ඇමති ගාමිණී ලොකුගේ බලපෑම් කළානම් එය වරදක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඇමති ගාමිණී ලොකුගේ බලපෑම් කළානම් එය වරදක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

*********************************************

ඇමති ගාමිණී ලොකුගේ බලපෑම් කළානම් එය වරදක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(04.05.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතු කොටගෙන හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ බලපෑම් කළේ නම් එය වැරදි ක්‍රියාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඊයේ (03) රාත්‍රියේ ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘සළකුණ’ සංවදාත්මක වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන බලපෑමක් සිදුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා.

එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ එවැනි දේශපාලන බලපෑමක් සිදුකිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවයි.

++++++++++++++

++++++++++++++++++++++

(04.05.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ව්‍යාප්තියේ වර්තමාන තත්ත්වය සැලකීමේදී සංචරණ සීමා පැනවීම සඳහා දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ගය අසාර්ථක බව දත්ත මගින් තහවුරු වී ඇතැයි වසංගතවේදය පිළිබඳ විශේෂඥ, ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ, රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා නීති මගින් පැනවීම සිදු නොකළහොත් ඉදිරි දින 10 තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව 2,500 ත් 3000 ත් දක්වා ඉහළ යා හැකි බවයි ෴

+++++++++++++++++++++

(04.05.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්.

++++++++++++++++++++++

(04.05.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරස පැතිර යෑම හේතුවෙන් සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සදහා ජාතික අක්ෂි රෝහල මඟින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක වෙත අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්.එල්.එල් යූ.සී. කුමාරතිලක මහතා සඳහන් කළේ.

+++++++++++++++++++++++

(04.05.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

දිනකට කෝවිඩ් පරීක්ෂණ 25,000 ක් පමණ සිදුකරන බවත්, ඉදිරි සති දෙක (2) තුළ කොරෝනා රෝගීන්ට අමතර ඇඳන් 10,000 ක් වෙන් කළ යුතු බව සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී පවසා සිටිනවා ෴

++++++++++++++++++++++++++

(04.05.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියළුම සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට (05) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව දැනට නවාතැන් පහසුකම් වෙන් කරගෙන ඇති සියළු දෙනාට යළි දින වෙන් කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

දැඩි නීති රෙගුලාසිවලට අනුකූලව හෙට (05) අලුයම පහේ (05:00) සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 944 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

+++++++++++++++++++++++++

(04.05.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍ය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව 011 533 2153 හෝ 011 236 9931 සිට 9934 දක්වා යන අංකවලට ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකි වනවා ෴

+++++++++++++++++++++

ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම නාවික හමුදාව විසින් වළකයි

(04.05.2021 – news.navy.lk)

අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද (2021 මැයි 04) දින නාවික හමුදාවට හැකි විය.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මුර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් නාවික හමුදා මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට නාවික හමුදාවට හැකි විය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත. තවද, නීති විරෝධී ලෙස විදෙස් සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් සිටී.

++++++++++++++++++++

(04.05.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මියගිය පුදගලයෙකුගේ මළ සිරුරක්, මාරවිල බුජ්ජම්පොල නුවර මාර්ගයේ තිබී සොයාගෙන තිබෙනවා.

අනතුරුව එම මළසිරුර ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීමෙන් පසු 1990 ගිලන්රථ සේවාව මගින් මාරාවිල රෝහලට භාර දී තිබෙනවා.

පසුව සිදුකල පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

තනිව ජිවත් වන මෙම පුද්ගලයා රැකියාව ලෙස කර ඇත්තේ පොල් කැඩීම වන බවටයි වර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වෙන්නප්පුවේ බුජ්ජම්පොල හි පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ෴

අද (04) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1150 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,14,826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (04) දිනයේත් ආසාදිතයන් 944 දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටත්ව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 99,153 ක් දක්වා ඉහළ ගියා ෴

@@@@@@@@@@@@@@@@@@

(04.05.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට (05) දින පැවැත්වීමට නියමිත තිබූ විවාදය කල් දමා තිබෙනවා.

ඒ අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම හේතුවෙන්.

එසේම කටුපොල් වගාව තහනම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන දෙකක් (2) සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

******************************************

(04.05.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කතරගම ප්‍රදේශයේ රජයේ රක්ෂිත කලාපයක සංවිධානාත්මක පිරිසක් නිධන් ජාවාරමක් සිදුකෙරෙන බව වාර්තාවනවා.

මේ කතරගම සාමගුලිය ප්‍රදේශයයි.

රජයේ රක්ෂිතයක් වන මෙම කලාපයේ සාමගුලිය වැව ආසන්නයේ මේ දිනවල නිදන් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මේ ඒම ප්‍රදේශයේ ගම්වාසියෙකු ‘හිරු සී.අයි.ඒ.’ වෙත ලබාදුන් දර්ශනයි.

ඒම පුද්ගලයා මෙම නිදන් ජාවාරම පිළිබඳව සොයාබැලීමට පැමිණි බව සැළ වු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ඔහුට දුරකථනයෙන් තර්ජනය කර තිබුණා.

මේ තොරතුරු හෙළි වූ වහාම ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම සාමගුලිය ප්‍රදේශයේ සිදුවන නිදන් ජාවාරම සෙවීම සදහා ඒම ප්‍රදේශයට පිටත් ව ගියා.

වන අලින් බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන මෙම රක්ෂිත කලාපය මෙම නිදන් ජාවාරම සිදුවන්නේ ඇතැම් හේන් ගොවීන්ගේ ද ආධාර ඇතුවයි.

පිටස්තර පුද්ගලයින් මෙම ප්‍රදේහයට ලගාවන විට හෙන්ගොවීන් ඒම තොරතුරු ජංගම දුරකථන ඔස්සේ නිදන් ජාවාරම්කරුවන්ට ලබාදෙනවා.

අප ඒහි යනවිට නිදන් ජාවාරම්කරුවන් පළාගොස් තිබුණත් ඒ අවට ප්‍රදේශයේ ඊට සාක්ෂි දක්නට ලැබුනේ මෙලෙසින්.

මේ අපව ප්‍රදේශයට රැගෙන ගිය ඔතුත්කරු මෙහි පසුගිය කාලයේ සිද වු සිදුවීම් විස්තර කළ ආකාරයයි.

******************************************

ඉනෙන් පහළ අප්‍රාණිකව, දරුවන් තිදෙනෙකු (3) සමග ජීවිතය ජය ගන්නට උත්සාහ දරණ වාස්

(04.05.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

අභියෝග කියන්නේ මිනිසුන්ගේ ආත්ම ශක්තිය පෙන්වන්නට හිමිවන හොඳම අවස්ථාවක්. අභියෝග ජය ගැනීමට අවශ්‍යවන්නේ ශක්තිමත් හිතක් තිබීම පමණක් කියන දේ අපේ මේ කතාවේ හිමිකරු මොනවට විදහා දක්වනවා.

ඉනෙන් පහළ කොටස අප්‍රාණිකව දරුවන් තිදෙනෙකු (3) සමග ජීවිතය ජය ගන්නට උත්සාහ දරණ වාස් මහතාගේ කතාවයි මේ.

මේරියන්ස් දේවප්‍රිය වාස් මහතා, කල්පිටිය මොහොත්තුවාරම දූපතේ උපත ලබා තිබුණේ ධීවර මව්පිය යුවළකට දාවයි.

සාමාන්‍ය දරුවකු සේම කල්ගත කළ වාස් මහතා වයස අවුරුදු 14 දී රෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස දූපතින් පිටවන වාස් මහතා යළි දූපතට පැමිණෙන්නේ වයස අවුදු 19 දී වන අතර ඒ වනවිට ඔහු ඇවිදීමට නොහැකි තත්ත්වයට පත්ව තිබුණේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්.

කෙසේ වුවත් සිය අලුත් ජීවිතයට හුරුවූ මේ දිරිය මිනිසා දිවි සරි කර ගැනීමේ අපේක්ෂාවෙන් මුහුදු යෑමට අදිටන් කර ගත්තේ කෙසේ හෝ ජීවිතය දිනන බවට තමාටම පොරොන්දු වෙමින්.

ජීවිතය ජයගන්නට උත්සාහ ගත් වාස් මහතාගේ ලෝකයට ආලෝකයක් වෙන්න ඔහුගේ බිරිඳ මේනකා හමුවන්නේ ඔහුට වයස අවුරුදු 21 කදීයි.

මේ වනවිට දියණියන් තිදෙනෙකුගේ (3) ආදරණීය පියෙකු වන්නටද වාස් මහතා වාසනාවන්ත වෙලා.

ශක්තියෙන් හීන ඉනෙන් පහළ කොටස මෙහෙයවමින් වාස් මේ නිරත වෙන්නේ නිරෝගී පුද්ගලයෙකුටත් වඩා අසීරු ක්‍රියාවලියක.

හෙට දවසේ ජීවිතය දිනන්නට වෙර දරණ මේ තරුණ ජවයට ශක්තියක් වෙන්න, ඔහුගේ නොනිමි මෙහෙවරට සවියක් වෙන්න ඔබටත් හැකිනම් එයින් ඔවුන්ගේ ජීවිත එළිය කරන්නට හැකිවනු නොඅනුමානයි.

******************************************

(04.05.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් 3,62,824 දෙනෙකු පෙනී සිටියා.

[ විභාග ප්‍රතිඵල සඳහා මෙතැනින් පිවිසෙන්න ]

2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් වුණා. එම ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් ගණන 194,297 ක්. ඒ අනුව, නව නිර්දේශය යටතේ සිසුන් 178,337 ක් ද පැරණි නිර්දේශය යටතේ 15,960 ක් ද විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *