රුපියල් 1000 සහන මල්ල දෙවන (2) අදියර අනිද්දා (02) සිට

රුපියල් 1000 සහන මල්ල දෙවන (2) අදියර අනිද්දා (02) සිට

*********************************************

රුපියල් 1000 සහන මල්ල දෙවන (2) අදියර අනිද්දා (02) සිට

(30.04.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

සතොස මගින් ජනතාවට ලබාදෙන රුපියල් දහසේ (1000) සහන මල්ල ලබාදීම අනිද්දා (02) සිට යළි ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

++++++++++++++++++++

(30.04.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ්-19 ආසාදිතයන් 714 ක් වාර්තාවීමත් සමග අද (30) හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 108,120 ක් ලෙසටයි.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භයෙන් පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූයේ අද (30) දිනයේදීයි ෴

+++++++++++++++++++++

(30.04.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්වයේ අවධානම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් මෝටර් රථ කාර්යාලයේ සේවාවන් සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මැයි මස 3 වනදා සිට 7 වනදා දක්වා වන කාලයට නියමිත රියදුරු බලපත්‍ර ලබාදීමට අදාළ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බවයි එම කාර්යාලය දැනුම්දෙන්නේ.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමට අදාළ කටයුතු මැයි මස 3 වනදා සිට 7 වනදා දක්වා වන කාලයට අදාළව වෙන්කර දී ඇති අයදුම්කරුවන්ට පමණක් සීමාකර තිබෙනවා.

රියදුරු බලපත්‍ර ලබාගැනීමට අදාළව නව ලියාපදිංචි කිරීම් ද සීමාවන්ට යටත්ව සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම්දෙන්නේ.

රථ වාහන පැවරීමට අදාළ කටයුතු ද දින වෙන්කර දී ඇති ඉල්ලුම්කරුවන්ට පමණක් සීමා කරන බව ද දැනුම්දී තිබෙනවා ෴

++++++++++++++++++++++

(30.04.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (30) දිනයේ තවත් මරණ 11 ක් වාර්තාවිමත් සමගයි.

මියගොස් ඇත්තේ අවුරුදු 79, 67, 64 සහ 46 වයස්වල පසුවන කාන්තාවන් 4 දෙනෙක් සහ අවුරුදු 76, 82, 53, 51, 77, 94, 65 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 7 දෙනෙක්.

ඔවුන් පිළියන්දල, දෙහිඅත්තකණ්ඩිය, මාතලේ, කලුතර, වත්තල, දිවුලපිටිය, පැපිළියාවල, අනුරාධපුර, කොළඹ 14, පරගස්තොට සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

+++++++++++++++++++

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට (01) යෙදී තිබෙනවා.

(01.05.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

තම වැඩ මුරය පැය අටකට (8) සීමා කරන ලෙස ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම ලොව පුරා සිදුකෙරෙනවා.

ලොවපුරා සෑම රටකම මැයි දිනය සිහිකරමින් පෙළපාලි, රැළි සහ විවිධ මැයි දින උත්සව කටයුතු සංවිධානය කිරීම සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් මේ වනවිට ලෝකයම වෙලාගෙන ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දිනය සැමරුම් සිදුකිරීමට බොහොමයක් රටවල් පියවර නොගන්නා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් හේතුවෙන් මෙරට ලෝක මැයි දින සැමරුම් පෙළපාලි සහ රැළි ද අවලංගු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබෙනවා ෴

++++++++++++++++++

ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන්නැයි යෝජනාවක්

(30.04.2021 – 15:57 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම සඳහා අතරමැදි මධ්‍යස්ථාන ලෙස ආයුර්වේද රෝහල් භාවිතයට ගත හැකි බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ :

“දැනට පළාත් ආයුර්වේද රෝහල් ඉතා දියුණු මට්ටමක තියෙනවා. ඒ වගේම බොරැල්ල ශික්ෂණ රෝහලේ අලුත් ම ගොඩනැඟිලි තියෙනවා. අපි දිගින් දිගටම ගිය අවුරුද්දෙද් කිව්වා කොවිඩ් රෝගීන් සඳහා සේවා මධ්‍යස්ථාන ලෙස පවතිනවා කියලා. අද (30) උදේ ඇමතිතුමිය කියනවා ගම්පහ හදනවා කියලා. හදන්න ඕනේ නෑ හදපුවා තියෙනවා. එකම ප්‍රශ්නේ ඒකේ නම ‘ආයුර්වේද’ නම් ඒක ලොකු ප්‍රශ්නයක් සමහරුන් ට. සමහරු හෝටල් ගන්නවා කියනවා. ඊට වඩා ලාභයි නේ රජය විසින් නඩත්තු කරන රෝහල් පද්ධතියක් තිබීම.”

++++++++++++

+++++++++++++++++++++++

(01.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නතෙහි පළමු (1) මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව දෙවන (2) මාත්‍රාවක් ලබාදීම අත්‍යාවශ්‍ය නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි පැවසෙන ප්‍රචාරයන් අසත්‍ය බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකාර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකදී එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීම සුදුසු බවට වාර්තා පළ වූ බවයි ෴

+++++++++++++++++++

(01.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව හතරවන (4) දිනටත් මෙරටින් දහස (1000) ඉක්මවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (30) වාර්තා වුණා.

ඒ අනුව 1662 ක් වු දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (30) වාර්තා වූයේ මෙරට කොරෝනා ආරම්භයේ සිට හඳුනා ගැණුනු වැඩිම ආසාදිතයින් ලෙස වාර්තාවක් ද තබමින්.

කොරෝනා ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් පෙරේදා වාර්තා වූ අතර එය දැක්වුණේ 1531 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඊයේ (30) වාර්තා වූ ආසාදිතයින් 1662 ගෙන් 1636 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 26 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,08,146 ක් ලෙස සටහන් වන අතර තවදුරටත් ආසාදිතයින් 11,493 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 95,975 ක්.

එමෙන්ම ඊයේ (30) තවත් මරණ 11 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගියා.

මිය ගිය පිරිස අවුරුදු 46 ත්, 94 ත් අතර වයස්වල පසුවන කැළණිය, පිළියන්දල, දෙහිඅත්තකණ්ඩිය, මාතලේ, කළුතර, වත්තල, දිවුලපිටිය, පැපිලියාන, අනුරාධපුරය, කොළඹ 14 සහ පරගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම මරණ 11 න් මරණ 7 ක්ම ‘කොවිඩ් නිව්මෝනියා’ තත්ත්වය හේතු වී තිබෙනවා.

මේ අතර, නිරෝධායන නීති කැඩූ 264 දෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙය මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවයි.

ඒ අනුව මේ දක්වා 4455 දෙනෙකු නිරෝධායන නීති කැඩීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, නිරෝධායනය කරන ඔබ වෙත කරන කාරුණික දැනුම්දීමයි යන ශීර්ෂය යටතේ පොලිස් නිළ ලාංඡනය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පත්‍රිකාවක් පැතිර යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත් අදාළ පත්‍රිකාව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් එය අසත්‍ය පුවතක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊට අදාළව ශ්‍රී ලංකා පොලීසිය කිසිදු වගකීමක් දරන්නේ නැති බවත් එය නිර්මාණය කොට අන්තර්ජාලය හරහා බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(01.05.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවලින් පැමිණෙන සංචාරකයින් රටට ඇතුළු කර නොගැනීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා. එරට බහු අමාත්‍ය කාර්ය සාධක බලකාය විසින් අදාළ තීරණය ගෙන ඇති අතර එය හෙට (02) සිට ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා වසංගතයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෝටර් රථ කාර්යාලයේ සේවාවන් සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එළඹෙන සඳුදා (03) සිට 07 වන දා දක්වා නියමිත නව රියදුරු බලපත්‍ර ලබාදීමට අදාළ ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ලබන සඳුදා (03) සිට 07 වන දා දක්වා අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ පිළිබදව පැහැදිලි කළ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කියා සිටියේ ඒ අනුව අදාළ දින කිහිපය තුළ කිසිදු විත්තිකරුවෙකු හෝ සැකකරුවෙකු තම නඩු වෙනුවෙන් අධිකරණයට පැමිණීම අවශ්‍ය නොවන බවයි.

එසේ නොපැමිණිය ද වරෙන්තු නිකුත් කිරීමක් හෝ හානිකර නියෝගයක් ලබාදීම සිදුනොකරන බව ද එම චක්‍රලේඛයේ ඇතුළත්.

එමෙන්ම, පාසල් ආරම්භ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දිනයේදී තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා ෴

@@@@@@@@@@@@@

(30.04.2021 – 21:42 +0530 – sinhala.adaderana.lk)

එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම ආනයනය කළ ‘ඇෆ්ලටොක්සින්’ පිළිකාකාරකය අඩංගු බවට අනාවරණය වූ පිරිපහදු නොකළ පොල් තෙල් ප්‍රතිඅපනයනය සඳහා අද (30) කොළඹ වරාය වෙත රැගෙනවිත් තිබුණි.

ඒ අනුව, එම සමාගම ආනයනය කර තිබූ මෙට්‍රික් ටොන් 230 ක සමස්ත පොල්තෙල් තොගය එළඹෙන මැයි 04 වනදා මැලේසියාවට ප්‍රතිඅපනය කිරීමට නියමිතය.

‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට අනාවරණය වූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1,850 ක් මෙරටට ආනයනය කර තිබුණේ අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරීස් යන සමාගම් 03 ය.

එම තොග ප්‍රතිඅපනයනය සඳහා කඩිනම් පියවර ගන්නැයි එම සමාගම්වලට ශ්‍රී ලංකා රේගුව විසින් පසුගියදා දැනුම් දී තිබුණි.

එම දැනුම්දීමට අනුව කටාන රිෆයිනරීස් සමාගම ගෙන්වූ සම්පූර්ණ ප්‍රමාණය වූ මෙට්‍රික් ටොන් 105 ක පොල් තෙල් තොගය මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට පසුගියදා පියවර ගත්තේය.

අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහාලුම් 04 ක් ගෙන්වා තිබූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1513.7 ක ප්‍රමාණය ප්‍රතිඅපනයනය කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් රේගුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදුනි.

+++++++++++++

“ඒ වෙළෙඳනාමය ගැන අද පුවත්පත්වලත් පළ වෙලා තිබුණා. “එන් -ජෝයි“ කියන වෙළෙඳනාමය තමයි ඒ.“

******************************************

රැකියා සඳහා ජපානයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට වැදගත් පණිවුඩයක්

(13.04.2021 – 20:00 +0530 – sinhala.adaderana.lk)

ජපානයේ තාක්ෂණික සේවාවන් හි රැකියාවලට ශ්‍රමිකයන් බඳවාගැනීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභියකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව වන්නේ රුපියල් 350,000 ක් බව එම කාර්යාංශය සඳහන් කරයි.

රැකියාලාභියෙකු ගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අයකිරිම නීතිවිරෝධි වන බවත් එලෙස වැඩිපුර මුදල් අයකරන රැකියා නියෝජිතයන්ට එරෙහිව නිතිමය පියවර ගෙන ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගැනීමට අවසර ලබාදි ඇති බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නාමලේඛණය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

එසේම නියමිත ගාස්තුවට වඩා මුදල් අයකරන රැකියා නියෝජිතායතන පිළිබඳව පැමිණිළි, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 286 4118 හෝ 011 286 4241 දුරකථනයට දැනුම්දිය හැකි බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි ෴

******************************************

ත්‍රීරෝද රථයක් අඩි 400 ක් ප්‍රපාතයකට

(30.04.2021 – 11:27 +0530 – sinhala.adaderana.lk)

වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයට පෙරළී පුද්ගලයින් සිව්දෙනෙක් (4) තුවාල ලබා තිබේ.

ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 400 ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

සිල්මියාපුර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි හපුතලේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් එලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබු පිරිස නුවර එළිය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් වයස අවුරුදු 21, 22, 56 හා 75 යන වයස්වල පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබේ.

ත්‍රීරෝද රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි වැලිමඩ පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

******************************************

(01.05.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 21 වනදා මාතලේ, රත්තොට ප්‍රදේශයේදී හමුවූ ඝාතනය කර පුළුස්සා දැමූ පුද්ගල මළ සිරුර වැල්ලවාය ප්‍රදේශයෙන් අතුරුදන් වූ කොන්ත්‍රාත්කරුගේ බව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

46 හැවිරිදි අදාළ කොන්ත්‍රාත්කරු පසුගිය (17) වනදා සිට අතුරුදන්ව සිටියා.

මේ සම්බන්ධයෙන් සිදුකරනු ලද විමර්ශන වලින් හෙළි වූයේ ඔහු අවසන්වරට බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති බවයි.

මේ අතුරුදන්වීම පිළිබඳව සිදුකරන ලද පර්වේෂනීය සාක්ෂි ඇසුරෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෙළි වී ඇත්තේ අදාල ව්‍යාපාරිකයා ඔහු යටතේ සේවය කරන පෙදරේරුවකු විසින් ඝාතනය වී ඇති බවයි.

මෙම ඝාතනය බත්තරමුල්ල ඔහුගේ නව කාර්යාල පරිශ්‍රයේදී සිදු වී ඇති අතර ඒ සඳහා ඝාතකයාට ඔහුගේ මිතුරෙකු සහය ද ලැබී තිබෙනවා.

මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ඝාතනයට හේතුව දීර්ඝ කලක් තිස්සේ පැවති වැටුප් ගෙවීම් පිළිබඳ ගැටලුවක් බවයි.

කොන්ත්‍රාත්කරු ඝාතකයාට සහය දුන් ඔහුගේ මිතුරා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා සොයා වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(01.05.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක අඩංගු තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230 ක්, ප්‍රතිඅපනයනය කෙරේ

පිළිකාකාරක අඩංගු බවට අනාවරණ වීම හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලැබුණු එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම විසින් ගෙන්වූ තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230 ක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායට ඊයේ (30) රැගෙන ආවා.

ඒ අනුව අදාළ පොල්තෙල් තොගය එළඹෙන 4 වන දා මලයාසියාවට ප්‍රතිඅපනයනය කෙරෙනු ඇති.

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 1850 ක් මෙරට සමාගම් 3 ක් විසින් ආනයනය කර තිබුණා.

එලෙස පිලිකා කාරක පොල්තෙල් ගෙන්වූ එදිරිසිංහ සමාගමේ පොල්තෙල් වලින් මෙට්‍රික් ටොන් 105 ක කොටසක් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට පසුගිය දා පියවර ගෙන තිබුණා.

මේ අතර, වෙළදපළේ ගෑස් හිඟයක් සහ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් නොමැති බවට පවසමින් ලැබෙන පැමිණිලි ඉහළ යන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

මේ වන විටත් ඊට අදාළ පැමිණිලි 200 ක් පමණ දිවයිනේ ප්‍රදේශ රැසකින් ලැබී ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

ලිට්රෝ ගෑස් සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් වෙනුවට ලීටර් 18 ක් ගෑස් අඩංගු බවට පවසමින් නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලට මේ වනවිට නිකුත් කර ඇත්තේ පාරිභෝගික සේවා අධිකාරියේ නියෝග ද නොතකමින්.

ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම කරුණු අනාවරණ කළා.

එයත් සමඟ පාරිභෝගික සේවා අධිකාරිය ලිට්රෝ සමාගමට උපදෙස් ලබාදුන්නේ වහාම නව ගෑස් සිලින්ඩරය වෙළදපොළෙන් ඉවත් කර ගන්නා ලෙසටයි.

කෙසේ වෙතත්, තවමත් වෙළදපළේ 12.5 ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18 ක් අඩංගු බවට පැවසෙන ගෑස් සිලින්ඩරය නිකුත් කරන බවටයි පාරිභෝගිකයින් සහ අලෙවි නියෝජිතයින් ප්‍රකාශ කළේ ෴

******************************************

(01.05.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර කුලී රථ සේවා සපයන ආයතනවලින් වාහන කුලියට ගෙන වෙනත් පාර්ශ්වවලට අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු (4) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් විසින් ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති රථ වාහන කුලියට ලබා දෙන ස්ථානවලින් මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට වාහන කුලියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ සති දෙකකට (2) හෝ තුනක (3) කාලයක් සඳහා කුලියට ලබා ගන්නා වාහන සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට ඒවා තවත් පාර්ශවයකට අලෙවි කිරීමේ ජාවාරමක් ඔවුන් කලක සිට පවත්වාගෙන ගොස් තිබුණා.

මෙම පුද්ගලයින් කොළඹ, මිරිහාන, යාපනය, අවිස්සාවේල්ල, ගල්කිස්ස, හෝමාගම, නුවරඑළිය, අනුරාධපුරය, කල්මුණේ, කෑගල්ල යන පොලිස් වසම්වලින් මේ ආකාරයට කුලී රථ සේවා සපයන ආයතන වලින් වාහන ලබාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් මන්නාරම, ලුනුවිල සහ මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ විමර්ශනය ඒකකය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔවුන් භාරයේ තිබුණු ව්‍යාජ ජාතික හැඳුනුම්පත් තුනක් (3) සහ රියදුරු බලපත්‍ර තුනක් (3) ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *