කොවිඩ් මරණ හැර අනෙක් සියලු මරණවල අවසන් කටයුතු පැය 24 ක් තුල සිදු කළ යුතු බවට දැනුම්දීමක්

කොවිඩ් මරණ හැර අනෙක් සියලු මරණවල අවසන් කටයුතු පැය 24 ක් තුල සිදු කළ යුතු බවට දැනුම්දීමක්

*********************************************

කොවිඩ් මරණ හැර අනෙක් සියලු මරණවල අවසන් කටයුතු පැය 24 ක් තුල සිදු කළ යුතු බවට දැනුම්දීමක්

(01.05.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කොවිඩ්-19 ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මරණ හැර රෝහල්වලදී මියයන අනෙක් පුද්ගලයන්ගේ මරණ රෝහලෙන් ලබාදී පැය 24 ක් තුල අවසන් කටයුතු සිදු කළ යුතු වනවා.

එමෙන්ම අවමංගල්‍ය පැවැත්වෙන නිවසක සිටිය හැකි උපරිම සංඛ්‍යාව 25 ක් ලෙසටයි දක්වා ඇත්තේ ෴

++++++++++++++++++++++++

(01.05.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට සහ වේරහැර පිහිටි කාර්යාල එළඹෙන සඳුදා (3) සිට සතියක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ එම කාර්යාලවලින් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ අදාළ තීරණය ගත් බවයි ෴

++++++++++++++++++++++

(01.05.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 503 දෙනෙකු අද (01) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 96,478 දක්වා ඉහළ ගිය බවයි ෴

අද (01) දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 1304 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 109,450 ක් ලෙසටයි ෴

+++++++++++++++++++

(01.05.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ට තවදුරටත් නිවෙස් තුලට වී සිටීමට සිදුවීමක් පිළිබඳ වාර්තා වනවා.

හබරාදුව ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයන් 36 ක්, අම්බලන්ගොඩ 35 දෙනෙකු, ඉමදුව ප්‍රදේශයේ 13 ක්, රත්ගම 09 ක්, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 08 දෙනෙක්, බෝපේ පෝද්දලින් 08 ක්, කරන්දෙණිය 04 ක්, බලපිටිය ප්‍රදේශයෙන් 03 ක්, හික්කඩුවෙන් 04 ක්, වැලිවිටියෙන් 02 ක්, උඩුගම ප්‍රදේශයේ රෝගීන් 02 ක්, අක්මීමන සහ ඇල්පිටිය ප්‍රදේශවලින් දෙදෙනෙක් වශයෙන් රෝගින් 114 දෙනෙකුට මේ ආකාරයට නිවෙස් තුළට වී සිටින්නට සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකර තිබෙනවා.

“දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 08 ක ඇදන් 1400 ක් තියෙනවා. එම ඇඳන් කොරෝනා රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට රෝගීන් රැගෙන එනවා. එම නිසා යම් රෝගීන් සංඛ්‍යාවක් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකි වී තියෙනවා. ඇඳන් හිස් වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුළත් කිරිමට හැකිවන්නේ.”

+++++++++++++++++++++++

(01.05.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය, මොණරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, කුරුණෑගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සියයකට (100) අධික සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා දැඩි කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින පුරා පාසල් ලබන 07 වනදා දක්වා තවදුරටත් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම රජයේ තීරණයට අනුව සියළු කතෝලික පාසල් සහ ඇන්ග්ලිකන් පාසල් ද 07 වනදා දක්වා වසා තැබෙනවා. පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ දහම් පාසල්ද දින නියමයක් නොමැතිව වසාදැමීමටයි පියවර ගැනුණේ ෴

+++++++++++++++++++++++

(01.05.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය මහ රෝහලෙන් පැන යාමට උත්සහ කළ අවුරුදු 22 ක් වයසැති තරුණයෙකු රෝහල් පරිශ්‍රය තුළදීම අල්ලා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට හැකි වුණා.

මෙම තරුණයා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට වෛද්‍යවරයා දැනුම් දීමෙන් පසුවයි මෙලෙස පළායාමට උත්සහ කර ඇත්තේ ෴

+++++++++++++++++++++++

(01.05.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් රට තුළ පවතින්නේ ද යන්න පිළිබදව මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ රට තුළ ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ රට තුළ කිසිදු ආකාරයක ඔක්සිජන් හිඟයක් නොමැති බවයි ෴

+++++++++++++++++++++

(01.05.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවක් ආධාරයෙන් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ සැඟව සිටි ඉන්දියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනෙකු (2) එම නිවස තුළම නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පොලිසිය සඳහන් කළා.

මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ අවුරුදු 13 සහ 04 යන වයස්වල පසුවන දරු දෙදෙනායි(2).

+++++++++++++++++++++++

(01.05.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 395 වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (01) දිනයේ මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1699 ක්. ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 109,845 ක් ලෙසයි ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 17දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අද (01) වාර්තා වනවා. ඒ 1,716 ක්. ඒ මෙන්ම ගතවූ දින 05 තුලදී මෙරටින් ආසාදිතයින් 7,456 ක් හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(01.05.2021 – 22:28 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගියා.

මියගොස් ඇත්තේ අවුරුදු 65, 72, 75, 79, 33, 57, 68 සහ 69 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු සහ 66 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් කරඳන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දේවාලගම, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

මියගිය 33 හැවිරිදි තරුණයා යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අඹන්පොල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ දරුණු කොවිඩ් නියුමෝනියාව සහ අලුතින් හඳුනාගත් දියවැඩියා රෝගයේ පසුබිම තුළ උග්‍ර වකුගඩු ආබාධිත තත්වයයි.

@@@@@@@@@@@@@@@@@

(01.05.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත්ට බන්ධනාගාරය තුළදී පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, එලෙස පහරදීමක් සිදු කර ඇති බවට සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළවයි.

මේ පිළිබඳව අසේල සම්පත් සහ සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානයේ සභාපති නිතීඥ සේනක පෙරේරාට ප්‍රකාශ ලබාදීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත් ඔවුන් නොපැමිණි නිසා ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස්පතිට කරුණු වාර්තාකළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ ෴

******************************************

(01.05.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) ආරම්භ කෙරුණා.

එය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා මිරිහානේ සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැළයක් ද රෝපණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

නිවසේ කහ අවශ්‍යතාව තම ගෙවත්තෙන්ම සපුරාගැනීම සඳහා පවුලකට කහ පැල බඳුන් 5 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදාදීම මේ යටතේ සිදු කෙරෙනවා.

ගුණාත්මක බවින් ඉහළ පැළ සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරි මගින් ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(01.05.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

අනාගත රටට ඉතිරි කළ හැකි එකම ධනය වන්නේ සංවර්ධනයයි.

මෙරට ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඊට හොඳම සාධකයක්.

මෙරට ඉදිවන සිව්වන (4) අධිවේගී මාර්ගයවන මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්ත්වය ගැනයි මේ විමසා බැලීම.

අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියට එකතුවීමට නියමිත අලුත්ම අධිවේගී මාර්ගය ‘මධ්‍යම අධිවේගී මාර්ගය’ යි.

කඩවතින් ආරම්භවන මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට මහනුවර – ගලගෙදර දක්වාත්, කඩවත සිට දඹුල්ල දක්වාත් දිවයනවා.

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටස මේ වසරේ මැයි මස 31 වැනිදා වන විට ඉදිකිරීම් අවසන් කිරීමට යෝජිත නිසා අපි එහි වත්මන් තත්ත්වය ගැන විමසා බැලුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *