දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…

දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…

*********************************************

දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…

(03.05.2021 – 14:10 +0530 – lankacnews.com)

දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු ප්‍රමාණයකට වැටෙනු ඇතැයි කර තිබෙන පුරෝකතනයද සත්‍ය වනු ඇති බවත් ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු අනතුරු හඟවයි.

රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල අස්වැන්න නෙලීමට දින 14 කට කලින් කෘෂි බෝග සඳහා රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම තහනම් වුවත් ලංකාවේ එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. එසේම, වෙළෙඳපොලේ තිබෙන ඇපල් ඉටි වැස්මක් මගින් ආවරණය කර තිබෙන බවත් වෙළෙඳපොළේ තිබෙන සමහර නූඩ්ල්ස් සහ සුප්කැට මෙන්ම කෙටි ආහාර වර්ග දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකර බවත් ඔහු පෙන්වාදී ඇත.

එසේම, ඇෆ්ලටොක්සින් තිබෙන්නේ ආනයනය කරන පොල්තෙල්වල පමණක් නොවන බවත් නිසි පරිදි පොල් වියලා නොගන්නේ නම් ගෙදර හදන පොල්තෙල්වල පවා ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය හැදෙන බවත් ආචාර්ය පියල් ආරියනන්ද මහතා සඳහන් කර තිබේ. මේ නිසා, මෙම පිළිකා කාරක ආහාරවල තිබෙන විස අවම කරමින් ආහාරයට ගන්නා ආකාරය ඔහු විසින් පැහැදිලි කර ඇත.

******************************************

පෙම්වතිය බෙදාගන්න බැරිව ලොක්කාව මරා පිච්චූ ගෝලයා අත්අඩංගුවට

(03.05.2021 – divaina.com)

තලංගම ප‍්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මාතලේ, රත්තොට, දොඹගොඩ ප‍්‍රදේශයේ ළඳු කෑලෑ ප‍්‍රදේශයක පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු 30 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.

මාතලේ, කලල්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාතලේ, ලෑලිඅඹේ, දෙහිදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා කොළඹ, මාලඹේ පදිංචි 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ යන අයයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තලංගම, තලාහේන ප‍්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගොස් තිබේ.

ප‍්‍රධාන සැකකරු මෙම සමාගමේ සේවය කරමින් සිට ඇත. එම ආයතනයේම සේවය කරන තරුණියක් සමග ඔහු පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙනගොස් ඇත. ඒ අතරතුර ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ද අදාළ තරුණිය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුරය ප‍්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර එහි තිබු ලිපිගොනු රැසක්ද පොලිසිය සොයා ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ පපොච්චාරණයකදී අනාවරණය වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරයි. එහිදී සැකකරු කියා ඇත්තේ ව්‍යාපාරිකයාගේ ගෙල කපා ඝාතනය කර මාතලේට රැගෙන විත් උකුවෙල ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදීගෙන දොම්බගොඩ ප‍්‍රදේශයේදී මළසිරුර පුළුස්ස දැමූ බවය.

මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මාතලේ මුලස්ථාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.එම්. තිලකවර්ධන, උප පොලිස් පරීක්ෂක කිර්ති බණ්ඩාර, ඩබ්ලිව්.පී. ඒකනායක, පොලිස් සැරයන් බණ්ඩාරනායක (6921), කුරුප්පු (6517), ලසන්ත (57197), දිසානායක (14619), ජයතිස්ස (68968) යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

දඹුල්ල-සරත් එරමිනිගම්මන

සූත්‍ර පිටකය : ඛුද්‌දක නිකාය : ධම්‌මපදපාළි : 16. ප්‍රිය වර්ගය :

(213) 5.
පෙමතො ජායතී සොකො, පෙමතො ජායතී භයං
පෙමතො විප‍්පමුත‍්තස‍්ස, නත‍්ථි සොකො කුතො භයං.

(213) 5. ප්‍රෙමය නිසා ශොකය උපදී. ප්‍රෙමය නිසා භය හටගනී.
ප්‍රෙමයෙන් මිදුන සිතැත්තහුට කිසි ශොකයෙක් නැත. බියෙක් කොයින් ද?

https://thripitakaya.org

******************************************

ශාන්තලාල් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ලොවට සැඟවී තිබූ තවත් කරුණු රැසක්

(03.05.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

සහරාන් ඇතුළු අන්තවාදීන් සැලසුම් කර තිබූ දෙවන ප්‍රහාරය වලක්වා ගැනීමට තොරතුරු සැපයූ පුද්ගලයා ප්‍රථම වරට හිරු ප්‍රවෟත්ති ඔස්සේ ඊයේ (02) පෙනී සිටියා ඔහු අප සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ලොවට සැඟවී තිබූ තවත් කරුණු රැසක් අනාවරණය කළා.

ඒ අනුවල ශාන්තලාල් මහතා ඔහුගේ හිතවතෙකුගේ මාර්ගයෙන් දුරකථනය ඔස්සේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට මෙම කරුණු ප්‍රථම වරට හෙළිකරනවා. කෙසේ වෙතත් ශාන්තලාල්ට උපදෙස් ලැබෙන්නේ අම්පාරට පැමිණෙන ලෙසටයි.

******************************************

(03.05.2021 – 21:51 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, ගලිගමුව, කෑගල්ල, අරණායක, බුලත්කොහුපිටිය, රබුක්කන ප්‍රදේශවලට නායයෑම් පූර්ව අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

කොරෝනා නැති කරන විශ්මිත කරලක් (ඖෂධයක්) කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සොයා ගනී

(03.05.2021 – am.lk)

විද්‍යාත්මක පසුබිමක් මත විශ්මිත කරලක් (ඖෂධයක්) නිපදවීම හරහා කොවිඩ් රෝගීන් මිය යාම වලක්වා ගැනීමට හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහල වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මඟින් නිපද වූ මෙම ඖෂධය මඟින් කොවිඩ් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම වළකින බවත් මේ ඖෂධය සදහා ජාත්‍යන්තර පරීක්ෂණ රැසක් සිදු කර ඇති බවද ඒ මහතා පවසයි.

මෙම ඖෂධය නිපදවූ සියලු දෙනාම රජයේ වෛද්‍යවරු බවත් මෙම ඖෂධය භාවිතයට ගතහොත් දැඩිසත්කාර ඇඳන් අවශ්‍යතාව අඩු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම සඳහා රසායන විද්‍යාව පිලිබඳ ආචාර්ය නන්ද ගුණවර්ධන, වෛද්‍ය කාන්තිකා විජේසේකර, වෛද්‍ය රුවන් සංජිව යන අයගෙන් සමන්විත බවත් ඒ සඳහා තව පිරිසක් සහයෝගය දැක්වූ බවත් ඔවුන්ගේ නම් දැනට කීමේ හැකියාව නැති බවද ඒ මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

එම වීඩියෝව පහතින් :

++++++++++++++

(MeGha Primal Intake : රු 3,750 යි. දිවයින පුරා Arpico Supercentre Pharmacies වලින් හෝ 011 592 2448 අංකයට ඇමතීමන් ලබාගන්න පුලුවන්.)

[ https://www.facebook.com/meghaprimalintake/ ]

[ https://amarasara.info/wp1/?p=47468 ]

++++++++

ඉහත වෛද්‍යවරයා කරන්නේ වංචාවක් බව පහත වෙබ් පිටුවේ දැක්වේ. ඇත්ත කියන්නේ කවුදැයි නොදනිමු – අමරසර (05.05.2021)

[ https://si.rata.lk/13213/ ]

++++++++++++++++++++++++

කොරෝනා විශ්වය විසින් දෙනුලැබූ දඬුවමක්ද ? ලෝකවාසීන්ගේ වගකීම​ – පිටසක්වල බලපෑම (03.05.2021)

+++++++++++++++++++++++

(03.05.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

වාතය මගින් කොරෝනා වෛරසය ආසාදයනය වීමේ සම්භාවිතාවක් පවතින බව මෙරට සෞඛ්‍ය අංශ පසුගියදා අනාවරණ කළා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොරෝනා වෛරසය වාතය මගින් බෝවන බවට විද්‍යාත්මක නිගමනයක් නොමැති බවයි.

(03.05.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

සෑම කොරෝනා පරීක්ෂණ 9 කටම ආසාදිතයෙකු හමුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ප්‍රකාශ කළා.

ඊයේ (02) දිනයේදී මෙරට කොරෝනා පරීක්ෂණ 18,584 ක් සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයන් 1,891 ක් වාර්තාවී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

ඒ අනුව කොරෝනා පරීක්ෂණ සහ හමුවූ ආසාදිතයන් සැසඳීමේදී පරීක්ෂණ 9 කට ආසාදිතයෙකු හමුවී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සඳහන් කළා.

අද (03) දිනයේත් මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයන් 1046 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,12,799 ක් දක්වා ඉහළ ගියා.

පසුගිය දින කිහිපය තුළම කොරෝනා ප්‍රතිකාර ඒකකවල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් රෝගීන් නිවෙස් තුළම රඳවා තැබීමට කටයුතු කෙරුණා.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කොරෝනා ආසාදිතව යම් පුද්ගලයෙකු නිවෙස්වල රැදී සිටින්නේ නම් කඩිනමින් ඔවුන් රෝහල් ගත කළ යුතු බවයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොරෝනා ආසාදනය වී තවදුරටත් රෝහල් ගතකිරීම ප්‍රමාද වී සිටීනම් 1906 දුරකථන අංකය අමතන ලෙසයි. ඊට අමතරව අදාළ තොරතුරු ලබාදීම සඳහා 011 286 0002 සහ 011 286 0003 යන හදිසි දුරකථන අංක දෙක හඳුන්වාදී තිබෙනවා ෴

(03.05.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් දිනකදී වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ගණන අද (03) වාර්තා වෙයි. තවත් කොවිඩ් ආසාදිතයන් 867 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (03) දිනයේදී මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 1913 ක් ෴

විදෙස් ගතව සිටි පැමිණි පිරිස් අතරින් තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව අද (03) දිනයේ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත්යනගේ සංඛ්‍යාව 1923 ක් දක්වා ඉහළ ගියා ෴

අද (03) දිනය තුල කොවිඩ් මරණ 13 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 709 ක් දක්වා ඉහළ ගියා.

++++++++++++++++++++++

නිරෝධායන නීති කඩකිරීමක් වසන් කිරීම සදහා කප්පම් ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවට පත් වූ හැටි

(03.05.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

රත්තපුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරියෙකුගේ නිරෝධායන නීති කඩකිරීමක් වසන් කිරීම සදහා කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. අද (03) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

+++++++++++++++++++++

(03.05.2021 – 06:06 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් ෆයිව්’ එන්නත් 15,000 ක තොගයක් අද (04) අලුයම දිවයිනට රැගෙන ආ බව ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

අලුයම 01:15 ට දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 1668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන විත් ඇති බවයි වාර්තාවන්නේ.

මෙම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කිහිපයකින් ඔවුන්ගේ ගබඩා වෙත රැගෙන යාමට නියමිතයි.

මෙම එන්නත් වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට ලබාදීමට පියවර ගන්නා බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ (02) දිනයේ 23,135 දෙනෙකුට ලබාදී ඇති අතර, ඒ අනුව මේ වනවිට එම එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති මුළු සංඛ්‍යාව 1,17,571 ක්.

මේ අතර කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා මෙරටට ගෙන එන ලද කොවිෂීල්ඩ් දෙවන (2) මාත්‍රා එන්නත් 54 ක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ නිසියාකාරව ගබඩා කර නොමැති බවට වාර්තාවනවා.

මේ හේතුවෙන් අදාළ එන්නත් යළි භාවිතයට ගත හැකිද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා ඒවා පරීක්ෂණ සඳහා යොමුකළ බවයි මඩකලපුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

+++++++++++++

++++++++++++++++++++++

(04.05.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන නිරෝධාන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 218 දෙනෙකු ඊයේ (03) දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව රට තුළ නිරෝධාන නීති ක්‍රියාත්මක වීම ආරම්භ කළ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගියා.

මේ අනුව ඊයේ (03) වන විට නිරෝධාන නීතිරීති උල්ලංඝනය කළ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සංඛ්‍යාව 5075 ක්.

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් හැසිරෙන්නන් පිළිබඳව සොයා බැලීමට අද (04) දිනය තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එහිදී විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මත්පැන් භාවිත කරමින් සිදු කරනු ලබන සාද පැවැත්වීම සහ අනෙකුත් ඒකරාශි වීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

එමෙන්ම අද (04) දින සිට කිසිම ආකාරයක උත්සව සාද සම්මන්ත්‍රණ හෝ එවැනි ඒකරාශී වීම් නිරෝධායන නීතිය යටතේ සපුරා තහනම් කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස කෝවිඩ් මාර්ග මාර්ගෝපදේශ නොතකමින් ක්‍රියාකරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *