ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 720 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 720 ක් දක්වා ඉහළට

*********************************************

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 720 ක් දක්වා ඉහළට

(05.05.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 720 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාදිත මරණ 11 ක් වාර්තා වීමත් සමඟයි.

++++++++++++++++++++++++

(05.05.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මේ මස 10 වන දා සිට 21 වන දා දක්වා ගුරු විද්‍යාල අවසන් විභාගය පැවැත්වීමට නියමිතව තිබූ බවයි ෴

++++++++++++++++++++++++

(05.05.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් වාර්තා වීමෙන් පසු මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ වෙනුවට සූරියවැව පිටවුම භාවිත කළ හැකි අතර, ඇතුළු වන වාහනවලට තවදුරටත් මත්තල පිවිසුම භාවිත කළ හැකියි ෴

+++++++++++++++++++++

(05.05.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 1259 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 116,849 ක් වනවා.

මේ අතර, කොරෝනා ආසාදිත මරණ 11 ක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 720 ක් දක්වා ඉහළ ගියා.

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 100,075ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (05) දිනයේ පමණක් සුවය ලැබූ ගණන 922 ක් බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ෴

කොළඹ ගොතටුව සිට අවුරුදු 30 ත් 60 ත් අතර අයට හෙට (06) සිට රුසියානු ස්පුට්නික් කොවිඩ්-19 එන්නත එන්නත් කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

තවත් කොවිඩ් ආසාදිතයන් 638 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේදී මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 1897 ක් ෴

ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1914 ක් වශයෙන්. ඒ අතරින් ආසාදිතයින් 1,860 ක් ‘අලුත් අවුරුදු පොකුරේ’ ආශ්‍රිතයින් වන අතර සෙසු පුද්ගලයින් 54 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

මෙරට දෛනික ආසාදිතයින් දහස (1000) ඉක්ම වූ දින 8 න් දින පහකම (5) ආසාදිතයින් 1500 වඩා වැඩි අගයක් ගත් අතර ගත වූ දිනයේ ආසාදිතයින් 2000 ට ආසන්න වුණා ෴

+++++++++++++++++++++

(05.05.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

රාගම – බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භනී කාන්තාවක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (05) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා ආසාදනය වී සිටි එකම පවුලේ තිදෙනෙකු (3) මිය යාමේ සිද්ධියක් මාලඹේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාළඹේ උඩවත්ත ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 90 සහ 82 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරීවරයාට කොරෝන ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ද මේ වන විට පසුවන්නේ නිරෝධායනයේයි.

සූරියවැව ප්‍රදේශීය ලේකම්වරයාට ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලයේ සේවකයින් 48 දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 100 කට වැඩි පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නොහැකිව නිවෙස් තුළ සිටින බවයි.

මේ අතර, රෝහල්වල ඉඩ පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ හිඟුරක්ගොඩ මූලික රෝහල අද සිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණා.

මේ අතර, නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් 7 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කරන ලෙසට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට නියෝග කර තිබෙනවා.

ජනගහනයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉන්දියාවට වඩා වැඩි අගයක් ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එසේම කොරෝනා පරීක්ෂණ සිදුකරන පරීක්ෂණ කට්ටල ද මේ වන විට සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

(05.05.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ වසංගත තත්වයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව ඇතුලු අසල්වැසි රටවල ද කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ආසාදිත සංඛ්‍යාව පසුගිය සතියේ සියයට 137 කින් වැඩිවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ සතිපතා වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නේපාලයෙන් නව ආසාදිතයන් 31,088 ක් වාර්තාවී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ පන්දහස් එකසියයක් (3,05,100) දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ද පසුගිය සතියක කාලය තුළ ආසාදිතයන් 12,000 ඉක්මවා වාර්තාවී තිබුණා.

මේ අතර පසුගිය සතියේ ලොව පුරා රටවලින් වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් සියයට 46 ක්ම වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මේ වන විට ලොව පුරා සෑම කොරෝනා මරණ හතරකින් (4) එකක්ම (1) වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

පසුගිය සතියේ පමණක් ලොව පුරා ආසාදිතයන් මිලියන 5.7 ක් වාර්තාවී ඇති අතර, ඉන් මිලියන 2.6 ක්ම හමුවී ඇත්තේ ඉන්දියාවෙන් වීම විශේෂත්වයක්. පෙර සතිය සමඟ සැසඳීමේදී එය සියයට 20 ක වැඩිවීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියා.

මේ අතර, ජී-හත සමුළුවට සහභාගිවීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ඉන්දීය දූත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය තිබෙනවා.

ඒ හේතුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්ගගත ක්‍රමය ඔස්සේ සමුළුවට එක්වීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට අදාළ දූත පිරිසේ සෙසු සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක් වන අතර, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකාව යන රටවල් නියෝජනය කරන ජී හත සමුළුවට ඉන්දියාව සහභාගිවී ඇත්තේ ආරාධිත රටක් ලෙසයි.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ පැවති ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් පසු බටහිර බෙංගාල් ප්‍රාන්තයේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

ඉන්දියාවෙන් විශාල ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වන පසුබිමක තවමත් ඉන්දියානු ජාතිකයින් මෙරටට පැමිණෙමින් සිටිනවා. ඒ අනුව අදත් ගුවන් යානයකින් ඉන්දියානුවන් පිරිසක් මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@

(05.05.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගෙන තිබෙනවා ෴

******************************************

(05.05.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ අලෙවි වන ගෑස් සිලින්ඩර්වල නියමිත තාප ධාරිතාව නොමැති බවට පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරන ලද පරීක්ෂාවකින් අනාවරණය වී තිබෙනවා.

ගෑස් සම්බන්ධයෙන් පසුගිය දිනවල කතා බහට ලක් වූයේ ලිට්‍රෝ සමාගම විසින් ලීටර් 18 ක් අඩංගු බව සඳහන් කරමින් වෙළඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩරයේ නියමිත බර නොමැති බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ මුල්වරට අනාවරණය කිරීමත් සමඟයි.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය වෙළඳපොළෙන් ගෑස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම් සිදුකළා. වෙළඳපොළේ අලෙවි වන ගෑස්වල බියුටේන් සහ ප්‍රෙපේන් නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් පවතින බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර, වෙළඳපොළේ මේ වන විට ගෑස් හිඟයක් ද නිර්මාණය වී ඇත්තේ ගෑස් සමාගම් ප්‍රමාණවත් පරිදි ගෑස් නිකුත් නොකිරීම හේතුවෙන් ෴

******************************************

(05.05.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම පක්ෂ නායකයින් පක්ෂ නායක රැස්වීම මෙලෙස වර්ජනය කළේ දෙවන (2) වතාවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ රට දැවැන්ත ව්‍යසනයකට මුහුණ පා සිටින අවස්ථාවක ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලුවක් ඇතිවීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලන බවයි.

******************************************

වෛද්‍ය උපාධි සඳහා විදෙස්ගත වන සිසුන්ට දැනුම්දීමක්

(05.05.2021 – 17:34 +0530 – sinhala.adaderana.lk)

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විෂයයන් 3 ම අසමත් හා උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට තිබූ හැකියාව අහෝසි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, වසර 9 ක් පුරා සිය සංගමය දැරූ උත්සහය මේ අනුව සාර්ථක වී ඇති බවය.

එසේම අ.පො.ස. උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි ෴

******************************************

පන්සලේ පිං පෙට්ටියට වූ දේ – CCTV දර්ශන

(05.05.2021 – 11:55 +0530 – sinhala.adaderana.lk)

මාවතගම පිලැස්ස ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ තබා තිබූ පිං පෙට්ටිය කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබේ. එය සොරකම් කරන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

මීට දින කිහිපයකට පෙර අලුයම 03:30 ට පමණ අදාළ පුද්ගලයා විහාරස්ථානය වෙත පැමිණ පිං පෙට්ටිය සොරකම් කරගෙන ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

විහාරාධිපති හිමියන් සඳහන් කළේ පිං පෙට්ටියේ රුපියල් 30,000 ක පමණ මුදලක් තිබෙන්නට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය විමර්ශන සිදුකරයි.

******************************************

ත්‍රස්තවාදීන් තුරන් කිරීමට සහයෝගය දෙන්න; නැත්නම් ඔබගේ දරුවන්ද බෝම්බකරුවන් බවට පත්වේවි – රිෂාඩ්ගේ බිරිඳට බොදු බලෙන් පිළිතුරු ලිපියක්

(04.05.2021 – colombotoday.com)

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ විසින් ඊයේ (3) දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුනා. එහි අඩංගු කරුණු පිළිබඳව බොදු බල සේනා සංවිධානය විසින් අද (4) පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.

අදාළ ලිපිය :

විවෘත ලිපියයි. 2021 මැයි 4

පුත්තලේම අනාථ කඳවුරක සිට ධනකුවේරයෙක් වූ, පාස්කු ප්‍රහාරයට පහසුකම් සැපයීමේ චෝදනා මත අත්අඩංගුවේ සිටින හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් වෙත ලියමි,

සාවධ්‍ය කරුණු ඇතුලත් කර ජනපතිවරයාට සහ මාධ්‍යයට යොමු කල ලිපිය සම්බන්ධවයි.

මහත්මියනි,

ඔබගේ සැමියා වන රිෂාඩ් බදුර්දීන් මැතිවරණ අවස්ථාවල ඔබ සමග ඡන්දය භාවිතා කිරීමට යන අවස්ථා රූපවාහිනියෙන් සහ පුවත්පත්වලින් අප දැක ඇත්තෙමු. එම දර්ශනවල රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ලෙස හඳුන්වා ඇත්තේ ඔබ වන්නට ඇතැයි අප සිතමු. අනන්‍යතාවය හඳුනාගැනීමට නොහැකි වන ලෙස ‘වහබ් ගේ පුත් මුහම්මද්’ (Muhammad ibn Abd al-Wahhab) ලෝකයට ගෙනා ආගමික උන්මත්තකවාදී, ත්‍රස්තවාදී ‘වහබ්වාදය’ ට අනුව කලු ලෝගුවකින් සැරසී සිටීම හේතුවෙන් ඒ ඔබමදැයි අපි නොදන්නෙමු. ‘වහබ්වාදය’ට අනුව කටයුතු කිරීම ආකාර දෙකකට (2) සිදුවන්නට පුළුවනි. එකක්නම් ඔබගේ කැමැත්තෙන් ‘වහබ්වාදය’ ට අනුව කලු ලෝගුවකින් සැරසී සිටීමයි. අනෙකනම් ඔබගේ සැමියාගේ උවමනවාට ‘වහබ්වාදය’ ට අනුව කලු ලෝගුවකින් සැරසී සිටීමයි.

කෙසේ වෙතත්, ඔබ විසින් යොමුකලා යැයි සඳහන් කරන ලිපිය ලියූ තැනැත්තා හෝ තැනැත්තිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව සඳහන් කර ඇති කරුණු සහ පාස්කු ප්‍රහාරයට හේතු ලෙස ඔහු හෝ ඇය පිළිගන්නා කරුණු පිළිබඳව අපට විවේචනයක් ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර නොමැති කරුණු සඳහන්ව තිබෙනවා යැයි එම ලිපියේ සඳහන් කර ඇත. පාස්කු ප්‍රහාරකයන්ට පහසුකම් සැපයීම පිළිබඳව සැක පිට සිටින රිෂාඩ් බදුර්දීන් නිදහස් කර ගැනීම සඳහා දේශපාලන අරගලයක් කිරීමට සුදානම් වනවානම්, අවම වශයෙන් ලිපි ලියන්නා හෝ පාස්කු වාර්තාව කියවිය යුතුව ඇති බව අපි මතක් කර සිටිමු.

ඔබ යොමුකළ ලිපියේ “Furthermore, the PCoI report had found Gnanasara Thero and his activities as one of the main reasons behind the scene for this attack. But still, neither he nor the others who were identified as responsible for the attacks as per the report have been arrested or investigated.” ලෙස සඳහන් කර ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස ඔබ සඳහන් කර ඇත. එවැනි දෙයක් කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක සඳහන් කර නොමැත. පාස්කු කොමසමේ අවසන් වාර්තාවේ නොමැති කරුණක් තිබෙනවා යැයි සඳහන් කිරීම කොමිෂන් සභාවට සිදුකල අපහාසයකි.

එමෙන්ම 1950 දශකයේ සිටීම මුස්ලිම් සමාජයේ විවිධ පුද්ගලයන් විසින් සිදුකල අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇත.

ඔබගේ සැමියාගේ සගයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් නියෝජනය කරන තබ්ලිග් ජමාත්, ඉහ්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම් සහ තවුහිඩ් කල්ලි මෙරට මුදා හැර ඇති අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ කරුණු ගණනාවක් ඇත. එම සංවිධාන විසින් මරාගෙන මැරෙන ක්‍රියාව සාධාරණිකරණය කර සිදු කල ප්‍රකාශන, ඔවුන් විසින් සිදුකර ඇති ප්‍රහාර ඇතුළු කරුණු ඔබට මග හැරීම පුදුම සහගතය.

අදාළ ලිපිය මගින් සහරාන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමට පාදකවුණු හේතු 10 න් 8 ක් ඔබ පිළිගන්නා බව පවසා ඇත. සහරාන් විසින් පටිගත කර තිබූ අවසාන ප්‍රකාශයෙ සඳහන් කරුණු දහය (10) අතුරින් පදනමක් නොමැතිව කරුණු දෙකක් (2) හිතා මතා අතහැර දැමීමට ඔබ කටයුතු කර ඇත.

එනම් කුරානයේ එන ඉගැන්වීම්වලට අනුව සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන බවට සඳහන් කර ඇති කරුණු දෙකයි (2).

“බටහිර අප්‍රිකාවේ කුරුස යුද්ධයේ හවුල්කාර පාර්ශවයක් බවට ශ්‍රී ලංකාව පත්වීම.”
“ඉස්ලාමය නොඅදහන්නන් දුටු දුටු තැන මරා දැමීමට අල්ලාහ් දෙවියන් විසින් දී ඇති නියෝගය.”
(පාස්කු කොමිෂන් අවසන් වාර්තාව. – සිංහල පරිවර්තනය, පිටු අංක 153)

එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා හේතුවූ ප්‍රධාන කරුණු 4 අතුරෙන් පළමු කරුණ ද ඔබට මගහැරී ඇත.

“අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ්ගේ නාමයෙන් ප්‍රේම කිරීම සහ අල්ලාහ්ගේ නාමයෙන් වෛර කිරීම.” (අල් වරා-වල් බරා)
(පාස්කු කොමිෂන් අවසන් වාර්තාව. – සිංහල පරිවර්තනය, පිටු අංක 151)

ප්‍රහාරයට හේතු ලෙස ඔබ විශ්වාස කරන කරුණු අතර 3 වැනි කරුණ ලෙස සඳහන් කර ඇති කරුණ එනම් :

“Galagoda Aththe Gnanasara Thera claiming that Allah will be reborn.” සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණකි. ඥානසාර හිමි එවැනි කරුණක් කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැත.

සහරාන් හෂීම් ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් විසින් පාස්කු දින ප්‍රහාරය එල්ලකිරීමට පෙර මෙවැනි ප්‍රහාර එල්ලවීමට නියමිත බවට බොදු බල සේනා සංවිධානය සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අනතුරු ඇඟවීය. ඔබලාගේ සමාජයෙන් ගොඩනැගුනු අන්තවාදය තලා දැමීම වෙනුවෙන් ඔබගේ ස්වාමිපුරුෂය එකදු හෝ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද? ඔහු සිදු කලේ ඉස්ලාම් අන්තවාදයක් නොමැති බවට පුරාජේරු දොඩමින් සහරාන්ලාට නිදහසේ වැඩීමට අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය කිරීමයි. ස්වයං ඝාතකයන් සමග සමීපව ගනුදෙනු කිරීමයි.

ඔබට මොලයක් ඇත්නම් කල යුතු දෙය වන්නේ, ඉස්ලාම් ත්‍රස්තවාදීන්, ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ඔවුන්ට ආධාර අනුබල ලබා දෙන්නන් කොටු කර ගැනීමට ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දීමයි. නොඑසේනම් ඔබගේ දරුවන්ද යම් දිනක ආගමේ නාමයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්වීමට ඉඩ කඩ ඇත.

බොදු බල සේනා මාධ්‍ය අංශය.

පිටපත් : අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
සියලුම මාධ්‍ය ආයතන වෙත

******************************************

ඩොලර් 520,000 ක් ගිණුමේ තිබ්බා. ඩයස්පෝරා මුදලට හමුදාව පාවා දෙන්න එපා. – ෆොන්සේකාට ඇමති වීරසේකර ගෙන් දරුණු ප්‍රහාරයක්

(05.05.2021 – colombotoday.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් දරුණු වාග් ප්‍රහාරයක් අද (05) පාර්ලිමේන්තුවේදී එල්ල විය.

සරත් ෆොන්සේකාට අයත් සම්පත් බැංකුවේ ගිණුමක ඩොලර් 520,000 ක මුදලක් තිබුන බව හෙළිකර සිටි අමාත්‍යවරයා මුදලට හමුදාව පාවා දීමෙන් වලකින ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී සරත් වීරසේකර අමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අතර ඇති වූ වාග් සංග්‍රාමය :

******************************************

https://www.youtube.com/watch?v=zPlre2Onv-s
06-05-2021

+++++++++++

05-05-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *