප්‍රකාශ කළේ.

ඔහු පිටු 130 කින් සමන්විත වාර්තාවක්ද පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර, එමඟින් පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ‘ඒ කාණ්ඩයේ’ සැකකරුවන් 42 නෙකු සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත්, 5 දෙනෙකු පිළිබද පරීක්ෂණ අසම්පූර්ණ බවත් දැනුම් දුන්නා.

******************************************

(16.05.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී අනතුරට ලක්ව තුවාල ලබා සිටි මාතලේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හොරොව්පතාන සිට අකුරණ දක්වා ගමන් ගත් වෑන් රථයක් මාතලේ – නුවර මාර්ගයේ බලකඩුව පොලිස් මාර්ග බාධකයේදී අදාළ පොලිස් නිලධාරියා යටකර පලාගොස් තිබුණේ පසුගිය අප්‍රේල් 21 දායි.

එම වෑන් රථයේ රියදුරු එදිනම අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

******************************************

(16.05.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදීයි මොරටුව වීර පුරන්අප්පු මාවතේ පවත්වාගෙන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානය වටලා ඇත්තේ.

එම ස්ථානයේ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 3 දෙනෙකු සහ ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) ද මෙහිදී අත්අඩංගුවට ගැනුනා.

අත්අඩංගුවට පත් කාන්තාවන් අවුරුදු 35, 37 සහ 40 වයස්වල පසුවන්නන්.

සැකකරුවන් දෙදෙනා (2) අවුරුදු 30 සහ 32 වයස්වල අය බවටයි හෙළිවී ඇත්තේ.

මෙම ලැගුම්හල ඉදිරිපසින් අගුලු දමා ගනුදෙනුකරුවන් පසුපස දොරෙන් ඇතුලත් කර ගන්නා බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අදාළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහිවූවන් වන අතර පිරිමි පුද්ගලයන් දෙදෙනා (2) බස් රථ රියදුරන් බව ද සඳහන්.

එක් සැකකරුවෙකු සතුව තිබී මත්කුඩු පැකට් දෙකක් (2) ද සොයාගෙන තිබෙනවා.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය සැකකරු මොරටුව උස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් සහ සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *