පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයට උපදෙස්

පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයට උපදෙස්

*********************************************

පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයට උපදෙස්

(13.05.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500 ක මාසික දීමනාවක් ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමුකරමින් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත්තේ ඒ අනුව ලබන ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ 2500 ක මාසික දීමනාව ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසටයි.

විෂයභාර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙම ඉල්ලීම මීට පෙර ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴

******************************************

(13.05.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

අද (13) පැවති පක්ෂ නායක රැස්වීමේදී මැයි 18, 19 සහ 20 යන දිනවල පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය වී තිබෙනවා.

එමෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මැයි 19 සහ 20 යන දෙදින තුළ පැවැත් වීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(13.05.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්විම් 18, 19 සහ 20 යන දින වල පැවැත්විමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ වාරය නගරය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 19 සහ 20 යන දෙදින තුළ පැවැත්විමට ද නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා වැඩිදුරටත් සඳහක් තළේ.

කථානායක වරයාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැති පක්ෂ නායක රැස්විමේදි මෙම තිරණයට එළඹි බව ද අමාත්‍යවරයා කියා සිටියා ෴

******************************************

(13.05.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ගිණිකොණදිග අරාබි මුහුදේ හටගෙන ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය කිහිපය තුල මිලිමීටර 200 ඉක්මවූ ඉතා තද වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද (13) පෙරවරු 08:30 සිට පස්වරු 04:30 දක්වා කාලය තුල වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල – හිනිදුම ප්‍රදේශයෙන්.

එය මිලිමීටර් 190 ක්. ගාල්ල, උඩලමත්ත, ඕපාත සහ යක්කලමුල්ල ප්‍රදේශවලින් ද වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඊයේ (12) රාත්‍රියේ සිට ඇඳහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල- උඩුගම, හිනිදුම, තවලම සහ පනංගල යන ප්‍රදේශ වල පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කලේ.

එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ගිං සහ නිල්වලා යන ගංගා දෙපස ජනතාවට දැනුම් දෙන්නේ පවතින තත්ත්වය හමුවේ දැඩි අවධානයකින් පසුවන ලෙසටයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා ෴

ජල මට්ටම ඉහළයාමේ අවදානමක් පවතින බැවින් ගිං සහ නිල්වලා ගංඟා දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.

අධික වර්ෂාව සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ යන බැවින් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය-දිවිතුර ප්‍රදේශවල ගඟ දෙපස ජනතාවට රාත්‍රී කාලයේ ඉතා විමසිලිමත්ව සිටින ලෙස, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ ජනතාවට දැනුම් දී තිබෙනවා ෴

වත්තල දියගල ප්‍රදේශයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇතිව තිබෙනවා ෴

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව නායයෑමේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

******************************************

(13.05.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) වන ‘මෙලන් බාබුලා’ හෙවත් ‘ඌරු ජුවා’ සහ ‘තාරක පෙරේරා’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකකදී (2) මරණයට පත් වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

‘කොස්ගොඩ තාරක’

එහි සභාපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ ලේකම් නීතිඥ රජිව් අමරසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිරභාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, ‘කොස්ගොඩ තාරක’ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

බස්නාහිර පළාත, උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක අතර, මෘත ශරීරය මේ වනවිට මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහල වෙත යොමුකර තිබෙනවා.

+++++++++++

@@@@@@@@@@@@@@@@@

(13.05.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැවැත්වෙන කාලසීමාව තුලදී කොළඹ මැනිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් සඳහා පමණක් විවෘත කිරීමට අවසර ලබාදෙන බව පොලීසිය පැවසුවා.

සංචරණ සීමා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ආහාර පාන ඩිලිවරි සේවා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව පවතින බවයි ෴

+++++++++++++++++++++++

(13.05.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් තත්වය හේතු කොට ගෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ රාජකාරි පවත්වාගෙන යා යුතු ආකාරය පිලිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය පහතින් :

[ http://www.immigration.gov.lk/ ]

Special Media Notice 13-05-2021 (pdf files) :

[Sinhala][English][Tamil]

++++++++++++++++++++

(13.05.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1145 ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 108,802 දක්වා ඉහළ ගොස් ඇත ෴

+++++++++++++++++++++++

(13.05.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික පැණිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විද්වත් කමිටුව විසින් ලබා ගත් සාම්පල සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

මේ චමුදිතගෙ මල්ලි ද ?

+++++++++++++++++++

(13.05.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය මැයි 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 60 කින් දීර්ඝ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, ලබන ජූලි 9 වනදා දක්වා අදාළ දීර්ඝ කිරීම බලපැවැත්වෙනු ඇති. එම කාලසීමාව තුල කල් ඉකුත් වන වීසා සඳහා අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර, කිසිදු දඩ මුදලක් අය නොකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

අද (13) රාත්‍රී 11 සිට 17 වනදා සඳුදා අළුයම 4 දක්වා කිසිඳු දුම්රියක් ධාවනය නොකරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

වයඹ පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජුනි 15 දක්වා අත්හිටුවා තිබෙනවා. ඒ අනුව නැවත බලපත්‍ර ලබා ගැනීමේදී ජුලි 15 දක්වා දඩ අය නොකරන බවයි නිවේදනය කර ඇත්තේ ෴

සංකූලතා නොමැති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1075 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 128,437 ක් ලෙසටයි ෴

පවතින තත්ත්වය හමුවේ (15 වනදා) සෙනසුරාදා දින තැපැල් සහ උප තැපැල් කාර්යාල රාජකාරි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් එම නිසා සෙනසුරාදා දින සියලු තැපැල් සහ උප තැපැල් කාර්යාල රාජකාරි කටයුතු සඳහා විවෘත වන්නේ නැහැ ෴

++++++++++++++++++++++++

(13.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා එන්නතේ පළමු සහ දෙවන (2) මාත්‍රා අතර පරතරය සති 12 සිට 16 දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය රජයේ ජාතික එන්නත්කරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ එමගින් ප්‍රකාශ කළේ එම පරතරය දින 28 සිට සති 6 ක් හෝ 8 ක් දක්වා වැඩි කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

ගර්භණී සහ කිරිදෙන මව්වරුන්ට ද තම වරණය (?) අනුව කොරෝනා එන්නත් ලබා ගත හැකි බව ඉන්දීය රජයේ උපදෙශක කමිටුව තවදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූවන්ට ද මාස 6 කට පසු කොරෝනා එන්නත් ලබා ගත හැකි බවට මෙම කමිටුව මගින් ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සීන් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා අතර පරතරය සති හතරේ (4) සිට 6 දක්වා විය යුතු බවටයි ඉන්දීය ජාතික එන්නත්කරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කර ඇත්තේ.

මේ අතර, ඉන්දියාවේ ප්‍රථම දේශීය කොරෝනා එන්නත වන භාරත් බයෝටෙක් කොවැක්සීන් එන්නත අවුරුදු දෙකේ (2) සිට 18 දක්වා ළමයින් සඳහා සායනික පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(13.05.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති ඉදිරි දින 3 තුල අනවශ්‍ය සංචරණය සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ අද (13) රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව, අද (13) රාත්‍රී 11 න් පසු ඔසුසැල් හැරුණුවිට සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, කඩසාප්පු වසා තැබිය යුතුයි.

මෙම කාලසීමාව තුල වියළි ආහාර හෝ පිසූ ආහාර පාරිභෝගිකයන්ට නිවසට ගෙනවිත්දීමේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවනවා.

පොලීසියේ අවසරය මත ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මැණිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල මෙන්ම, සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන නමුත්, ඒ සඳහා ඇතුළු වීමට අවසර ඇත්තේ තොග වෙළඳුන්ට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඉදිරි දින තුන (3) තුල විවාහ නැකැත් යෙදී ඇත්නම්, නිවසේ සිට විවාහ ලියාපදිංචිය සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කෘෂිකාර්මික කටයුතු සඳහා අවසර හිමිවන අතර ගුවන්තොටුපල වෙත ගමන් කිරීමට ද අවකාශ සලසා තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පොලීසියේ 20,000 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ජාතික හැඳුනුම්පතේ අංක අනුව ගමන් කිරීමේ ක්‍රමවේදය අද (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අවලංගු වනවා.

ජල, විදුලි, වරාය, සන්නිවේදන, ජනමාධ්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය වන සේවකයන් රාජකාරි කටයුතුවල යෙදවීමේ අවසරය ලබාදී ඇති අතර ඔවුන් රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර, අද (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, සඳුදා (17) උදෑසන සිට දැනට නියමිත කාර්යාල සහ අනෙකුත් සීමිත දුම්රිය ගමන් වාර යලි ක්‍රියාත්මක කෙරෙනු ඇති. බස් ධාවන කටයුතු ද අද (13) රාත්‍රි 11 න් පසු සඳුදා (17) උදෑසන දක්වා සිදුවන්නේ නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *