තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක මත්ගුරී ගෙන් මත් සාදයක්

තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක මත්ගුරී ගෙන් මත් සාදයක්

*********************************************

තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක මත්ගුරී ගෙන් මත් සාදයක්

(26.04.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

= පුතුගේ උපන් දිනයට ගුරු මවගෙන් මත් සාදයක් =

තම පුත්‍රයෙකුගේ උපන් දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් සිදුකරන ගුරු මව ඇතුලු තරුණ තරුණියන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් වැල්ලවත්ත පොලීසියෙන් වාර්තා වනවා. අත්අඩංගුවට ගත් එම පිරිස අතර ඇගේ දරුවන් දෙදෙනා (2) ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සන්තකයේ තිබී අයිස්, ගංජා සහ මත්පෙති ද සොයාගෙන තිබෙනවා. තරුණ, තරුණියන් පිරිසක් එක්ව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකරනු ලැබුවේ.

අත්අඩංගුවට මවගේ වයස අවුරුදු 42 ක් වන අතර, සෙසු පිරිස අවුරුදු 18 ත් 20 ත් යන වයස්වල පසුවනවා. මොවුන් දෙහිවල සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(26.04.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කරුවලගස්වැව – ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි සිව්දරු (4) පියෙකු වන මොහු ඊයේ (25) පස්වරුවේ මීගස්වැව පිහිටි සිය කුඹුරට යමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ ෴

******************************************

(26.04.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

යාපනය – උරුම්බිරායි මංසන්ධියේ දී යුද හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රථයක් වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ගැටී අද (26) අලුයම සිදුවූ රිය අනතුරකින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන් 15 දෙනෙකුම හමුදා සෙබළුන් වන අතර, අනෙක් පුද්ගලයා ටිපර් රථයේ රියදුරායි.

නිවාඩු ලබා නිවෙස් වෙත යමින් සිටි සෙබළුන් වන ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බවයි වාර්තාවන්නේ ෴

******************************************

(26.04.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

වැලි කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් වැලි ජාවාරමේ නිරතවූ පුද්ගලයන් පස්දෙනෙකු (5) ඔක්කම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බුත්තල ප්‍රදේශයේ ස්ථානයකට ලබාගත් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් අදාළ වැලි ජාවාරමේ නිරතවී ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

වැටලීමේදී සැකකරුවන් පස්දෙනා (5) සමඟ ටිපර් රථ තුනක් (3), ලොරි රථයක් (1) සහ ට්‍රැක්ටරයක් (1) පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(26.04.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බිංගිරිය, විලත්තව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස එම කර්මාන්ත ශාලාව අසලට එක්වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටීමත් සමඟ එහි දැඩි උණූසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

පසුගිය දින කීපය තුළම මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත්,කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වා ගෙන යන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් 142 ක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

හටගත් උණූසුම් තත්ත්වය හේතුවෙන් බිංගිරිය පොලිසියට අමතරව, දුම්මලදූරිය සහ හෙට්ටිපොල පොලිස් ස්ථානවලින්ද අමතර පොලිස් කණ්ඩායම් ගේනවා තත්වය පාලනය කිරීම පියවර ගෙන අහි බවයි අප වාර්තා කරු සඳහන් කළේ ෴

******************************************

(26.04.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතෝලික රදගුරු සමුළුව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේ විපක්ෂය පාර්ලිමේන්තුව සහ ඉන් පිටතදී මේ සම්බන්ධයෙන් අනාවරණ කළ සුවිශේෂී කරුණු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.

විශේෂයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා ඉන්දියාවට පලාගොස් ඇති අතර, ඇගේ සාක්ෂි ප්‍රහාරයේ සුලමුල සොයාගැනීමේදී අතිශය වැදගත් බවයි අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සහ ප්‍රශ්නගත තොරතුරු පිළිබදව ප්‍රශ්න කරන විට ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා.

එබැවින් අදාළ කරුණු පිළිබඳව සමස්ත රදගුරු මණ්ඩලය සමඟ තොරතුරුද සහිතව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙසයි අදාළ ලිපියෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ෴

******************************************

(26.04.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක සංඥා හෝ ආරක්ෂක ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ග හේතුවෙන් මාරක අනතුරු සිදු වූ අවස්ථා අපට බොහෝ විට අසන්නට, දකින්නට ලැබෙනවා.

එවැනි අනතුරකට අතවනන තවත් ස්ථානයක් පිළිබඳ අපට පොල්ගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ පොල්ගහවෙල, ගල්බඩගම සපුමල් කුමර විද්‍යාලයට යාමට ඇති එකම මාර්ගය සහ පොල්ගහවෙල ආදාහනාගාරයට යාමට ඇති කෙටිම මාර්ගයයි.

පොල්හලවෙල දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මීටර් 800 ක් පමණ දුරින් ඇති ද්විත්ව දුම්රිය මාර්ගය හරහා දිවෙන මෙම මාර්ගය ඉතාමත් අනාරනක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ දුම්රිය මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් හෝ ආරක්ෂිත සංඥා නොමැති වීම හේතුවෙන්.

දිනකට දුම්රිය වාර 105 ක් පමණ ක්‍රියාත්මකවන මෙම දුම්රිය හරස් මාර්යේ අනාරක්ෂිත තත්ත්වයක් උදා වී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගය භාවිත කරන ජනතාව හා පාසල් ළමුන් මෙන්ම රථ වාහන රියදුරන්ද දැඩි අවදානම් තත්ත්වයකට පත් ව සිටිනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ දුම්රිය මාර්ග දෙකක් (2) ඇති බැවින් දෙපසින් පැමිණෙන දුම්රිය නොපෙනීම නිසා අනතුරු සිදුවීමේ අවදානම ඉතා ඉහළ බවයි.

මේ හේතුවෙන් මේ සඳහා නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලාසිටින්නේ.

@@@@@@@@@@@@@@@

(26.04.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා අද (26) සිට විශේෂ පොලිස් රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මගීන් නිරෝධායන නීතිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවීම සඳහා රියදුරන්ට සහ රිය සහකයින්ට වගකීමක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(26.04.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

හෙට (27) සිට ආරම්භ වීමට නියමිතව තිබූ මේ වසරේ ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පවතින කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ෴

+++++++++++++++++++++++

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(26.04.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර වලට අදාළ සේවා සැපයීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 011 267 7 877 දුරකථන අංකයට ඇමතීමෙන් රියදුරු බලපත් ලබාගැනීම සඳහා ලබන 13 වනදා දක්වා වේලාවන් වෙන් කරගෙන ඇති පුද්ගලයින්ට සංශෝධිත වේලාවන් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

+++++++++++++++++++++

(26.04.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 අවධානම නිසා රාජ්‍ය සේවකයින් කොටස් ලෙස සේවයට කැඳවීමට අදාල චක්‍රලේඛණය හෙට (27) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි ෴

++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ViGwQjt6cMg
මම කියපුවා වෙන්න පටන් අරන් – 3 වන රැල්ලේ ඇත්තම පැත්ත – භයානක හෙලිදරව්වක් – හෝමාගම වික්‍රමාරච්චි වෙදමහතා – 26.04.2021

+++++++++++++++++++

(26.04.2021 – 12:22 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙදියන් පස් දෙනෙකුට (5) කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බව ත්‍රීකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසනවා.

කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකුටත් රෝගය සම්ප්‍රේෂණය වී නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටිනවා.

මෙම හෙදියන් පස් දෙනා (5) අතරින් දෙදෙනකු කෝවිඩ් එන්නතේ පලමු මාත්‍රාව ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙන් හත් දෙනකු (7) මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහල තුළ ඇති නිල නිවාසයක නිරෝධායනය වෙමින් සිටියි.

ඔවුන් නිරෝධායනය වෙමින් සිටින නිවසේ වැසිකිළි පහසුකම් ඉතාමත්ම අපිරිසිදු මට්ටමක පවතින බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන නොලැබෙන බවත්, ආහාර පාන රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගේ පෞද්ගලික මුදලින් ලබාදෙන බවත් දැනට තොරතුරු වාර්තා වෙනවා.

නිරෝදායනය වන මෙම රෝහල් සේවකයින් ප්‍රකාශ කර සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය කර තමන් මෙලෙස රෝගාතුර වූ අවස්ථාවේ රෝහල් පාලනාධිකාරිය සහ රජය ඔවුන්ව මෙලෙස නොසලකා හැරීම කණගාටුවට කාරණාවක් බවයි.

තත්ත්වය මෙසේ දිගින් දිගටම පැවතුණහොත් රෝහල් සේවකයින් තම රාජකාරී වලින් ඉවත් වීමට ද ඉඩ තිබෙන බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටියා ෴

++++++++++++++++++++

(26.04.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය හමුවේ බස්නාහිර පාසල් සම්බන්ධයෙන් වන තීරණය අද (26) පස්වරුවේ ගන්නා බව බස්නාහිර ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයනයක් සිදු කරන බවයි.

කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් මේ වනවිට බස්නාහිර පළාතෙන් වාර්තා වෙමින් පවතිනවා.

මේ අතර පාසල් නොපවත්වන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයින පුරා පාසල් විවෘත කෙරුණේ පසුගිය 19 වනදායි.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.

ඊට දින කිහිපයකට පසු මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහල ගිය අතර එම තත්ත්වය හමුවේ ඇතැම් පාසල් වලින් ද ආසාදිත සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන් ද වාර්තා වුණා.

ඒ හේතුවෙන් එම පාසල් වසා දැමීමටයි කටයුතු කෙරුණේ. මෙරට තුළ පැතිර යන නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් පසුගිය දිනවල පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය හමුවේ සති දෙකකට (2) හෝ දිවයින පුරා පාසල් තාවකාලිකව වසා දමන ලෙසයි.

මේ අතර පවතින කොරෝනා තත්ත්වය හමුවේ හෙට (27) සිට ආරම්භ වීමට නියමිතව තිබූ මේ වසරේ ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

එමෙන්ම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ද අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.

++++++++++++++++++++

(26.04.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෙට (27) සහ අනිද්දා (28) වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රධාන කාර්යාලයේ පළමු සහ අවසන් අනුමැති අංශය සහ කොරියානු රැකියා අංශය සීමිත කාර්ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යාමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම තලාහේන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වසා නොතැබෙන අතර, ඒවායේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

ගුවන් තොටුපල ශාඛාව සේවා සඳහා ක්‍රියාත්මක බැවින් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම එමඟින් සිදුකර ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියා ෴

+++++++++++++++++++++

(26.04.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැළකිලිමත් වන ලෙස ඉල්ලා ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මෙරට පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගනිමින්.

එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ සංචාරය කිරීමේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර ඇති උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *